03/03/2025
මොළේ තියෙන බබෙක් හදමු .....
🧠මොළය වර්ධනය( Brain development)
අවුරුදු 1 සිට අවුරුදු 3 දක්වා
දිය යුතු ආහාර සහ කලයුතු කළ යුතු ක්‍රියාකාරකම්
🔘දරුවෙකුට වයස අවුරුදු 3 ක් වන විට ඔවුන්ගේ මොළය 80% ක් වර්ධනය වේ. අවුරුදු 5 ක් වන විට මොළය 90% ක් වර්ධනය වේ. මුල් ළමාවියේ මොළයේ වර්ධනය දරුවාගේ හැසිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
🥗 දිය යුතු ආහාර සම්බන්ධයෙන්
පළමුව කිව යුතුයි අවුරුද්ද ඉක්ම වූ පසු අපි මුලින් ම දරුවාව පවුලේ ආහාර රටාවට හුරු කරගත යුතුයි.දරුවා වෙනුවෙන් සකස් කරපු ආහාර ලබා දෙන අතරම ඒ අතරට අපි ගන්නා ආහාරත් ටිකෙන් ටික දරුවාට ලබා දෙන්න.
🔹අපිට ඕනේ බොල බබෙක් නෙවෙයි නීරෝගීමත් බුද්ධිමත් ක්‍රියාශීලී දරුවෙක් ඒ සඳහා දිය යුතු ආහාර වර්ග කීපයක් මං සඳහන් කරන්නම්
🔹අවුරුද්ද ඉක්මවූ පසු දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබාදිය හැකි නමුත් ප්‍රමාණය ඉක්මවා ලබා දීම මොලය වර්ධනය අඩාල කරනවා.
🔹මොළය වර්ධනය සඳහා දරුවන්ට ලබා දිය යුතු වන්නේ ගුණාත්මක ආහාරයි. ඒ අතරට විශේෂයෙන්ම බිත්තර. වටු බිත්තර හා මාළු (සාලයෝ, හාල් මැස්සෝ, පරා පැටව්,සැමන් පරා, ලින්නෝ,වැව් මාළු, හැදැල්ලො, අමු හාල්මැස්සන් වැනි කුඩා මාළු ලබා දිය යුතුයි. කූනිස්සන් හා ඉස්සන් ද දිය හැක. දරුවාට මේවා කෑමට අපහසු යැයි හැඟේ නම් බැදලා කුඩු කරලා කෑම වලට එකතු කරන්න පුළුවන්.තලපත් තෝර මෝර මාලු අවමයෙන් ලබාදෙනවා නම් හොඳයි මොකද ඒවගේ රසදිය අඩංගුයි. )
🔹පලා වර්ග විශේෂයෙන්ම ගොටුකොළ සහ මුරුංගා කොළ (මතක ශක්තිය වර්ධනය කරන පලා වර්ග දෙකකි.)අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඒ අතරට මුකුණුවැන්න ,සාරන,තම්පලා, කතුරු මුරුන්ගා නිවිති සහ අපි කන ඕනෑම පලා වර්ගයක් ලබා දිය හැකියි.
🔹එළවළු වර්ග වලින් බටු, තලන බටු,බණ්ඩක්කා,දඹල, රාබු, බීට් රූට්,පතෝල,වට්ටක්කා,කැරට්,අර්තාපල් ,බෝංචි, පිපිඤ්ඤා, කැකිරි ,බ්‍රොකොලි වැනි එළවළු පෝෂණ ගුණයෙන් ඉහළයි. සතියේ දවස් 5 ට මේ එළවළු බෙදාගෙන වේල් තුනක් සමබර ව ආහාර ලබා දෙන්න.
🔹ඒ අතර ට ඔලිව් ඔයිල් ,බටර්(ඇස්ට්‍රා මාගරින් නෙමෙයි),එලගි තෙල්,තල තෙල් සහ සුදු පොල් තෙල් ඒවායින් දෙකක් වේල් තුනෙන් දෙකකට එකතු කරන්න.(ලොකු ප්‍රමානයක් නොව කුඩා ප්‍රමනයක් දෙන්න. දවසට මේස හැදි දෙකකට වඩා ඉක්මවා යන්න එපා.)
🔹අනිවාර්යෙන්ම සීරියල් කුඩු,රටකජු, කජු කුඩු, තල කුඩු කරලා තියාගෙන ඒවායෙන් යෝගට් හැඳි දෙකක් කෑමට එකතු කරන්න. හැකිනම් ආමන්ඩ් ඇට කුඩු කරලා තියාගෙන එකතු කරන්න සතියේ දවස් 5 ට වෙන්වෙන් වශයෙන් මේ කුඩු වලින් එක් වර්ගයක් දවසට එකතු කරන්න .
🔹රට කජු හා කජු යනු බුද්ධිය වර්ධනයට මහත් දායකත්වයක් ලබාදෙන ඇති වර්ගයකි .
🔹කඩල,කව්පි, මුං ඇට,බෝංචි ඇට, බඩ ඉරිඟු ඇට හා ග්‍රීන් පීස් වලින් සකස් කරගත් ආහාරයක් සතියේ දවස් පහට උදේ ආහාරය සඳහා පිළියෙල කර දෙන්න.සෑම විටම ඇට වර්ග ලබාදිය යුත්තේ උදෑසන ආහාරය සඳහා යි.
🔹මීට අමතරව රුලං,හබල පෙති, සහ කුරක්කන් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වර්ග තුනකි.ඕට්ස් ලබා දීමට හැකි නම් එයත් ගුණදායකයි.මේවායින් විවිධ කෑම වර්ග හදලා දරුවාට දෙන්න.
🔹පළතුරු වර්ග වලින් දරුවාට අනිවාර්යයෙන්ම දෙළුම් යුෂ,බෙහෙත් නෙල්ලි යුෂ,නාරං යුෂ අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි.ඊට අමතර ව අලිගැටපේර, පේර, බෙලි, දිවුල්,කොමඩු ,ඕනෑ ම කෙසෙල් වර්ගයක්,අඹ, ගස් ලබු ඒවායින් එක පලතුරු වර්ගයක් දිනක අමතර වේල් අතරට ලබා දීම අනිවාර්යයි.ඇපල් දොඩම්, මිදි ලබා දීම අවම කරන්න.( කල් තබා ගැනීම සදහා බෙහෙත් යොදන බැවින් දරුවන්ට එතරම් සුදුසු නොවේ ).
🔹හැකි සෑම සැමවිටම නැවුම් එළවළු සහ පලතුරු සොයාගන්න උත්සාහ කරන්න .
🔹 දරුවාට දිනපතා එක යෝගට් එකක්(යෝගට් ගෙදරම් හදාගෙන දෙන්න පුලුවන්නම් ගුණදායකයි.) ඒ වගේම කුඩා ප්‍රමාණයේ චොක්ලට් එක කැබැල්ලක් දිනකට ලබා දෙන්න. සතියකට දවස් දෙකක් චීස් කෑලල බැගින් දෙන්න.(දරුවාට කිරි සහිත ආහාර ලබා දෙනකොට කිසිවිටෙකත් එක දිනක වර්ග කීපයක් ලබා දෙන්න එපා. උදෑසන අතිරේක ආහාර වේලට චීස් කෑල්ලක් ලබා දුන්නා නම් සවස අතිරේක වේලට පළතුරු ලබා දෙන්න.උදෑසන අතිරේක වේලට යෝගට් එකක් දුන්නා නම් සවස අතිරේක වේලට ත්‍රිපෝෂ ගුලියක් දෙන්න.ඒ වගේමේ වගේ ආහාර වේල් සමබර කර ගන්න.)
🔹දරුවා අවුරුද්ද ඉක්ම වූ පසු ඔහුට දියර කිරි (freshmilk ) ලබා දිය හැකියි.
🔹දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා සතියකට දවස් දෙකක් ඉඟුරු කොත්තමල්ලි ,පස් පංගුවක,බෙලිමල්, රනවරා,ඉරමුසු මේවායින් එකක් තම්බා ලබාදිය යුතුයි(අවුරුද්ද ඉක්ම වූ දරුවකුට 100ml හෝ 150ml ක් හොඳටම ප්‍රමාණවත් වෙයි.)
🔹 බිස්කට්, ක්ෂණිකනුඩ්ලස්, විවිධ රසකාරක අඩංගු ආහාර හා විශේෂයෙන් පැනි බීම වර්ග කිසිසේත්ම දරුවාට සුදුසු නොවේ.ඒවා දරුවාගේ බර අඩාල කරන අතර මොලේ වර්ධනය ද අඩාල කරයි.දරුවාගේ බර වැඩ වීම පිනිස කියා චීස් හා පිටිවර්ග වලින් සෑදු ආහාර අධික ලෙස නිතර දරුවාට ලබා නොදෙන්න.අධික ලෙස පැණි රස ආහාර දරුවන්ට ලබා දීම දරුවන්ගේ අධි ක්‍රියාකාරීත්වයට හේතු වේ.
🔹තනිවම ආහාර ගන්න ඉඩ සලසා දෙන්න. හැන්දෙන හා අතින් යන දෙකෙන්ම.ඇට වර්ග දෙන්නෙ නම් ඉතා හොදින් පොඩි වෙන ආකරයට තම්බා ලබා දෙන්න. ඒ අතර එයා ගන්නා ආහාර ප්‍රමාණය ප්‍රරමානවත් නොවෙන්නම් එ අතරම කවන්න.(යෝගට් චීස් වැනි දෙවල් තනිවම කන්න ඉඩ දෙන්න) කා බී අවසන් වූ පසු බාජනය සින්ක් එක තුලට දමන්න දරුවාට හුරු කරන්න. කෑම ගැනීමට පෙර සහ පසු දරුවාට තනිවම දෑත් සෝදා ගන්න අවස්ථාවල සලසා දෙන්න.සෑම අවස්තාවදීම එය සිදු කිරීමට ඉඩ දීමෙන් පසු කාලීන්ව එය පුරුද්දක් බවට පත් වේ.
🔹වයස අවුරුද්ද පසු වු විගස ඔබ දරුවාට යම් දෙයක ලබා දෙන්නෙද අනිවාර්යයෙන් එයින් යම් කොටසක් (විශෙශ්ෂයෙන් කෑමක් වගේ දෙයක්) පවුලෙ අන් අයට දීමට හුරු කරන්න. පලමුව ඔබට කෑල්ලක් ඉල්ලා ගන්න දෙවනුව සහොදර සහොදරියන් සිටීමන් එ අයට දෙන්න හුරු කරන්න. කුඩා කල සිටම දරුවාට එවැනි පුරුදු මොලයට කා වැද්දීම තුලින් පසු කාලීන්ව ඇති වන්නා වු ආත්මාර්ථකාමී අදහස් පහව යයි.
(උපුටා ගැනිමකි)
Abhi’s heart