13/07/2024
කෘෂි විද්‍යාව
2024/2025 revision / paper classes
2026 theory/revision/paper classes
🌱 point collection
🌱 essay collection
🌱 mcq collection
🌱 structured essay collection
කණ්ඩායම් පන්ති සදහා විමසන්න.
0765725187- whatsapp
12/07/2024
⭕️❌ඔබ දන්නවාද?
Alien Hand Syndrome යනු එක් අතක් මොළයේ පාලනයෙන් තොරව ක්‍රියා කිරීමයි. මෙහිදී මොළයේ සියලු විධානයන් අත ප්‍රතික්ෂේප කරන නමුත් අතේ ක්‍රියාකාරිත්වය මොළයේ මෙහෙයවීමකින් තොරව සිදු වන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත.
👐🧠😮
08/07/2024
නොබෙල් ත්‍යාගයේ නිර්මාපකයා වන්නේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් මහතාය ( Alfred Bernard Nobel ). සෑම වසරකම දෙසැම්බර් 10 දින රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය,වෛද්‍ය විද්‍යාව , ආර්ථික විද්‍යාව සහ සාමය යන අංශ 6 සඳහා විශිෂ්ට සේවාවක් කල පුද්ගලයන් වෙත මෙය පිරිනමනු ලබයි.
ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතා 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක්හෝම හිදී ඉංජිනේරු පවුලකට දාව උපත ලැබීය. ඔහුගේ පියා හමුදාව සඳහා යුද අවි ආයුධ නිපද වීමේ නියුතු වූ බව සඳහන් වේ. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉතා දක්ෂ රසායන විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක් මෙන්ම නව නිපැයුම්කරුවෙක් ද විය. ඩයිනමයිට් ඇතුලු නව සොයා ගැනීම් 355 ක පමණ හිමිකරුවා වන්නේ ඔහුය. ඔහු සොයාගත් ඩයිනමයිට් මිනිස් ඉතිහාසයේ ඉතා තීරණාත්මක සොයා ගැනීමක් විය.
1888 දී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ බාල සොහොයුරා වූ ලුඩ්විග් නොබෙල් කර්මාණ්ත ශාලාවේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමක් අතරතුර සිදුවූ පිපිරීමක් නිසා මරණයට පත් විය. එනමුත් පුවත් පත් වල වැරදීමකින් පලවූයේ "මරණයේ වෙලෙන්දා මිය යයි" යන ශීර්ෂ පාථයෙන් ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය බවය. මෙයින් බොහෝ දෙනා සතුටට පත් වූ අතර නොබෙල් මහත් කම්පණයට පත් විය. තමා මිය ගිය පසු ඔහු පිලිබඳ මිනිසුන්ගේ මතකයේ රැඳෙන ආකාරය පිලිබඳ බියට පත් විය.මෙය නොබෙල් ත්‍යාගය බිහිවීමට මූලිකවම පලපෑ සිදුවීම විය.
1896 දෙසැම්බර් 10 දින වයස අවුරුදු 63ක් වන විට නොබෙල් මහතා මිය ගිය අතර 1895 දී ලියන ලද ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව, ඔහු සතු මුලු ධනයෙන් 94%ක් එනම් ස්වීඩන් ක්‍රෝනා මිලියන 31ක් (ඩොලර් මිලියන 265ක්) නොබෙල් ත්‍යාගය වෙනුවෙන් යෙදවීමට කටයුතු යොදා තිබේ.
නොබෙල් ත්‍යාග පිරිනැමිම සඳහා "නොබෙල් පදනම" 1900 දී පිහිටවන ලදි.මෙය ස්වීඩනයේ ස්ටොක්හෝමහි පිහිටා තිබේ. ත්‍යාග සඳහා සුදුස්සන් තෝරාගනු ලබන්නේ නොබෙල් පදනම විසින් නොවේ. එය සිදුකරනු ලබන්නේ පත්කරන ලද විද්වත් මණ්ඩල සහ ඒ ඒ ක්ෂේත්‍රයට අදාල පිලිගත් ආයතන එකමුතු වීමෙනි. නොබෙල් සාම ත්‍යාගය පිලිබඳ නොර්වීජියානු නොබෙල් කමිටුව වගකීම දරන අතර අනෙකුත් ත්‍යාග පිලිබඳව පත්කරන ලද ස්වීඩන් ආයතන වගකීම් දරයි.
ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ගේ අවසන් කැමති පත්‍රයේ කිසිවක් සඳහන් කර නොතිබුනි. එහෙත් නොබෙල් කමිටුවේ සංකල්පයකට අනුව 1968 සිට අර්ථික විද්‍යාව පිලිබඳ ත්‍යාගයද ඇතුලත් කරන ලදි.
පලමු නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුනේ 1901 දෙසැම්බර් 10 වැනිදාය.(දෙසැම්බර් 10 යොදා ගන්නේ එය ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගිය දිනය වන බැවින් ඔහුට ගරු කිරීමක් වශයෙනි). නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ ඔස්ලෝ නුවර්දීත් අනෙකුත් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම නුවර්දීත් ප්‍රධානය කරනු ලබයි.
නොබෙල් ත්‍යාග ලාභීන්ට රන් පදක්කමක්, සහතික පත්‍රයක් සහ මුදල් ත්‍යාගයක් හිමිවේ. සෑම වසරකම ඔක්තෝම්බර් මස දෙවන සතියේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කරනු ලබයි
08/07/2024
නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන, ජේසු තුමන්ගේ කළා ප්‍රතිරුවක් වන Christ the Redeemer පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේය. මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන Paul Landowski සහ තනවන ලද්දේ බ්‍රසීල ජාතික ඉන්ජිනේරුවකු වන Heitor da Silva Costa ගේ සහ ප්‍රංශ ඉන්ජිනේරුකු වන Albert Caquot ගේ සහයෝගයෙනි. පිළිරුවෙහි මුහුණ නිර්මාණය කරන ලද්දේ රුමනියානු කලාකරුවකු වන Gheorghe Leonida විසිනි.
මෙවැනි අති විශාල කතෝලික සිහිවටන ස්මාරකයක් තැනවීමට මුලින්ම යෝජනාව ගෙන එනු ලැබුවේ 1850 දී කතෝලික පූජකයෙකු වූ Pedro Maria Boss විසිනි.නමුත් ඉසබෙල් රැජිණ මෙම අදහසෙහි කැමැත්තක් නොවුණු නිසා මූල්‍යමය කටයුතු සඳහා කල ඉල්ලීම ඉටු නොවුනි.
1920 මුල් බාගයේදී රියෝ ද ජනයිරෝ හී Catholic Circle නම් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල පෙත්සමක් සාර්ථක වූ අතර 1922 දී මෙය ඉදිකිරීම ආරම්භ විය. මෙහි වැඩ වසර 9ක් පුරා සිදුකර 1931 දී නිම කෙරුණි .
මෙම ප්‍රතිමාව සඳහා විවිධ සැලස්මන් තෝරාගන්නා ලද අතර ඉන් එකක් වුයේ ක්‍රිස්තියානු කුරුසයයි.අනික වුයේ ජේසුස් ලෝක ගෝලය අතට ගෙන සිටින පිළිරුවයි.නමුත් අවසානයේදී පිළිරුව සඳහා තෝරාගන්නා තේමාව වුයේ ජේසුස් වහන්සේ සියල්ලන්ටම ආදරය කරන බව හා ඔහු වෙත පැමිණෙන සියල්ලන්වම වැළඳ ගන්නා බව විදහා දැක්වෙන පිළිරුවයි.
පාදස්තලහි උස නොමැතිව ප්‍රතිමාව අඩි 98ක් හා පළල මීටර් 30ක් වන අතර එහි පාදස්තලයේ උස අඩි 26ක් හා පළල මීටර් 8ක් වේ. එහි අතක වට ප්‍රමාණය මීටර් 28ක් හා අඩි 92ක් දිග වේ.
ප්‍රතිමාව මෙට්‍රික් ටොන් 635 ක් අතර බර වන අතර පිහිටියේ රියෝ නගරය ඉහලින් පෙනෙන ආකාරයට Tijuca ජාතික උද්‍යානයේ Corcovado කඳු වලයි. මුළු ලෝකයේම ක්‍රිස්තියානු සංකේතයක් වන මෙම ප්‍රතිමාව බ්‍රසීලයේ රියෝ ජැනයිරෝ හී සංස්කෘතික සුරුවමක් ලෙස සැලකේ.
මෙම ප්‍රතිමාව නිමවා ඇත්තේ මේද්‍යෝපාෂාණ (soapstone) හා කොන්ක්‍රීට් වලිනි.අවශ්‍ය පාෂාණ ස්වීඩනයෙන් ගෙන්වා ඇති අතර කොටස් වශයෙන් නිමවා කඳු මුදුනේ දී එකලස් කර ඇත.
2008 වසරේ සිදුවූ තදබල අකුණු ප්‍රහාරයකින් ප්‍රතිමාවට භානි සිදුවිය. නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණ අතර ක්‍රමවත් අකුණු සන්නායක පද්ධතියක් ද සවි කරන ලදි. 2010 දී පුද්ගලයෙකු ප්‍රතිමාවට තීන්ත ඉස භානි කල අතර පසුව ඔහු අත්අඩංගුවට ගන්න ලදී.
බ්‍රසීලයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව 2007 ජුලි 7 දින ලෝකයේ නුතන පුදුම හතෙන් එකක් ලෙසට නම් කරන ලදි.