15/12/2024
එක්තරා දිනක උදෑසන පුංචි පිරිමි ලමයෙක් ඉස්කෝලෙකට ගියා.
ගුරුතුමිය එදා කිව්වා...
"අද අපි චිත්‍රයක් අඳිනවා" කියලා.
පුංචි පිරිමි ලමයා හිතුවා...
"චිත්‍රයක් අඳිනවා, හරිම ශෝක්නේ
මං ආසම අඳින්න හැම වර්ගේම සිංහයෝ, කොටියෝ, කුකුල්ලු සහ හරක්, කෝච්චි, බෝට්ටු,
ඉතිං පුංචි පිරිමි ලමයා එයාගේ පාට පෙට්ටියත් අරන් චිත්‍ර පොතත් අරන් එයා ආස දේවල් අඳින්න පටන් ගත්තා.
නමුත්, එතකොටම ගුරුතුමිය කිව්වා...
"පොඩ්ඩක් ඉන්න, අපි දැන්ම අඳින්න පටන් ගන් නෑ" කියලා...
ඇය අනෙක් සියලුම ලමයි සුදානම් වෙනකම් බලන් හිටියා.
"දැන්" ගුරුතුමිය කිව්වා... "අපි අඳින්න යන්නේ මලක්" කියලා...
පුංචි පිරිමි ලමයා හිතුවා...
"කමක් නෑ මං මල් අඳින්නත් ආසයි... මං ආසම පාට රෝස පාට, තැඹිලි පාට, නිල් පාටින්"
නමුත් ගුරුතුමිය කිව්වා "ඉන්න"
"මං පෙන්නන්නම් කොහොමද මලක් අඳින්නේ කියලා"
ගුරුතුමිය මලක් ඇඳලා පෙන්නුවා රතු මලක් කොළ පාට කොළ තියෙන.
ඊටපස්සේ ලමුන්ට කිව්වා "මේ තියෙන්නේ මේ වගේ අඳින්න" කියලා...
පුංචි පිරිමි ලමයා ගුරුතුමියගේ මල දිහා බලලා, එයාගේ ලස්සන පාට පාට මල් දිහා බැලුවා, ඒවා ගුරුතුමියගේ මලට වඩා වෙනස් ලස්සනයි, එයා එයාගේ මල් වලට ගුරුතුමියගේ මලට වඩා ආස කලා,
නමුත් එයා ඒක කියන්න ගියේ නෑ. එයා චිත්‍ර පිටුවේ එයා මල් ඇඳපු පිටුව අනිත් පැත්තට පෙරලලා ගුරුතුමියගේ මල ඇන්ඳා රතු මල, කොළ පාට කොල තියෙන
තවත් දවසක...
ගුරුතුමිය කිව්වා "අද අපි ක්ලේ වලින් හැඩතල හදන්න යන්නේ" කියලා...
පුංචි පිරිමි ලමයා හරිම සතුටින්
"මං හරිම ආසයි ක්ලේ වලින් සර්පයෝ, අයිස් මිනිසෙක්, කෝච්ච්, ට්‍රක්, අලියෙක්, මීයෙක් හදන්න" කියලා හිතුවා...
ඔහු ක්ලේ ටික අරන් බෝල කරලා හදන්න පටන් ගත්තා...
නමුත් ගුරුතුමිය කිව්වා "ඉන්න"
"දැන්ම පටන් ගන්න එපා" කියලා ඇය අනෙක් ලමුන් සියලු දෙනාම ලෑස්ති වෙනකම් හිටියා.
"දැන්... අපි හදමු පිඟානක්"🍽
"පිඟානක්" පුංචි පිරිමි ලමයා හිතුවා " කමක් නෑ මට පුලුවන් හැම හැඩෙන්ම හැම සයිස් එකෙන්ම පිඟනක් හදන්න"
නමුත් ගුරුතුමිය කිව්වා "ඉන්න"
"මං පෙන්නන්නම් පිඟානක් හදන හැටි"
ගුරුතුමිය ටිකක් ලොකු ගැඹුරු පිඟානක් හදලා පෙන්නුවා.
"මේ තියෙන්නේ පිඟානක්, මේ විදියට හදන්න"
පුංචි පිරිමි ලමයා ගුරුතුමියගේ පිඟාන දිහා බලලා, එයාගේ පිඟාන දිහා බැලුවා. ගුරුතුමියගේ පිඟාන එයාගේ එකට වඩා ලොකුයි ගැඹුරුයි. ඒ වුනාට එයා ආස කලේ එයාගේ එකට ඒක ලස්සනයි.
නමුත්, එයා ඒක කියන්න ගියේ නෑ. එයාගේ පිඟාන කඩලා නැවතත් ලොකු ක්ලේ ගුලියක් හදලා එයා ගුරුතුමියගේ පිඟාන හැදුවා. ඒක ලොකු ගැඹුරු පිඟානක්.
කාලයක් යනකොට පුංචි පිරිමි ලමයා ඉතාම ඉක්මනට මේකට හුරුවුනා.
ඔහු ගුරුතුමිය කරනකම් බලාගෙන ඉන්න පුරුදු වුනා.
ගුරුතුමිය කරන දේ ඒ විදියටම කරන්න පුරුදු වුනා.
ඔහු තවදුරටත් ඔහුගේම සිතුවිලි වලින් ඔහුගේම නිර්මාණ කරන එක නැවැත්තුවා.
ඉන්පසුව මෙන්න මෙහෙම වුනා...
ඔවුන්ට සිද්ද වුනා වෙනත් නිවසකට වෙනත් පලාතකට යන්න...
පුංචි පිරිමි ලමයගේ ඉස්කෝලෙත් වෙනස් වුනා, අලුත් ඉස්කෝලෙකට යන්න වුනා...
අලුත් ඉස්කෝලේට ගියාම එදා දවසේ අලුත් ගුරුතුමිය කිව්වා...
"අද අපි චිත්‍රයක් අඳිනවා"
පුංචි පිරිමි ලමයා "හොඳයි" කියලා බලන් හිටියා....
ගුරුතුමිය පංතිය වටේ ඇවිදගෙන ගියා. තාම පුංචි පිරිමි ලමයා චිත්‍රය අඳින්න පටන් ගෙනවත් නෑ.
ගුරුතුමිය ඇහුවා "කෝ චිත්‍රය අඳින් නැද්ද...."
පුංචි පිරිමි ලමයා ඇහුවා "මොකක්ද අපි අඳින්නේ..."
ගුරුතුමිය කිව්වා "ඔයා කැමති ඕනම දෙයක්"
පුංචි පිරිමි ලමයා ඇහුවා " මොන පාටද..."
ගුරුතුමිය කිව්වා " ඔයා කැමති ඕනම පාටක්"
පුංචි පිරිමි ලමයා "රතුපාට මලක් ඇන්ඳා කොළ පාට කොල තියන"
පුංචි ලමයි කියන්නේ සුන්දර මනසක් තියෙන තමන්ගේම නිර්මාණශීලි ලෝකයක ජීවත් වෙන සොඳුරුම ළමයි. ඒකනේ අපේ ජීවිතයේ සුන්දරම කාලය ළමා කාලය කියන්නේ...
ඊටපස්සේ ඒ කාලය අපිට ආයේ කවදාවත් එන් නෑ. ගුරුවරු වුනත් දෙමව්පියෝ වැඩිහිටියෝ කවුරු වුනත් කුඩා ලමයින්ගේ ලමා කාලයේ එයාලගේ හැඟීම් වලට නිර්මාණශීලි අදහස් වලට ඉඩදෙන්න ඔවුන්ට ඔවුන්ම වෙන්න ඉඩදෙන්න.
ලමුන් ඉතාම ඉක්මනට බිඳෙන සුලුයි. වරක් ඔවුන් බිඳුනු පසු යළි යථා තත්ත්වයට පත් කළ නොහැක.
✍️ උපුටා ගැනීමකි
සියළුම ගෞරවය මුල් හිමිකරැ සතුයි 🤝