08/05/2026
ප්‍රංශයේ ඇය තවමත් නිරුවත් ය
François Boucher විසින් ඇඳූ “සැතැපුණු ලමිස්සිය” නම් සිතුවම රොකෝකෝ කලාවේ සුන්දරත්වය, සුවපහසුව සහ මෘදු රසාස්වාදය එකට එක් කළ නිර්මාණයකි. වෙනත් කලාකරුවන් මෙන් සමාජයට ගැඹුරු දාර්ශනික අදහස් හෝ වේදනාකාරී යථාර්ථ ඉදිරිපත් කිරීමට වඩා, බෝචර්ගේ සිතුවම් මිනිස් සිත් ප්‍රීතිමත් කිරීමට, ඇස් පිනවීමට හා සුන්දරත්වය විඳීමට මඟ සැලසීය.
මෙම සිතුවමේ අහිංසක පෙනුමකින් යුත් තරුණියක් සුසිනිඳු සළු පිළි ඇතිරූ සැප පහසු කවිච්චියක් මත හාන්සි වී සිටින අයුරු දැක්වේ. ඇය වටා ඇති මෘදු වර්ණ, රෙදිපිළි හා සැරසිලි සියල්ලම සුවදායී හා ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කරයි. පසෙකින් දැල්වෙන ගිනි උදුන සිතුවමට උණුසුමක් එක් කරමින් සීතල පරිසරය මෘදු කරයි. මේ සියල්ල එකට එක්ව නරඹන්නාගේ සිත තුළ “පොළඹවන සුළු” හැඟීමක් ඇති කරයි.
මෙහි දැක්වෙන කාන්තාව Madame de Pompadour ලෙස සැලකෙන අතර ඇය Louis XV රජුගේ සමීප අනියම් කාන්තාවක් වූවාය. ඇය එවකට ප්‍රංශ අධිරාජ්‍යයේ රූපලාවණ්‍යය, විලාසිතා හා කලා රුචිය නියෝජනය කළ චරිතයකි. මෙම සිතුවම අදත් Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනය වන අතර රොකෝකෝ කලාවේ විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකේ.
අතීත මතක
20/12/2023
දිනන්නො නැත. පරාජය පමණි
Little Boy යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පරමාණු බෝම්බයක් ජපානයේ හිරෝෂිමාව විනාශ කර දින තුනකට පසු, එක්සත් ජනපද හමුදා නාගසාකි වෙත Fat Man ලෙස නම් කරන ලද ඊටත් වඩා බලවත් ආයුධයක් හෙළූහ. මෙම පිපිරීමෙන් අඩි 45,000ක් උස විකිරණශීලී දූවිලි හා සුන්බුන් සහිත තීරුවක් ඇති විය.
කිලෝටොන් 20ක් බරැති ආයුධයෙන් එල්ල වූ පහරකින් බිමට ඇද වැටුණු ආකාරය ගැන බෝම්බකරු ලුතිනන් චාල්ස් ලෙවී සිහිපත් කළේ “මෙම විශාල පිහාටුව අහසට නැඟී සිටිනු අපි දුටුවෙමු. “එය දම් පාට, රතු, සුදු, සියලු වර්ණ - උතුරන කෝපි වැනි දෙයක්. එහි ජීවමාන බවක් පෙනෙන්නට තිබුණි. ”
උරකාමි ගඟේ නගරයේ 80,000ක් පමණ මිනිසුන්ගේ ජීවිතය විනාශ කරමින් නව ආයුධයේ බිහිසුණු බව ඡායාරූප 16 ක් නිලධාරියා විසින් ලබා ගෙන තිබුණි.
දින හයකට පසු, මෙම බෝම්බ දෙක දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ කොන්දේසි විරහිතව යටත් වීම නිවේදනය කිරීමට හිරෝහිතෝ අධිරාජ්‍යයාට බල කළේය.
නිලධාරීන් බෝම්බයේ විනාශකාරි ඡායාරූප වාරණය කළ නමුත් ලෙවීගේ රූපය - වාතයේ සිට හතු වලාවේ සම්පූර්ණ පරිමාණය පෙන්විය හැකි එකම එක - ලොව පුරා අසීමිත ලෙසින් බෙදා හරින ලදී.
මෙම බලපෑම න්‍යෂ්ටික බෝම්බයට පක්ෂව ඇමරිකානු මතය හැඩගස්වා, පරමාණු යුගය සැමරීමට ජාතිය මෙහෙයවූ අතර ඉතිහාසය ලියා ඇත්තේ ජයග්‍රාහකයින් විසින් බව යලිත් ඔප්පු කළේය.
(ඡායාරූප: ලුතිනන් චාල්ස් ලෙවී).
අතීත මතක ✔️
17/11/2023
ඇතුන් රජ කළ මහනුවර වීදියක්...❤️
05/02/2022
ඔබට විඩාව දැනුනු විට , සමුගෙන යන්නට නොව විවේක ගන්නට උගනින්න.
17/01/2022
1942 අද වගේ දවසක...
ජීවිතය හරි කෙටියි. අපි ඉක්මනටම වයසට යනවා. ඒ නිසා එක් එක්කෙනාට වෛර කරන්න කාලය නාස්ති කිරීමේ තේරුමක් නෑ.‘ සිය ජීවිතයේ හොඳම කාලය බොක්සිං වළල්ලේ ගෙවා දැමූ මොහොමඩ් අලී සිය ජීවිතයේ සැඳෑ සමයේ දී එසේ කීවා.
‘ජීවිතය කියන්නේ හරියට බොක්සිං තරගයක් වගෙයි. පරාජය තීරණය කෙරෙන්නේ ඔබ බිම ඇද වැටුණාම නෙවෙයි. නැගිටීම ප්‍රතික්ෂේප කළ විටදියි.‘ - මොහොමඩ් අලි
02/01/2022
හැට වසරක් ගියත් ඉතිරි වුණු සරාගයේ මතක..
මැර්ලින් මොන් රො
අතීත මතක
05/12/2020
ජාතික කිරි මණ්ඩලයේ දැන්වීම - රසවාහිනියෙනි...
ජාතියේ මව්වරුන් විසින් මිනිස් මවුන්ට පණ දුන් ගුණ දායක කිරි ප්‍රචලිත කිරීම සිදු කෙරුණේ මෙලෙසිනි.
අද මෙන් පිටි කිරි බහුල නොවූ එසමයේ බහුජාතික සමාගම් ක්‍රමානුකූලව හිස එසවීම හේතුවෙන් දියර කිර කුඩු ව ගියේය.
අතීත මතක
23/11/2020
ඔස්කා පිස්ටෝරියස් හෙවත් දිරිය මිනිසෙක්
දෙපා ඇතියවුන්ට අභියෝග කළ ඔහු උපන්නේ අද වන් දිනකය.
02/11/2020
මාරි ඇන්ටොනයිට් උපන්නාය..
"පාන් නැත්නම් කේක් කාපල්ලා" යනුවෙන් පැවසූ ඈ උපන්නේ අද වන් දිනකය. වසර 1755 දී ඔස්ට්‍රියාවේ වියානා හී උපන් ඈ ප්‍රංශය අපබ්‍රංශ කොට අවසානයේ ගිලටීනයට ගෙල තැබුවාය. ශෙලී කීවාක් මෙන් රජවරු පායා බැස යන්නට පැමිණි උන්ය. මාරි පායා බබලා පයපාමුලින් පොලොවට පස් උනාය. අපි කවුරුත් හෙට කුමක් වේදැයි නොදනිමු. ඉතින් කුමටද ඔය හැටි ආඩම්බර..?
අතීත මතක
12/08/2020
අමතක මතක (ලක්ෂ්මන් කදිරගාමර් හෙවත් සැබෑ මිනිසා)
ඔහුගේ දිවිය සමාප්ථ කළ අඳුරු දිනය අදය. කදීර් හෙවත් ලක්ෂ්මන් කදිරගාමර් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදී, ඔහුගේ සේයාරුවක් නිරාවරණය කළ දිනයේ කරන ලද කථාව ඉතා වැදගත්ය. එය සැබෑ ජාතිආලයෙන් යුත් මිනිසකුගේ ප්‍රකාශයකි. එනම්" මා වෙත දැක් වූ ගෞරවයට ස්තූතියි. මා පාසැල් ගියේ මගේ මව් රටේ. මා නීතී පිඨයට ගියෙත් එහෙදී. පශ්චාත් උපාධියටයි මා ඔක්ස්ෆර්ඩ් පැමිණියේ. කේක් ගෙඩිය හැදිලා තිබ්බේ ගෙදරදී(ලංකාවේ). ඔක්ස්ෆර්ඩ් මා අයිසින් කලා පමණයි." යන්නය.
කදීර යන්නට ගොස් පසලොස් වසරකි. කිසිදා මෑතිවරණයට තරඟ නොකළ හේ දසවසරක් තිස්සේ විදේශ කටයුතු ඇමතිධූරය දැරීය. බොදු මැයි දිනය ලෝක නිවාඩු දිනයක් කරන්නට උර දුන්නේය. එහෙව් කදීර් සැමරුවේ කවුද?
අතීත මතක