Peradeniya Junior Secondary School

Peradeniya Junior Secondary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Peradeniya Junior Secondary School, School, Peradeniya Junior Secondary School, Peradeniya, Kandy.

මහ/පේරාදෙණිය කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සහතික පත් බෙදාදීම සහ පාසලට කීර්තියක් ලබා දීමට දායක ...
10/04/2023

මහ/පේරාදෙණිය කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සහතික පත් බෙදාදීම සහ පාසලට කීර්තියක් ලබා දීමට දායක වූ 2022 ශ්‍රී ලංකා පාසල් කරාතේ ශූරතාවලියට සහභාගි වූ කන්ඩායමට සහ සමස්ථ ලංකා කරාතේ ජයග්‍රහණයක් ලබා දුන් නෙතීශ සනන්ජන සිරිමාන්න ශිෂ්‍යයා ඇගයීම සඳහා පැවැත් වූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කලාප ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂ සංජීව වීරක්කොඩි අධ්‍යක්ෂතුමා සහභාගි විය.
මෙම අවස්ථාවෙදී පාසලේ ප්‍රගතිය උදෙසා නිරතුරුව විශාල කාර්යයක් ඉටුකරන ආදි ශිෂ්‍ය සංගමය මගින් ක්‍රිඩා උපකරණ කට්ටලයක් අප පාසලට පරිත්‍යාග කරන ලදී .

09/04/2023

2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පළමු වසරට සහ දෙවන වසර සිසුන්ට ඉංග්‍රීසී විෂයය හඳුන්වාදීමට පාසල තුල ක්‍රියාත්මක වු වැඩසටහන අප පාසලේ පළමු වසර සිසු දරුවන් සඳහා 2023 මාර්තු 30 වන දින ප්‍රාථමික අංශ ප්‍රධාන ගුරු මහත්මිය විසින් සිදුකරන ලදී.

2023 වර්ෂයට  පළමු වසර  සිසුන් ඇතුලත් කර ගැනීම 2023 .03.28 වෙනි දින සිදු කරන ලදී.එදින  ප්‍රාථමික අංශයේ සිසු දරැ දැරියන් ව...
07/04/2023

2023 වර්ෂයට පළමු වසර සිසුන් ඇතුලත් කර ගැනීම 2023 .03.28 වෙනි දින සිදු කරන ලදී.
එදින ප්‍රාථමික අංශයේ සිසු දරැ දැරියන් විසින් සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයක් පැවැත් වූ අතර එම කටයුතු සංවිධානය විදුහල්පතිතුමා ඇතුලු ප්‍රාථමික අංශ භාර සහකාර විදුහල්පතිතුමිය ප්‍රාථමික අංශ ප්‍රධාන ගුරැමහත්මිය සහ පාසල් කලමනාකරණ කමිටුව විසින් මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022 ශ්‍රී ලංකා පාසල් කරාතේ ශූරතාවලිය 2023-02-19/20 දෙදින සුගතද...
28/02/2023

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2022 ශ්‍රී ලංකා පාසල් කරාතේ ශූරතාවලිය 2023-02-19/20 දෙදින සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවැත්වුණි.
මේ සදහා මහ/පේරාදෙණිය කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයින් 06 දෙනෙකු සහභාගී වූ අතර ඉන් වයස අවුරුදු 16න් පහළ (10,9,8,7- kyu)බාලක කාතා ඉසව්වෙන් D.N.S.සිරිමාන්න ලෝකඩ පදක්කමක්ද ,
වයස අවුරුදු 15න් පහළ (10,9,8,7-kyu) යටතේ +47 kg කුමිතේ ඉසව්වෙන් R.M.T.බණ්ඩාර හොදම 8 දෙනා අතරට ද ජයග්‍රහනය ලබා ඇත.ඔවුන් දෙපලටත් විද්‍යාලය නියෝජනය කරමින් කීර්තියක් එක්කල ශාලුක උමයාන්ග , ආදිත්‍ය ඉදුවර , කවීෂ නෙත්සර , දුමිදු කුමාර යන සියළුම ක්‍රීඩකයින්ට විදුහල්පති තුමා ,ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන්ගේ උණුසුම් සුභ පැතුම් .....!
පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය සිසු දරුවන් කරාතේ තරගාවලියක් ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරගාවලියක් දක්වා පුහුණුවීමි කරමින් අප විද්‍යාලයට ජයග්‍රහණ ලබාදීම වෙනුවෙන් ක්‍රිඩා පුහුණුකරු වජිර බණ්ඩාර තිලකරත්න ගුරුතුමන්ට විදුහල්පතිතුමා ඇතුලු සහෝදර ආචාර්ය මණ්ඩලයේ විශේෂ ස්තූතිය පුද කරනු ලැබේ.

2023.01.21 වන දින දිගන ක්‍රීඩා සංකීර්ණයේදී "මහනුවර දිස්ත්‍රික් නිදහස් කුසලාන කුමිතේ තරගාවලිය" පැවැත්වූ අවස්ථාවේදී අප පාස...
26/01/2023

2023.01.21 වන දින දිගන ක්‍රීඩා සංකීර්ණයේදී "මහනුවර දිස්ත්‍රික් නිදහස් කුසලාන කුමිතේ තරගාවලිය" පැවැත්වූ අවස්ථාවේදී අප පාසලේ වයස අවුරුදු 14 න් පහළ සහ 12 න් පහළ 50 Kg ට අඩු සහ 40 Kg ට අඩු බර පංති යටතේ තරඟ වැදුනු R.M.තරුෂ බන්ඩාර සහ කවිශ්ක සඳරැවන් ජයග්‍රහණය කරමින් තෙවන ස්ථාන දෙකක් ලබා ගන්නා ලදී.

16/01/2023
පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා තරඟ පැවැත්වීම 2023.01.16 වෙනි දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ...
16/01/2023

පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා තරඟ පැවැත්වීම 2023.01.16 වෙනි දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී.

16/01/2023

පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා තරඟ ඉසව් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රිඩාංගනයේදී 2023.01.16 දින පවත්වන ලදී.

පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයේ සිඟිති බාලදක්ෂ පදක්කම් පැළදවීමේ උත්සවය 2022.11.23 වන දින පෙ.ව. 9.00 විද්‍යාලයීය ක්...
14/12/2022

පේරාදෙණිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයේ සිඟිති බාලදක්ෂ පදක්කම් පැළදවීමේ උත්සවය 2022.11.23 වන දින පෙ.ව. 9.00 විද්‍යාලයීය ක්‍රිඩා පිටියේදී පවත්වන ලදි.
එදින ප්‍රධාන ආරාධිතයන් ලෙස මහනුවර බාලදක්ෂ මූලස්ථානයේ සහාය දිසා කොමසාරිස්තුමිය සහ මෙම පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ බාලදක්ෂ අංශය භාරව කටයුතු කල සුජාතා බස්නායක මහත්මිය සහභාගි කරගන්නා ලදී.

එදින 2 ශ්‍රේණියේ සිසු දරුවන් තිස්දෙනෙකු සඳහා පදක්කම් පැලදවීම සිදුකරන ලදී.
සිඟිති බාලදක්ෂ කණ්ඩායම භාරව කටයුතු කරනු ලබන කේ.එස්.නිලේන්ද්‍රා මහත්මිය සහ ප්‍රාථමික අංශයේ සියලුම ගුරුභවතූන් උත්සවයේ සංවිධාන කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලදී.

Conducting the "Environment Camp" Project at Peradeniya Junior Secondary School The Project "Environment Camp" was held ...
09/12/2022

Conducting the "Environment Camp" Project at Peradeniya Junior Secondary School

The Project "Environment Camp" was held on the 22nd of November 2022 from 9.00am onwards at the school premises, organised by the Primary Environmental Society of the school Primary Section.

Students from Grade 3 performed a dancing event and many students participated in the related competitions that were held on that day. This event was organised by the combined efforts of the Teachers in Charge of the Primary Environmental Society of the school Primary Section, Members of the School Staff, Training Teachers undertaking the Higher National Diploma and Parents.

Primary Environment programme

The team from the "Aid to School Project" donated School Supplies and some Sports Equipment to all the students of the s...
20/11/2022

The team from the "Aid to School Project" donated School Supplies and some Sports Equipment to all the students of the school on the 8th of October 2022 at the school Main Hall.

The Principal and the members of the Staff would like to highly appreciate the young participants who took part and donated in this project.

2022 ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් සංවිධානය කරන ලද උත්සවයේ අවස්ථාවන් කීපයක් ....
31/10/2022

2022 ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් සංවිධානය කරන ලද උත්සවයේ අවස්ථාවන් කීපයක් ....

Address

Peradeniya Junior Secondary School, Peradeniya
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Peradeniya Junior Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Peradeniya Junior Secondary School:

Shortcuts

Share

Category