28/01/2025
History class -Badraji Sir
ඉතිහාසය ඉගෙනගන්න ඉතිහාසයට ආදරය කරන ස? 6/7/8/9/10/11 History online class
28/01/2025
02/12/2024
♦️ඉතිහාසගත ඉතිහාස පන්තිය
✔7 ශ්‍රේණිය
🔵සෑම පාඩමකට විධිමත් නිබන්ධන
🟣සරල සටහන්
🔷පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම
🌺online class -zoom
18/10/2024
23/11/2023
පොලොන්නරුව දිඹුලාගල, නාමල් පොකුණ සෙල්ලිපියේ අන්තර්ගත ඓතිහාසික තොරතුරු හැකි ඉක්මනින් ජනගත කිරීමට අපේක්ෂා කෙරේ
---------
උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 210 දළුකාණ ග්‍රාමනිලධාරි වසමේ ශ්‍රී ලංකාවේ දැනට හමු ව ඇති විශාලත ම සෙල්ලිපිය පිහිටා ඇත. නාමල් පොකුණ කලාප කාර්යාලයේ සිට කිලෝමීටර තුනක් පමණ කන්ද තරණය කිරීමෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකි ය.
මුලින් ම මේ සෙල්ලිපිය දැක ඇත්තේ මී වඳ කැඩීමට කැළයට ගිය දෙදෙනෙකි. ඒ 2022 වර්ෂයේ දී ය. මේ දෙදෙනා නාමල් පොකුණ කලාපභාර නිලධාරි කේ. ඒ නාලක රවීන්ද්‍ර කුමාර මහතා වෙත විශාල ම සෙල්ලිපිය පිළිබඳ දැනුම් දී ඔවුන් තම ජාතික වගකීම ඉටුකර ඇත. පොලොන්නරුව කාර්යාලයේ ගවේෂණ අංශයේ සේවයේ නියුතු පූජ්‍ය කැටියපේ ජිනසිරි හිමියන් හා කලාපභාර නිලධාරි විසින් මෙම ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරුව අභිලේඛන හා නාණක විද්‍යා අංශයට දැනුම් දී ඇත.
අභිලේඛන හා නාණකවිද්‍යා අංශයේ තනුර දයානන්ද මහතා ඇතුළු සෙල්ලිපි පිටපත් කරන ශිල්පීන් අදාළ ස්ථානය පරික්ෂා කිරීමේ දී මේ සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ මේ වන විට හමු වී ඇති දිග ම සෙල්ලිපිය බව අනාවරණය කර ගැනීමට හැකි විය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මියගේ සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මියගේ මාර්ගෝපදේශකත්වයෙන්, අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ ඩග්ලස් බණ්ඩාර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ එම්.ජී. රත්නපාල මහතා සහ එම කාර්ය මණ්ඩලයේ සහය ඇති ව පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද මහතාගේ ව්‍යාපෘති මෙහෙයවීම යටතේ අභිලේඛන හා නාණක විද්‍යා අංශය මඟින් පොලොන්නරුව දිඹුලාගල, නාමල් පොකුණ සෙල්ලිපිය 2023 ඔක්තෝබර් මස 26 වන දින පිටපත් කිරීම ආරම්භ කරන ලදි. නොවැම්බර් මස 16 වන දින පිටපත් කිරීමේ කාර්ය අවසන් කිරීමට හැකි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාර ඊ.ඩී.පී. අල්විස් මිය හා අධ්‍යක්ෂ (පාලන) කේ.ඒ.එච්. කොඩිතුවක්කු මිය විසින් සෙල්ලිපි පිටපත් කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හා ප්‍රවාහන පහසුකම් සපයා දීම නිසා සෙල්ලිපි පිටපත් කිරීමේ කාර්ය ඉටු කිරීම වඩාත් පහසු විය.
වැස්සට තෙමෙමින් හිරු රශ්මිය දරාගනිමින් මැසි මදුරුවන්ගේ අනේක කරදරයන්ට ගොදුරුවෙමින් අලි හා වලසුන් වෙසෙන මහා වනයේ කුඩාරමක මාසක ආසන්න කාලයක් හිදිමින් සෙල්ලිපිය පිටපත් කිරීම ම පැසසිය යුතු කරණකි. අයි.පී.එස්. නිශාන්ත, ඩබ්.ජී.ඒ.ජී.සී. සමරවීර හා ඒ.කේ. එස්. ජයතිලක යන සෙල්ලිපි පිටපත් කරන ශිල්පීන්ගේ මූලිකත්වය ත් එස්.ජී. උදාර චතුරංග, ඩී.ආර්. මහේෂ් බුද්ධික, පී.කේ. නිශාන්ත අරුණ බණ්ඩාර, එච්.පී. දිනූෂ සංකල්ප, එම්.පී. රසික සම්පත් කුමාර, එස්.ජී.නිමල් කරුණාරත්න, එච්.ජී. සුදේශ් ස්වර්ණක හා පී.ඩී.එස්.එස්. කුමාර යන මහතුන්ගේ සහාය ත් මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මනා පිටුවහලක් විය.
දිගින් අඩි 50 ක් වූ මේ සෙල්ලිපිය පිටපත් කරන ලද්දේ සිරස් තිරු 9 කිනි. අධික වර්ෂා තත්ත්වය යටතේ පිටපත් කළ මේ සෙල්ලිපියෙහි කොටස් එකට එකතු කිරීමට කටයුතු කරන අතර සෙල්ලිපි පිටපතේ දීර්ග කාලීන පැවැත්ම සැලකිල්ලට ගෙන එයට ම ආවේණික ක්‍රමවේදයකින් එම කටයුතු සිදු කෙරේ. මේ සඳහා තවත් සති 03ක පමණ කාලයක් ගත වන ඇත.
සෙල්ලිපිය ඇලවීමේ කටයුතු අවසන් වූ පසු ව මෙම ලිපිය කියැවීමට සැලසුම් කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ මෙම සෙල්ලිපිය කියවීමට හැකි දැනුම හා පරිචයකින් හෙබි ශිලාලේඛනඥයන් මෙන් ම අක්ෂරවිද්‍යාඥයන් ද වේ. එම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ලිපිය කියවීමට සැලසුම් කර ඇති අතර අවශ්‍ය වුවහොත් බාහිර විද්වතුන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. ලිපිය කියැවීමෙන් පසු ලිපියේ අන්තර්ගත ඓතිහාසික තොරතුරු හැකි ඉක්මනින් ජනගත කිරීමට අපේක්ෂා කෙරේ.
මේ සෙල්ලිපියේ දිග සාමාන්‍යෙයන් අඩි 50ක් වේ. එහි පළ අඩි 9කි. සෙල්ලිපියේ අන්තර්ගතය සටහන් කර ඇත්තේ පේළි 10කිනි. මේ ලිපිය ලියා ඇත්තේ මූල බ්‍රාහ්මී (Early Brahmi) අක්ෂරවලිනි. මූල බ්‍රාහ්මී අක්ෂර යනු දැනට අප භාවිත කරන සිංහල අක්ෂරවල ආදි කාලීන අවස්ථාව වේ. එම අක්ෂර ක්‍රිස්තු පූර්ව 2 වන සියවසත් ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසත් අතර කාලයට අයත් වේ. සාමාන්‍යයෙන් මෙම අක්ෂර උසින් අගල් 4ත් 6ත් අතර ප්‍රමාණවලින් ලියා ඇත.
සාමාන්‍යෙයන් දැනට හමු වී ඇති මූල බ්‍රාහ්මී ලිපි ලියා ඇත්තේ තනි පෙළකිනි නැතහොත් පේළි දෙකකිනි. මේ කාලයට අයත් ලංකාවේ දිග ම ලිපිය ලෙස හඳුනාගෙන ඇති පුත්තලම තෝණිගල ලිපියෙහි දිග අඩි 100කි. නමුත් එම ලිපිය ලියා ඇත්තේ තනි පෙළකිනි. එම කාලයම නියෝජනය කරන මෙම ලිපියෙහි අන්තර්ගතය ලිවීම සඳහා පේළි 10ක් යොදා ගැනීම විශේෂත්වයකි. එසේ ම අඩි 50 × 9ක වපසරියක් වසා අක්ෂර සටහන් කිරීම නිසා දැනට ලංකාවේ හමු වන විශාලම සෙල්ලිපිය ලෙස අවිවාදයෙන් ප්‍රකාශ කළ හැකි ය. මේ වන තෙක් විශාල සෙල්ලිපිය ලෙස හඳුනාගෙන තිබූ ගල් පොත ලිපියේ අක්ෂර හසුරුවා ඇති වපසරිය දිගින් අඩි 26 යි අඟල් 10කි. පළල අඩි 4යි අඟල් 7කි. කොටස් 3 කට බෙදා ලියා ඇති පේළි 72ක් සහිත මෙහි අක්ෂර 4300ක් වේ.
11/02/2023
ඉතිහාසගත online පන්තිය
2023 වර්ශය සදහා කාලසටහන
නම,ශ්‍රේනිය ,පාසල,0775874139
අංකයට වට්ස් ඇප් පනිවිඩයක් මගින් යොමුකරන්න.
ඔබේ අධීක්ෂණය ආරක්ශාව යටතේ නිවසේ සිට සැහැල්ලුවෙන් දරුවාට දිවයිනේ ප්‍රමුඛතම ඉතිහාසය ගුරුවරයකුගෙන් ඉගෙන ගන්න අනගි අවස්ථාවක්.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kalutara
12/01/2024