07/11/2022
"පුතා..පුතා උඹලට අද තේරෙන්නෙ නෑ අපි සැර කරන්නේ ඇයි කියලා...අද දෙකක් කෑවම අපි හතුරො වගේ පෙනේවි..පුලුවන් නම් අපිට බැන බැනත් යයි.කවදාම හරි දවසක අපි මේ කරන දේ වටින කාලෙක ආයෙත් අපිව හොයාන එද්දි, අපි නැති වෙන්නත් පුලුවන් පුතා...එදාට මේ උගන්වන පාඩම උඹලගෙ ඉස්සරහ අයටත් උගන්වපල්ලා..ඒ ගරුත්වය අපිට ලැබුණාම හොඳටම ඇති..."
ආදරණීය ගාමිණී සර්,
සර්ගෙ වචන දරුවොන්ට උගන්වන හැම වෙලාවකම ඝණ්ටා නාදයක් වගේ ඇහෙනවා.සර් දරුවො හික්මවපු විදිය අදටත් ඇස් අස්සෙ හිර වෙලා තියෙනවා.සර්ගෙ ගුටියෙ තද අදටත් අතට දැනෙනවා.ඒ ගුටිය දීලා ඒ ගැන සිය වතාවක් අපේ සර්ලා එක්ක කිය කිය දුක් වෙනවා අපි හොරෙන් අහලා තියෙනවා සර්.සර්ගෙ පාරකට අපි සර් එක්ක තරහා වෙලා නෑ.ඊගාව PT පීරියඩ් එකටත් කාපු ගුටිය අත ගගා ඇවිත් ෆුට් බෝලේ ඉල්ලනවා.සර්ගෙ හඬ සහිරාවෙ එක ගල් කැටයක් වත් නොදන්නා එකක් නෙවෙයි.සර්ට හිතකින් යන්න දෙන්න සහිරාවන් වන අපට බැහැ.සර් සහිරාවට සමු දුන් දා කී වදනකින් ඒ දුක අපි දරාගන්නම්,
"අපි හමුවෙනවා,වෙන් වෙනවා. මේක ලෝක ස්වභාවය පුතා. මතකයන්ගේ අපි හැමදාමත් ජීවත් වෙනවා. මට සතුටුයි. හොඳ මතක ගොන්නක් ඔයාලාට දීලා යන්න හැකි වුණාට"
සර්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලැබේවා සර්.අපේ ජීවිත සකස් කලාට සර්ට අනේක වාරයක් පිං.