08/07/2023
ලෝකල් පර්චර්ස්.....
දයානන්ද මාමාට සහලවලා උණ
මහ ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මේ මහ රෑ
ආ වෙලාවේ ඉදල ඇටෙන්ඩන් මහත්තුරු මිසීලා දොස්තර මහත්තුරු කඩි වගේ වැඩ.
ඒත් අව්ලක්......
දෙන්න ඕනි බෙහෙත නෑලු....
local purchase කරන්න ඕනිලු..
දුන්න පෙතිවලට දාඩිය දාලා උණ බැස්සා. ආයෙත් වෙව්ලලා උණ ගන්නවා. එළිවෙනකල් නින්දක් නෑ. ඒ මදිවට ප්‍රෙෂර් එකත් අඩු වෙලාලු
ඒත්..
මෙහෙම වුනේ අද විතරක් නෙවෙයි. ඊයේ, පෙරේදා, ඊට කලින් දවසේ, ගිය සතියේ, ගිය මාසේ විතරක් නෙවෙයි, අවුරුදු ගාණක්ම....
ඒ මොකද ඒ...
ඉස්පිරිලේ අත්‍යාවශ්‍යය බෙහෙතක් නැති වුනාම ලග තියෙන ඉස්පිරිතාවලින් ගෙන්න ගන්නවා. ඒත් නැත්නම් මධ්‍යම ඖෂධ ගබඩාවෙන් ඉල්ලනවා. එතනත් නැති උනාම අදාල රෝහලට මිළදී ගන්න අවසර දෙනවා.
ඒත්..
හැම රෝහලක්ම වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම මත ඊළග අවුරුද්දට අදාල ඇස්තමේන්තු නූලටම හදනවා. ඒ ගිය අවුරුද්දේ දත්ත පදනම් කරගෙන. ඊළගට
වෛද්‍ය සැපයුම් අංශය ලංකාවටම අවශ්‍යය ප්‍රමාණ ගණනය කරනවා. ටෙන්ඩර් කරනවා.
මේ හැම පියවරකටම වෛද්‍යවරුන්, පරිපාලකයන්, ඖෂ්ධවේදීන් හා අනිකුත් කාර්‍යයමණ්ඩල මහත් වෙහෙසක් දරනවා.
හැම පියවරක්ම විගණනයට ලක් වෙනවා.
හ්ම්ම්ම්ම්ම්..
ඒක හරිම සරල වැඩක්. ගමේ කඩේට බඩු ගේනවා වගේ. ප්‍රමාණ විතරයි වෙනස්.
ඔය රට පුරාම තියන super market ජාලා වල හරි අපූරුවට කරන්නේ.
Computer වලින් තවත් කාර්‍යක්ෂම කරන්න පුළුවන්
ඒත් එහෙනම් කොහොමද මේ අත්‍යාවශ්‍යයම බෙහෙත් මග ඇරෙන්නේ..
මේක බඩ අල්ලන් හිනා වෙන්න තරම් විහිළුවක්
හැබැය් මාරාන්තික විහිළුවක්
දයානන්ද මාමාගේ ජීවිතය වුණත් නැති වෙන්න තිබුනා.
ඒ වගේම තමය් මිල
මිල...
global ටෙන්ඩරයකින් ගන්නවට වැඩිය දහ ගුනයක් වැඩියෙන් ගෙවන්න වෙනවා.
Merapenam කියන බෙහෙත global ටෙනඩරයකින් ගත්තොත් රුපියල් හයසියකට ගන්න පුළුවන්. ඒත් local purchase කරනකොට හය දාහකටත් වැඩි වෙනවා.
ඒවගේම කාලය..
සෞඛ්‍යය සහායකයගේ සිට ඉහලම පරිපාලකයා දකවා එකම දෙයකට දෙසරයක් කාලය යොදවනවා.
ඒ වගේම දයානනද මාමාලා වගේ රස්තියාදු වෙන්න වෙන රෝගීන්ගේ කාලය. ඒ ගොල්ලන්ගෙන් රටට අහිමි වෙන ශ්‍රමය
ඉතින්
මේ වගේ අපේ ශ්‍රමය මුදල් නාස්ති කරලා මුළු පඩියම බදු විදිහට ගත්තත් වෙනස් වෙයිද?
ලෝකේ රටවල් ඔක්කොම නය දුන්නත් හැදෙයිද?
B The Change