Police Cadet Sri Lanka

Police Cadet Sri Lanka Creating a talented, positive attitude, good, disciplined, energetic, young generation from Sri Lanka

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් පවත්වනු ලබන නායකත්ව හා පෞර්ෂත්ව සංවර්ධන වැඩසටහන් අතරින් සුවිශේෂී වැඩසටහනක් ලෙස 2026.08.27...
08/09/2026

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් පවත්වනු ලබන නායකත්ව හා පෞර්ෂත්ව සංවර්ධන වැඩසටහන් අතරින් සුවිශේෂී වැඩසටහනක් ලෙස 2026.08.27, වන දින සිට 29 වන දින දක්වා කලුතර පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේදී කොලඹ ඩී.එස්.සේනානායක මහා විද්‍යාලයේ සිසුන් සමග පවත්වන ලද වැඩසටහන හුවා දැක්විය හැක.

සිසු දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව, මනා පෞර්ෂය හා කැපවීම ඔප් නැංවෙන ලෙස නිර්මාණය කරන ලද විෂය නිර්දේශයකට අනුව පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසින් පාඨමාලාව පවත්වන ලදි.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී.පෙරේරා මහතාගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත පේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහටන සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

මෙම අවස්ථාව සදහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද දෙමාපියන් රැසක්ද සහභාගී විය

2026.08.18 සහ 19 යන දෙදින තුල පොලිස් ශිෂ්‍යභට මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් බප/පිළියන්දල  මධ්‍යමහා විද්‍යාලයේ  දරු දැරියන...
08/09/2026

2026.08.18 සහ 19 යන දෙදින තුල පොලිස් ශිෂ්‍යභට මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් බප/පිළියන්දල මධ්‍යමහා විද්‍යාලයේ දරු දැරියන් රැසකගේ සහභාගීත්වයෙන් නායකත්වය හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනක් අතිසාර්ථක අන්දමින් පවත්වන ලදි.

එම වැඩසටහනේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සහ න්‍යායාත්මක දේශන බොහෝමයක් සිසු දරු දැරියන් වෙත ලබාදීමට පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ උපදේශක නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරනු ලැබීය.

මෙම සුවිශේෂී වැඩසටහන සදහා පූර්ණ මගපෙන්වීම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී පෙරේරා මහතා විසින් ලබා දෙන ලද අතර පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත පේමරත්න මහතාගේ දායකත්වද ඉතා අගනේය. එමෙන්ම පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරුමහත්මීන් රැසක්ද මෙම වැඩසටහන සදහා සෘජු දායකත්වය ලබා දෙන ලදි.

2026.08.11 වන දින පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ 2026 ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදි.පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ  උපදේ...
11/08/2026

2026.08.11 වන දින පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ 2026 ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදි.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ උපදේශක නිළධරයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කර පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී.පෙරේරා මහතා විසින් ඊට විසදුම් ලබා දීමද මෙම අවස්ථාවේදී සිදුකරන ලදි.

2026.07.09.සහ 10 යන දෙදින තුල පොලිස් ශිෂ්‍යභට මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් කළුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රාථමික අංශ...
14/07/2026

2026.07.09.සහ 10 යන දෙදින තුල පොලිස් ශිෂ්‍යභට මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් කළුතර තිස්ස මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන් රැසකගේ සහභාගීත්වයෙන් නායකත්වය හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනක් අතිසාර්ථක අන්දමින් පවත්වන ලදි.

එම වැඩසටහනේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සහ න්‍යායාත්මක දේශන බොහෝමයක් සිසු දරු දැරියන් වෙත ලබාදීමට පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ උපදේශක නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරනු ලැබීය.

මෙම සුවිශේෂී වැඩසටහන සදහා පූර්ණ මගපෙන්වීම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී පෙරේරා මහතා විසින් ලබා දෙන ලද අතර පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත පේමරත්න මහතාගේ දායකත්වද ඉතා අගනේය.එමෙන්ම කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයභාර විදුහල්පතිතුමිය සහ ගුරුමහත්මීන් රැසක්ද මෙම වැඩසටහන සදහා සෘජු දායකත්වය ලබා දෙන ලදි.

පොලිස් ශිෂ්‍යභට ඒකකය කොට්ඨාසයක් වශයෙන් ස්ථාපිත කර අදට වසර 04 ක් සපිරීම නිමිත්තෙන් සියලුම පළාත් ආවරණය කරමින් ආගමික වැඩසටහ...
17/06/2026

පොලිස් ශිෂ්‍යභට ඒකකය කොට්ඨාසයක් වශයෙන් ස්ථාපිත කර අදට වසර 04 ක් සපිරීම නිමිත්තෙන් සියලුම පළාත් ආවරණය කරමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කරන ලද අතර කලුතර බෝධීන් වහන්සේ අභියස,මහනුවර ශ්‍රී දළදා වහන්සේ අභියස,සබරගමුව සමන් දේවාලය මෙන්ම උතුම් සිද්ධස්ථාන රැසක පිංකම් මාලාවක් සිදු කරන ලදි.

ශිෂ්‍යභට කොට්ඨාසයේ මෙතෙක් ආ ගමන් මගෙහි පූර්වගාමියා ලෙස කටයුතු කරන ලද පූර්වගාමී අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මැතිතුමන් කෘතගුණ පූර්වකව සිහිපත් කරන අතර වත්මන් අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී.පෙරේරා මැතිතුමන්ගේ මෙහෙහවීම සහ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත පේමරත්න මැතිතුමන්ගේ නායකත්වය යටතේ අද වන විට දිවයිනේ පාසල් බොහෝ ප්‍රමාණයක පොලිස් ශිෂ්‍යභට කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් පොලිස්පති කුසලාන ජාතික කදවුරු 05 ක් වාර්ශිකව පවත්වා ඇති අතර බලඇණි ඇගයීම් කදවුරු මෙන්ම පලාත් ඇගයීම් කදවුරු රැසක් පවත්වා විනය ගරුක,නීති ගරුක මෙන්ම ගෞරවාන්විත දරු පරපුරක් සමාජයට දායාද කිරීමට පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිළධාරීන් අපමණ වෙහෙසක් ගනු ලබයි.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අනාගතය වෙනුවෙන් ගරු පොලිස්පති තුමන්, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න මැතිතුමන්,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණුතුමන් නීතිඥ සම්පත් කුමාර ලියනගේ මැතිතුමන්, නියෝජ්‍ය පොලිස්පති බදවා ගැනීම් හා පුහුණු දිසාව ඊ.එම්.ජී.ජගත් සේරම් මැතිතුමන් ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මහත්වරුන් ලබා දෙනු ලබන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරමු.

එමෙන්ම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ උන්නතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් යුතුව උපදේශක දායකත්වය ලබා දෙනු ලබන පරීක්ෂක ශ්‍රේණියේ සහ කණිෂ්ඨ ශ්‍රේණියේ සියලුම උපදේශක නිලධාරී මහත්ම මහත්මීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර විශ්‍රාම ලබා සිටින නිළධරයන්,ස්ථාන මාරු ලබා සිටින සහ මියගිය සියලුම නිලධරයන් ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමු.

පොලිස්පතිතුමාගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති පුහුණු හා උසස් පුහුණුතුමාගේ පූර්ණ මගපෙන්වීම යටතේ නියෝජ්‍ය පො...
13/06/2026

පොලිස්පතිතුමාගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණුතුමාගේ පූර්ණ මගපෙන්වීම යටතේ නියෝජ්‍ය පොලිස්පති බදවා ගැනීම් හා පුහුණු දිසාව තුමාගේ පූර්ණ මගපෙන්වීම යටතේ පොලිස් බාලදක්ෂ නායක පුහුණු අදියර 01 පාඨමාලාව 2026.06.13 වන දින පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේදී ආරම්භ කරන ලදි.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිළධාරී මහත්වරුන් සම්බන්ධීකරණය කරගනිමින් මෙම පාඨමාලාව සිදු කිරීම සදහා මහගු දායකත්වයක් ලබා දෙන ලදි.

එසේම පොලිස් විද්‍යාල කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිළධාරී මහත්වරුන් රැසක් සහභාගී වූ අතර පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ස්ථානාධිපතිතුමන්ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

එසේම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ පූර්ණ උපදේශක දායකත්වයෙන් මෙම වැඩසටහන දෙදින පුරා පැවැත්වීමට නියමිතය.

දැයේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය  කරනුවස්  පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් පවත්වනු ලබන වැඩසටහන් අතරින් 2026.0...
08/06/2026

දැයේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරනුවස් පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් පවත්වනු ලබන වැඩසටහන් අතරින් 2026.06.02 වන දින හා 2026.06.03 යන දෙදින තුල පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේ දී කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ සිසු දැරියන් සදහා නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වැඩසටහනේදී නායකත්වය,සාරධර්ම සංවර්ධනය , භෝජනාගාර සිරිත්, ක්‍රීඩා කුසලතා,අවස්ථානුකූලව කටයුතු කිරිම ශාරීරික අභ්‍යාස , වැනි විෂය පරතරයන් පිලිබද අවබෝධයක් ලබා දීමට කටයුතු කරන ලදි..

මේ අවස්ථාව සදහා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන්,ස්ථානාධිපතිතුමන් ඇතුළු උපදේශක මහත්ම මහත්මීන් රැසක් සහ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන්ද කන්‍යා සොයුරියන් දෙපළක්ද සහභාගී විය.

එසේම නායකත්ව පුහුණුව අවසානයේ සිසු දැරියන්ගේ සුවිශේෂී දක්ෂතා රැසක් සමගින් වැඩසටහන් සමාප්තිය සාර්ථකව සිදු කරන ලදි.

ජගත් පරිසර දිනයට සමගාමීව පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් කලුතර කටුකුරුන්ද වෙරළ උද්‍යාන  පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක...
07/06/2026

ජගත් පරිසර දිනයට සමගාමීව පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් කලුතර කටුකුරුන්ද වෙරළ උද්‍යාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2026.06.04 වන දින කලුතර නාගොඩ නවෝද්‍යා මහ විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කණ්ඩයේ සහ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.

මෙම වැඩසටහන සදහා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී.පෙරේරා මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත පේමරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදි.

එමෙන්ම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ බස්නාහිර පලාත් අධීක්‍ෂණ නිලධාරී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ශිරාණි දමයන්ති මහත්මිය,නාගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ගුරුමහතෙකු සහ එම කණ්ඩභාර උපදේශක පොලිස් සැරයන් පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේ නිළධාරීන් රැසක් සහභාගී විය.

2026.05.23 වන දින පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අර්ධවාර්ෂික පරීක්ෂණය අති උත්කර්ෂවත් අන්දමින් පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේදී පව...
24/05/2026

2026.05.23 වන දින පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අර්ධවාර්ෂික පරීක්ෂණය අති උත්කර්ෂවත් අන්දමින් පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේදී පවත්වන ලද අතර මේ සදහා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂතුමන්,ස්ථානාධිපතිතුමන්, පළාත් අධීක්‍ෂණ නිළධාරීන්,බලඇණි සම්බන්ධීකරණ නිළධාරීන් ඇතුළු දිවයින පුරා පොලිස් ශිෂ්‍යභට පුහුණු කටයුතු සිදුකරනු ලබන උපදේශක නිලධරයන් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ගමන් මගේදී සුවිශේෂී අත්වැලක් සහ මහගු සහයෝගයක් ලබා දුන් පූර්වගාමී ගණකාධිකාරීතුමිය ප්‍ර්‍රාර්ථනා...
24/05/2026

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ ගමන් මගේදී සුවිශේෂී අත්වැලක් සහ මහගු සහයෝගයක් ලබා දුන් පූර්වගාමී ගණකාධිකාරීතුමිය ප්‍ර්‍රාර්ථනා ෆොන්සේකා මැතිණියගේ සේවය ඇගයීම සහ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ රාජකාරි කටයුතු සිදු කර විශ්‍රාම ලැබූ උප පොලිස් පරීක්ෂක ආනන්ද මහතා , උප පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා යන දෙපල වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් 2026.05.22 වන දින පොලිස් ශිෂ්‍යභට මූලස්ථානයේදී පවත්වන ලදි.

Address

Police Cadet Headquarters, Sri Lanka Police College
Kalutara

Telephone

+94342040846

Website

Alerts

Be the first to know and let us send you an email when Police Cadet Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Police Cadet Sri Lanka:

Shortcuts

Share