පුරාණ පර්සියාව කොහොමද ඉරානය බවට පත් උනේ? මීට අවුරුදු හාරදාහකට විතර කලින්, ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 2000-1300 අතර කාලෙදි තමයි අද ඉරානය තියෙන තැනට සාමූහිකව මිනිස්සු සංක්‍රමණය උනේ. එහෙම ආවෙ පුරාණ ඉන්දු-ඉරාන ජාතිකයින්. එයාලා දැවැන්ත තෘණබිම්වල ඇවිද ගියපු එඬේරුන්.
මේ අය එක එක භාෂා කතා කරන, විවිධ ජන වර්ගවල මිනිස්සු. ගොඩ දෙනෙක් කතා කෙරුවෙ ඉන්දු-යුරෝපීය භාෂා. ඔය කාලෙ ජනවර්ග හැඳින්නුවෙත් එයාලා කතා කරන භාෂාවෙ නමින්ම තමයි.
කොහොමහරි ඔන්න කට්ටිය ඔය කලාපයට ආවා. මේ අය අතර ප්‍රධාන ජන කණ්ඩායම් දෙකක් හිටියා. එකක් තමයි ‘මිඩීස්‘. මිඩීස්ලා ඇවිත් පදිංචි උනේ වයඹදිග ඉරාන ප්‍රදේශයේ. අනෙක් ප්‍රධාන කණ්ඩායම තමයි පර්සියන්. පර්සියානුවො ඇවිත් පදිංචි උනේ දකුණුදිග ඉරානයේ. මේ හරියට ඒ කාලෙ කිව්වෙ ‘පාර්ස් භූමිය‘ කියලා. සමහර තැන්වල මේ හරියට ‘පර්සිස්‘ භූමිය කියලත් කියනවා. ඒ කියන්නෙ පර්සියානු මිනිස්සු හිටපු තැන කියන අදහස. (සමහර ඉතිහාස සටහන්වල කියනවා පර්සිස් වල හිටපු නිසා මේ මිනිස්සුන්ට පර්සියානුවො කියනවා කියලත්. ඒ කියන්නෙ Vice versa )
කාලයක් ගත උනා. අවුරුදු 1000 ක් විතර සාමාන්‍ය ලෙස ගෙවී ගියා. කාලයෙන් කාලයට එක එක පාලකයින් මේ ප්‍රදේශයේ බලයටත් පත් උනා. ක්‍රිස්තු පූර්ව 600 දි විශේෂ පාලකයෙක් මෙතැන බිහි උනා. එයා තමයි ‘මහා සයිරස්‘. (Cyrus the Great)
මෙයා පර්සියන් ජාතිකයෙක්. මෙයාගෙ පාලන කාලයේදි අර ඉරාන භූමියේ අනෙක් කොටසත් මෙයා පර්සියානු කොටසට ඈඳාගත්තා. ඒ කියන්නෙ මිඩීස් ජන වර්ගය යුද්ධයකින් යටත් කරගත්තා. ක්‍රිස්තු පූර්ව 550 දි ‘අකීමිනිඩ් පර්සියානු අධිරාජ්‍යය’ නිර්මාණය කෙරුවා. (Achaemenid Persian Empire). මේක තමයි පුරාණ ලෝකයේ තිබුණු විශාලම අධිරාජ්‍යයන් අතර මුලින්ම හැදුණු එක.
හැබැයි මෙයා තව විශේෂ දෙයක් කෙරුවා. මෙයාගෙ අධිරාජ්‍යයට යටත් වන මිනිස්සුන්ගෙ දේශපාලනයට විතරයි මෙයා ඇඟිලි ගැහුවෙ. ඒ ඒ ජන වර්ගවල ආගම්, සංස්කෘතිය, භාෂාව, සිරිත් විරිත් හැමදේම පවත්වාගෙන යන්න ඉඩ දුන්නා. බැබිලෝනියා කොටසෙ තිබුණු යුදෙව් පන්සල් මෙයා අලුත්වැඩියා කෙරුවා. විවිධ ගැටුම් හින්දා සංක්‍රමණය වෙච්ච යුදෙව්වන්ව නැවත පදිංචි කෙරෙව්වා.
සයිරස්ගෙන් පස්සෙ ආපු පාලකයොත් මේ වැඩපිළිවෙල දිගටම ගෙනිච්චා. ‘පළමුවැනි ඩාරියස්‘ කියන්නෙ මේ අකීමිනිඩ් අධිරාජ්‍යය විශාල වශයෙන් සමෘද්ධිමත් කරපු පාලකයෙක්. එයාගෙ කාලෙදි ඊජිප්තුවේ ඉඳන් ඉන්දියාව වෙනකන් මුලු කලාපයම අකීමිනිඩ් අධිරාජ්‍යය යටතට පත් උනා. මේ මුලු කලාපයේම දැවැන්ත මාර්ග පද්ධතියක් හදන්න මෙයා කටයුතු කෙරුවා. ඒ වගේම පණිවුඩ හුවමාරු ක්‍රමයක් සහ ගමනාගමන පහසුකම් ඇති කෙරුවා. ලෝකෙන් බාගයක්ම සැළසුම්සහගතව පාලනය කෙරුවා.
තවත් කාලයක් ගත උනා.
ක්‍රිස්තු පූර්ව 334 වෙද්දි මේ ළඟපාතම තිබුණු මැසිඩෝනියානු ප්‍රදේශයේ තරුණ පාලකයෙක් බිහි උනා. එයා තමයි ‘මහා ඇලෙක්සැන්ඩර්’. එයා ක්‍රිස්තු පූර්ව 334 වෙද්දි මේ පර්සියානු අකීමිනිඩ් අධිරාජ්‍යය යටත් කරගත්තා.
පර්සියානු අධිරාජ්‍යය යටත් කරගන්න තමයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එයාගෙ ජීවිතයේ කරපු විශාලම යුද්ධ මාලාව කෙරුවෙ. ක්‍රිස්තු පූර්ව 330 වෙද්දි ඉරානය අයත් වූ අකීමිනිඩ් අධිරාජ්‍යය අවසන් උනා. ඒක මැසිඩෝනියාවේ කොටසක් බවට පත් උනා. ඇලෙක්සැන්ඩර් ගැන අපි කලින් ලිපි ගණනාවක කතා කෙරුවා. එයාත් තමන්ට යටත්වන ජාතීන්ගෙ අනන්‍යතාවය ඒ විදිහටම පවත්වාගෙන ගියපු කෙනෙක්. ඉතින් පර්සියන් ආගම්, දර්ශන, සංස්කෘතිය, සිරිත් විරිත් ආදිය මේ කාලයෙත් දිගටම පෝෂණය උනා. පැවතුණා.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා තරුණ කාලෙදිම (වයස අවුරුදු 32 දි) මියැදුනා. එයාගෙන් පස්සෙ මැසිඩෝනියානු අධිරාජ්‍යය බෙදාගන්න එයාගෙම ජෙනරාල්ල කා කොටා ගත්තා. මැසිඩෝනියානු අධිරාජ්‍යය කියන්නෙ ග්‍රීක අධිරාජ්‍යයක්. ඉතින් එක එක ජෙනරාල්ලා ග්‍රීක ජනපද නියෝජනය කරමින් මේ මහා මැසිඩෝනියානු භූමියේ කෑලි කෑලි පාලනය කරන්න පටන් ගත්තා. පර්සියානු (ඉරානය සහිත) කොටසෙ පාලකයා විදිහට පත් උනේ සාමාන්‍ය කමාන්ඩර් කෙනෙක් වෙච්ච සෙලියුකස් කියන තරුණයා. සෙලියුකස් කාලයක් ගිහින් පර්සියානු තරුණියක්වම විවාහ කරගත්තා. ඒ තරුණිය පර්සියාවෙ ඉස්සර තිබුණු අකීමිනිඩ් අධිරාජ්‍යයේ උරුමය තිබුණු තරුණියක්. මේ දෙන්නට ළමයෙක් ලැබුණා. දැන් ඇලෙක්සැන්ඩර්වත්, මැසිඩෝනියාවවත් නෑ. ඉතින් ඔය ඉපදුනු දරුවා තමයි කොයි විදිහකින් හෝ පර්සියානු පාරම්පරික රාජ උරුමය සහිත කුමාරයා උනේ.
ඊට පස්සෙ පර්සියානු කොටසට සෙලියුකස් අයිතිවාසිකම් කිව්වා. එයාට නොමැරී ජීවත් වෙලා මේකෙ පාලනය ගන්න උදව් කෙරුවෙ ඊජිප්තුවේ පළමුවැනි ටොලමි. (ක්ලියෝපැට්රාගෙ මී මුත්තා). දැන් අපි පළමුවැනි ටොලමි ගැන අපේම මී මුත්තාටත් වඩා හොඳින් දන්නවා දිගටම එයා ගැන කතා කරපු හින්දා. 😁
සෙලියුකස් කාලයක් යද්දි මුලු පර්සියානු කොටසෙම පාලකයා උනා. ළඟ ළඟ තිබුණු අනෙක් කලාපත් යටත් කරගත්තා. එයා ‘සෙලියුසිඩ්’ නමින් අධිරාජ්‍යයත් පිහිටෙව්වා. ඉන්දියාවෙ චන්ද්‍රගුප්ත මෞර්ය එක්ක පවා මෙයා යුද්ධ කෙරුවා. එතැනට එනකම් මෙයාගෙ සෙලියුසිඩ් අධිරාජ්‍යය වර්ධනය උනා. දැන් ඔන්න ඉරානය තියෙන්නෙ සෙලියුසිඩ් අධිරාජ්‍යයේ.
තවත් කාලයක් ගත උනා. පොඩි පොඩි වෙනස්කම් සහිතව.
ක්‍රිස්තු පූර්ව අවසන් උනා. ක්‍රිස්තු වර්ෂ ආරම්භ උනා. ක්‍රිස්තු වර්ෂ 224 දි ඉරානය සහිත පර්සියානු කොටසෙ ‘සසේනිඩ්‘ කියන වංශය ටික ටික බලවත් උනා. ඊට පස්සෙ මෙයාලා පර්සියානු මිනිස්සුන්ට කිව්වා තමන් පුරාණ පර්සියානු අධිරාජ්‍යයේ පාලකයින්ට ලේ නෑකම සහිත වංශයක් බව. තව දේවල් උනා. කෙටියෙන් කිව්වොත් අයිතිය පෙන්වලා මෙයාලා බලයට ආවා. මෙයාලත් යුද්ධ කරලා අසල්වැසි ප්‍රදේශ තමන්ට ඈඳාගත්තා. මෙයාලගෙ පාලනය තමයි ‘සසේනියන් අධිරාජ්‍යය‘. මේකෙ ප්‍රධාන ආගම ‘ශරතුස්ත්‍රවාදය‘ බවට මෙයාලා නම් කෙරුවා.
ශරතුස්ත්‍රවාදය, එහෙමත් නැතිනම් ශරතුස්ත්‍ර ආගම කියන්නෙ පුරාණ ග්‍රීක සහ පර්සියානු ආගමික සංකල්ප මිශ්‍ර වෙලා හැදුණු එකක්. පස්සෙ මේකට ක්‍රිස්තියානි ඇදහිලිත් එකතු උනා. මේ තමයි පර්සියානු කලාපයේ (ඉරානය සහිත) රාජ්‍ය මැදිහත්වීමෙන් පිහිටුවාපු මුල්ම ඇදහිල්ල. ඊට කලින් තිබුණෙ ජනතාවගේ සිරිත් විරිත්වලට පාලකයින් මැදිහත් නොවුනු ක්‍රමයක්.
ඔන්න දැන් ඉරානය ඇතුළු කොටස් අයිති ‘ශරතුස්ත්‍රවාදී සසේනියන්’ අධිරාජ්‍යයට.
තවත් කාලයක් ගත උනා. ක්‍රිස්තු වර්ෂ 633-651 අතර කාලයේදි ඉරානයට අලුත්ම ආක්‍රමණයක් ආවා. මෙතෙක් කල් පර්සියානු සහ ග්‍රීක පාලකයින් තමයි මාරුවෙන් මාරුවට ඉරානය සහිත භූමිය පාලනය කෙරුවෙ. අලුතින්ම ආපු අය උනේ ‘අරාබි ජාතිකයින්’.
මේ ආපු අරාබි ජාතිකයින්ගෙ ආගම උනේ ඉස්ලාම්. එයාලා පර්සියානු-ඉරාන ප්‍රදේශයේ තිබුණු ශරතුස්ත්‍රවාදය වෙනුවට ඉස්ලාම් ආගම ප්‍රචාරය කෙරුවා. අරාබි ජාතිකයින්ගෙ පරිපාලන කටයුතු, ආගමික කටයුතු වගේම සංස්කෘතික කටයුතුත් බොහොම සැළසුම්සහගතයි. එයාලගෙ පාලනයේ ප්‍රධාන අංග උනේ මේ දේවල්. ඉතින් පර්සියානු සංස්කෘතියේ ලොකු කොටසක් මේ කාලයේදි අරාබි ජාතිකයින්ගේ ක්‍රමවේදයට අනුව හැඩගැහුණා. ලොකුම දේ උනේ වසර දහස් ගානක් පැවතුණු පර්සියානු භාෂාව ලියන්න අරාබි අකුරු යොදාගැනීම. පර්සියානු භාෂාව කියන්නෙ ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයිති භාෂාවක්. (භාෂා ගැන හදාරන අයට මේ කොටස අපූරු තැනක්. ඉන්දු-යුරෝපීය භාෂාවක්, අරාබි අකුරුවලින් ලිවීම ආරම්භ කරපු එක)
තවත් වසර 1000 ක් විතර විවිධ වෙනස්කම් සහිතව ගත උනා.
ක්‍රිස්තු වර්ෂ 1501 දි, ‘සෆවිඩ්‘ වංශය ඉරාන-පර්සියා කලාපයේ බලයට පත් උනා. මෙයාලා යටතේ වර්තමාන ඉරානය-ඉරාකය-ඇෆ්ගනිස්ථානය-අසර්බයිජානය සහිත කොටස පාලනය උනා. සෆවිඩ් වංශය පාලනයට පත්වීමත් එක්ක මේ කලාපයේ රාජ්‍ය ආගම බවට ‘ෂීස්ම්‘ එහෙමත් නැතිනම් ‘ෂියා‘ ඉස්ලාම් ධර්මය නම් කෙරුවා. (ෂියා සහ සුන්නි කියන ප්‍රධාන කොටස් වගේම අනු කොටස් ගණනාවක් ඉස්ලාම් ධර්මය තුළ තිබුණා)
මේ තමයි ඉරානය සහිත පර්සියානු කලාපය නිශ්චිතවම ෂියා ඉස්ලාම් කලාපයක් ලෙස පාලනය වීමේ ආරම්භය. මේකෙන් පස්සෙ අරාබිය ඇතුළු තවත් ප්‍රදේශවල තිබුණු ‘සුන්නි‘ ඉස්ලාම් පාලනයන්ගෙන් ඉරානය වෙනස් වීම ආරම්භ උනා.
මෙන්න මේ අවුරුදු 3500 ක විතර මුලු කාලය පුරාම, පිටත ලෝකයේ මිනිස්සු මේ කලාපයට දිගටම කිව්වෙ ‘පර්සියාව‘ කියලා. ඒ අර මුලින්ම ආපු එඬේරුන් පදිංචි වූ ‘පාර්ස් භූමිය සහිත පළාත‘ කියන අර්ථයෙන්. හැබැයි මේ මුලු අවුරුදු 3500 පුරාම මේ රට ඇතුලෙ හිටපු මිනිස්සු එයාලගෙ රටට කිව්වෙ ‘ඉරානය‘ කියලා (Iran).
ඉරානය කියන වචනය එයාලා හදාගත්තෙ ‘ආර්ය ජනතාවගේ භූමිය‘ කියන අර්ථය දෙන විදිහට. මේ ගැන විවිධ මත තියෙයි.
ඉතින් මේ මුලුමහත් කාලය පුරාම ලෝකයා විසින් ‘ඉරානය‘ නමින් රටක් දැනගෙන හිටියෙ නෑ. ඉතිහාසය විසින් ඒ කලාපයට කිව්වෙ පර්සියාව කියලා. නමුත් ඒ රට ඉරානය නමින්ම ස්වදේශිකයින් අතර පැවතුණා.
වර්ෂ 1935 දි, ඉරාන පාලකයා වෙච්චි ‘රේසා ෂා‘ විසින් ලෝකයට දැනුම්දීමක් කෙරුවා මෙතැන් පටන් නිල කටයුතුවලදි තමන්ගෙ රට ‘ඉරානය‘ කියන නමින් විතරක් ආමන්ත්‍රණය කරන්නය කියලා. ඒකට හේතුව විදිහට සඳහන් වෙන්නෙ ඉරානයට ජාතික අනන්‍යතාවයක් ලබාදෙන්න (පර්සියාව කිව්වහම තව ප්‍රදේශ ඇතුළත් නිසා) සහ, පරිපාලන ප්‍රතිසංස්කරණයකට යන්න උවමනා වීම. මෙතැන් පටන් අනෙකුත් රටවල් විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී පර්සියාව කියන වචනය වෙනුවට ඉරානය කියන වචනය පාවිච්චි කරන්න පටන් ගත්තා.
වර්ෂ 1979 දි ඉරානයේ රාජ වංශවල පාලනය අවසන් උනා. ඒක සිද්ධ උනේ ඉරාන විප්ලවයෙන්. ඉරාන විප්ලවය කියන්නෙ රජ පෙලපත පළවාහැරලා ආගමික තන්ත්‍රයක් අතට බලය මාරු වෙච්ච අවස්ථාවක්. මේක ආගමික විප්ලවයක්. ඒ ගැන අපි කතා කෙරුවා ඉරාන සිනමාව ගැන ලිපියෙදි කෙටියෙන්.
ඊට පස්සෙ අලුත් ආගමික පාලන තන්ත්‍රය විසින් ඉරානයේ නම ආයෙත් වෙනස් කෙරුවා. ඒ ‘ඉරාන ඉස්ලාම් ජනරජය‘ (Islamic Republic of Iran) නමින්. මේකෙන් පස්සෙ ඉරානය කියන භූමිය එහෙමම තියෙද්දි, ඉරානයේ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඊට පස්සෙ කොටස් ඔබ දන්නවා. ඉරානයේ අද වෙනකන් තවම තියෙන්නෙ 1979 දි පිහිටවාපු මේ පාලන තන්ත්‍රය.
ඉතින්, පුරාණ පර්සියාව ඉතිහාසයෙන් මැකිලා ගියෙ නෑ. පුරාණ පර්සියානු ශිෂ්ටාචාරය ඒ විදිහටම වෙනත් නමක් යටතේ පවතිනවා. නම් දෙකම මුල ඉඳන් පැවතුනාට, එක නමකින් තවත් නමකට ආපු ගමන බොහොම බරසාරයි. දිගයි. සංකීර්ණයි. පරිවර්තන අටෝරාසියකින් යුතුයි.
පුරාණ ශිෂ්ටාචාරයන් ගැන කුතුහලයෙන් හොයාගෙන යන අපිට පුලුවන් මේ කතාවෙන් ‘බල දේශපාලනය‘ අද එක්වරම හටගත්තු දෙයක් නොවන බව තේරුම්ගන්න. ඒ වගේම අද එක්වරකින් අවසන් නොවන දෙයක් බව තේරුම්ගන්න.
සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ
මීඩියා ගුරුතුමී
ජීවිතේ හැම තප්පරයක්ම තමන්ගේ හීන වෙනුවෙන් වෙහෙසෙන දරුවන්ට ..
01/03/2026
🍪 මාරි බිස්කට් එකේ ඉතිහාස කතාව
අපි හැමෝම දන්න, ටී කෝප්පයක් අතින් අරගෙන කන මාරි බිස්කට් කියන්නේ අද අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක්. උදේට, සවසට, ගමන් යද්දී, පාසල් කාලෙදි රෝගාතුර වෙලා ඉද්දීත්—මාරි බිස්කට් අපි කාලා තියෙනවා.
නමුත් බොහෝ දෙනා නොදන්න කාරණයක් තමයි, මේ සරල බිස්කට් එකට තියෙන දිගු, රසවත් ඉතිහාසය.
🇬🇧 මාරි බිස්කට් උපන් රට – බ්‍රිතාන්‍යය
මාරි බිස්කට් එක උපන්ේ බ්‍රිතාන්‍යයේ.
ඒක වෙන්නේ අදින් අවුරුදු 150කටත් වඩා පෙර, 1874 වසරේ.
ඒ කාලෙ බ්‍රිතාන්‍යයේ තිබුණා ඉතා ප්‍රසිද්ධ බිස්කට් නිෂ්පාදන සමාගමක් — Peek Freans කියලා.
මේ සමාගම තමයි මුල්ම මාරි බිස්කට් එක හදලා ලෝකයට හඳුන්වා දුන්නේ.
👑 රාජකීය විවාහයක් නිසා හදපු බිස්කට් එකක්
මාරි බිස්කට් හදපු හේතුව ඉතා විශේෂයි.
බ්‍රිතාන්‍ය රජවංශයට අයත් Prince Alfred කියන කුමාරයා, රුසියානු රාජවංශයට අයත් Grand Duchess Maria Alexandrovna සමඟ විවාහ වුණා.
ඒ විවාහය සමරන්න, ඒකට මතකයක් ලෙස,
Peek Freans සමාගම නව බිස්කට් වර්ගයක් නිර්මාණය කළා.
👉 ඒ බිස්කට් එකට දාලා තිබුණේ මනාලියගේ නම
👉 ඒ නිසා ඒක “Marie Biscuit” කියලා නම් වුණා
🍪 මාරි බිස්කට් එකේ හැඩය සහ රසය
මාරි බිස්කට් එක මුලින්ම හදපු වෙලාවෙත් අද වගේම:
වට හැඩයක්
ඉතා සරල රසයක්
බර නැති, මෘදු බිස්කට් එකක්
විශේෂයෙන්ම මේ බිස්කට් එක ටී වලට පොඟවලා කන්න පුළුවන් විදිහට හදලා තිබුණා.
ඒ නිසාම,
☕ ටී + 🍪 මාරි බිස්කට්
මෙක වෙන් කරන්න බැරි සම්බන්ධයක් වුණා.
🌍 ලෝකය පුරා පැතිරුණු මාරි බිස්කට්
බ්‍රිතාන්‍යය ඒ කාලෙ ලෝකයේ රටවල් ගොඩක් පාලනය කරපු නිසා,
මාරි බිස්කට් එකත් ඒ රටවල්වලට ගියා.
ඒ අතරින්:
ඉන්දියාව
ශ්‍රී ලංකාව
පාකිස්තානය
අප්‍රිකා රටවල්
ලතින් ඇමරිකා රටවල්
වගේ බොහෝ තැන්වල,
මාරි බිස්කට් එක දෛනික ආහාරයක් බවට පත්වුණා.
🇱🇰 ශ්‍රී ලංකාවට මාරි බිස්කට් ආපු හැටි
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණ කාලෙ,
මාරි බිස්කට් එකත් අපේ රටට හඳුන්වා දුන්නා.
අඩු මිලට ගන්න පුළුවන් වීම,
ළමයින්ටත්, වැඩිහිටියන්ටත් ගැළපීම,
ටී එක්ක ඉතා හොඳින් ගැළපීම —
මේ හේතු නිසා,
👉 මාරි බිස්කට්
👉 අපේ ගෙවල්වල අත්‍යවශ්‍ය බිස්කට් එකක් වුණා.
අදටත්,
උදේට ටී එකක්
සවසට ටී එකක්
පාසල් බෑග් එකේ
ගමන් බෑග් එකේ
මාරි බිස්කට් නැතුව කල්පනා කරන්නත් බැරි තරම්.
🕰️ අදටත් නොවෙනස්ව තියෙන ජනප්‍රියත්වය
අද ලෝකේ නව බිස්කට් වර්ග සිය ගණනක් තිබුණත්,
මාරි බිස්කට් එකේ ජනප්‍රියත්වය අඩුවෙලා නෑ.
ඒකට හේතු:
සරල රසය
සෞඛ්‍යයට බර නැති වීම
ටී එක්ක හොඳින් ගැළපීම
ළමයින්ටත්, වයසක අයටත් ගැළපීම
සරල දෙයක් වුණත්,
මාරි බිස්කට් එකට තියෙන්නේ ලෝක ඉතිහාසයක්.
01/03/2026
අද උදේ අපිට සුරක්ෂිතව ඇස් අරින්න ලැබුණාට; ලෝකයේ කොණක මිනිසුන් ජීවිතේ ගැන අවිනිශ්චිතව, බයෙන් ඉන්නවා.
Middle East ප්‍රදේශයේ පවතින යුධ අවදානමෙන් හැම කෙනෙක්ම ආරක්ෂා වේවා 🙏🏻
Peace over war.
Humanity over power.
Love over hate.
Pray for the Middle East 🕊️
Let peace win😇
ඔබ දැකල තියෙනවද වෙලඳපොලේදී කවුරුන් හෝ කෙනෙක් ලුණු මිලදී ගන්න යද්දී ඒවායේ රස බලල මිලදී ගන්නව ?
නෑ නේද ?
කෑමකට මිරිස් දැම්මොත් පාට පේනව,
කහ දැම්මොත් පාට පේනව සුවඳ දැනෙනව,
රම්පේ, කරපිංචා, එනසාල්, මොනව උනත් පේනව වගේම සුවඳ දැනෙනව.
ඒත් ලුණු දැම්මට පස්සෙ පාට වත් සුවඳවත් දැනෙන්නෙ නෑ..
ඒත් ලුණු නැතිව කන්න පුළුවන්ද ?
අද වෙද්දී ලුණු ගැන වෙළඳ දැන්වීම් අවශ්‍ය වෙන්නෙ නෑ...
ලුණු තමන්ගේ තැන හදාගෙන ඉවරයි.
ලුණු වලට තරඟයක් නෑ,
ඒ වගේම ඔබත් ලුණු වගේ වෙන්න,
අමුතුවෙන් ගුණ වයන්න අවශ්‍ය වෙන්නේ නෑ..
වර්ණනා අවශ්‍ය වෙන්නේ නෑ..
තරඟයක් අවශ්‍ය වෙන්නේ නෑ...
තමගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න,
සමාජයේ ඕනම කෙනෙක් ඔයාගෙ නම ඇහුවම " ආ එයාද, එහෙනම් අහන්න දෙයක් නෑ, වැඩේ සුපිරි " කියන තරමට,
ඔයාගේ ආයතනයේ නම කිවු සැනින්,
"ආ ඒ ආයතනයද , එහෙනම් සුපිරි , අහන්න දෙයක් නෑ "
කියන ගානට..
වැඩක් නොකර මවා පාන්න, ලෝකෙට කෑගහල කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ කරන දේ හරියට උපරිමයෙන්ම කලා නම්.
ඔබට ජය..
The Wax Museum – Ehelepola Walawwa brings Sri Lanka’s Kandyan heritage to life with lifelike wax figures and immersive exhibits.it’s a must-visit for cultural enthusiasts and travellers exploring Kandy.
22/02/2026
👑 රජෙකුගේ අවශ්‍යතාවයෙන් ඇරඹි ගමන
ස්ටේප්ලර් එකක මුල්ම සලකුණු හමුවෙන්නේ 18 වැනි සියවසේ ප්‍රංශයෙන්. එවකට ප්‍රංශය පාලනය කළ 15 වැනි ලුවී රජතුමා (King Louis XV) සඳහා මුල්ම ස්ටේප්ලර් යන්ත්‍රය නිපදවූ බව පැවසෙනවා. විශේෂත්වය තමයි, ඒ කාලේ තිබුණු සෑම ස්ටේප්ලර් කූරක්ම රන්වන් පැහැයෙන් යුක්ත වූ අතර ඒවායේ රජතුමාගේ රාජකීය මුද්‍රාව සටහන් කර තිබීමයි.
⚙️ නූතන ස්ටේප්ලර් එකේ පියා
අද අප දකින ස්ටේප්ලර් එකට සමාන තාක්ෂණයක් මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ ජෝර්ජ් මැක්ගිල් (George McGill) නම් ඇමරිකානු ජාතිකයායි.
1866 දී: ඔහු මුලින්ම කඩදාසි එකට තබා ගැසිය හැකි කුඩා ලෝහමය පටියක් (Fastener) සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා.
1867 දී: එම පටිය කඩදාසි තුළට යැවිය හැකි යන්ත්‍රය ඔහු නිර්මාණය කළා.
නමුත් එකල තිබුණු යන්ත්‍රවල තිබුණු ලොකුම අවාසිය තමයි, එක වරකට ඇතුළත් කළ හැක්කේ එක ස්ටේප්ලර් කූරක් පමණක් වීම. එකක් ගැසූ පසු නැවතත් අලුත් කූරක් පිරවිය යුතු වුණා.
🚀 විප්ලවීය වෙනස - ස්විංග්ලයින් (Swingline)
අද අපි ස්ටේප්ලර් එකක් උඩින් ඇරලා ලෙහෙසියෙන් කූරු පෙළක්ම (Staple Strip) ඇතුළත් කරන ක්‍රමය සොයාගත්තේ 1937 දී ජැක් ලින්ස්කි (Jack Linsky) විසිනුයි. ඔහු නිර්මාණය කළ Swingline Speed Stapler #3 යන්ත්‍රය ලෝකය පුරා අතිශයින්ම ජනප්‍රිය වුණා.
💡 ඔබ දන්නවාද? - රසවත් තොරතුරු කිහිපයක්
Hotchkiss: ජපානය වැනි රටවල ස්ටේප්ලර් එකට අදටත් කියන්නේ "හොච්කිස්" (Hotchkiss) කියලා. ඒකට හේතුව මුල් කාලයේ එහි ජනප්‍රියම සන්නාමය වූයේ E.H. Hotchkiss සමාගම වීමයි.
ඇණ ගැසීමටත් පෙර: ස්ටේප්ලර් එක සොයා ගැනීමට පෙර මිනිසුන් ලියකියවිලි එකතු කළේ ඉටි (Wax), නූල් හෝ පින් (Pins) භාවිතයෙන්.
වර්ග 2 ක පහසුකම: බොහෝ ස්ටේප්ලර් යන්ත්‍රවල යට තහඩුව (Anvil) කැරකැවිය හැකියි. එමඟින් කූරේ අග ඇතුළට හෝ පිටතට නැමෙන සේ සකස් කරගත හැකියි. (පිටතට නැමීමෙන් කූර ගැලවීම පහසු වේ).
ඔබත් දිනපතා පාවිච්චි කරන මේ පුංචි උපකරණය පිටුපස මෙච්චර ලොකු ඉතිහාසයක් තිබුණා කියලා මීට කලින් දැනගෙන හිටියද? 🧐
⭕ ලොව පුරා මිලියන ගණනකගේ දෙනෙත් කඳුලින් තෙත් කල " #පන්ච්" 🐵🥺💔
එයා ඉපදුනේ පහුගිය අවුරුද්දේ ජූලී මාසේ ජපන් සත්වෝද්‍යානයක...🐵❤️
උපන් සැනින් එයාගේ අම්මා මේ බූල් බෝල අංගුස්ටස්ව හදා වඩා ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබුනා..😔💔
සත්වෝද්‍යානයේ සේවක මන්ඩලය එතැනින් පස්සේ එයාව ජීවත් කරවනවා...
ඔවුන් රතු දුඹුරු පැහැ මෘදු සෙල්ලම් බඩුවක් වූ ඔරන් උටෑන් කෙනෙක් පන්ච් සමග රඳවනවා...🙏🐵❤️
එයා පුංචි කිරි දරු පැටියෙක් අම්මගෙන් ලබන සියල්ල තමුන්ටත් මේ අජීවී පුලුන් පිරවූ රෙදි කැබැල්ලෙන් ලැබෙනු ඇතැයි සිතන්නට ඇති...
පන්ච්ට මාස හයක් ගතවූ විට සත්වෝද්‍යානයේ සේවකයින් ඔහුව අනිකුත් වඳුරන් තබා ඇති කූඩුවට මුදා හරිනවා...🥺
ඔහුට තනි රැක්කා හැර පුලුන් පිරවූ දුඹුරු පැහැ රෙදි කැබැල්ල ඔහුට ගෝත්‍ර සිරිත් කිසිවක් කියා දී තිබුනේ නෑ...
ඒ සියල්ල එකවර ග්‍රහණය කරගනිමින් අලුත් රංචුව සමග මුහුවීම පන්ච්ව ආතතියට පත් කරනවා...🥺😔
රැළේ පිරිමි සතුන් මේ කුඩා දරුවාට දුෂ්ට ලෙස අඩට්තේට්ටම් කරනවා..💔
අනිකුත් සතුන් පවා ඔහුව තමුන්ගේ සනුහරේට වද්ද ගන්නේ නෑ...
පන්ච් වික්ෂිප්ත වෙනවා...🙁🥺😭
කඩා වැටෙනවා..
එවන් හැම නො තකාහැරීමකදී හෝ පලවාහැරීමකදිම අර පුලුන් පිරවූ රෙදි කෑල්ලේ උනුසුම ආරක්ෂාව පතා ඒ මත වෙළෙනවා , වැතිරෙනවා , තුරුල්වෙනවා...🥺🐒❤️
යන යන තැන මේ කෘත්‍රීම අම්මව අතින් ඇදගෙන අරන් යනවා...🥺😭😔
මේ වීඩියෝ දකින මිලියන ගණනක් මිනිස්සු කම්පාවට පත් වෙනවා..
අයිකියා සමූහය පන්ච් වෙත විශේෂ මෘදු සෙල්ලම් බඩු නිර්මාණය කර තෑගි කරනවා...
ඒත් පන්ව්ට ඕනේ ගැහෙන හදවතක ශබ්දය...
සැබෑ සජීවී සිරුරක උනුසුම් වැළඳගැනීම....
මේ බූල් බෝල අහිංසකයා ඒ මගහැරුමෙන් දැඩිව වේදනා විඳිනවා...😔
මේ දෙස බලා හිඳිනා සුවහසක් මිනිසුනුත් පන්ච් තරමටම වේදනාවට පත් වෙනවා..🥺
නමුත් සැනින් සියල්ල යහපත් වෙනවා..
ඒක් ගෑණු සත්වයෙක් පන්ච්ව තම තුරුල්ලට ගන්නවා...🙏🐒❤️
එයාගේ හමේ පරපෝෂින් සොයමින් පිරික්සන්න පටන් ගන්නවා...
වඳුරෝ උකුණෝ බලනවා කියන්නේ උකුණන් බැලීමකට එහා දෙයක්..
උඹ දැන් අපේ එකෙක් වගේ අදහසක් ඉන් කියවෙනවා...
සත්වෝද්‍යාන බළදාරීන් ඒ පිළිබඳව පවසා තිබුනේ එහෙම...
අන්තිමේ මේ බූල් බෝල අංගුට්ටාට ගැහෙන හදවතක හඬ ඇහෙනවා....🐒❤️
උනුසුම් සමකින් වැළඳගැනීමක් ලැබෙනවා...❤️🐒🥰
ඇත්තටම "පන්ච්ලා " අපි අතරත් ඉන්න පුලුවන් !😔🥺
විමසිල්ලෙන් බලන්න... !🙏
සසරේ කවමදාකවත් කිසිම කෙනෙකුට, මෙහෙම තනිකමක් දැනෙන්න එපා... ! 🙏🥺😔💔
උපුටාගැනීම - කාංචනා වේවැල්පනාව
📸 Credit to the original owner
ස්තූතියි මේ වටිනා ඡායාරූපත්/තොරතුරුත් සඳහා ❤️
Crowd + Pathum's Inning 🫶🥹
The feeling of victory ❤️🔥
හඳ අල්ලන්න වට්ටියක් ගෙතූ තුම්පනේ ඇත්තෝ
අතීතයේ දවසක තුම්පනේ ගම්මානයේ පිරිසක් රෑ කාලයේ එකතු වෙලා කතාබහ කරමින් හිටියා. එදා පුන් පෝය දවසක්. අහසේ රවුමට පායලා තිබුණු හඳ දැකපු ගමේ නායකයාට අපූරු අදහසක් ආවා.
"බලපල්ලා... ඔය හඳ අහසේ තියෙනවාට වඩා අපේ ගමේ පන්සලේ තියාගත්තොත් කොච්චර ලස්සනද? රෑට ලයිට් ඕනෙත් නෑනේ!" නායකයා කිව්වා.
ගමේ අනිත් පිරිසටත් මේක මාර වැඩක් විදිහට පෙනුණා. හැබැයි ඉතින් අහසේ තියෙන හඳ බිමට ගන්නේ කොහොමද? ඔවුන්ට තිබුණේ පුදුම 'මොළයක්'.
මෙහෙයුම: හඳ අල්ලමු!
නායකයාගේ උපදෙස් මත ගමේ හැමෝම පන් එකතු කරන්න ගත්තා. ඔවුන් තීරණය කළා අහසට උසට ලොකු "වට්ටියක්" (පන් වලින් වියන ලද බඳුනක්) ගොතන්න. ඒ වට්ටිය ඇතුළට හඳ වැටුණාම හඳ අල්ලගන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා.
දවස් ගණන් මහන්සි වෙලා, ගමේ හැමෝම එකතු වෙලා අඩි සිය ගණනක් උස, මාරම විශාල වට්ටියක් ගෙතුවා. දැන් තියෙන්නේ හඳ අල්ලන එක.
අන්තිමට වුණේ මොකක්ද?
හඳ පෑයූ දවසක, ගමේ කන්දක් උඩට මේ වට්ටිය අරන් ගිය පිරිස, හඳ අහසට එනකම් බලාගෙන හිටියා. එක වෙලාවක හඳ හරියටම වටියට උඩින් පායලා තියෙනවා දැකපු නායකයා කෑ ගැහුවා:
"ඔන්න හඳ වැටුණා! ඉක්මනට වට්ටිය වහපල්ලා!"
ඔවුන් වට්ටිය වහලා, හරිම පරෙස්සමින් ඒක පන්සලට උස්සගෙන ආවා. ගමේ හැමෝටම ආරාධනා කළා හඳ බලන්න එන්න කියලා.
"දැන් හඳ එළිය එළියට ඒවි" කියලා හිතලා වට්ටිය ඇරලා බැලුවාම... හඳ තවමත් අහසේ! වටිය ඇතුළේ තියෙන්නේ කරුවල විතරයි.
ඇයි තුම්පනේ අයට මෙහෙම කියන්නේ?
ඇත්තටම මේවා ජනප්‍රවාද මිසක් සැබෑ සිදුවීම් නෙවෙයි. මේ කතාවලින් කියවෙන්නේ තුම්පනේ මිනිසුන්ගේ අහිංසකකම. ඔවුන් කොච්චර සරලද කියනවා නම්, සොබාදහමේ ආශ්චර්යයන් තමන් සතු කරගන්න තරම් ඔවුන්ගේ සිතිවිලි අවිහිංසක වුණා.
ॐ𓉸𓆘𝚿🪘🤲🧘♀️✨🕉️📿
"ලෝක ගුවන්විදුලි දිනය" අදයි.
ගුවන් විදුලියේ ගමන් මග📻
ගුවන් විදුලි මාධ්‍ය මෙලොව බිහිවී අද වනවිට වසර දහසක් ඉක්මවා ගොසිනි. මිනිසා හා ජනමාධ්‍ය අතර වඩාත් සමීප බවක් ඇතිවූයේ ශබ්ද මාධ්‍ය හෙවත් ගුවන් විදුලිය බිහිවී එය ප්‍රචලිත වීමත් සමගය.
ගුවන් විදුලිය හැදින්වීම සදහා වර්තමානයේ රේඩියෝ(Radio) යන්න භාවිතා කලද මුල් යුගයේ එය හැඳින්වූයේ වයර්ලස්(Wireles) යන නමිනි. වයර්ලස් නැතිනම් රේඩියෝව බිහිවීම ලොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති වීමට හේතුවූවා යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.
අද අපට නිවෙස්වල ඇති ගුවන් විදුලි යන්ත්‍රය ලගට ගොස් ස්විචයක් ක්‍රියාත්මක කරවූ සැනින් මෙම මාධ්‍ය පරිහරණය කිරීමට හැකිවුවද එහි මූලික පරියේෂණ සිදුකරමින් අද පවතින තත්වයට ගෙන ඒමට ඇප කැප වූවෝ රාශියක් සිටිති.
1844දී සැමුවෙල් එෆ්.බී. මෝර්ස් විසින් සොයාගන්නා ලද ටෙලිග්‍රාප් පණිවිඩ යැවීමේ ක්‍රමය ගුවන් විදුලිය ආරම්භයට මූලික පදනම වූ බව කිව හැක. එසේම 17 වන සියවසේ විසූ බව සැලකෙන ලන්දේසි ජාතික විද්‍යාඥයකු වන හියුජන්ස්(Hugens) නැමැත්තෙකු විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද එක්තරා න්‍යායක් අනුව ආලෝක තරංග මාලාවක් ආකාශයට යැවීමත් සමග එක් තැනක සිට තවත් තැනකට පණිවිඩයක් යැවිය හැකි බව සොයා ගන්නා ලදි. මෙම සොයා ගැනීමට අනුව මයිකල් ෆැරඩේ නැමැත්තෙකු විසින් විද්‍යුත් චුම්බක ශක්තිය පිළිබඳ අත්හදා බැලීම් සිදුකොට ඇත. ඉන්පසු ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල්(James Clerk Maxwell) 1873 වසරේදී එම න්‍යාය ගණිතමය සිද්ධාන්තයක් බවට පත් කරමින් අදෘශ්‍යමාන විද්‍යුත් චුම්බක තරංග මගින් ප්‍රයෝජන ගත හැකි බවත් ඒවා එවකට හදුනාගෙන තිබූ ආලෝක තරංගයන්ගෙන් වෙනස්වන බවත් සොයා ගන්නා ලදි. එසේම චුම්බක තරංග හා ආලෝක තරංග අතර වෙනස වේගය අනුව පවතින්නක් බවද අවබෝධ කරගත්තේය.
මැක්ස්වෙල්ගේ න්‍යාය 1888 වසරේදී ජර්මානු ජාතික විද්‍යාඥ හයින්රිච් හර්ට්ස්(heinich Hertz) විසින් ප්‍රායෝගිකව ඔප්පුකොට දැක්වීමට සමත්විය. ඒ අනුව ඔහු චුම්බක තරංග නිෂ්පාදනය කොට ඒවායේ තරංග ආයාමයන් මනිනු ලැබීය. හර්ට්ස්ගේ මේ සොයා ගැන්වීම සිහිගැන්වීම සදහා තරංග සංඛ්‍යාතය ප්‍රකාශ කිරීම සදහා හර්ට්ස්(HZ) යන්න භාවිතා කෙරේ. 1897 වසරේදී විලියම් කෲක්ස්(William Crooks) නැමැත්තා විද්‍යුත් චුම්බක තරංගයන්ගේ සංඥා යැවිය හැකි බව පෙන්වා දෙන ලද බව වාර්තා වේ. ඉන් අනතුරුව එඩුවාඩි බ්‍රැන්ලි(Eduard Branly) නම්, ප්‍රංශ ජාතික විද්‍යාඥයා කල පරියේක්ෂණයක් අනුව ලෝහ කුඩු දැමූ වීදුරු නළයක දෙපැත්තෙන් විද්‍යුත් ධාරාවක් යොමුකළ විට එම ලෝහ කුඩු එකට එකතුවන බව සොයා ගත්තේය.
ඔලිවර් ලෝප්(Oliver Lodge) 1884 දී හර්ට්ස් සහ එඩුවාඩි බ්‍රැන්ලි දෙදෙනාගේ පරියේෂණ ගුරු කොට ගනිමින් නිර්මාණ කරන ලද එක්තරා විද්‍යා උපකරණ මගින් පැහැදිලි වූයේ යැවූ තරංග යළිත් ග්‍රහණය කරගත හැකි බවයි. ඒ අනුව කිසියම් සංඥාවක් එක් තැනකින් තවත් තැනකට යැවූ විට තෙවනුව කී තැනදී එය ග්‍රහණය කරගත හැකි බව සොයා ගත්තේය. ඒ අනුව ස්ටොනොවිච් පොපොප් විසින් යවන ලද සංඥාවක් ග්‍රහණය කරගත හැකි ඒරියල් ක්‍රමයක් සොයාගන්නා ලදී.
ඉහත පරියේෂණ ශබ්ද මාධ්‍යය ගුවන් විදුලි තරංග බවට පත් කිරීමට හැකි ක්‍රම පිළිබඳව කරන ලද පරියේෂණ වන අතර ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි නැමැත්තාටය(Guglielmo Marconi) මොහු මෝර්ස් විසින් හදුන්වාදුන් වයර් යොදා ගැනුණු ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉක්මවා යමින් වයර් රහිතව උත්පාදනය කල රේඩියෝ තරංග ඔස්සේ සංඥා යැවිය හැකි ක්‍රමයක් පිළිබඳ අත්හදා බැලීම් කරන ලදී. මාකෝනිගේ මෙම අත්හදා බැලීම් සදහා ඔහුගේ සහයකයා වූ ඉතාලි ජාතික මහාචාර්‍යවරයකු වූ රිගී(Rigie) නැමැත්තාගෙන් අනගි සහයක් ලැබුනි. මාර්කෝනි සිය දෙමාපියන්ට අයත්වූ වතු යායක කළ මේ අත්හදා බැලීම සාර්ථක වූයෙන් ඩොමී ඇන්ඩ් ඩෑෂ් හෙවත් තිත් සහ ඉරි මාර්ගයෙන් සන්නිවේදන කටයුතු සිදුවන වයර රහිත ටෙලිග්‍රාෆ් ක්‍රමය ඉතාලි රජයට හදුන්වා දීමට හැකිවිය.
එහෙත් ඉතාලි රජය මේ පිළිබඳව එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූයෙන් සිය අත්හදා බැලීම් 1896දී එංගලන්තයට හදුන්වා දෙන ලදී. නමුත් වාණිජත්වයට බරවූ වෙළදුන්ගෙන් තම පරියේෂණ මුදා ගැනීම සදහා නිර්මාණ අයිතිය ලබා ගැනීමට වූයෙන් ලන්ඩන්හි මහ තැපැල් කාර්‍යාලයේ ප්‍රධාන ඉංජිනේරුවා වූ සර් විලියම් ප්‍රිස්ට(Sir William Preece) තම පරියේෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මාර්කෝනිට සිදුවිය.
කෙසේවුවද 1890-1896 අතර කාලය තුල මාර්කෝනි විසින් ශබ්දය විද්‍යුත් චුම්බකත්වයට හරවා අඩි 30ක් දක්වා දුරක් යැවීමට සමත්විය. ඉන්පසු එය අඩි 300 දක්වා දීර්ඝ කිරීමට හැකිවූ අතර ඉතාම කෙටි කාලයකින් සැතපුම් 2ක් පමණ දුරක් යැවීමට සමත් විය. මේ අනුව ඉංග්‍රීසි ඕඩය හරහා ගුවන් විදුලි සංඥා යැවීමට ඔහුට හැකියාව ලැබුනි.
1897 ජුලි මස 20 වන දින මාර්කෝනිගේ ජීවිතයේ ඉතාම වැදගත් සංධිස්ථානයක් විය. එදින ඔහු වයර්ලස් සිග්නලින් කොම්පැනි නමින් සමාගමක් පිහිටුවා ගත්තේය. පසුව එය Marconi’s Wireless Telegraph Company Ltd නමින් හදුන්වනු ලැබීය. වයර්ලස් උපකරණ නිෂ්පාදන කටයුතු මෙන්ම ජනතාව වයර්ලස් ටෙලිගාෆ් සේවාවක් සැපයීම පූර්වෝක්ත සමාගම විසින් සිදු කරන ලදි.
1988දී ඔහු කුඩා ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන ලදි. එනම් අයිල් ඔෆ් වයිට් හි අලම් බේ හි සහ බර්නමත්හිදීය. මාර්කෝනි විසින් නිපදවූ උපකරණ භාවිතා කොට සරුංගලයක් මත සවිකරන ලද ඒරියලයක් මගින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේ ක්‍රමය 1901දී සොයා ගන්නා ලදී. පොල්ඩු නැමැති ස්ථානයේ සිට නිව් සවුන්ඩ්ලන්ඩ් නැමැති ස්ථානයට මෙසේ පණිවුඩ යැවීම කරන ලදී. මෙම ක්‍රමය Point to Point Signalling යනුවෙන් හැඳින්වේ.
මාර්කෝනි ගුවන් විදුලි තාක්ෂණය සොයාගත් සේම එය ලොව පුරා ව්‍යාප්ත කිරීමටද වෙහෙසුනු පුද්ගලයෙකි. ඒ අනුව මාර්කෝනි සමාගමේ ශාඛාවක් ඇමරිකා එක්සත් ජනපදයේද පිහිටුවීය. එය ඇමරිකන් මාර්කෝනි ලෙස නම් කරන ලදි. වර්ෂ 1899 පිහිටවූ මෙම ශාඛාව 1913 වන විට එහි වයර්ලස් සන්නිවේදනයේ ඒකාධිකාරීත්වයක් ගොඩනගා ගැනීමට පවා සමත් විය.
මාර්කෝනිගේ මෙම අපූර්වතම මාධ්‍යය ඉතාමත් ප්‍රයෝජනවත් සහ වැඩිපුරම භාවිතා වූයේ නාවික කටයුතු සදහාය. 1899 වසරේදී ඊස්ට් ගොඩ්වින් නැව ආර්.එෆ්.මැකිවුස් නැවේ හැපීමෙන් විනාශ විය. ඒ අවස්ථාවේ නැවේ සිටි පිරිසගේ දිවි ගලවා ගතහැකි වූයේ මාර්කෝනි උපකරණ භාවිත කරමින් අදාල අංශ වෙත ඒ පිළිබඳ දැන්වීමට හැකිවූ නිසාය. එසේම 1912දී අත්ලන්තික් සයුරේ ගමන් කරමින් තිබූ ටයිටැනික් මගී නෞකාව සයුරේ පාවී ආ අයිස් කුට්ටියක හැපී ගිලී යන්නට වූ අවස්ථාවේදීද විශාල පිරිසකගේ දිවි ගලවා ගැනීමට හැකිවූයේ ගුවන් විදුලි සංඥා උපකාරයෙනි.
19 වන සියවසේ මුල් අවධියේ ජනතාවගේ අවධානයට යොමුවූ මේ නව මාධ්‍යය ලොව විශාල ලෙස ප්‍රචලිත වීමට එක් හේතුවක් වූයේ පලමුවන ලෝක සංග්‍රාමයයි. යුද්ධයේදී රහස් සංඥා ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීමට ගුවන් විදුලි තරංග ඉතාම උචිත මාධ්‍යයක් විය. මේ නිසා එවකට පැවති බලවත් රටවල විශේෂ අවධානයක් මේ අපූර්ව වූ නව මාධ්‍යය කෙරෙහි යොමුවිය. මේ මාධ්‍යයේ දියුණුවට අවශ්‍ය නව උපකරණ නිෂ්පාදනය වැනි කටයුතු ඉතා සාර්ථකව හා සීග්‍රයෙන් සිදුවූ නිසා මෙම මාධ්‍යය ලෝකයේ විශාල ලෙස පැතිරී ව්‍යාප්ත වන්නට විය
1920 පමණ වන ව්ට ගුවන් විදුලිය එවකට පැවති අනෙකුත් සියලුම බහුජන මාධ්‍ය සියල්ලම අභිබවා ප්‍රබල ලෙස දියුණු විය
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy