17/12/2023
Subasi FM- Media mission of SMU-2023
දැයක් ආලෝකමත් කරනු වස් මනා වූ හඬ පෞරුෂයෙන් යුතු ගුණ යහපත් සිසු කැලක් අත්‍යවශ්‍යයි....
සුපසන් වූ හෙට දිනක දිරියෙන් යුතු ගැමි දරු දැරියන්ගේ හඬ පෞරුෂය පුබුදුවාලීමට ඇරඹුණු ,බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයීය "සඳකඩපහණ" මාධ්‍ය ඒකකය වන අපගේ අපූර්වතම මාධ්‍ය ක්‍රියාන්විතය,
" සුබැසි FM ගුවන් විදුලි නාලිකාව...."
සත්වන වරටත් මෙම වසරේදී ,FM 107.5 ඔස්සේ දෙසැම්බර් 22,23,24 යන තෙදින පුරා බස්නාහිර හා වයඹ පළාත්වල විසිරුවා හරිනු වගයි.......
2001 වසරේ ඔක්තොම්බර් 25 වන දින මංගල මුණසිංහ ගුරුපියාණන් යටතේ ඇරඹුණු සඳකඩපහණ මාධ්‍ය ඒකකයේ අග්‍ර ඵලය , සුබැසි FM ගුවන් විදුලි නාලිකාව 2011 වසරේදී ප්‍රථම වරට ක්‍රියාත්මක විය.එතැන් සිට 2012,2013,2014 සහ 2016 යන වසර 5ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක විය.ඉන් අනතුරුව රටේ පැවති අර්බුදකාරී තත්ත්ව හමුවේ ලද මද විරාමයෙන් අනතුරුව මෙම වසරේදී මාධ්‍ය වත්මන් ඒකකය භාර ආචාරීනී , ශ්‍යාමා දිල්රුක්ෂි ගුරුමෑණියන්ගේ මග පෙන්වීම යටතේ මෙම මස 22,23 සහ 24 යන තෙදින පුරා නවමු මුහුණුවරකින් යුතුව යළි ජීවය ලබනු වගයි..
මාධ්‍ය ඒකකය වන අපගේ මුල් ගුරුතුමන්,අපගේ නියමුවරයාණන් වන මංගල මුණසිංහ ගුරුපියාණන්ගේ සහ මාධ්‍ය ඒකකයේ වත්මන් නියමුවරිය ශ්‍යාමා දිල්රුක්ෂි ගුරුමෑණියන්ගේ මග පෙන්වීම සහ උපදේශනය යටතේ මාධ්‍ය ඒකකයේ ආදි සිසුන්ගේ සහයෝගය ද ඇතිව පාසලේ මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙය ඔවුන්ගේ උනන්දුවෙහි සහ කැපවීමෙහි අග්‍ර ඵලයයි.
පාසලේ විදුහල්පති උපාලි උඩුගමසූරිය මහතාගේ දැඩි සහයෝගය ද මේ සඳහා නොඅඩුව ලැබීම මෙම ක්‍රියාන්විතය මල්ඵල ගන්වා ගැනීමට මහත් පිටිවහලක් වූ වග මාධ්‍ය ඒකකය වන අප විසින් සිහි කීරීම අවැසිම කරුණකි.
පාසලේ ආචාර්‍ය මණඩලය , සිසු සිසුවියන් ,මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන්ගේ දෙමාපියන්ගේද අපට සුබපතන්නන්ගේ සහය ද ඇතිව ක්‍රියාත්මක වන මෙම අපූර්ව මාධ්‍ය ක්‍රියාන්විතය රසවිඳින්නට ඔබට මෙලෙසින් දොරටු විවර කරමු....
ඔබ සැමගේ සහයෝගය ද අපව ශක්තිමත්ව මෙය සාර්ථකව අවසන් කිරීමට ඉතාමත් වැදගත් බව මතක් කරන අතරම අපට සහය වන ලෙස ඔබට ඇරයුම් කරමු........
"මේ සුබැසි FM මාධ්‍ය ක්‍රියාන්විතය - 2023"
FM 107.5 ඔස්සේ...මෙමස 22,23,24 යන දිනවලදී....
- සඳකඩපහණ මාධ්‍ය ඒකකය....
('සුපසන් හෙට දිනක දිරිය ගැමි හඬ....')