Bright Horizons

Bright Horizons Embrace diversity & joy on our Special Needs Children's FB page. Uniqueness & Fostering support 4all

10/01/2026
28/10/2024

සුභ උපන් දිනයක් වේවා...!💐💐💐🎂🎂🎂

අද දින උපන්දිනය සමරන අප විශේෂ අවශ්‍යයතා සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන දක්ෂ ආදරණීය දගමල්ල කවිශ්ක පුතාට සුභම සුභ උපන්දිනක් වේවා...! ❤️
Happy Birthday Wishes

28/10/2024

දකුණු පළාත් විශේෂ අවශ්‍යයතා සහිත දරුවන්ගේ නර්තන කුසලතා තරග මාතර මධ්‍ය මහා විද්‍යාලයේදී 2024.10.27 දින පැවැත්වූ අතර අප Bright Horizons මධ්‍යස්ථානයේ නර්තනයට දක්ෂ දැරියක් වන බාසුරු චමෝද්‍යා දියණියද ඇයගේ කලා කුසලතාවන් මෙසේ වේදිකා ගත කර වගයි.මේ වෙනුවෙන් කැපවූ ඇයගේ පංති භාර ගුරුතුමිය වන සුබෝධා මහත්මියට ස්තුතියි වන්ත වන අතර දැරියටද සුභ අනාගතයක් අප සංවිධානයේ කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරමු.❤️💐🙏

23/10/2024

අද දින උපන්දිනය සමරන අපේ පුංචි දගකාර හැඩකාර සිතුලි දුවට සුභම සුභ උපන්දිනක් වේවා 💐💐💐🎂🎂🎂

SPACE for Humanity ❤

16/10/2024

හැඩ වැඩ පොඩිත්තොන්ගෙ රස වැඩ....💪💪

මේ අපේ යාලුවො එකතුවෙලා රොටී හදපු රස මතකයක්...❤

විවිධ ක්‍රියාකාරකම් තුළින් ලස්සන අත්දැකීම් ජීවිතයට එකතුවෙනවා...
දරුවන් ඒ අත්දැකීම් ජීවිතය අර්ථවත් කරගන්න.. ඔවුන්ගේ ජීවිතය ස්වාදීන කරගන්න අවශ්‍ය කරන දැනුම ඒ තුළින් ලබා ගන්නවා...

SPACE for Humanity ❤

දරුවන්ට අධ්‍යාපනය වර්ණවත් විය යුතුය...ඒ තරමටම ප්‍රායෝගිකව ලබාදෙන දැනුම ඔවුන්ගේ අවබෝධය සදහා ප්‍රධාන වශයෙන්ම වැදගත් වනු ඇත...
15/10/2024

දරුවන්ට අධ්‍යාපනය වර්ණවත් විය යුතුය...
ඒ තරමටම ප්‍රායෝගිකව ලබාදෙන දැනුම ඔවුන්ගේ අවබෝධය සදහා ප්‍රධාන වශයෙන්ම වැදගත් වනු ඇත...

භාණ්ඩ මිලදී ගැනීම, මුදල් භාවිතය පිළිබඳව අවබෝධය ලබාදීම සම්බන්ධව කරන ලද ක්‍රියාකාරකම් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඔවුන්ගේ ස්වාදීන ජීවිතයක් කරා යාමේදී වඩාත් වැදගත් වනු ඇත...

ඉතින් මේ ලෝකයේ සුන්දරම හදවත් සහිත දරුවන් වෙනුවෙන්... SPACE for Humanity ❤

"නොහැක්කක් නොමැත"ඇනා වික්ටෝරියා ඩි සැන්ටිගාඕ  යනු ඩවුන්සින්ඩ්‍රෝම් ඌණතාවය සම්බන්ධ ඇතැම් විද්‍යාත්මක කරුනු පවා වැරදි බව ප...
22/08/2024

"නොහැක්කක් නොමැත"

ඇනා වික්ටෝරියා ඩි සැන්ටිගාඕ යනු ඩවුන්සින්ඩ්‍රෝම් ඌණතාවය සම්බන්ධ ඇතැම් විද්‍යාත්මක කරුනු පවා වැරදි බව පෙන්වමින් 2024 අගෝස්තු 12 වෙනිදා පටන් ඉතිහාසය වෙනස් කරවූ ඩවුන්සින්ඩ්‍රෝම් දැරියකි.

1999 ජනවාරි 30 වන දින උපත ලද ඇනා වික්ටෝරියා ඩි සැන්ටිගාඕ මෑතකදී University Autónoma de Zacatecas වෙතින් නීති උපාධියක් ලබා ගත්තාය. මෙක්සිකෝවෙන් සහ ලෝකයේ මෙම ඌණතාවය සහිත පුද්ගලයෙක් මෙවැනි සන්ධිස්ථානය සාක්ෂාත් කර ගත් පළමු පුද්ගලයා වන්නේ ඇයයි.

ඇගේ මාවත බාධකවලින් පිරී තිබුණද, ඇය තම පවුලේ අයගේ සහයෝගයෙන් නොසැලී සිටියාය. බොහෝ විට ඇගේ හැකියාවන් සැක කරන සමාජයකට මුහුණ දුන්නද, ඇනාගේ දෙමාපියන්, ඇයගේ හිතවතුන් ඇගේ අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර නොමැති අධ්‍යාපන ක්‍රමයක් හරහා ගමන් කළේය. අභියෝගයන්ට අභියෝග කරමින් මෙම භාරදූර කාර්යට මුල් ගල තබන ලද්දේ ඇයගේ දෙමාපියන් විසින්ය.

අදාළ විශ්ව විද්‍යාලයෙන් ඇයගේ ගමනට මනා සහයෝගයක් ලබා දී තිබුනි. ඇයගේ දෙමාපියන් අදාල විශ්ව විද්‍යාලය සමග මනා සම්බන්ධථාවයක් පවත්වා ගනිමින් අදාල කටයුතු වලට සහයෝගය ලබා දී තිබුනි.

ඇයගේ දෙමාපියන්ගේ ස්වයං විශ්වාසයක් ඇතුව ඇනාගේ මූලික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු, ඇනා එස්පිනෝ ද සන්තියාගෝ දැරිය නීතිය සඳහා වූ ඇගේ ආශාව අත පොත තබන්නට විය.

සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ ඇය අභියෝගවලට මුහුණ දුන් නමුත් ඇය වෙනුවෙන් කැපවූ මහාචාර්යවරියක් ඇගේ හැකියාවන් හඳුනාගෙන ඇගේ මාර්ගෝපදේශකයා බවට පත්විය.
වසර පහක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු එස්පිනෝ ද සන්තියාගෝ නීතීඥවරියක් වීමේ ඇගේ ඉලක්කය 2024 අගෝස්තු 12 දින සපුරා ගත්තාය.

දෙමාපියන්ගේ, පවුලේ සාමාජිකයන්ගේ, වගකිව යුතු පුරවැසියන් ලෙස අපගේ නොමද ආදරය, කරුණාව සමගින් නිවැරැදි මග පෙන්වීමක් ඇතොත් මෙම විශේෂ දරුවන්ටද යා හැකි දුර සුලුපටු නොවේ.😊💪

අධ්‍යාපනයේ දියුණුව සහ විවිධත්වය පිළිගැනීම.දරුවන්ගේ විවිධත්වය පිලිගන්න❤සෑම දරුවෙක්ම විශේෂයි😘Every child deserves a fulfil...
18/07/2024

අධ්‍යාපනයේ දියුණුව සහ විවිධත්වය පිළිගැනීම.

දරුවන්ගේ විවිධත්වය පිලිගන්න❤
සෑම දරුවෙක්ම විශේෂයි😘

Every child deserves a fulfilling education in an inclusive setting.

I absolutely love this! 🥹😍❤️ What a stunningly beautiful change in the world! ❤️

Photo Via Wonder Discovery .

Virgin Airlines Australia 🎉🩶

Learning Fun Uvini With Mom

"විශ්වයේ සුන්දරම දරුවන් සමග වරුවක්""මනුෂ්‍යයත්වයට ඉඩක්" සංවිධානය මෙහෙයවන මාතර කඹුරුපිටිය Bright Horizons විශේෂ අවශ්‍යයතා...
11/03/2024

"විශ්වයේ සුන්දරම දරුවන් සමග වරුවක්"

"මනුෂ්‍යයත්වයට ඉඩක්" සංවිධානය මෙහෙයවන මාතර කඹුරුපිටිය Bright Horizons විශේෂ අවශ්‍යයතා දරුවන්ගේ කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ දස්කම් ලංකාවටම පෙන්වීම සදහා අවස්ථාවක් TV Derana මාධ්‍ය ආයතනයේ "අද දෙරණ Kids" වැඩසටහන හරහා අප දරුවන්ට වටිනා අවස්ථාවක් ලැබුණි.

මෙම වටිනා අවස්ථාව අප "බ්‍රයිට් හොරයිසන්" විශේෂ දරුවන් වෙනුවෙන් ලබා දුන් ටීවී දෙරණ මාධ්‍ය ආයතනයේ Education Kids වැඩසටහන නිශ්පාදනක නෙරංජන් හෙට්ටිආරච්චි මහතාට අප කාර්ය මණ්ඩලයේ හෘදයාංගම ස්තුතියි පිරිනමමු.❤️🙏💐

සමාජයේ මුළු ගැන්වී සිටිනා මෙවැනි විශේෂ දරුවන්ගෙ ජීවන නිපුණතා හා කුසලතාවයන් ඔප්නංවා ඔවුන් ඵලදායී මානව සම්පතක් ලෙස සමාජ ගත කිරීම "මනුෂ්‍යත්වයට ඉඩක්" අප කණ්ඩායමේ ඒකායන අරමුණ වේ.💪✊

ChildFund Sri Lanka Save the Children Schweiz/Suisse UNICEF Save the Children Garstang Maheshi Rambukwella Mahmudullah Riyad SPACE for Humanity Downsyndrome Autisum

විශ්වයේ විශේෂ දරුවන්ගේ ක්‍රීඩා දක්ශතා🏀🤾🏻‍♂️🏆Bright Horizons විශේෂ අවශ්‍යයතා සහිත දරුවන් පුරුදුව හා පුහුණුව තුලින් ඉගෙනුම...
03/03/2024

විශ්වයේ විශේෂ දරුවන්ගේ ක්‍රීඩා දක්ශතා🏀🤾🏻‍♂️🏆

Bright Horizons විශේෂ අවශ්‍යයතා සහිත දරුවන් පුරුදුව හා පුහුණුව තුලින් ඉගෙනුමට,නැටුමට, ගැයුමට, වගේම ක්‍රීඩාවන් සදහාද දක්ශතාවයන් මතු කිරීමට අප කාර්ය මණ්ඩලය දරනා උත්සාහයකි මේ.

විශේෂ අවශ්‍යයතා සහිත මෙම දරුවන් අප මධ්‍යස්ථානය හරහා දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා තරග සදහා යොමු කර ඇති අතර දක්ශතා පෙන්නන දරුවන් ජාතික මට්ටමේ තරග සදහා යොමු කිරීමට අප "මනුෂ්‍යත්වයට ඉඩක්" සංවිධානය කණ්ඩායම කටයුතු කරයි.

විශ්වයට සුවිශේෂී වී අප අතරට පැමිණි මෙම දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ශතාවයන් හදුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය කර දීම හා අනාගත සවිබල ගැන්වීම සදහා මාවතක් විවර කර දීමට අප ස්වෙච්ඡා කණ්ඩායමට එකතු වීමට ඔබටත් ආරාධනා..🤝✊💐❤️

The Volunteer Autism Exposed SPORTbible Sky Sports Friends Lanka Child Foundation Save the Children in Asia Unilever Sri Lanka Ltd. CSR Europe Bayan Charity Donald J. Trump Angelica's Donation Special Needs TV Special Needs Children Support Special Needs Network Specail Needs NGO

Address

Kamburupitiya
81100

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Saturday 07:30 - 17:30
Sunday 07:30 - 17:30

Telephone

+94743447207

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Horizons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share