Kappetipola Vidyalaya Kandy

Kappetipola Vidyalaya Kandy “ නැණ ගුණ පිරි නිපුණ දරුවන් ”

🌻🌻🌻"නිදහසේ හුස්මක්"🌻🌻🌻

1842 දී ආරම්භ කරන ලද අතර බැප්ටිස් මිෂනරි විද්‍යාලය යනුවෙන් නම්කර තිබුණි.1960 වර්ෂයේදී මෙම පාසල රජයට පවරාගනු ලැබුණි.
1975 වර්ෂයේදී කැප්පෙටිපොල විදුහල නමින් නම්කර ඇත.මහනුවර දිස්ත්‍රික්කයේ කඩවත් සතර ගගවට කොරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හි මහනුවර නගරය මධ්‍යයේ පිහිටා ඇත. අංක 257 මල්වත්ත ග්‍රාමසේවා වසමට අයත්ය.

ආරම්භක විදුහල්පති - නම අපහැදිලිය.පාසල ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරුන් - 4 දෙනෙකු සේවය කර

ඇත.2 ශ්‍රේණියේ මිශ්‍ර පාසලකි.
පළමු ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ.
වර් ර්ථමාන (2023) විදුහල්පතිනිය වශයෙන් H.J.A. නිල්මිණි මහත්මිය කටයුතු කරන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 64(2023) වේ. මෙම පාසලේ පහසුකම් හා සේවා අය කර ගැනීමක් සිදු නොවන බැවින් බොහෝ අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ ප්‍රජා සබදතා යහපත්ව ගොඩනගාගෙනය.තවද නගරයේ වෙසෙන අඩු ආදායම්ලාභී සුළු රැකියාවල නිරතවන දෙමාපියන්ගේ දරුවන් අප පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සක්‍රීයව සහභාගි වන අතර වර්තමානයේ විදි දරුවන් (2023) පාසලේ නොමැත.

දැනුම මතම පදනම් නොවූ කුසලතා පිරිපුන් දරුවකු දායාද කිරීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙන භෞතික සහ මානව සම්පත් කාර්‍යක්ෂමව යොදාගනිමින් ජාතික සංවර්ධනයට දායකවන, දේශප්‍රේමී, කාර්යක්ෂම, ව්‍යවසායකයකු හෝ ව්‍යවසායකත්ව මනසකින් යුත් පුරවැසියකු බිහිකිරීම මෙන්ම ප්‍රීතිමත් පවුලක සාමාජිකයකු රටට දායාද කිරීමේ පරමාර්ථයෙන් නව විෂයමාලාව මෙම පාසලේ දරුවන්ට හදුන්වා දීමට 2022 වර්ෂයේ සිට සිහින දකිමින් සිටී.

සන්ධරා 26'...අසන ඔබදකින ඔබවිය යුතු ඔබප්‍රථම වර...සන්ධරා 26'.....🇱🇰🌞🌝🔥🎖️️🏆️🤾️🏃සිසු සංඛ්‍යාව සීමිත වූ මහ/කැප්පෙටිපොළ විදුහ...
23/04/2026

සන්ධරා 26'...
අසන ඔබ
දකින ඔබ
විය යුතු ඔබ
ප්‍රථම වර...
සන්ධරා 26'.....🇱🇰🌞🌝🔥🎖️️🏆️🤾️🏃

සිසු සංඛ්‍යාව සීමිත වූ මහ/කැප්පෙටිපොළ විදුහල සේම එලෙස ම නගරය තුළ ඇති සහෝදර පාසල් ත්‍රිත්වයක් සමග දැවැන්ත අභියෝගාත්මක වූ නමුදු එකමුතුව සංවිධානය කරන ලද සන්ධාරා 26' නිවාසාන්තර ක්‍රිඩා උළෙල මිත්‍රත්වය , සහයෝගිතාවය හා සංහිදියාව විහිදුවන අවස්ථාවක් වූ අතර ක්‍රීඩාවේ වටිනාකම දරුවන්ට ප්‍රායෝගික ව අවබෝධ කර ගැනීමට ලැබුණු මහගු වටිනාකමකින් යුතු නවමු අත්දැකීමක් විය. ශාරිරික සෞඛ්‍ය හා මනසික සෞඛ්‍ය වර්ධනය වී කණ්ඩායම් හැගීම,විනය නායකත්වය සහ ජය පරාජය සමානව භාර ගැනීමේ ජීවිත කුසලතා වර්ධනයට ද ආත්ම අභිමානය ඇති කරන්නටද මෙය පාසල් ත්‍රිත්වයේ දරුවන්ට අවස්ථවක් වූවා නොවනුමානය.කැප්පෙටිපොළ , රාසින්දෙව්,තක්ෂිලා දරුවන් නොවුණු සන්ධාරා 26' චන්ද්‍ර,සූර්යය,අග්නි ලෙසින් නිවාස තුනක සිට ක්‍රීඩාවේ තරග වැදුනේ එක් සහෝදර කැළක් මෙන් වීම විශේෂිත වූවා පමණක් නොව පාසල් ත්‍රිත්වයේ ඇදුරු මඩුල්ල ඇතුලු කාර්යය මණ්ඩලයේ සැමදෙනාගේ එකමුතුකම දරුවන් ගේ ලෝකයට ගෙන ආවේ සතුට විනෝදය පමණක් නොව යහ ආකල්පමය වටිනාකමකි.
මෙම ක්‍රීඩා උළෙල පිළිවෙල සහගතව සාර්ථකව අවසන් කර ගැනීමට හැකිවීම පිටුපස අප සමග සිටිමින් අපට සහාය අනුග්‍රහය ආශිර්වාදය ලබාදුන් බොහෝ ආයතන ප්‍රධානින් ,ආරක්ෂක ප්‍රධානින්,ව්‍යාපාරික ප්‍රජාව ,අමතකම කළ නොහැකිය.මේ පිළිබද දැනුවත් කිරීමේ සිට අපගේ ආරාධනය පිළිගෙන ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය (චමරි අන්දරගේ මැතිනිය) අවසානය දක්වා අප සමග සිටීම දරුවන්ට අභිමානයක් මෙන්ම අපටද ශක්තියක් විය.
මෙවන් පාසල් වල දරුවන්ගේ හැකියාවට ,ජවයට කුසලතාවයට ඉඩක් අවස්ථාවක් මෙලෙස හෝ ලබාදීමට ගත් උත්සාහයට සහාය දැක්වූ උදව් වූ සැමට ආරාධන ලැබ පැමිණි සියලූම නිලධාරි සැමට ,මෙන්ම මා සමග අත්වැල් බැදගත් සහෝදර පාසල් වල විදුහල්පතිතුමියන් හා විදුහල්පතිතුමන් සැමටද අධ්‍යයන කාර්ය මණ්ඩල සැමටද අනධ්‍යයන කාර්‍යමණ්ඩලයේ සැමටද සමස්ථ දෙමාපිය ආදි ශිෂ්‍ය , ප්‍රජා සමූහයට ද සහායට පැමිණි සහෝදර අවට පාසල් දරුවන්ට ද ස්තුතිය හා ප්‍රණාමය...🙏🙏💐
සියල්ල දැයේ දරුවන්ගේ අනාගත ලෝකයට ආලෝකයක් වේවා.!!2026/03/20.

12/02/2026අ.පො.ස සා/පෙළ විභාගය සදහා මුහුණ දීමට නියමිත දුවා දරුවන්හට තුණුරුවනේ ආශිර්වාදය කැප්පෙටිපොල විදු බිමේදී ....🙏
23/04/2026

12/02/2026
අ.පො.ස සා/පෙළ විභාගය සදහා මුහුණ දීමට නියමිත දුවා දරුවන්හට තුණුරුවනේ ආශිර්වාදය කැප්පෙටිපොල විදු බිමේදී ....🙏

2026.02.10අධ්‍යාපනයේ සම සාධරනත්වය දරුවන්ට... වෙනස් දෙයක් වෙනස්ම විදියට...දරුවන්ට අවස්ථාව...පාසලක සිසු ඝනත්වය අඩුවීම මත ඔ...
22/04/2026

2026.02.10
අධ්‍යාපනයේ සම සාධරනත්වය දරුවන්ට... වෙනස් දෙයක් වෙනස්ම විදියට...දරුවන්ට අවස්ථාව...
පාසලක සිසු ඝනත්වය අඩුවීම මත ඔවුනට පාසල් දිවිය තුළ ලැබිය යුතු අවස්ථවන් නො ලැබීයා නම් එය දරුවාගේ පැත්තෙන් වන අහිමිවීමකි.අසාධරණයකි.
එවන් දෙයක් සිදු නොවිය යුතු යන්න හැගුණු නිසාවෙන් අප සැම එකට අත්වැල් බැදගත්තෙමු. සහෝදර පාසල් තුනක එකතුවෙන් නිවාසාන්තර ක්‍රීඩා උලෙළක් කරන්නට මෙසේ ඇරඹුමක් ගත්තෙමු.සංහිදියාව,සහෝදරත්වය,සාමූහික බව දරුවන් තුළට පළමුව ගෙන ආ යුතුය.එසේවූ කළ ඔවුන් තුළ ඇතිවන බැදීම ශක්තිමත්.ගැටුම් ඇතිවීමේ අවස්ථා අඩුවේ.
"සංධාරා"එකමුතු ක්‍රීඩා උළෙ ලේ දිශාභිමුක නියමු වැඩසටහන 2026/2/09 දින පවත්වන්නට වීමු.සහාය දැක්වූ සැමට ප්‍රණාමය. කැප්පෙටිපොළ ,රාසින්දෙව්,
තක්ෂිලා හා ධර්මාශෝක විදු දරුවන් සමගින් කරන සංධාරා එකමුතු ක්‍රීඩා උළෙල සාර්ථක කර ගන්නට සැමගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙමු.

කැප්පෙටිපොළ විදු දරුවන් 78 වන නිදහස් සැමරුම සිහි ගැන්   වුඅයුරු....2026/02/03
22/04/2026

කැප්පෙටිපොළ විදු දරුවන්
78 වන නිදහස් සැමරුම සිහි ගැන් වුඅයුරු....2026/02/03

20/10/2025 ඉදිරිපත් වීමම ජයග්‍රහණයක් බව පසක් කරමින්    කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ පැවැති   2025 සමස්ත ලංකා සංගීත තර...
24/11/2025

20/10/2025
ඉදිරිපත් වීමම ජයග්‍රහණයක් බව පසක් කරමින් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ පැවැති 2025 සමස්ත ලංකා සංගීත තරගාවලිය සදහා අපේ පාසලේ දියණියගේ සහභාගීත්වය ....
මේ වෙනුවෙන් ඇප කැපවූ පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති දර්ශන කරුණතිලක මහතාට හා සංගීත ආචාරිනි පාලමකුඹුර මහත්මියට විදුහල්පතිතුමිය ඇතුලු සමස්ත කැප්පෙටිපොල ප්‍රජාවේම සුභාසිංශන....

17/10/2025මහ/කැප්පෙටිපොල අප විදුහලේ වුෂු ක්‍රීඩාවේ ආරම්භය.....
30/10/2025

17/10/2025
මහ/කැප්පෙටිපොල අප විදුහලේ වුෂු ක්‍රීඩාවේ ආරම්භය.....

8/10/2025පාසලේ කාර්‍යාලයේ සහ පරිගණක කාමරයේ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින්....
30/10/2025

8/10/2025
පාසලේ කාර්‍යාලයේ සහ පරිගණක කාමරයේ යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින්....

7/10/2025අප පාසලේ ලෝක ගුරුදින සැමරුම....වන්දනීය වූ ගුරුමව්නි පියතුමනි ඔබ සැමට උපහාරයක්ම වේවා... 🙏🙏🙏
30/10/2025

7/10/2025
අප පාසලේ ලෝක ගුරුදින සැමරුම....
වන්දනීය වූ ගුරුමව්නි පියතුමනි ඔබ සැමට උපහාරයක්ම වේවා... 🙏🙏🙏

03/10/2025ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ පැවැති ළමා ආරක්ෂණ වැඩසටහනට අපේ දරුවන්ගේ දායකත්වය .....
30/10/2025

03/10/2025
ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ පැවැති ළමා ආරක්ෂණ වැඩසටහනට අපේ දරුවන්ගේ දායකත්වය .....

Address

Dalada Veediya
Kandy
22000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 14:30
Friday 07:30 - 13:30

Telephone

+94817221452

Alerts

Be the first to know and let us send you an email when Kappetipola Vidyalaya Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kappetipola Vidyalaya Kandy:

Share

Category