19/04/2026
ආධුනික උප පොලිස් පරීක්ෂක වරුන් 200 ක් බදාවා ගනී
ඉල්ලුම්පත් 25000 කට ආසන්න ගනනක් අතුරින් අදියර කිහිපයක් යටතේ පැවති පරීක්ෂණ ගනාවකින් සමත්වූ ආධුනික උප පොලිස් පරීක්ෂක වරුන් 200 දෙනෙකු 2026.04.19 දින සිය මූලික පුහුණුව සදහා කළුතර පොලිස් විද්‍යාලය වෙත වාර්තා කරන ලදී.
බදවාගැනීම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතා ආධුනික නිලධරයින් සහ දෙමාපියන් ආමන්ත්‍රණය කල අතර එම කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ තුමා සහ ස්ථානාධිපති තුමා ඇතුලු කාර්‍ය මණ්ඩලය බදවා ගැනීම් වලට අදාල කටයුතු සිදුකරමින් නිසි උපදෙස් ලබා දෙන ලදී.
පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) පොලිස් අධිකාරි විජිත පෙරේරා මහතා, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) සහකාර පොලිස් අධිකාරි, නීතිඥ සුනන්ද දිසානයක මහතා , ප්‍රධාන කථිකාචාර්ය (උසස් පුහුණු ප්‍රධාන පොලිස් පරීක්ෂක , නීතිඥ තාරක සුදුවැල්ල මහතා ඇතුලු කාර්‍ය මණ්ඩලය, නවක නිලධරයින් පිලිගෙන පුහුණුවට අදාල මූලික උපදෙස් ලබා දෙමින් අදාල පුහුණු ස්ථාන වෙත යොමු කරන ලදී.
03/09/2016
13/04/2012
01/04/2012
08/03/2012
22/12/2011
22/12/2011