2nd Language Sinhala and tamil

2nd Language Sinhala and tamil

Share

Second Language Sinhala and Tamil

Photos from 2nd Language Sinhala and tamil's post 23/01/2022

යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..
ඒ වගේම අමතක නොකර පේජ් එකට like එකක් දාන්න...

18/01/2022

ඔබ දන්නවාද..?
*******************
යමෙකු ගෙල වටා සූරියකාන්ත මල් සහිත පීත්ත පටියක් පැළඳ සිටින විට එයින් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ කී දෙනෙක් දන්නවාද? මට විශ්වාසයි ඒ ඉතා සුළු සංඛ්‍යාවක්. 🌻

සූරියකාන්ත පීත්ත පටිය නව ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් නම් නොවේ. එය පුද්ගලයෙකුට හෝ දරුවෙකුට විශේෂ අවශ්‍යතා ඇති බවට දැන්වීම, ඇඟවීම සඳහා පොදු ස්ථානවල (දුම්රිය ස්ථානය, ගුවන් තොටුපල ආදිය) භාවිතා කරන සංකේතයක්.

උදාහරණයක් ලෙස සුපිරි වෙළඳසැලක මෙම සංකේතය පැලඳ සිටින දරුවෙකු සිටින මවක් ඔබ දුටුවහොත්, එයින් අදහස් කරන්නේ එම දරුවා ශාරීරික හෝ මානසික දුබලතාවක්/ විශේශ අවශතා සහිත බවයි. 🌻 පේළියේ රැඳී සිටීම, අවදානය යොමු කිරීම වැනි දේ ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකුට තේරුම් ගත නොහැකි නිසා අවට සිටින අයට එමඟින් කරදරයක් අපහසුතාවයක් සිදුවීමට ඉඩඇති බැවින් සහ සෑම දෙනාටම මෙම තත්වය විටින් විට පැහැදිලි කිරීම අපහසු බැවින් මෙය සංකේතාත්මක නිරූපණය කිරීමට සූරියකාන්ත මල් සහිත පීත්ත පටි භාවිතා කරයි..

සූරියකාන්ත පටියක් පැළඳ සිටින අයෙකු ඔබ දුටුවහොත් එයින් අදහස් වන්නේ ඔවුන් හෝ ඔහු සමඟ සිටින පුද්ගලයාට මානසික හෝ ශාරීරික සැඟවුණු බාධාවක් ඇති බවයි.

ලංකාවේ නම් මේ වන තෙක් මේ ගැන ඇත්තෙ අඩු දැනුවත්භාවයක් කියා මා සිතනවා.

අනෙක් රටවල් වලදී නම් මෙවැනි පුද්ගලයන් සිටින විට පේලියේ ඉදිරියට යාම අවස්ථාව ලබා දීම, ඔවුන්ට වැඩි ඉඩක් ලැබෙන සේ මදක් දුරස් වී සිටීම වැනි කාරුණික ක්‍රියා මඟින් ඔවුන්ට උපකාර කරනු ලබනවා.🌻

Copied©

17/10/2021

ජීවිතය දිනන්න කැමති ඔබට

උදේ 5 ට නැගිටින්න. 🌞

බොහෝ කාර්ය බහුල මිනිසුන්ට තියෙන ගැටලුවක් තමා දවසේ පැය 24 තමුන්ගෙ කටයුතු ටික කරගන්න මදිවීම. ඒකට හොඳ සූත්‍රයයක් රොබින් ශර්මා 5 AM Club පොතේ ලියල තියෙනවා. (පුළුවන් නං පොත හොයාගෙන කියවන්න.) ඔබට දවස දිගු වෙලා දැනේවි. ඒ වගේම ඉර පායන්න ඉස්සල්ලා නැගිට්ටම හම්බවෙන සෞඛ්‍ය ප්‍රතිලාභයයි, උද්‍යෝගීමත්භාවයත් ලැබේවි.

#පිටු 50 ක් කියවන්න 📚

සාමාන්‍යයෙන් රාත්‍රි ආහාරයෙන් පසු අඩු තරමින් පැය දෙකක් යනකං වත් නින්දට යන්න එපා කියන සෞඛ්‍ය විශේඥයන්ගෙ මතයට ගරු කරන්න. රාත්‍රි නින්දට පැයකට කලින් රූපවාහිනී තිර, පරිඝණක තිර, ස්මාට් ෆෝන් තිර වලින් ඈත්වීම බාධා නැති නින්දකට මඟ පාදනවා. ඒ වෙලාව කියවන්න පාවිච්චි කරන්න. ඔබ ඉන්න ප්‍රදේශයක පුස්තකාලයක සාමාජිකත්වය ගන්න. එහෙම නැත්තං වැටුප් ලබන අයෙක් නම් මාසෙකට පොතකට, දෙකකට මුදලක් වෙන් කරන්න. (ඔබ දවසකට පිටු 50 ගානෙ දවස් 300 ක් කියෙව්වොත් පිටු 15,000 ක් කියවලා වසර අවසානයේ) ඒක සාමාන්‍යයෙන් පොත් 50 ක් විතර. ඒ පුරුද්ද ඔබව මානසිකව ස්ථාවර කරනවා වගේම දැණුමෙන් පොහොසත් කරනවා )

#දවසකට Green Tea තුන හතරක් බොන්න. ☕

අපි ගන්න ආහාර වල ඇති විෂ ඉවත් කරන්න හොඳම ප්‍රති ඔක්සිකාරකයක් ග්‍රීන් ටී. ඒ වගේම ඒකෙන් සීනි ඇඟට එන්නෙත් නෑ. ( දිගුකල් ජීවත් වන ජපානයේ ඔකිනාවා වැසියන් දවසකට ග්‍රීන් ටී පහක් වත් බොනවා )

#අවුරුද්දකට චිත්‍රපටි තුන හතරක් වත් බලන්න. 🎥 🎥

පුළුවන් හැම වෙලාවකම සිනමා ශාලාවකට ගිහිංම චිත්‍රපට බලන්න. ගෙදර tv එකේ වගෙ advertisement නැතුව, බාධක නැතුව චිත්‍රපටය රස විඳින්න. අපේ සිනමා ශාලාවල බලන්න බැරි ලෝකෙ උසස් චිත්‍රපට අන්තරජාලයෙන් බාගත කරගෙන නරඹන්න. ( දරුවන්ව චිත්‍රපට බලන්න හුරු කරවන්න )

#සංගීතයට සවන් දෙන්න. 🎶 🎶

සිත නිවන සංගීතයට සවන් දෙන්න. යුරෝපීයන් සිංදු අහනව වෙනුවට බීතෝවන්, මොසාට්, බාක් වගේ සංගීතඥයන්ගේ සංගීත කණ්ඩ වලට නිරන්තරව සවන් දෙනවා. ( අපි බිව්වම හයියෙන් සිංදු කිව්වට එයාලා වයින් වීදුරුවක්, මධු විතක් තොලගාන්නෙ ඒ වගෙ සංගීතයකට සම වැදෙමින් ) අමරදේව, විකටර්, නන්දා වගෙ මධුර හඬවල් වලට සවන් දෙන්න. ඔබට මානසික ආතතියෙන් මිදෙන්න වෛද්‍යවරුන් සොයා යන්න ඕන වෙන එකක් නෑ.

#ස්වභාවික ආහාර වලට යොමු වෙන්න. 🌳

කෑම පිඟාන වර්ණවත් කරගන්න. ඒකෙ කොළ, දුඹුරු, කහ, රතු වගෙ පාට තියෙනවනං හොඳ ආහාර වේලක්. එළවළු පුළුවන් තරං තම්බලා ආහාරයට ගැනීම නවත්තන්න. කුළුබඩු වලින් ආහාරය රසවත් කරගන්න. ( කිසිම විටක ආහාර රසවත් කරන කෘතිම කැට පාවිච්චි කරන්න එපා) මේ ලෝකෙ තියෙන හොඳම කුළුබඩු තියෙන්නෙ අපිට. ඒවම පාවිච්චි කරන්න. ( බොහෝ කුළුබඩු පිළිකා ඇතිවීම වලක්වනවා) ආහාර වලට වැඩිපුර මාළු එකතුකර ගන්න. ( ලොව වැඩිම කාලයක් ජීවත්වන ජපානයේ ඔකිනාවා වැසියන්ගෙ ප්‍රධාන ආහාරයක් තමා බලයා, කෙලවල්ලා කියන්නෙ) අපි ඉතිං එක දවසක් කෑවොත් ඌෂ්ණයි කියලා අනිත් දවසෙ කන්නෙ නෑ. අලුත් අවුරුද්දෙදි කෑමෙදි සුදු බත් වෙනුවට රතු බතුත්, වැඩියෙන් එළවළු, අල වර්ග, ඇට වර්ග වලට තැනක් දෙන්න. පුළුවන් නං සතියට දවසක් එළවළු විතරක් ආහාරයට ගන්න. එක දවසකට Vegetarian වෙන්න. ( එදාට සෝයාමීට් කන්න එපා.ඒක හොඳ ආහාරයක් නෙමෙයි )උත්සහ කරන්න මාස දෙක තුනකට වතාවක් එක දවසක් සම්පූර්ණයෙන්ම පළතුරු වලින් ජීවත්වෙන්න.

#ව්යායාම කරන්න 🏃 🧘🏃🚶

දවසකට ඔබට, මට මෙන්ම බිල් ගේට්ස් ටත් පැය 24 යි තියෙන්නෙ. ගේට්ස් අපට වඩා අතිශයින් කාර්ය බහුල උනත් ඔහු දවසකට පැයක් exercise කරනවා. ඔබට gym එකකට යන්න පුළුවන් නං යන්න දෙපාරක් හිතන්නෙ නැතිව. බැරිනං යෝග පංතියකට ගිහිං මාස පහ හයක් ඒකෙ මූලික තාක්ෂණික කරුණු ඉගෙන ගන්න. ඊට පස්සෙ ගෙදර ඉඳං කරන්න. කුඩා ඉඩක් හොඳටම ඇති. උපකරණයකට කියලා අවශ්‍ය වෙන්නෙ මැට් එකක් විතරයි බිමට එලා ගන්න. යෝග කියන්නෙ ලොව හොඳම ව්‍යායාම වලින් එකක්. ඇවිදින්න, දුවන්න පහසුකම් තියෙනවනං ඒකත් හොඳටම හොඳයි.

මම ඉන්දියාවෙදි දැක තියෙනවා සාරිය ඇඳලා, නයිකි සපත්තු දාලා ඇවිදින කාන්තාවන්. හොඳින් හිතන්න. ඔබ දත් මදින්න දවසකට අනිවාර්යයෙන් ම වෙලාවක් වෙන් කරනවා. නමුත් දතක් දෙකක් නෙමේ, දත් සියල්ල නැතිවත් අපට ජීවත් වෙන්න පුළුවන්. ඒත් ඔබට හෘදය වස්තුව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් අපි දවසකට දත්වලට දෙන වෙලාව හෘදයට දෙනවද ? අන්තර්ජාලයට ගිහිං ව්‍යායාම පාඩම් ඉගෙන ගන්නත් පුළුවන්.

උදාහරණයක් විදියට Shiatsu, Qigong, Tai chi, Radio taiso වගේ පෙරදිග සරල ව්‍යායාම ඔබට පහසුවෙන් ඉගෙන ගෙන පහසුවෙන් කරන්න පුළුවන්.

#පළතුරු ආහාරයට ගන්න 🍇🍐🍉🍓🍌🍋🍍🍎🍏🥑🥑🥑🥑

අපි නිවර්තන කලාපීය රටක් විදියට පළතුරු වලින් පොහොසත් රටක්. කාලෙන් කාලෙට ඉතා හොඳ පළතුරු අපේ රට අපට දුන්නත් අපි ඒකෙන් නියම ප්‍රයෝජනය ගන්නවද ? අඹ, දිවුල්, කොමඩු, අලිපේර, රඹුටන්, මැංගුස්, කෙසෙල් , ගස්ලබු වගෙ නහුතයක් පළතුරු අපට තියෙනවා. මෑතක කල පර්යේෂණයකින් සොයාගෙන තියෙනවා පිළිකාව පරදවන හොඳම ආහාරයක් බව මැංගුස්ටීන්. අපි ඒක ඌෂ්නයි කියලා කන්නෙ නෑ. ඇඹරැල්ලා පොත්තත් සමඟ ජූස් හදලා බීලා තියෙන අය ඒකෙ රසය දන්නවා ඇති.

නුවරඑළියෙ විකුනාගන්න බැරි තරං Strawberry හැදුනට අපි කන්නෙ නෑ ගනං කියලා. ඒ අපිම නුවරඑළියෙ සීතලට බොන්න මධුවිතට ඒ වගෙ කිහිප ගුණයක් වියදම් කරනවා. අලි පේර ලෝකයේ හොඳම පළතුර ලෙස සැලකෙනවා. අපේ උඩ රට පළාත්වල ළමයි අලිපේර වලින් cricket ගහනව ඒවා හැදෙන කාලෙට. දිනපතා ඔබේ ආහාරයට පළතුරු එකතුකර ගන්න. අවශ්‍ය විටමින් ටික ඒකෙන් ලැබෙනවා.

#එළිමහනේ ඉන්න. 🏖️️🏞️🏜️
ලොව සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නෙ ෆින්ලන්තයෙ. එයාලා නිතර එළිමහනෙ ඉන්න ජාතියක්. පාක් එකකට, මුහුදු වෙරළකට යන්න පුළුවන් කමක් තියෙන හැම වෙලාවෙම යන්න. දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ එක රහසක් තමයි හොඳින් හිරු එළියට නිරාවරනය වීම. හිරු අපට අවශ්‍ය විටමින් විතරක් නෙමෙයි ජීවය, උද්‍යෝගයද සපයනවා. හිරු නැගීම, බැසීම නැරඹීමත් හරිම අපූරුයි.

#සිනාසෙන්න 😊😋😍😃

Laughter the best medicine කියල කියනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම හිනාවෙන්න. යුරෝපයෙ විතරක් නෙවි, ඉන්දියාවෙ පවා laughing clinics තියෙනවා දැං. අපිට හිනාවෙන්න කොච්චර අමතක වෙලාද කිව්වොත් clinic ගිහිං හිනාවෙන තත්වයකට ඇවිත් අපි. පුලු පුළුවන් වෙලාවට චාලී චැප්ලින්, Mr. බීන් වගෙ චරිතත් එක්ක ආශ්‍රය කරන්න. ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න.

#ඔබේදෙපා පාවිච්චියට ගන්න. 🚶🚶🚶🏃

ලොව දිගුකල් ජීවත්වන ඔකිනාවා වැසියන්ගෙ තවත් රහසක් තමා ඒ. එයාලා හොඳින් ඇවිදින අය. ව්‍යායාමය ට විතරක් නෙමෙයි, කාර්යාලයෙ මහලකින් මහලකට යන්න, ගෙදර ඉඳං කඩේට යන්න වගෙ දේවල් වලට දෙපාම පාවිච්චි කරන්න. පුළුවන් නං කොච්චර පියවර තියනවද කියල හොයාගන්න පුළුවන් ගැජට් එකක් ඔරලෝසුව වෙනුවට පාවිච්චියට ගන්න. ඒක ඔබව motivate කරනවා ඇවිදින්න.

#ස්වභාවිකවතුර බොන්න.

හැකියාවක් තියෙනවනං නළ ජලය වෙනුවට, ෆිල්ටර් ජලය වෙනුවට ස්වභාවික උල්පත් ජලය බීමට ගන්න. පර්යේෂණ ඔප්පු කරලා තියෙනවා ස්වභාවික ජලය මිනිස් සිරුරට ඉතා ගුනදායකයි කියලා. උදේ නැගිට්ට ගමන් වතුර (අඩු තරමින් ලීටර බාගයක් වත් ) පානය කරන්න. තේ හෝ කෝපි බොනවා නං ඊට පැය බාගෙකට පස්සෙයි. දවස පුරා තිබහ එන්නෙ නැතුවම වතුර බොන්න. දවස අවසානයේ ලීටර හයක් වත් බීලා තියෙන්න ඕන.

#සුවසේනිදන්න 🛌🛌🛌🛌🛌

අඩු තරමින් දවසකට පැය හයක් (6) නොකඩවා ලැබෙන නින්දක් මනුෂ්‍යයෙකුට අවශ්‍යයි. පිරිසිඳු වාතාශ්‍රය තියෙන තද කළුවර කාමරයක නිදියන්න. රාත්‍රි ආහාරය කලින් අරන් පැය දෙකකට පස්සෙ රාත්‍රි 11 ට කලින් නිදන්න පුළුවන් නං අගෙයි. මේ සටහනේ පෙර කිව්වා වගෙ නිදන්න පැයකට කලින් විද්‍යුත් තිරවලින් ඈත්වෙන්න. පුළුවන් තරං මනස නිරවුල් කරගන්න නිදන්න කලින්.

#ලස්සනටඅඳින්න 💃👯🕴️

කාන්තාවක් උනත්, පිරිමියෙක් උනත්, කුමන වෘතියක යෙදුනත් පිළිවෙලකට අඳින්න. ඒකට ටයි, කෝට් දාන්න ඕනම නෑ. මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් හරිම සරල ඇදුම් ඇඳි මිනිස්සු. ඔබ තෝරා ගන්නා ඇඳුම්වල වර්ණයන් තවත් කෙනෙක් තුල යහපත් හැඟීමක් ඇත් කරනවා නොඅනුමානයි. දිනපතා ඔපදැමූ පාවහන් පලඳින්න. පිරිසිදුව අඳින්න. හොඳ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. හොඳට ඇන්දහම එන ආත්ම විශ්වාසයේ feeling එක විඳින්න.

#ඇවිදින්න 🚶🏕️🗻🏞️🏔️🌍

මේ ව්‍යායාමය පිණිස නෙමේ. සංචාරකයෙක් වෙලා ඇවිදින්න. රටේ ස්වභාවික සුන්දරත්වය, පෙර රජවරු කල නිර්මාණ, ගරා වැටුන විහාරස්ථාන, මුහුදු වෙරළ, කඳු, දියඇලි, වනාන්තර වලට යන්න. ඔබ වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කොට දවස් කීපයකට වනාන්තරයට හෝ කඳුකරයට යන්න. ඒවයෙ තියෙන ශක්තිය ඇඟට ඇතුල් කර ගන්න. වැඩ කරන කෙනෙක් නං තියෙන නිවාඩු ඔක්කොම ගන්න. නිවාඩු තියෙන්නෙ මිනිස්සුන්ට ඒවා අවශ්‍ය නිසා. අවුරුද්ද අන්තිමට ඒවා ඉතුරු කරලා මං නිවාඩු අරගෙන නෑ කියන්න එපා.

දවසට පැය 8 ගානෙ සතියට පැය 40 ක් වැඩ කරන්න. වැඩ කරද්දි සම්පූර්ණ ශක්තිය යොදවන්න. ඔබේ ආදායම ලබාදෙන රැකියාවට 100% ක් දෙන්න. හැබැයි නිවාඩුත් ගන්න. ඒ නිවාඩුවෙන් ගන්න ශක්තිය ඔබව තව මාස කිහිපයකට ශක්තිමත්ව තබනවා. හැමවිමට refresh වෙන්න. යාල, විල්පත්තුව, උඩවලව, වස්ගමුව, හෝටන් තැන්න වගේ වනෝද්‍යාන ඇතුලත තියෙන නිවාස වෙන් කරගෙන දවසක් දෙකක් ඉන්න. ඩෙල්ෆ්ට්, බත්තලංගුණ්ඩුව වගෙ දූපතක රැයක් ගත කරන්න. කඳු මුදුනක කූඩාරමක දවසක් ගත කරන්න.

#බයිසිකලයක්ගන්න.

බයිසිකලයක් කියන්නෙ මෝටරයක් තියෙන එකක් නෙවි. පාපැදියක්. ජපානය වගේම යූරෝපයත් බයිසිකලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජාතීන්. නිවාඩු දවසට හැතැම්ම දහයක් දොලහක් සයිකල් පදින්න. ඒක හොඳම ව්‍යායාමයක්.

නැතුවම Master කෙනෙක් වෙන්න.

ඉස්සෙල්ලත් කිව්වා සතියකට පැය 40 ක් ඔබේ රස්සාවට දෙන්න කියලා. ඔබ කරන්නෙ රැකියාවක්ද, වෘත්තීයක්ද, ස්වයං රැකියාවක්ද, රක්ෂණ නියෝජිතයෙක්ද, ගෘහනියක්ද, ඔබ කවුරුන් වුවත් කරන දෙයෙහි master කෙනෙක් වෙන්න. ලියනවනං මාර්ටින් වික්‍රමසිංහ කෙනෙක්, උයනවනං පබිලිස් කෙනෙක්, අඳුම් මහනවනං ෆවුසුල් හමීඩ් කෙනෙක් වෙන්න. තේ කර්මාන්තයේ මෙරිල් ජේ ප්‍රනාන්දු ( Dilmah) කෙනෙක් වෙන්න. ව්‍යාපාර කළමනාකරණයේ හැරී ජයවර්ධන කෙනෙක් වෙන්න.( පුද්ගලිකව මට MBA, Msc වගෙ උපාධි ගැන ලොකු ගැටලුවක් තියෙනවා) මම මාස්ටර්ස් කියන්නෙ නමට ඉස්සරින් ලියන අකුරු තුනකට නෙවි. මාස්ටර්ස් කියන්නෙ ඒ ඒ ක්ෂෙත්‍රවල ප්‍රවීනත්වයට පත්වීම. ඒක 2021 දි කරන්න බරිවෙයි සමහරවිට. හැබැයි ඔබේ හැකියාවන් ඔප් නංවා ගන්න අවශ්‍ය අවුරුදු ගනනින් එකක් තමා ඉදිරියේ එන්නෙ. ඒක අපතේ යවන්න එපා.

සතුටින් ඉන්න ✋

(උපුටා ගැනීමකි. ලිපියේ සියලු ගරුත්වය මුල් රචකයාට හිමිය. ඔහුට හෝ ඇයට ස්තුවන්ත වෙමි)

01/10/2021

සියල්ලටම පෙර දරුවන්....🥰🥰
Children Before Everything.....🥰🥰
அனைத்திற்கும் முன்னுரிமை குழன்தைகலள்...........🥰🥰

The most precious thing in this world is a smile on the face of a child. Happy children’s day to every kid in the world. You’re so special to us!

25/09/2021

විද්‍යාඥයින් කියන විදිහට .......

වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

ඉතින්,

තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

නමුත් ....😞

ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300 සිට 500 ක් විතරමයි

ඉතිරි ශුක්‍රාණු .....😢

වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300 සිට 500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.🙈

ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ ... නමුත් ඔයා ජය ගත්තා .

2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ .... පව්ලක් , යාළුවො .... කිසිම දෙයක් නෑ ... එත් ඔයා ජයග්‍රහණය කලා .

3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ .... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .

4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .

ඔයා ජයග්‍රණය කරන අතරතුර .....

🌺 මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

🌺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

🌺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

🌺 බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ

🌺 බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

එත් ඔයා අද ......😥

යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා
ඔබ කලකිරීමට පත් වේනවා ..... ඇයි ඒ ?
ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී ...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .

මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
ඇයි ඔයා කලකිරෙන්නේ?
ඔයාට සමහර දේවල් අහිමි වනවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.

ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

.....................................................................
The idealist පිටුවේ පළවූ ලිපියක් ඇසුරෙන් සැකසු සිංහල පරිවර්තනයකී
copied

17/09/2021

දෙවන ලෝක යුධ සමයේදී සොල්දාදුවෙකු දූපතක පිහිටි ඔහුගේ ඒකකයෙන් වෙන් විය.
සටන දැඩි වූ අතර දුමාරය සහ වෙඩි හුවමාරුවේදී ඔහුට තම සගයන් සමඟ සබඳතා නැති විය.

කැලෑවේ තනිව සිටින අතර, ඔහුගේ දිශාවට සතුරු සොල්දාදුවන් පැමිණෙනු ඔහුට ඇසිණි.
සැඟවෙනු සදහා ඔහු පර්වතයක පිහිටි කුඩා ගුහා සමූහයක් වෙත ගමන් කළේය.

ඉක්මනින් ඔහු එහි පිහිටි ගුහාවක් ඇතුළට රිංගා ගත්තේය.

මේ මොහොතේ ආරක්ෂිත වුවත්, ඔහු සොයන සතුරු සොල්දාදුවන් කඳු මුදුනට පැමිණ ඉක්මනින්ම සියලු ගුහා සෝදිසි කර ඔහුව විනාශයට පත් කරන බව ඔහුට වැටහුණි.

මෙසේ සිටින ඔහු දුටුවේ මකුළුවෙකු තම ගුහාව ඉදිරිපිට දැලක් විවීමට පටන් ගන්නා ආකාරයයි.

"හහ්" ඔහු සිතන්නට විය
"මට අවශ්‍ය වන්නේ ගඩොල් බිත්තියක් නමුත් මාහට ඇත්තේ මකුළු දැලක් හාස්‍යජනකයි" යන්නයි

සතුරා ළං වෙත්ම ඔහු සැඟව සිට බලා සිටි අතර ඔවුන් එකින් එක ගුහාවන් සෝදිසි කරන ආකාරය දැක ගත හැකි විය.

ඔවුන් ඔහු සිටින ගුහාව වෙත පැමිණෙන විට, ඔහු සිය අවසන් හුස්ම ගැනීමට සූදානම් වූ නමුත්, සොල්දාදුවන්ගේ නායකයා මෙසේ කියනු ඔහුට ඇසුණි,

"ඔබලා මේ ගුහාව සෝදිසි කරලා බලන්න අවශ්‍ය නෑ ඔහු මෙහි ඇතුලු උන බවක් පේන්න නෑ
ඔහු මෙහි ඇතුළු වූවා නම් මෙම මකුලු දැල කැඩෙන්න ඕන"

යැයි කියා ඔහුන් සියළු දෙනා එතනින් පිටත් විය.

සමහර විට අපිට තියන දේ ප්‍රමාණයටත් වඩා අපහට උපකාරි විය හැක.
එබැවින් කිසිවක් අවතක්සේරු නොකරන්න........

Copied from Athathwika page.

Photos from 2nd Language Sinhala and tamil's post 12/09/2021

පවුලේ සාමාජිකයෝ...
දෙමළ බසින් උගනිමු🤗🤗🤗

குடும்ப அங்கத்தவர்கள்....🤗🤗🤗🤗

08/09/2021

🤗🤗🤗🥰🥰🥰🥰🥰

08/09/2021

දවසේ සිතුවිල්ල....🥰🥰🥰🥰

31/08/2021

රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා සුළු දෙයකි,

ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන් ගෙන, ඉතා ඉහල අහසට නැගී, එහි රවුම් ගැසීමට පටන් ගනී. එවිට එය දකින රාජාලීන් ගැහැණු සතා වටා පියාසර කිරීමට පටන් ගනී.

පසුව ඇය මෙම අත්ත බිම හෙළා, අහසේ රැඳී බලා සිටී. එවිට සමහර රාජාලීන් වේගයෙන් පහතට පියඹා, මෙම අත්ත අහසේ සිට බිම වැටෙන්නට නොදී අල්ලාගෙන, එය හොටෙන් රැගෙන ඉහල නැගී ඉතා ප්‍රවේසමින් ගැහැණු සතා වෙත ගෙන එයි.

ගැහැනු රාජාලියා මෙම අත්ත හොටින් ගෙන එය නැවත බිම හෙළයි,

පිරිමියා එය නැවත අල්ලා ඇය වෙත ගෙන එයි, ඇය එය නැවත විසි කරයි ...
මෙසේ මෙය බොහෝ වාරයක් යලි යලිත් සිදුවේ. මෙසේ අත්ත විසිකරන තාක්, රාජාලියකු ඒ සෑම අවස්ථාවකදීම එය අල්ලාගෙන තමා වෙත රැගෙන එයි නම්, ගැහැනු සතා එම රාජාලියා සිය ස්වාමියා ලෙස තෝරාගනියි.

ඇය මෙය කරන්නේ ඇයිද යන්න ඔබට පසුව වැටහෙනු ඇත.

ඉන් පසු ඔවුන් පර්වත මුදුනක් මතට එකතු වී, ශක්තිමත් ලී දඬු වලින් කූඩුවක් සාදන අතර, මව සහ පියා තම හොටෙන් ශරීරයේ ලොම් සහ පිහාටු ඉරා දැමීමට පටන් ගනී. මෙම ලොම් හා පිහාටු යොදාගෙන ඔවුන් කූඩුවේ ඇති සියලුම සිදුරු පුරවා, මෘදු හා උණුසුම් ලෙස සකසයි.

එසේ මනාව සකසන ලද කූඩුවේ බිත්තර දමන මව, බිත්තර රැකීමෙන් පසු රාජාලි පැටවුන් මෙලොවට පැමිනෙන්නේ ඉතා දුර්වල, පිහාටු නොමැති නිරුවත් ලෙසකිනි. දෙමව්පියන් ඔවුන් වැඩී ශක්තිමත් වන තුරු වර්ෂාවෙන්, දැඩි අව් රශ්මියෙන් වලකා, ඔවුන්ව පියාපත් වලින් වසාගෙන ආරක්ෂා කරති.

ඔවුන් ආහාර, ජලය, ගෙනැවිත් පැටවුන්ට කවන පොවන අතර ඔවුන් සෙමෙන් වැඩෙති. මෙසේ පිහාටු වැඩීමට පටන් ගෙන පියාපත් සහ වලිගය ශක්තිමත් වේ. ඔවුන් තවමත් කුඩා වුවත් දැන් ඔවුන්ට කූඩුවෙන් පිටතට පැමිනීමට කාලය එළඹ ඇතිබව දෙමාපියන් වටහා ගනියි.

තාත්තා කූඩුවේ පිටතින් පැමින පියාපත් වලින් එයට පහර දීමට පටන් ගනියි. මෙම පහරදීමෙන් කූඩුව සෙලවෙන අතර එහි සිදුරුවල හා සුවපහසුව ඇතිවන ලෙස අලවා තිබූ පිහාටු හා ලොම් ගැලවී හැලී ගොස් දැඩි අතු රිකිලි සහිතව මුල් අවස්ථාවේ තිබූ ලෙස රාමුව පමණක් ඉතිරි වේ. මව පෙනෙන්නට නොමැත.

රාජාලි පැටවුන් මෙම සෙලවෙන කූඩුව තුළ හිඳගෙන සිටින අතර, ඔවුන් අපහසුතාවයට පත් වී, බිය වී ඇති නමුත් සිදු වූ සියලු දෙය ඔවුන්ට නොවැටහේ.අම්මා සහ තාත්තා කලින් ඉතා ආදරයෙන් හා සැලකිලිමත්ව සිටියද දැන් ඔවුන් වෙනස් වී ඇත.

මේ අවස්ථාවේදී අම්මා කොහේ හෝ සිට පියාසර කරමින් පැමිනෙන අතර ඇගේ හොටේ මාලුවකුද සිටියි. එහෙත් වෙනදා මෙන් අල්ලාගෙන පැමිනි මාලුවා රැගෙන ඔවුන් වෙත නොපැමින කූඩුවේ සිට තරමක් ඈතින් වාඩි වී පැටවුන්ට එය පෙනෙන්නට සලස්වයි. පසුව එය පැටවුන්ට හොඳින් පෙනෙන ලෙස ඇය මෙම මාළුවා ආහාරයට ගැනීමට පටන් ගනී. පැටවුන් කැදැල්ලේ වාඩි වී කෑ කෝ ගසමින්, එය දෙස බලා සිටිති.

සිදු වූ දේ ඔවුන්ට තවමත් නොතේරෙන මුත් සියල්ල වෙනස් ලෙසකින් සිදුවෙයි. අම්මාත් තාත්තාත් ඔවුන්ව පෝෂණය කලේය, වතුර පෙව්වේය, දැන් සියල්ල පහව ගොස් ඇත. කැදැල්ල දැඩි වී පිහාටු සහ සුව පහසුව නැති වී ඇත. දෙමව්පියන් විසින්ම මාළු අනුභව කළත් ඔවුන්ට එය දුන්නේ නැත.

කුමක් කල යුතුද? සියල්ලට පසු, ඔවුන්ට කෑමට අවශ්‍ය බැවින් ඔවුන් කූඩුවෙන් එළියට විත් මව දෙසට යාමට උත්සහ කරයි. ඒ සඳහා පැටවුන් කිසි දිනෙක නොකළ චලනයන් කිරීමට පටන් ගනී. ඔවුන්ගේ දෙමව්පියන් දිගටම ළදරුවන්ට කෑම ලඟා කළහොත් ඔවුන් එම චලනයන් කිරීමට උත්සහ නොකරනු ඇත.

පැටවුන් කූඩුවෙන් එලියට ඇවිද යාමට පටන් ගනී. ඒ සමගම රාජාලි පැටවා කූඩුවෙන් එළියට වැටී, එතරම් නුහුරු තැනෙක සිටගැනීමට නොහැකිව පෙරලෙමින් යයි. කූඩුව පර්වතයක, බෑවුමක් මත පිහිටා ඇති අතර එමඟින් කිසිදු විලෝපිකයෙකුට සමීප විය නොහැකි තැනක ඉදි වූවකි. පැටවා මෙම බෑවුම දිගේ ඇදී ගොස් පසුව ප්‍රපාතයට ඇදවැටීමට පටන් ගනියි.

එවිට තාත්තා කලින් අතු අල්ලා ගත් ලෙසින් වේගයෙන් පහලට පියඹා ගොස් මෙම රාජාලි පැටවා ඇදවැටීම වලක්වයි. ඔහුව අල්ලාගෙන නැවත පර්වතය මත ඇති කැදැල්ලට රැගෙන එන අතර සියල්ල නැවත ආරම්භ වේ. මෙම පැටවුන් නැවත නැවතත් වැටේ, පියා ඔවුන් අල්ලාගෙන නැවත රැගෙන එයි. රාජාලියා කිසිඳු විටෙක පැටවෙකු ඇදවැටෙන්නට ඉඩ නොහරියි.

මෙසේ වැටෙන එක් අවස්ථාවක, සුලඟත් සමග රාජාලි පැටවා කිසි දිනෙක සිදු නොකළ චලනයන් කිරීමට පටන් ගනී, පියාපත් සුළඟට විහිදී සුලං පහර සමග ගැටීමෙන් පාවී ගොස් පියාසර කිරීමට පටන් ගනී. රාජාලීන් තම පැටවුන්ට උගන්වන්නේ මෙම ආකාරයෙනි.

පැටියා තනිවම පියාසර කිරීමට පටන් ගත් විගස දෙමාපියන් ඔවුන් සමඟ මාළු සිටින ස්ථාන වෙත ගොස් ඒවා පෙන්වති. ඔවුන් ඒවා තවදුරටත් තම හොටෙන් රැගෙනගොස් කවන්නේ නැත.

අපගේ දරුවන්ට අධ්‍යාත්මික හා ශාරීරික අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරය පිළිබඳ මෙය ඉතා හොඳ උදාහරණයකි. උණුසුම් කූඩුවක තබා ඔවුන්ගේ අවශ්‍යතා ඒ වෙත ලඟා නොකිරීම කෙතරම් වැදගත්ද! ඔවුන්ටම එය අල්ලා ගත හැකි විට මාළු රැගෙනවිත් පෝෂණය නොකිරීම කෙතරම් වැදගත්ද! නමුත් ඒ සඳහා අපගේ කාලය, ප්‍රඥාව සහ කුසලතාවයන් කැප කරමින්, ඔවුන්ට පියාසර කරන අයුරු අප කොතරම් ප්‍රවේශමෙන් ඉගැන්විය යුතුද!

අත්තක් විසි කිරීමෙන් ගැහැනු සතා ස්වාමියා තෝරා ගැනීම පුදුමයක් නොවේ. තම දරුවන් ඇද වැටෙනවාට ඇය කැමති නැත. පරීක්ෂාකාරී නොවී, ඔබ නොසැලකිලිමත් පියෙකු තෝරා ගතහොත්, ඔබ දරුවන්⁣ගේ ඇදවැටීම ගැන නොසලකා කටයුතු කරයි.

උපුටා ගැනීමකි .හිමිකරු නොදනී

Photos from 2nd Language Sinhala and tamil's post 09/08/2021

සමාන පද
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දු පුතුන්ට
දෙවන බස සිංහල 🥰🥰

Photos from 2nd Language Sinhala and tamil's post 04/08/2021

சிங்களம் கற்போம்❤❤
சிங்களத்தில் எண்கள்: ✍✍
இரண்டாம் மொழி சிங்களம்
🥰🥰🥰🥰🥰 ✍✍

மாணவர்களும் பயனடைய இப் பதிவை அதிகமாக பகிருங்கள்...👈👈

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy