25/06/2021
රෝම ඉතිහාසයෙන් බිදක්,
ක්‍රි.පූ පළමු සියවසේ රෝම ජනරජය...
මේරියස් සහ සුල්ලා රෝම ජනරජය විනාශ කිරීමට සහය දුන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම යුද විරුවන්. එහෙත් දෙදෙනා අතර විශාල වෙනසක් තිබුනා. ඒ තමයි පන්ති බේදය. මේරියස් පහල සමාජ මට්ටමකින් පැවතෙන කෙනෙක්. ඔහු දක්ෂ සෙබලෙකු වූවත් ක්‍රමානුකූල අද්‍යපනයක් නොලැබූ අයෙක්. එත්, රෝම ජනරජය වෙනුවෙන් ඉටුකර යුදමය මෙහෙවර නිසා මේරියස් රෝමයේ තෙවැනි ප්‍රාරමබකයා හැටියට තමයි හැදින්වුයේ. පුරාණ රෝමයේ නායකයා රජෙකු නොවේ. ඔහු හුදෙක් වසරක් පුරාවට රෝමය ආරක්ෂා කරන ජනතා සේවකයෙක්. මේරියස් ගේ රණශුරත්වය ඔහුට වසර 6 ක් පුරාවට රෝමයේ පාලකයා වීමට සලස්වනවා. මෙය සිදු වන්නේ ජනතාවගේ චන්දයෙන් . යුද පිටියේදී ඉතා දක්ෂයෙකු වුවත්, මේරියස් රාජ්‍ය පාලනයේදී නම් දක්ෂයෙක් නෙවෙයි. යුද්දය අවසන් වූ පසු තම ජනප්‍රියතාව පවත්වා ගෙන යන්නේ කෙසේද, රට පාලනය කරන්නේ කෙසේද යන්න මේරියස් ට විශාල ගැටළුවක් බවට පත්වී තිබුනා. තම නූගත් කම නිසා ම මේරියස් ට අවස්ථාවාදී, සාමාන්‍ය ජනතාවගේ සිත් දිනා ගත හැකි සැටුර්නිනස් සහ ග්ලවුකියස් වැනි කපටි කථිකයන් ලං කර ගැනීමට සිදුවුණා. මෙවැනි මිනිසුන් ඉතාමත් දරුණු බව ඒ සමාජයේ සැවොම දැන සිටි ප්‍රසිද්ද රහසක්. තම රාජ්‍ය පාලන නොහැකියාව වසන් කිරීමට මේ කපටි කථිකයන් මත යැපුණු මේරියස්, ඉතාමත් මෘග්ද, දරුණු දේශපාලනායක නියැලුනා. ජනතාවට ලැබිය යුතු ඉඩම්, තම පෞද්ගලික සේවකයින් අතර බෙදා දීම ඉන් විශේෂයි. තම හිතවතුන් ට විශේෂ සැලකීමක් දක්වපු නිසා රෝම දේශපාලනය ඉතා ඉක්මනින් පක්ෂ දේශපාලනයක් බවට පත් උනා. මෙරියස්ගේ පාලනයට විරුද්දව නැගී සිටියේ සුල්ලා. මොවුන්ගේ මේ පක්ෂ අරගලය රෝම ජනරජය ලේ විලක් බවට පත් කළා.
පුරාණ රෝම ඉතිහාසය හැදෑරීමේදී අපට එක දෙයක් නම් පැහැදිලිව දැක ගන්න පුළුවන්. එනම් බොහෝ නායකයින්ට තම හැකියාව හා නොහැකියාව පිළිබද හරි අවබෝදයක් නොමැති බව.
Sources: Muckerji's A study of Roman History, pg 98,99,100