A/L Accounting With Janaka Sir

A/L Accounting With Janaka Sir Education

17/08/2025

2027 A/L
Accounting

🟢සෙනසුරාදා සවස 01.00 - 03.30
✖️IMS මහනුවර

🟢සෙනසුරාදා සවස 06.00 - 08.00
✖️ONLINE - මුළු දිවයිනටම

26/07/2025

ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක් වෙනස් වෙන්නෙ හරි ඉක්මනට.

ඉතින් ඒ වෙනස් වෙන ජීවිත කතාව කවදා හෝ දවසක කාටත් ඇහෙන්ඩ කියන්ඩ වෙනවා කියලා මන් දන්නවා. අද වගේ දවසක් ඒකට හොදම දවසක් වෙනවා කියලත් දන්නවා. ඉතින් මේක කියන්නෙ මන් වගේ අපි වගේ තව දවස් දෙනා මේකේ ඉන්නවා කියලා කියන්ඩයි.

අපේ පවුලේ තාත්තයි අම්මයි කිරි අම්මයි මගෙ නිවුන් අයියයි. අනුරාධපුරේ ඈත ගමක ඉපදුන මට පොඩි කාලේ ගෙවුනේ යුද්දෙ එක්ක. ඉතින් ආමි කෑම්ප් වටේටම. AT1, කාලතුවක්කු මල්ටි බැරල් සද්දෙ හොදට කන් වලට හුරු උන අපිට ඒවත් එක්ක ජීවත් උන අපිට ඒවට වඩා ප්‍රශ්ණ තිබුනා අන්තිමට. කොහොමහරි මට මතක විදිහට 2003-2004 කාලෙ වෙනකොට තාත්තට වකුගඩු තියෙනවා කියල දැනගන්නවා. එතනින් එහාට ඉස්පිරිතාල ගානේ බඩ ගාන තාත්තා අපිට කන්ඩ දෙන්ඩ නොකරපු දෙයක් නෑ. ලෙඩ තියාගෙන කියලා ගෙදර අඩුවක් නොකරත් එයාගේ ලෙඩෙත් ඒ එක්කම අඩුවක් උනේ නෑ. කුඹුරු වැඩ, මේසන් වැඩ කරපු එයා වැඩ නැති කාලෙට බඩු කිරන එක පවා කලේ මායි අයියයි කවදා හරි හොද තැනකට යවන්ඩ.

ඉතින් ඔහොම ඉද්දි 2010 මුල් කාලේ අම්මටත් එකපාරම අමාරු වෙනවා හිතාගන්ඩ බැරි විදිහට. එතනින් එහාට තමා අපේ ජීවිතය තව තවත් අමාරු එකක් වෙන්ඩ පටන් ගන්නේ. ඉස්පිරිතාල ගානෙමයි ඉතින් ඉන්ඩ වෙන්නෙ. එක එක ටෙස්ට් කරනවා ලෙඩේ මොකක්ද කියල අදුරගන්ඩ. අන්තිමට කොහොමින් කොහොම හරි අම්මටත් වකුගඩු කියලා ඩොක්ටස්ලා කියනවා. දැන් පවුලෙ අම්මටයි තාත්තටයි දෙන්නටම වකුගඩු. අම්මට තිබිලා තියෙන්නෙ වකුගඩු දියවෙන එකක් කිව්වට තාත්තට වකුගඩු හැකිලෙන එකක්ලු තිබ්බෙ. ඉතින් අවුරුදු ගානක් තාත්තා බෙහෙත් බිබී හිටියට අම්මට ඉන්ඩ බැරි වෙනවා. ලෙඩේ අදුරගෙන මාස කිහිපයයි ඉන්ඩ පුලුවන් වෙන්නෙ. අම්ම අපි කට්ටියම තනි කරලා යනවා. එතකොට මායි අයියයි හරියටම හය වසරෙ. ඉතින් කියාගන්ඩ බැරි දුකක් අදටත් අපිට උරුම වෙද්දි කෑගහලා අඩද්දි යන්තන් අපි යමක් කමක් තේරෙන්ඩ පටන් ගත්තා විතරයි. තාත්තත් කඩන් වැටුන විදිහ මැවිලා පේනවා. කොච්චර ලෙඩ තිබ්බත් එයා කලින් ගහක් ගලක් වගේ හිටියට අම්මත් නැති වෙනකොට ඒ ශක්තිය නැති කරගන්නවා ඒ ගැනම හිතල. අම්මා නැති වෙලා මාස හත අටක් යනකොට තාත්තටත් අමාරු වැඩි වෙනවා. අම්මා නැති වෙලා හරියටම අවුරුද්දයි මාසෙකින් තාත්තත් අපිව දාලා යනවා. ඉතින් අපේ ලෝකේ පොඩි කාලෙම අපි තනි වෙනවා.

කිරි අම්මා අපිව බලාගන්ඩ මාරම ගේමක් දෙනවා. එතකොටත් හොදටම වයසයි. ඒ 2011 කාලෙ වගේ. දැන් වෙනකොට කිරි අම්මටත් අවුරුදු 102ක්. එතකොට ඒ කාලේ වයස හිතාගන්ඩ පුලුවන්නෙ. ඉතින් හරි අමාරුවෙන් අම්මයි තාත්තයි නැති අඩුව අපිට දැනෙන්ඩ දෙන්නැතුව අපිව බලාගන්නකොට වයසත් එක්ක ඒක එයාට අමාරුයි. අන්තිමට ලොකු අම්මා තීරණය කරනවා අපේ ගෙදර ඇවිත් අපි තුන් දෙනාවම බලාගන්ඩ. ඉතින් හරි අමාරු කාලයක් ඒක අපිට කන්ඩ බොන්ඩත් හරිහමන් සල්ලියක් නෑ ඉතින් පව්ලේ කට්ටිය ගමේ කට්ටිය ඉස්කෝලේ ගුරුවරු යාලුවෝ සෑහෙන්ඩ උදව් කරනවා අපිට.

ඉස්කෝලෙ වැඩත් කරන් ඔහොම ඉන්නකොට දවසක් දිවයින පත්තරෙන් කට්ටියක් එනවා වකුගඩු ගැන ආර්ටිකල් එකක් ලියන්ඩ. ඉතින් අපේ සුදු මාම ඇතුලු කට්ටියට අපිව සම්බන්ධ කරනවා. එතනින් අපේ ජීවිතය තවත් පැත්තකට තල්ලු වෙනවා. එදා සමන් මාමලා ඇතුලු ඒ දිවයින පත්‍තරේ මාමලා ලියපු ආර්ටිකල් එක පත්තරෙ ගිහින්. ගමේ ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවොන්ගෙ ආශිර්වාදයත් එක්කම අපිට සෑහෙන්ඩ රට වටේ ඉන්න අයගෙන් උදව් උපකාර ලැබෙනවා. ඔය අතරෙ ටොයෝටා ලංකා එකේ මනෝසාන් ඇතුලු මාමලා කට්ටිය මේක දැකලා අපිට උදව් කරන්ඩ එනවා. කොහොමින් කොහොම හරි අපි දෙන්නා කොළඹ ආනන්දෙට ඇතුල් වෙනවා. මන් ඒ කොළඹ ආපු පලවෙනි වතාව. ඊට පස්සෙ ජීවිතය ගෙවෙන්නෙ ආනන්දේ හොස්ටල් එකේ.

ගමේ හිටපු අපිට කොළඹ නුහුරු නුපුරුදු තැනක් නොවෙන්ඩ ඉස්කෝලෙ අලුත් යාලුවෝ හොස්ටල් සෙට් එක ලොකු ගේමක් දෙනවා. අන්තිමට OL වෙනකන් හොස්ටල් එකේ ඉදලා ඒකත් දෙන්නම ගොඩ දාගන්නවා. හොස්ටල් සෙට් එක ගොඩක් දෙනා maths කරපු නිසා මන් maths කරන්ඩ හිතාගන්නවා. අයියා bio තෝරගන්නවා. Maths කරන්ඩ හිතාගත්තත් මන් දන්නෑ එතකොට ඒකේ තියෙන subject එකක්වත් maths ඇරෙන්ඩ. අදටත් මන් ඇයි එහෙම කරෙ කියලා දන්නෑ. හැබැයි එක දෙයක් යුද්දෙ තිබ්බනම් මන් army එකේ අනිවාර්‍යෙන්ම ඉන්නවා කියලා දන්නවා. කොහොමින් කොහොම හරි ඒක වෙනස් වෙනවා හිතාගන්ඩ බැරි විදිහට.

AL හොස්ටල් නැති හින්දා toyota එකේ ලසිත් අයියලාගෙ ගෙදර ඉදන් AL කරන්ඩ පටන් ගන්නවා. ඇත්තටම එහෙ ගෙදර කට්ටිය එයාලගෙම දරුවන්ට වගේ අපිට සලකනවා අඩුවක් නොකර. ටිකෙන් ටික ඉංජිනේරුවෙක් වෙන්ඩ ඕනි කියල හිතේ පැලපදියන් වෙනවා. උදව් කරපු හැම දෙනාටම පිං සිද්ද වෙන්ඩ අන්තිමට AL රිසාල්ට් බලනකොට Pera Engineering select වෙන්ඩ පුලුවන් වෙනවා පලවෙනි පාරම. එතකොටත් ගමේ එක අයියා කෙනෙක් විතරයි දන්න විදිහකට engineering කරලා තිබුනෙ. නමුත් ඒ සතුට මට පිටකරන්ඩ බෑ මොකද අයියට Medicine යන්ඩ මදි. මන් ඔය අතරෙ කැම්පස් යන්ඩ කලින් toyota එකේ dream car event එක කරන්ඩත් සම්බන්ධ වෙනවා. එතකොට අයියයි මමයි toyota එකේ සංක අයියලාගෙ ගෙදර. අයියා එහෙ ඉදන් ක්ලාස් යනවා. එහෙදිත් අඩුවක් නොකර අපිට හොදට සලකනවා. අන්තිමට එයා තුන්වෙනි පාර Pera Agriculture faculty එකට select වෙනකොට අපි අපි ගැනම සතුටු වෙනවා. දෙන්නම එකම කැම්පස් එකේ.

කැම්පස් යද්දි වියදම් ගොඩක් වැඩී කියලා තේරෙන්ඩ වැඩි දවසක් යන්නෑ. ඉතින් ඒ සේරම පව්ලේ අක්කලා ඇතුලු නෑදෑයෝ කොහොම හරි අපිට දෙනවා ඉල්ලන්ඩත් කලින්ම. කොච්චර දුෂ්කර කාර්තුද අපි පහු කෙරුවෙ කියල මන් දැන් හැරිලා බලද්දි මටත් හිතාගන්ඩ බෑ ඇස්වලට කදුලු එනවා. අන්තිමට ගමේ දුව පැන හිටපු මන් engineer කෙනෙක් වෙන තැනට අහඹු අසීරු කාලයන් පහු කරගෙන එනවා. ඒ අමාරුවෙන් ලබාගත්ත දේවල් බලන්ඩ ඉතින් අපේ අම්මලා තාත්තලා ලග නෑ කියල අනික් අයගෙ අම්මලා තාත්තලා දිහා බලලා සැනසුම් සුසුම් හෙලනවා. නමුත් අදටත් මන් විස්වාස කරනවා ඒ දෙන්නා අපි දිහා තාමත් බලන් ඉන්නවා. ඉතින් ඒක තමා ජීවිතේ හැටි හැම දුෂ්කර කාලයක්ම දුෂ්කර නොවී තැබීමට කවුරු හරි අන්තිමට එනවා. කඩා වැටෙන හැම මොහොතෙම නැගිට්ටවන්ඩ කවුරුම හරි එනවා. ඒ එන කෙනා තමන්වම වෙන්ඩත් පුලුවන් කියල පස්සෙ මන් මටම කියාගන්නවා. මන් අඩපු තරම් මන් විදවපු තරම් කල්පනා කරපු තරම් ඒ හැම එකකටම මන් අන්තිමේට උත්තරයක් දෙනවා. "ඉගෙනගන්න එක". ඉතින් නිදහස් අධ්‍යාපනයටත් එක්කම අද මේ වගේ මන් ඇතුලු දසදහස් දෙනා තුති පුද කරන්නෙ අන්න ඒනිසා.
අන්තිමට ඉතින් මෙතුවක් කාලයකට මට වචනයකින් හරි උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි කියලා මන් නවතිනවා.

නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා! ❤️

උපුටා ගැනීම Ranasinghe




සාමාන්‍ය පෙළ ප්‍රතිපල පැමිණි පසු ආරම්භ වන2027 උසස් පෙළ දෙවන කණ්ඩායමආරම්භය වේ. අඛණ්ඩව වසර ගණනාවක් ගිණුම්කරණයසමතුන්  බිහික...
23/07/2025

සාමාන්‍ය පෙළ ප්‍රතිපල පැමිණි පසු ආරම්භ වන

2027 උසස් පෙළ

දෙවන කණ්ඩායම

ආරම්භය වේ.

අඛණ්ඩව වසර ගණනාවක් ගිණුම්කරණය

සමතුන් බිහිකල පන්තිය

විශ්වවිද්‍යාල සදහා වැඩිම දායකත්වයක් ලබාදුන්
මහනුවර ප්‍රදේශයේ විශ්වාසනීයම

Accounting පන්තිය...








2027  A/L Accounting 🟢🟢🟢 ජනක වීරකෝන් is inviting you to a scheduled Zoom meeting.03 වන කණ්ඩායම Topic:  ගිණුම්කරණය හා එහි...
05/07/2025

2027 A/L Accounting 🟢🟢🟢
ජනක වීරකෝන් is inviting you to a scheduled Zoom meeting.

03 වන කණ්ඩායම

Topic: ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව - 3 කොටස

🟢ජූලි 05. සවස - 04.00 pm - 07.00 pm 🟢
Time: Jul 5, 2025 04:00 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/86182571196?pwd=aKhvQb8u0a4R5s2v5cLKtUeC2GVfZc.1

Meeting ID: 861 8257 1196
Passcode: 670448

පසුගිය පාඩම් ආවරණය කර ගත නොහැකි වූ සිසුන්ද සම්බන්ද වන්න...
🟢🟢🟢🟢🟢🟢🟢🟢
තාක්ෂණික සහය සඳහා - 0766917486 සම්බන්ද වන්න..

Zoom is the leader in modern enterprise cloud communications.

24/06/2025
2027 A/L සිහින හඹායන්නන්ගේ හොඳම තේරීම...♥️
31/05/2025

2027 A/L සිහින හඹායන්නන්ගේ හොඳම තේරීම...♥️

Address

Gamini Desanayaka Mawata
Kandy
20200

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Accounting With Janaka Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category