Value Info SL විශ්ම ලෝකය

Value Info SL විශ්ම ලෝකය විශ්ම ලෝකය වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමි
(216)

අධ්‍යාපනික,සමාජීය,දේශපාලන,,සංස්කෘතික,විද්‍යාත්මක වටිනාකමකින් යුතු ලිපි ඔබගේ කාර්ය බහුල ලෝකයට පහසුවක් වනු පිණිස ඉදිරිපත් කරමි.

iPhone 18 Pro first සිංහල review 🇱🇰 - apple pre order experience - New Zealand Sinhala VideoVideo එක First Comment එකේ  ...
20/09/2026

iPhone 18 Pro first සිංහල review 🇱🇰 - apple pre order experience - New Zealand Sinhala Video

Video එක First Comment එකේ

අපි හැමෝම අහලා තියෙනවා "Love at first sight" හෙවත් "පළමු බැල්මෙන්ම ආදරේ හිතුණා" කියන කතාව. හැබැයි මම කිව්වොත් ඔයාට කෙනෙක...
13/09/2026

අපි හැමෝම අහලා තියෙනවා "Love at first sight" හෙවත් "පළමු බැල්මෙන්ම ආදරේ හිතුණා" කියන කතාව. හැබැයි මම කිව්වොත් ඔයාට කෙනෙක් ගැන මුලින්ම ආකර්ෂණයක් ඇතිවෙන්නේ එයාගේ රූපෙට කලින්, ඔයාගේ නහයට දැනෙන දේ නිසා කියලා, ඔයා ඒක පිළිගන්නවද?

ඔව් මේක ටිකක් අමුතු කතාවක් තමයි. ඔයා සහකරුවෙක් තෝරගනිද්දී, ඔයා නොදැනුවත්වම ඔයාගේ මොළය තනිකරම රසායනාගාරයක් වගේ වැඩ කරනවා. මේකයි ඇත්තම කතාව.

Pheromones එහෙම නැත්තම් ෆෙරමෝන

සත්තුන්ගේ වගේම මිනිස්සුන්ගෙත් ඇඟෙන් පිටවෙනවා, අපි නොදැනුවත්වම අපේ හැඟීම් සහ තොරතුරු අනිත් අයට සම්ප්‍රේෂණය කරන රසායනික ද්‍රව්‍යයක්. මේවට තමයි Pheromones එහෙම නැත්තම් ෆෙරමෝන කියලා කියන්නේ.

හැබැයි සහකරුවන් තෝරාගැනීමේදී මේ සුවඳ පිටිපස්සේ තියෙන ප්‍රධානම විද්‍යාත්මක සාධකය වෙන්නේ, අපේ ඩීඑන්ඒ වල තියෙන MHC (Major Histocompatibility Complex) කියන ජාන කාණ්ඩයයි.

ස්වභාවධර්මයේ පුදුම නීතිය

මේ MHC ජාන වලින් තමයි, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) පාලනය කරන්නේ. ස්වභාවධර්මයේ පුදුම නීතියක් තියෙනවා. ඒ තමයි, ඉපදෙන දරුවන්ට උපරිම ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් (ප්‍රතිශක්තියක්) දෙන්න නම්, දෙමාපියන් දෙන්නගේ MHC ජාන සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ කියන එක.

අපේ ඇඟේ තියෙන මේ MHC ජානවල රටාව, අපේ දාඩිය සුවඳින් (Body odor) පිටවෙනවා. ඉතින් අපේ මොළය යටි හිතෙන් හොයන්නේ, අපිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් MHC ජාන තියෙන, ඒ කියන්නේ අපිට වඩා වෙනස්ම සුවඳක් තියෙන කෙනෙක්වයි.

ක්ලවුස් වෙඩෙකින්ඩ් ගේ "ටී-ෂර්ට් පරීක්ෂණය"

1995 දී ස්විට්සර්ලන්ත ජාතික සත්ත්ව විද්‍යාඥ ක්ලවුස් වෙඩෙකින්ඩ් (Claus Wedekind) විසින් කරපු මේ පරීක්ෂණයෙන් ඔප්පු කළේ, මිනිස්සු තමන්ගේ සහකරුවා තෝරාගැනීමේදී 'සුවඳ' සහ 'ජාන' කොච්චර දුරට බලපානවාද කියන එකයි.

මේ පරීක්ෂණය කළේ කොහොමද දන්නවද ?

පිරිමි ළමුන් පිරිසකට දවස් දෙකක් එකම ටී-ෂර්ට් එකක් අඳින්න දුන්නා.

මේ කාලය ඇතුළත එයාලට පර්ෆියුම්, සබන් හෝ වෙනත් කිසිම කෘත්‍රිම සුවඳක් පාවිච්චි කරන්න තහනම් කළා.

ඊටපස්සේ ඒ දාඩිය සුවඳ තියෙන ටී-ෂර්ට් ටික ගෑනු ළමයින්ට ඉඹලා, ඒ සුවඳ කොච්චර ආකර්ෂණීයද කියලා තීරණය කරන්න කිව්වා.

මෙතනදී හම්බවුණු ප්‍රතිඵලය හරිම අපූරුයි. ගෑනු ළමයි වැඩියෙන්ම ආකර්ෂණය වුණේ තමන්ගේ DNA වල තියෙන MHC (Major Histocompatibility Complex) කියන ප්‍රතිශක්තිකරණ ජානවලට වඩා, සම්පූර්ණයෙන්ම වෙනස් ජාන තියෙන පිරිමින්ගේ දාඩිය සුවඳටයි. තමන්ට සමාන ජාන තියෙන අයගේ සුවඳට එයාලා දැඩිව අකමැති වුණා.

"ෆ්‍රෙන්ඩ් සෝන්" එකට වැටීමේ රසායනය

සමහර වෙලාවට ඔයාට හම්බවෙනවා ඔයාගේ අදහස් වලට 100% ක් ගැලපෙන, මාරම හොඳ යාළුවෙක්. හැබැයි එයාව කසාද බදින්න ඕනේ කියලා කිසිම ආකර්ෂණයක් ඇති වෙන්නේ නෑ. ඇයි මෙහෙම වෙන්නේ? ඔයාගේ මොළය එයාගේ ෆෙරමෝන සුවඳ විශ්ලේෂණය කරලා බලද්දී, එයාගේ MHC ජාන ඔයාගේ ජාන වලට ගොඩක් සමානයි නම්, මොළය එයාව වර්ග කරන්නේ "සහෝදරයෙක් හෝ පවුලේ සාමාජිකයෙක්" විදිහටයි.

හරියට පරිගණකයක එකම ෆෝල්ඩර් එකේ එකම නම තියෙන ෆයිල් දෙකක් සේව් කරන්න බැරුව 'Error' එකක් එනවා වගේ, සමාන ජාන තියෙන අයව සහකරුවන් විදිහට මොළය ප්‍රතික්ෂේප කරනවා.

දාඩිය වලට ඇත්තටම ගඳක් නෑ (The Odorless Sweat)

අපි හිතාගෙන ඉන්නේ දාඩිය කියන්නේ ගඳ ගහන දෙයක් කියලා. හැබැයි ඇත්තම කතාව තමයි අපේ ඇඟෙන් පිටවෙන අලුත් දාඩිය වල කිසිම ගඳක් නෑ. අපේ ඇඟේ තියෙන Apocrine ග්‍රන්ථි වලින් තමයි, මේ ෆෙරමෝන අඩංගු දාඩිය පිටවෙන්නේ. මේ දාඩිය සම මතුපිට තියෙන බැක්ටීරියා එක්ක ප්‍රතික්‍රියා කළාට පස්සේ තමයි, ඒකෙන් සුවඳක් (හෝ ගඳක්) හැදෙන්නේ.

හරියට කිරි ටිකක් එළියේ තිබ්බම ඒකට බැක්ටීරියා එකතු වෙලා යෝගට් හැදෙනවා වගේ. මේ බැක්ටීරියා හැමෝගෙම ඇඟේ එකම විදිහට නෑ. ඒ නිසා තමයි ලෝකේ ඉන්න බිලියන 8ක් මිනිස්සුන්ට බිලියන 8ක වෙනස් සුවඳවල් තියෙන්නේ.

ඔයා කන දේ අනුව ඔයාගේ ආකර්ෂණය වෙනස් වෙනවා (The Diet Factor)

අපි ගන්න ආහාර අපේ ශරීරයේ සුවඳට, ඒ කියන්නේ අපේ ෆෙරමෝන වලට කෙලින්ම බලපානවා. අපි කන දේවල් ජීර්ණය කරන්නේ අපේ බඩවැල් වල ඉන්න ක්ෂුද්‍රජීවීන් (Gut microbiome) විසිනුයි. මේ ක්ෂුද්‍රජීවීන් පිටකරන රසායනික ද්‍රව්‍ය අපේ දාඩිය හරහා එළියට එනවා. විශේෂයෙන්ම සුදුළූණු, මස් වර්ග අධිකව කන අයගේ දාඩිය සුවඳ අනිත් අයට දැනෙන විදිහ වෙනස්. සෞඛ්‍ය සම්පන්න කෑම කන කෙනෙක්ගේ ඇඟෙන් පිටවෙන ෆෙරමෝන, අනිත් අයට ගොඩක් ආකර්ෂණීය විදිහටයි දැනෙන්නේ.

හැබැයි අද සමාජයේ මේ ස්වභාවික ලොජික් එක සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙන්නේ. ඒකට පලවෙනි හේතුව තමයි පර්ෆියුම් සහ ඩියෝඩ්‍රන්ට්. අපි හැමෝම කෘත්‍රිම සුවඳ විලවුන් ගහලා ස්වභාවික Pheromones සුවඳ වහගන්නවා. මේ නිසා මොළයට හරිම කෙනා හොයාගන්න තියෙන සංඥාව බ්ලොක් වෙනවා.

ඉතින් මේ විදියට බැලුවම ආදරය කියන්නේ අහසින් කඩාපාත් වෙන මැජික් එකක් නෙමෙයි. ඒක අපේ පැවැත්ම තහවුරු කරන්න ස්වභාවධර්මය හදපු අතිශය සංකීර්ණ රසායනික සමීකරණයක්. අපි කෘත්‍රිම දේවල් වලින් ඒක වහන්න වහන්න, වෙන්නේ අපි ජීව විද්‍යාත්මකව අපිට නොගැලපෙන තැන්වල හිරවෙන එකයි.

භූමිකම්පාවකින් ඇත්තටම මිනිසුන්ගේ ජිවිත වලට ලොකු හානියක් කරන්නේ නෑ. අපේ අත් වලින්ම හදපු ගොඩනැගිලි තමයි ලොකුම හානිය කරන්නේ...
12/09/2026

භූමිකම්පාවකින් ඇත්තටම මිනිසුන්ගේ ජිවිත වලට ලොකු හානියක් කරන්නේ නෑ. අපේ අත් වලින්ම හදපු ගොඩනැගිලි තමයි ලොකුම හානිය කරන්නේ." මේ කතාව ඇහුවම ඔයාට මොකද හිතෙන්නේ? ඉන්න මම පැහැදිලි කරන්නම්.

වසර කීපයකට කලින් ජපානයේ ඉෂිකාවා (Ishikawa) ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.5ක දැවැන්ත භූමිකම්පාවක් ආවා ඔයාට සමහරවිට මතක ඇති. එකෙන් ගෙවල් 270ක් විතර සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

හැබැයි 2005 කාශ්මීරයේ, මේ හා සමාන රිච්ටර් මාපකයේ 7.6ක් සටහන් වූ භූමිකම්පාවක් එද්දී, ගොඩනැගිලි 30,000කට වඩා බිමට සමතලා වෙලා තිබුණා. එතකොට කොහොමද එකම ප්‍රමාණයේ පොළව හෙල්ලිමකින් , ජපානයට විතරක් මේ තරම් අඩු හානියක් වුණේ ?

සාමාන්‍යයෙන් ලංකාවේ අපි හිතන්නේ ගොඩනැගිල්ලක් ශක්තිමත්ව, හෙල්ලෙන්නේ නැති වෙන්න හැදුවම, ඒක ආරක්ෂිතයි කියලා. ඒත් ජපානයේ ඉංජිනේරුවන්ගේ ලොජික් එක ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. එයාලා විශ්වාස කරන්නේ "පොළොව හෙල්ලෙද්දී ඒකට විරුද්ධව හිටගෙන ඉන්නවට වඩා, ඒකත් එක්කම හෙල්ලෙන එක" තමයි හරියන්නේ කියලා. ඒකට කියන්නේ Flexibility එහෙමත් නැත්තම් නම්‍යශීලි බව කියලා.

මේක හරියට දැවැන්ත සුළඟක් එද්දී ලොකු කඳක් තියෙන මහ ගහක් දෙකට කැඩිලා යනකොට, බට පඳුරක් සුළඟ එන පැත්තට නැමිලා ආයෙත් කෙලින් වෙනවා වගේ වැඩක්. ජපානයේ ගොඩනැගිලි හදන්නෙත් අන්න ඒ බට පඳුරේ න්‍යායට.

Base Isolation එහෙමත් නැත්තම් පදනම හුදකලා කිරීම කියන්නේ මේකේ පලවෙනි ක්‍රමය. විශේෂයෙන්ම රෝහල් වගේ වැදගත් ගොඩනැගිලි පොළොවට තදින් සවි කරන්නේ නෑ. ඒ වෙනුවට ගොඩනැගිල්ල රඳවන්නේ ලොකු රබර් බේයාරිං (Rubber bearings) හෝ ස්ප්‍රිං පද්ධති උඩ. එතකොට පොළොව හෙල්ලුණත් ගොඩනැගිල්ලට ඒක ලොකුවට දැනෙන්නේ නෑ.

ඊළහට ඔවුන් භාවිතා කරනවා Dampers (ඩෑම්පර්ස්). අහස සිඹින ගොඩනැගිලි ඇතුළේ පෙන්ඩුලම් වගේ එල්ලෙන ලොකු බර දේවල් තියෙනවා. භූමිකම්පාවකදී ගොඩනැගිල්ල එක පැත්තකට යද්දී, මේ පෙන්ඩුලම් එක අනිත් පැත්තට ගිහින් බැලන්ස් කරනවා.

හැබැයි ජපානයට මේවා අලුත් තාක්ෂණයක් නෙවෙයි. ජපානයේ අවුරුදු සිය ගාණක් පරණ ලී වලින් හදපු පන්සල් (Pagodas) තාමත් තියෙනවා. 1995 කෝබේ භූමිකම්පාවෙන් අලුත් ගොඩනැගිලි කැඩිලා යද්දී 17 වැනි සියවසේ හදපු මීටර් 55ක් උස 'ටෝජි' පන්සලට මුකුත් වුණේ නෑ. ඒකට හේතුව "ෂින්බෂිරා" (Shinbashira) කියන මධ්‍යම කුළුණ. ඒ කුළුණයි, ගොඩනැගිල්ලේ තට්ටුයි භූමිකම්පාවකදී එකිනෙකට විරුද්ධ පැතිවලට හෙල්ලෙනවා හරියට සර්පයෙක් ඇදෙනවා වගේ. ඒකෙන් කම්පනය ශුන්‍ය වෙලා යනවා.

දවසකට සාමාන්‍යයෙන් භූමිකම්පා 3ක් හෝ 4ක් ජපානයේ කොහේ හරි තැනක සිද්ධ වෙනවා. ඒක නිසා ජපානයට මේක අද ඊයේ වුණු දෙයක් නෙමෙයි. අවුරුදු දහස් ගාණක ඉඳන් එයාලා ජීවත් වෙන්නේ මේ කම්පනත් එක්කයි.

ජපානය පිහිටලා තියෙන්නේ ලෝකයේ භයානකම භූ විද්‍යාත්මක කලාපයක් වෙන "Pacific Ring of Fire" හෙවත් පැසිෆික් ගිනි වළල්ල උඩ. පෘථිවියේ තියෙන ප්‍රධාන භූ තැටි (Tectonic plates) හතරක් එකිනෙක ගැටෙන හරිම සංවේදී තැනක තමයි ජපානය පිහිටලා තියෙන්නේ.

මේ නිසාම රිච්ටර් මාපකයේ 3ක 4ක පොඩි කම්පනයක් ආවට ජපන් ජාතිකයෝ ඒක ගණන් ගන්නේවත් නෑ, කෝපි එකක් බොන ගමන් තමන්ගේ වැඩක් කරගෙන ඉන්න තරමට, ඒක එයාලගේ ජීවිතවලට සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි. හැබැයි මේකේ යථාර්ථය හරිම භයානකයි.

අර භූ තැටි හැප්පෙද්දී ඒ තැටි අතරේ හිරවෙලා එකතුවෙන දැවැන්ත ශක්තිය එකපාරටම පිටවුණොත්, 2011 දී ආපු මහා භූමිකම්පාව වගේ, අතිවිශාල විනාශයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජපානයට භූමිකම්පා කියන්නේ සාමාන්‍ය දෙයක් වුණාට, එයාලා හැම තත්පරේම ජීවත් වෙන්නේ මහා දැවැන්ත ජීවිත අවදානමක් සාක්කුවේ දාගෙනයි.

ජපානය මේ වෙනකන් සාර්ථකයි. ටෝකියෝ නගරයේ මීටර් 150ට වඩා උස ගොඩනැගිලි 270කට වඩා තියෙනවා. හැබැයි ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ගෙලර් කියන විදිහට, මේ ගොඩනැගිලිවල ආරක්ෂාව ගොඩක් දුරට තහවුරු කරලා තියෙන්නේ Computer Simulations (පරිගණක ආකෘති) වලින්.

ඉදිරි අවුරුදු 30 ඇතුළත ටෝකියෝ නගරයට කෙලින්ම ලොකු භූමිකම්පාවක් එන්න 70%ක සම්භාවිතාවක් තියෙනවා කියලා අනතුරු අඟවලා තියෙනවා. එදාට මේ computer වල පාස් වෙච්ච ඩිසයින් ඇත්ත ලෝකේ ප්‍රායෝගිකව කොහොම වැඩ කරයිද කියලා හරියටම බලාගන්න පුළුවන් වෙයි.

ඔයා දන්නවාද මිනිස්සු කොහේ ගියත්  කිසිම බයක් නැතුව උඩුබැලි අතට නිදාගන්නේ ඇයි කියලා? එතකොට පිටසක්වල ජීවීන් ගැන මේ තරම් වද ...
22/08/2026

ඔයා දන්නවාද මිනිස්සු කොහේ ගියත් කිසිම බයක් නැතුව උඩුබැලි අතට නිදාගන්නේ ඇයි කියලා? එතකොට පිටසක්වල ජීවීන් ගැන මේ තරම් වද වෙන්නේ , ඇත්තටම විශ්වය ගැන තියෙන කුතුහලයටද, නැත්නම් අපේ මේ සුවපහසු නින්දට කොහෙන් හරි බාධාවක් වෙයි කියන බයටද?

විද්‍යාත්මකව බැලුවොත්, ඕනෑම සතෙක්ගේ බඩ ප්‍රදේශය සහ උගුර කියන්නේ, එයාගේ ශරීරයේ තියෙන සංවේදීම සහ අනතුරකට ලක්වෙන්න පුළුවන් ලේසිම තැන්. අපි අනිත් සත්තුන්ට වඩා ආහාර දාමයේ ඉහළට ආවේ, අපේ ශරීරයේ හයිය නිසා නෙවෙයි. ගෙවල් හදන්න, ආයුධ පාවිච්චි කරන්න අපේ මොළේට තියෙන සුපිරි හැකියාව නිසයි.

ඒ හදාගත්තු ආරක්ෂිත වටපිටාව නිසා, බය නැතුව අපේ දුර්වලම තැන් නිරාවරණය කරගෙන නිදාගන්න අපේ මොළය පුරුදු වෙලා තියෙනවා. හැබැයි කැලේ ඉන්න මුවෙක් , හාවෙක් කවදාවත් කකුල් හතර දිග ඇරගෙන උඩුබැලි අතට නිදාගන්නේ නෑ. ඌ නිදාගන්නේ ගුලිවෙලා, තමන්ගේ බඩවැල් ටික ආරක්ෂා කරගෙන, ඕනෙම වෙලාවක පැනලා දුවන්න ලෑස්ති වෙලා.

හැබැයි අපි ගේ ඇතුළේ දොරවල් ලොක් කරගෙන ඉන්න නිසා අපිට ඒ බය නෑ. අපි නිදාගන්නේ හරියට මුළු ලෝකෙම අපිට අයිතියි වගේ. හැබැයි තරු අතරින් පෘථිවියට එන්න තරම් තාක්ෂණයෙන් දියුණු පිටසක්වල ජීවියෙක් ආවොත්, අපි තවදුරටත් ආහාර දාමයේ උඩම ඉන්න සතා වෙන්නේ නෑ. හරියට කැලේ ඉන්න මුවාට සිංහයෙක් හම්බුණා වගේ, අපිටත් අපේ 'රජකම' අහිමි වෙනවා.

ඇත්තටම අපි අභ්‍යවකාශය දිහා බලලා පිටසක්වලයන්ව හොයන්නේ ආදරේකට නෙවෙයි, මේ විශ්වය ඇතුළේ අපි නිකන්ම නිකන් ගොදුරක් වෙයිද කියන සහජ බයටයි. අපේ ඊගෝ එකට ඒක දරාගන්න බෑ.

කුඹි වගේ පොඩි සත්තු මිනිස්සු තරම් ලොකු වෙන්නේ නැත්තේ ඇයි ?

ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවාද මනුස්සයෙක්ගේ සයිස් එකේ කූඹියෙක් හිටියොත් ඌට මොකද වෙන්නේ කියලා? නැත්නම් ඇයි මේ ලෝකේ කවදාවත් 'ගොඩ්සිලා' වගේ සත්තු ඉන්න බැරි කියලා දන්නවාද? භෞතික විද්‍යාවේ නීති, එක එක සයිස් වලට වැඩ කරන්නේ එක එක විදිහට. මේකට අපි කියනවා වර්ග-ඝනකම නියමය (Square-Cube Law) කියලා.

යම්කිසි සතෙක්ගේ හෝ දෙයක ප්‍රමාණය අපි දෙගුණයක් කළොත්, උගේ මතුපිට වර්ගඵලය (Surface Area - කකුල් වල හරස්කඩ වගේ දේවල්) හතර ගුණයකින් වැඩි වෙනවා. හැබැයි, උගේ පරිමාව (Volume - ඒ කියන්නේ මුළු බර) අට ගුණයකින් වැඩි වෙනවා! ඒ කියන්නේ සතෙක් ලොකු වෙද්දි, ඌට දරාගන්න තියෙන බර උගේ කකුල් වල හයියට වඩා ගොඩක් වේගයෙන් වැඩි වෙනවා.

හිතන්න කූඹියෙක්ව ඔයාගේ සයිස් එකට ලොකු කරනවා කියලා. උගේ බර දහස් ගාණකින් වැඩි වෙනවා. හැබැයි උගේ සිහින් කකුල් ඒ බර දරාගන්න තරම් මහත් වෙන්නේ නෑ. ප්‍රතිඵලය? ඌ අඩියක් තියන්නත් කලින් උගේම ලොකු බරට උගේ කකුල් ටික කුඩුපට්ටම් වෙලා යනවා. අලියෙකුට මහත කණු වගේ කකුල් තියෙන්නෙත්, කූඹියෙකුට සිහින් කකුල් තියෙන්නෙත් අන්න ඒ විද්‍යාත්මක නියමය නිසයි.

පරිමාණයේ මායාව (The Illusion of Scale)

අපි අපිට වඩා ලොකු දේවල් එක්ක සංසන්දනය කරද්දි අපිව කුඩා වෙනවා. හැබැයි අපි අණු (molecules) සහ පරමාණු (atoms) එක්ක බැලුවොත් අපි තමයි මේ විශ්වයේ ඉන්න දැවැන්තයෝ.

විද්‍යාත්මකව බැලුවොත්, දුර සහ කාලය කියන්නේ එකිනෙකට තදින්ම බැඳිලා තියෙන දේවල්. පරමාණුවක් ඇතුළේ තියෙන දුරවල් අතිශයින්ම කුඩායි. ඒ නිසා එතන තියෙන රසායනික හා භෞතික බලවේග වලට එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්න යන කාලය ඇසිපිය ගහනවාටත් වඩා බිලියන ගාණකින් අඩුයි. ඒ මට්ටමේදී ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ අතිවිශාල වේගයකින්.

මේක හරිම සරලව මෙහෙම හිතන්න. අලියෙක්ගේ හදවත විනාඩියකට ගැහෙන්නේ වාර 30ක් විතර. හැබැයි පුංචි මීයෙක්ගේ හදවත විනාඩියකට වාර 500කට වඩා ගැහෙනවා. සතා පොඩි වෙන්න පොඩි වෙන්න, එයාගේ ඇඟේ ක්‍රියාවලි වේගවත් වෙනවා. දැන් හිතන්න පරමාණුවක් සයිස් ජීවියෙක් හිටියොත්? උගේ 'හදවත' තත්පරේකට කෝටි වාරයක් ගැහෙයි! ඉතින් ඌට අපිව පේන්නේ හරියට කිසිම චලනයක් නැති, ගල් වෙච්ච පිළිම වගේ. අපිට තත්පරයක් කියන්නේ උන්ට පරම්පරා ගාණක ජීවිත කාලයක් වෙන්න පුළුවන්.

අපි වෙනත් ජීවියෙක්ගේ ඇඟ ඇතුළේද?

අපි වෙනත් දැවැන්ත ජීවියෙකුගේ බඩවැල් වල ඉන්න ක්ෂුද්‍ර ජීවී පද්ධතියක කොටසක්ද කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ, මොකද අපිට අපේ සීමාවෙන් එළියට ගිහින් ඒක පරීක්ෂා කරලා බලන්න තාක්ෂණයක් නෑ.

හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය මේකයි. ඒ දේ ඇත්ත වුණත් නැතත්, ඒකෙන් ඔයාගේ ජීවිතේ අරමුණයි, වටිනාකමයි බිංදුවට වැටෙන්නේ නෑ. අපි මේ අනන්ත විශ්වයේ පොඩි තිතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අනන්ත වූ විශ්වය ගැන හිතන්න, ඒකේ නීති තේරුම් ගන්න පුළුවන් මොළයක් අපිට තියෙනවා කියන එකම කොච්චර පවර්ෆුල්ද?

"ඔබ වැඩිපුරම කාලය ගත කරන පුද්ගලයන් පස් දෙනාගේ සාමාන්‍යය ඔබයි." - මෙහෙම කිව්වේ ජිම් රෝන් (Jim Rohn)ඔයා දන්නවද මිලියන ගාණක...
02/06/2026

"ඔබ වැඩිපුරම කාලය ගත කරන පුද්ගලයන් පස් දෙනාගේ සාමාන්‍යය ඔබයි." - මෙහෙම කිව්වේ ජිම් රෝන් (Jim Rohn)

ඔයා දන්නවද මිලියන ගාණක් මිනිස්සුන්ගේ අවධානය දිනාගත්ත, දැවැන්ත ව්‍යාපෘති ගොඩනගන මිනිස්සු පිටිපස්සේ තියෙන ලොකුම රහස මොකක්ද කියලා? ඒක එයාලගේ අමුතු දක්ෂතාවයවත්, අතේ තියෙන සල්ලිවත් නෙවෙයි. ඔයා කොච්චර දුරක් යනවද කියන එක තීරණය කරන ඒ රහස හැංගිලා තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් එකේ.

මම ඔයාට කෙලින්ම කියන්නම්. ඔයා හිතනවා නම් ඔයාගේ ලොකු අදහස් විතරක් ඔලුවේ තියාගෙන, තනියම කාමරේකට වෙලා හැමදේම ජයගන්න පුළුවන් කියලා, ඔයා ඉන්නේ ලොකු මුලාවක. ඔයාගේ ජීවිතේ මට්ටම (standards) තීරණය වෙන්නේ ඔයාට හැමතිස්සෙම ළඟින්ම ඉන්න මිනිස්සුන්ගෙන්. ඔයා වටේ ඉන්නේ සීමාවන් ඇතුළේ හිරවෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සු නම්, ඔයත් නිකම්ම නිකන් සාමාන්‍ය කෙනෙක් විතරක් වෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි ඒ අය තමන්ගේ සීමාවන් කඩාගෙන යන්න try කරන අය නම්, ඔයාටත් ඒ දේ කරන්න ලොකු pressure එකක් එනවා.

මේක නිකන්ම කියන කතාවක් නෙවෙයි. මේක පිටිපස්සේ පැහැදිලි විද්‍යාවක් තියෙනවා. අපේ මොළයේ තියෙනවා 'Mirror Neurons' කියලා සෛල ජාලයක්. ඒ වගේම මනෝවිද්‍යාවේ මේ ක්‍රියාවලියට කියනවා 'Social Contagion' (සමාජ බෝවීම) කියලා. සරලවම කිව්වොත්, අපේ මොළය ස්වභාවයෙන්ම හැඩගැහිලා තියෙන්නේ අපි අවට ඉන්න මිනිස්සුන්ගේ හැඟීම්, පුරුදු සහ වැඩ කරන standard එක කොපි කරලා ඒකට හැඩගැහෙන්න.

හිතන්න ඔයා යකඩ බට පාවිච්චි කරලා, ප්ලයිවුඩ් ගහලා ගෙදරට ලොකු රාක්කයක් හදන්න වෙල්ඩින් කරනවා කියලා. ඔයා වටේ ඉන්නේ "ඕක ඔහොම ගැටගහලා දාමු, කවුද ඕවා බලන්නේ" කියන කම්මැලි අය නම්, ඔයත් ටික වෙලාවකින් මහන්සි වුණාම ඒ මට්ටමටම වැඩේ බාල කරලා අතහරිනවා. හැබැයි ඔයා වටේ ඉන්නේ මිලිමීටරේටම මැනලා, මලකඩ ටික සුද්ද කරලා වැඩේ 100% ක් perfection එකටම කරන මිනිස්සු නම්, ඔයාගේ මොළයත් ස්වයංක්‍රීයවම අර උසස් standard එකට හැඩගැහෙනවා. ඔයාටත් හොරෙන් ඔයාගේ වැඩත් පිළිවෙල වෙනවා.

ඔයාගේ කවයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන 5 දෙනා

ඔයාගේ ඉලක්කවලට යන්න නම්, නිකන්ම යාළුවෝ නෙවෙයි, මේ කියන වර්ග 5 දෙනා ඔයාගේ වටේ තියාගන්නම ඕන. මේ අය තමයි ඔයාගේ ගමන bulletproof කරන්නේ.

The Inspired (අලුත් විදිහට හිතන අය) - අනිත් හැමෝම බාධාවල් ගැන මැසිවිලි නගද්දී, ඒ අස්සෙන් අවස්ථා දකින මිනිස්සු මේ. ඔයාගේ අදහස් එකතැනක හිරවුණ වෙලාවට, ලෝකය දිහා අලුත් විදිහට බලන්න මේ අයගෙන් උදව් ගන්න. එයාලගේ දැවැන්ත හීන, ඔයාගේ හීනවල සීමාවන් පුළුල් කරනවා.

The Motivated (නොනැවතී වැඩ කරන අය) - "මටත් මීට වඩා දෙයක් කරන්න පුළුවන් නේද" කියලා ඔයාටම හිතෙන විදිහේ උත්සාහවන්ත අය. ඔයාට කම්මැලි හිතිලා වැඩ නවත්වන්න හිතෙන දවස්වලට, එයාලගේ වේගයට (speed) match වෙන්න try කරන්න. එයාලගේ consistency එක ඔයාගේ standard එක කරගන්න.

The Passionate (කැපවීමෙන් වැඩ කරන අය) - ඔයා යම් දෙයක් මුලින්ම පටන්ගත්තේ ඇයි කියන අරමුණ මතක් කරලා දෙන්නේ මේ අයයි. ඔයාගේ motivation එක අඩු වෙන වෙලාවට, එයාලගේ ඒ අභ්‍යන්තර drive එකෙන් ශක්තියක් ගන්න.

The Grateful (කෘතඥ වෙන, සතුටු වෙන අය) -හැමතිස්සෙම ඊළඟ ටාගට් එක පස්සේ විතරක් දුවන්නේ නැතුව, දැනටමත් දිනාගෙන තියෙන දේවල් ගැන සතුටු වෙන්න දන්න අය. දිගුකාලීන ගමනක් burn out වෙන්නේ නැතුව යන්න මේ අයගේ මානසිකත්වය ගොඩක් වටිනවා.

The Open-Minded (විවෘත මනසක් තියෙන අය) - මේ අය ඔයාගේ චරිතයට පහර දෙන්නේ නැහැ, හැබැයි ඔයාගේ අදහස් කුඩුපට්ටම් වෙනකම් ප්‍රශ්න කරනවා (question කරනවා). ඒ විවේචන ඔයාගේ තීරණ bulletproof කරගන්න ලොකුම ආයුධයක් කරගන්න.

එහෙනම් ඔයාගේ ජීවිතේ වගේම වෘත්තීය ගමනෙත් ගන්න පුළුවන් වටිනාම, හැබැයි ගොඩක් අය මගහැරලා දාන තීරණය තමයි තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ව තෝරාගන්න එක. ඔයාගේ නෙට්වර්ක් එක නිකන්ම ඔයාව සාර්ථක කරන්නේ නැහැ. ඒක හරියටම ෆිල්ටර් කරලා ගත්තොත් විතරයි ඔයාට වේගයෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා වෙනත් ඕනෑම ආයෝජනයකට වඩා, ඔයා වටේ ඉන්න අය ගැන දැඩිව සැලකිලිමත් වෙන්න.

ලෝකයේ ඉන්න බිලියන 8ක් වෙන මුළු මිනිස් සංහතියම,  එකම එක ඇපල් ගෙඩියක් ඇතුළට ඔබන්න පුළුවන් කියලා, කවුරු හරි ඔයාට කිව්වොත් ම...
19/05/2026

ලෝකයේ ඉන්න බිලියන 8ක් වෙන මුළු මිනිස් සංහතියම, එකම එක ඇපල් ගෙඩියක් ඇතුළට ඔබන්න පුළුවන් කියලා, කවුරු හරි ඔයාට කිව්වොත් මොකද හිතන්නේ ? මේක විහිළුවක් නෙවෙයි, නූතන ක්වොන්ටම් භෞතික විද්‍යාවට (Quantum Physics) අනුව සහමුලින්ම ඇත්තක්!

අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙන්නේ මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම—මේස, පුටු, ගල්, පර්වත, වගේම අපේ සිරුර පවා හැදිලා තියෙන්නේ "පදාර්ථයෙන්" කියලයි. ඒ කියන්නේ ගඩොල් කැට වගේ එකට තද වෙලා බැඳුණු පරමාණු (Atoms) වලින් කියලා. පරමාණුවක් කියන්නේ කිසියම් පදාර්ථයක් රසායනිකව බෙදන්න පුළුවන් (එම මූලද්‍රව්‍යයේ ගුණ රැකෙන) කුඩාම ඒකකයට. හැබැයි විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙනවා, පරමාණුවක් ඇතුළේ තියෙන ඇත්තම තත්ත්වය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කියලා.

ඕනෑම පරමාණුවක ඇතුළතින් 99.9999999999999% ක්ම තියෙන්නේ නිකම්ම නිකන් හිස් අවකාශය (Empty Space)!

පරමාණුවක් හැදිලා තියෙන්නේ , එහි මැද තියෙන න්‍යෂ්ටිය (Nucleus) සහ ඒ වටේට කැරකෙන ඉලෙක්ට්‍රෝන (Electrons) වලින්. මේකේ තියෙන හිස්තැන තේරුම් ගන්න අපි මෙන්න මේ වගේ සරල උදාහරණයක් හිතමු:

අපි හිතමු පරමාණුවක මැද තියෙන න්‍යෂ්ටිය R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මැද තියන එකම එක "රබර් ඇටයක්" වගේ දෙයක් කියලා. එතකොට ඒ වටේට සුපිරි වේගයකින් කැරකෙන ඉලෙක්ට්‍රෝන පිහිටා තියෙන්නේ ස්ටේඩියම් එකේ අන්තිම පේළියේ වටේටමයි. දැන් හිතන්න, ක්‍රීඩාංගනය මැද තියෙන රබර් ඇටයයි, අන්තිම පේළියයි අතර මැද තියෙන මුළු ක්‍රීඩාංගණයටම මොකද වෙන්නේ? ඒ මුළු අවකාශයම සම්පූර්ණයෙන්ම හිස්!

අන්න ඒ වගේ, අපේ සිරුරේ තියෙන බිලියන ප්‍රකෝටි ගණනක් වුණු හැම පරමාණුවක් ඇතුළෙම තියෙන්නේ මෙන්න මේ වගේ දැවැන්ත හිස් අවකාශයක්. එතකොට මේ ලෝකේ තියෙන හැමදේම හිස් අවකාශයක් නම්, ඇයි අපිට මේසයක් උඩින් අත තියද්දී , ඒක පසාරු කරගෙන යන්නේ නැත්තේ?" කියන ප්‍රශ්නය ඔයාට විතරක් නෙවෙයි, මුලින්ම ඕක හොයාගත්ත විද්‍යාඥයන්ටත් ආවා.

මේක පැහැදිලි කර ගන්න , ඔයාගේ කාමරයේ සිවිලිම් ෆැන් එක ගැන හිතන්න. ඒක නිවාලා තියෙද්දී ඔයාට පේනවා පෙති 3ක් හෝ 4ක් තියෙනවා, ඒ පෙති දෙකක් අතර මැද ඕනෑතරම් "හිස් ඉඩක්" තියෙනවා කියලා. ඒ හිස්තැනෙන් අපිට ඕන නම් අතක් දාන්නත් පුළුවන්. හැබැයි, දැන් ෆෑන් එක සුපිරිම වේගයකින් (Full Speed) දාන්න.

දැන් ඔයාට පෙති වෙන් වෙන්ව පේන්නේ නැහැ. ඒ වෙනුවට පේන්නේ එක දිගට තියෙන "ඝන වටකුරු තැටියක්" වගේ නේද? දැන් ඔන්න ඔය කැරකෙන ෆෑන් එක අස්සට ඔයා අතක් දාන්න හැදුවොත් මොකද වෙන්නේ? ඒකෙන් පාරක් වැදිලා ඔයාගේ අත විසි වෙනවා. ඔයාට දැනෙන්නේ එතන "ඝන බාධකයක්" තියෙනවා වගේ.

ඇත්තටම එතන මුළු ඉඩම පිරුණු ඝන තැටියක් තියෙනවාද? නැහැ! එතන තියෙන්නේ හිස්තැනක්. හැබැයි පෙති කැරකෙන වේගය සහ බලය නිසා එතන ඝනත්වයක් මවාපානවා. පරමාණුවල ඉලෙක්ට්‍රෝන කැරකෙන්නෙත් ඔන්න ඔය වගේ සුපිරි වේගයකින්.

මේක තව දුරටත් පැහැදිලි කර ගන්න කාන්දම් කැලි දෙකේ උදාහරණය බලමු.

ඔයා පොඩි කාලේ කාන්දම් කෑලි දෙකක් අරන් සෙල්ලම් කරලා ඇතිනේ. කාන්දම් දෙකක එකම පැති (සජාතීය ධ්‍රැව - උදාහරණයකට උත්තර ධ්‍රැව දෙක) ළං කරද්දී මොකද වෙන්නේ? ඒවා එකිනෙකා තල්ලු කරනවා. අපිට ඒ දෙක එකතු කරන්නම බැහැ. හැබැයි ඔය කාන්දම් දෙක මැද වාතය ඇරෙන්න වෙන කිසිම ඝන දෙයක් තියෙනවාද? නැහැ. මැද තියෙන්නේ හිස් ඉඩක්. හැබැයි ඔයාට දැනෙනවා නේද මැද නොපෙනෙන "තද බිත්තියක්" තියෙනවා වගේ එකිනෙකා තල්ලු කරනවා? අන්න ඒකම තමයි පරමාණු ඇතුළෙත් වෙන්නේ!

ඇත්තටම අපේ අත මේසය උඩ තියද්දී වෙන්නේ මොකක්ද?

අපේ අත හැදිලා තියෙන්නෙත් පරමාණුවලින්, මේසය හැදිලා තියෙන්නෙත් පරමාණුවලින්. මේ හැම පරමාණුවකම පිටතින්ම තියෙන්නේ "ඉලෙක්ට්‍රෝන" (Electrons). මේ ඉලෙක්ට්‍රෝන සතු වෙන්නේ සෘණ (-) විද්‍යුත් ආරෝපණයක්.

අර කාන්දම් දෙකේ එකම පැති ළං කරද්දී තල්ලු වුණා වගේ, ඔයාගේ අතේ තියෙන සෘණ (-) ඉලෙක්ට්‍රෝන, මේසයේ තියෙන සෘණ (-) ඉලෙක්ට්‍රෝන ළඟට යද්දී, ඒවා එකිනෙකා සුපිරි බලයකින් විකර්ෂණය කරනවා (තල්ලු කරනවා).

ඔයා අත මේසය උඩ තියන් ඉන්නවා කිව්වට, විද්‍යාත්මකව ඔයාගේ අත මේසයේ ඇත්තටම ගෑවෙන්නේ නැහැ! ඔයා කරන්නේ මේසයේ පරමාණුවලින් නිකුත් කරන "විද්‍යුත් චුම්බක බලය" (Electromagnetic Force) උඩ ඔයාගේ අත පා කරගෙන ඉන්න එකයි.

අන්න ඒ නොපෙනෙන බලවේගයන්ගේ තල්ලු කිරීම තමයි අපේ මොළයට "ආ... මේක ඝන මේසයක්, මේක බිත්තියක්" කියලා සංඥාවක් විදිහට දැනෙන්නේ.

දැන් තේරුණා නේද? ලෝකේ හැමදේම හිස් අවකාශයක් තමයි, හැබැයි ඒ හිස්තැන් ඇතුළේ තියෙන බලවේග (Forces) නිසා අපිට ඒක ඝනකමට අහුවෙනවා!

එතකොට ඇපල් ගෙඩියේ කතාව ඇත්ත වෙන්නේ කොහොමද? දැන් අපි අර මුලින්ම කියපු ඇපල් ගෙඩියේ තර්කයට එමු.

ලෝකයේ ඉන්න බිලියන 8ක ජනගහනයෙන් හැම කෙනෙක්ම හැදිලා තියෙන්නෙත් මේ වගේ පරමාණුවලින්. අපි හැමෝගේම සිරුරුවල තියෙන පරමාණුවල අර මම කියපු 99.9999999999999% ක් වුණු "හිස් අවකාශය" (Empty Space) ඔක්කොම එකතු කරලා, වැකියුම් (Vacuum) එකකින් වගේ උරාගෙන සහමුලින්ම ඉවත් කළොත් මොකද වෙන්නේ?

අන්න ඒ හිස්තැන් අයින් කරලා, ඉතිරි වෙන ඇත්තම ඇත්ත පදාර්ථය (Mass) විතරක් එකතු කළොත්, මුළු බිලියන 8 ක මිනිස්සුන්ගේම ප්‍රමාණය එකම එක ඇපල් ගෙඩියක තරමට කුඩා වෙනවා!

හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා...

ඒ ඇපල් ගෙඩියේ ප්‍රමාණයට හැකුළුණු මිනිස් සංහතිය අපිට ඇපල් ගෙඩියක් වගේ අතට ගන්න නම් බැහැ. මොකද ඒකේ ප්‍රමාණය ඇපල් ගෙඩියක් වුණාට, බිලියන 8ක මිනිස්සුන්ගේ මුළු බරම (Weight) ඒ පුංචි ඇපල් ගෙඩිය ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ ඒක ලෝකයේ තියෙන බරම, ඝනත්වයෙන් අධිකම ඇපල් ගෙඩිය වෙයි!

අපි මේ දකින ඝන, විශාල ලෝකය කියන්නේ ඇත්තටම පරමාණුවල තියෙන හිස් අවකාශය සහ බලවේග එකතු වෙලා මවන පුදුමාකාර මායාවක් කියන එක දැන් පැහැදිලියි නේද?

"හැමෝම දන්නවා අකුණක් ගහද්දී ගෙදර ට්‍රිප් ස්විචය (Trip Switch) ඕෆ් වෙනවා කියලා. හැබැයි ඒක වෙන්නේ ඇයි? ඒකෙන් අපේ ගෙවල් ආරක...
16/05/2026

"හැමෝම දන්නවා අකුණක් ගහද්දී ගෙදර ට්‍රිප් ස්විචය (Trip Switch) ඕෆ් වෙනවා කියලා. හැබැයි ඒක වෙන්නේ ඇයි? ඒකෙන් අපේ ගෙවල් ආරක්ෂා වෙන්නේ කොහොමද? කියන දේවල් ගැන ගොඩක් අයට ලොකු අවබෝධයක් නෑ.

සරලවම කිව්වොත්, ට්‍රිප් ස්විචය කියන්නේ අපේ ගෙදර කරන්ට් එක ගලාගෙන යන එක මනින පරීක්ෂක මහතෙක් වගේ කෙනෙක්. එයා හැමතිස්සෙම බලන් ඉන්නේ ගෙට ඇතුළු වෙන කරන්ට් එකයි, වැඩේ ඉවර වෙලා ආපහු එළියට යන කරන්ට් එකයි සමානද කියලා.

අකුණක් ගැහුවම , ඒක කෙලින්ම අපේ ගෙදරට නොවැදුණත්, ගෙදර කිට්ටුව තියෙන ලයින් එකකට හෝ පොළොවට වැදුණත්, ඒකෙන් ලොකු විදුලි බලයක් (Surge එකක්) වයර් දිගේ ගලාගෙන එනවා. මේක නිකන් හරියට එකපාරටම ලොකු වතුර පාරක් බටයකින් එනවා වගේ වැඩක්.

මේ වගේ අධික විදුලි බලයක් එකපාරටම එද්දී, ගෙදර තියෙන බල්බ්, ටීවී, ෆ්‍රිජ් වගේ උපකරණවලට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඒවයේ තියෙන වයර්වලින් හෝ පරිපථවලින් (Circuits) විදුලිය පිටතට පනිනවා. එහෙම නැත්නම්, වයර් හරහා යන විදුලියෙන් කොටසක් ගෙදර තියෙන අර්ත් වයර් එක (Earth Wire) දිගේ පොළොවට කාන්දු වෙන්න (Leak වෙන්න) පටන් ගන්නවා.

ඔන්න දැන් Trip Switch එක වැඩේට බහිනවා. එයා දකිනවා දැන් ගෙට ඇතුළු වෙන කරන්ට් එකයි, ආපහු යන කරන්ට් එකයි සමාන නැහැ කියලා. මොකද කරන්ට් එකෙන් කොටසක් අර්ත් එක දිගේ පොළොවට ලීක් වෙලා ඉවරයි.

හිතන්න ඔයා බටයකින් වතුර යවනවා. බටේ මුලින් වතුර ලීටර් 10ක් යවද්දී, අනිත් කෙළවරින් ලීටර් 10ක්ම එන්න ඕනේ. හැබැයි බටේ මැදින් හිලක් හැදිලා වතුර ලීටර් 2ක් බිමට වැටුණොත්, අන්තිමට ලැබෙන්නේ ලීටර් 8යි. අන්න ඒ වගේ, කරන්ට් එකේ මෙන්න මේ වෙනස , මිලිඇම්පියර් 30ක් වගේ පුංචි වෙනසක් දැක්ක ගමන්, ට්‍රිප් ස්විචය තත්පරයෙන් පංගුවකින් 'ටක්' ගාලා ඕෆ් වෙලා මුළු ගෙදරම විදුලිය විසන්ධි කරනවා.

මෙහෙම ට්‍රිප් ස්විචය ඕෆ් නොවුණොත්, අර අකුණෙන් ආපු අධික විදුලි සැර නිසා ගෙදර තියෙන මිල අධික බඩු ඔක්කොම පිච්චිලා විනාශ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මිනිහෙක්ට කරන්ට් එක වැදුණත් ට්‍රිප් ස්විචය කරන්නේ මේ දේමයි.

කෙටියෙන්ම කිව්වොත්, අකුණක් ගහද්දී ට්‍රිප් ස්විචය ඕෆ් වෙන්නේ ගෙදර උපකරණවලින් හෝ වයර්වලින් විදුලිය කාන්දු වීමක් (Leak එකක්) හඳුනාගන්නා නිසයි. ඒක අපේ ආරක්ෂාවට සිද්ධ වෙන හොඳ දෙයක්."

අකුණක් ගැහුවට පස්සේ ට්‍රිප් ස්විචය ඕෆ් වෙන්නේ අපේම ආරක්ෂාවට කියලා දැන් පැහැදිලියිනේ. හැබැයි ඒ වෙලාවට ගොඩක් අය කලබල වෙලා කරන වැරදි වැඩ කිහිපයක් තියෙනවා. ඒ වැරදි නිසා ජීවිත අවදානමක් වගේම බඩු බාහිරාදියට ලොකු හානියක් වෙන්න පුළුවන්.

අකුණක් ගැසුවාට පසු නැවත ට්‍රිප් ස්විචය දාද්දී නොකළ යුතු ප්‍රධානතම දේවල් මෙන්න

1. වැස්ස සහ අකුණු ගසන වෙලාවේදීම ට්‍රිප් එක දැමීම

අකුණු ගහන එක සම්පූර්ණයෙන්ම නතර වෙනකම් ට්‍රිප් ස්විචය ආපහු උඩට උස්සන්න (On කරන්න) යන්න එපා. මොකද, එක අකුණක් ගැහුවට පස්සේ ඊළඟ තත්පර කිහිපයේදී තවත් අකුණක් වදින්න පුළුවන්. ඒ වෙලාවේ ඔයා ස්විචය අල්ලන් හිටියොත් අධික විදුලි සැර කෙලින්ම ඔයාගේ ඇඟට එන්න පුළුවන්. වැස්ස සහ අකුණු සම්පූර්ණයෙන්ම අඩු වෙනකම් ඉවසන්න.

2. තෙත අතින් හෝ පාවහන් රහිතව ස්විචය ඇල්ලීම

කලබලයට බිම වතුර තියෙද්දී, සෙරෙප්පු දෙකක් දාන්නේ නැතුව, නැත්නම් අත් දෙක තෙත පිටින් ට්‍රිප් ස්විචය ඔන් කරන්න යන්න එපා. මොකද අකුණ වැදිලා මේන් බෝඩ් එක ඇතුළේ වයර් එකක් උණුවෙලා බොඩි වෙලා තිබුණොත්, ස්විචය අල්ලපු සැනින් ඔයාට දරුණු ලෙස කරන්ට් එක වදින්න පුළුවන්.

3. ගෙදර බඩු වල ප්ලග් ගලවන්නේ නැතුව ට්‍රිප් එක දැමීම

මේක තමයි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද: ට්‍රිප් එක ඕෆ් වුණේ අකුණ නිසා වයර් එකකට හෝ මොකක් හරි උපකරණයකට හානි වුණු නිසා වෙන්න පුළුවන්. ඒ දේවල් ඒ විදිහටම තියෙද්දී ට්‍රිප් එක දැම්මොත්, ටීවී, ෆ්‍රිජ්, රවුටර් වගේ දේවල් සම්පූර්ණයෙන්ම පිච්චිලා යන්න පුළුවන්.

කරන්න ඕනේ දේ: ට්‍රිප් එක දාන්න කලින්, ගෙදර තියෙන වටිනා ඉලෙක්ට්‍රොනික බඩු වල ප්ලග් (Plugs) सॉකට් එකෙන් ගලවලා දාන්න. ඊට පස්සේ ට්‍රිප් එක දාලා, එකින් එක බඩු ප්ලග් කරලා බලන්න.

4. ට්‍රිප් එක බහින කොට බලහත්කාරයෙන් උඩට කර තැබීම

සමහර වෙලාවට ට්‍රිප් එක ඔන් කරපු ගමන් ආයෙත් 'ටක්' ගාලා බහිනවා (Trip වෙනවා). අන්න ඒ වෙලාවට සමහරු කරන්නේ ස්විචය බලහත්කාරයෙන් උඩටම තද කරගෙන ඉන්න එක. ඒක මාරම අනතුරුදායකයි! එහෙම වෙන්නේ ගෙදර පද්ධතියේ කොහේ හරි තැනක තවමත් Short එකක් (කෙටි පරිපථයක්) හෝ කරන්ට් ලීක් එකක් තියෙන නිසයි. බලෙන් උඩට කරන් හිටියොත් වයර් රත් වෙලා ගෙදර ගිනි ගන්න වුණත් පුළුවන්.

5. මේන් ස්විචය (Main Switch) ඕෆ් නොකර ට්‍රිප් එක දැමීම

නියම ක්‍රමය තමයි, ට්‍රිප් එක දාන්න කලින් ප්‍රධාන මේන් ස්විචය (Main Switch) ඕෆ් කරලා ඉන්න එක. ඊට පස්සේ ට්‍රිප් ස්විචය උඩට දාලා, අවසානයට මේන් ස්විචය ඔන් කරන්න ඕනේ. එහෙම නැතුව එකපාරටම ට්‍රිප් එක දාන්න ගියොත් ලොකු ස්පාර්ක් එකක් (Spark) වෙන්න පුළුවන්.

කෙටියෙන් මතක තියාගන්න

අකුණක් ගැහුවම කලබල වෙන්න එපා. වැස්ස තුරාලනකම් ඉන්න. වටිනා බඩු වල ප්ලග් ගලවන්න. කකුලට සෙරෙප්පු දෙකක් දාලා, වියළි අතින් ට්‍රිප් එක දාන්න. හැබැයි එක දිගටම ට්‍රිප් එක බහිනවා නම්, බලෙන් දාන්න යන්නේ නැතුව ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ලවා වයරින් එක පරික්ෂා කරගන්න.

12/05/2026

තෙවන ඇස කියන්නේ බොරුවක් නෙවෙයි - විද්‍යාඥයින් මිනිසාගේ නළල මැද තිබෙන තෙවන ඇස සොයාගනී !

Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209

මේ කියන්න යන්නේ ව්‍යාපාරිකයෙක් ඉතාම සුක්ෂමව සම්පූර්ණ ගමක්ම මංකොල්ල කාපු කතාවක්.  ඒ වගේම ගමේ මිනිස්සුත් ඒක කරන්න එයාට උදව...
11/05/2026

මේ කියන්න යන්නේ ව්‍යාපාරිකයෙක් ඉතාම සුක්ෂමව සම්පූර්ණ ගමක්ම මංකොල්ල කාපු කතාවක්. ඒ වගේම ගමේ මිනිස්සුත් ඒක කරන්න එයාට උදව් කළා.

එක්තරා නාදුනන මනුස්සයෙක් ඇමරිකාවේ පොඩි ගම්මානයකට එනවා. එතකොට ගමේ කුකුළෙක් ඩොලර් 7 ගානේ තමයි අලෙවිය සිද්ධ උනේ. හැබයි මේ මනුස්සයා කුකුළෙක්ට ඩොලර් 10ක් දෙන්නම් කිව්වා.

එක ගොවියෙක් හිතුවා 'මේ මනුස්සයාට පිස්සුද කොහෙද, මගේ කුකුල්ලු සේරම මෙයාට විකුණනවා' කියලා, එයා කුකුළන් 120ක් විකුණලා, ඩොලර් 1,200ක් සාක්කුවේ දාගත්තා. එයා ගෙදර ගියේ හරියට මහා මොළකාරයෙක් වගේ දැනීමකින්.

දවස් දෙකකට පස්සේ මේ මනුස්සයා ආපහු කුකුල්ලු ගන්න ගමට ආවා. මේ පාර ඔහු කුකුළෙක්ට ඩොලර් 30 ගානේ ගෙවනවා කිව්වා. ගොවියා තමන්ගේ ළඟ හිටපු අන්තිම කුකුළන් 30 දෙනාත් ඇසිපිය ගහන පමාවෙන් ඔහුට විකුණලා දැම්මා.

මේ ආරංචිය, ලැව්ගින්නක් වගේ මුළු ගම පුරාම පැතිරුණා. හැමෝම තමන් සතු කුකුළන් සේරම විකුණුවා, පැය ගාණක් ඇතුළත ඩොලර් 15,000ක කුකුළන් මේ අලුත් ව්‍යාපාරිකයා මිලදී ගත්තා. ගමේ කුකුල්ලු ඔක්කොම ඉවරයි.

දැන් තමයි වැඩේ භයානක වෙන්නේ. ව්‍යාපාරිකයා ඊට පස්සේ ඒ ලගම දවසක, තුන්වෙනි පාරටත් ගමට එනවා. මේ පාර කුකුළෙක්ට ඩොලර් 100ක් ! මේ පාර ඉහළම මිලක් ! ගමේ මිනිස්සුන්ට පිස්සු හැදුණා වගේ වුණා. හැබැයි මාර වැඩේ. විකුණන්න කොහෙවත් කුකුළන් හොයා ගන්න නැහැ. හැමෝම සේරම වැඩ නවත්තලා කුකුලන් ගන්න පුළුවන් තැන් හෙව්වා. මේ අතරේ කෙනෙක් හොයාගත්තා, ළඟ තියෙන ගොවිපළක කුකුළෙක් ඩොලර් 80 ගානේ විකුණනවා කියලා. එතන ගමටම ඇති තරම් කුකුල්ලුත් හිටියා.

"හරි ... අපි 80ට අරගෙන 100ට විකුණමු, එක කුකුළෙක්ගෙන් ලේසියෙන්ම ඩොලර් 20ක ලාභයක්!" ගමේ මිනිස්සු මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතා ගත්තා ! ඔවුන් තමන්ගේ ජීවිත කාලෙම එකතු කරපු ඉතුරුම් සල්ලි ඩොලර් 40,000ක් විතර එකතු කරලා, ඩොලර් 80 ගානේ කුකුළන් පන්සීයක් මිලදී ගත්තා, අපි දිනුම්. දැන් ඔවුන් ධනවත් වෙන්නයි යන්නේ, ඔවුන් හිතුවේ එහෙමයි.

හැබැයි ඒ විදියට මිලදී ගත්තු කුකුළන් විකුණන්න ගෙනාවම, ව්‍යාපාරිකයා ඔවුන් දිහා බලලා උරහිස් ඇකිලුවා. "අයියෝ මේ දැන් මාර්කට් එක දරුණුවටම කඩාගෙන වැටුණා, මට දැන් කුකුලෙකුට දෙන්න පුළුවන් උපරිම ගාන ඩොලර් 5යි."

මිනිස්සු වියදම් කරපු ඩොලර් 40,000න් හොයාගත්තේ 2,500යි, ඩොලර් 37,500ක්ම නැති වුණා. මුළු ගමම නිහඬ වුණා. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ , ඔවුන් කුකුළන් මිලදී ගත්තු, ඒ ළඟ තිබුණු ගොවිපළ , අර ව්‍යාපාරිකයාගේම එකක් බව. පළවෙනි සහ දෙවෙනි දවසේදී මිලදී ගත් සේරම කුකුලන් ටික තමයි , ඒ ගොවිපලේ ඔහු නැවත අලෙවිය සදහා තියා තිබුණේ.

ඇත්තටම එයාට තමන්ගේ කියලා එක කුකුළෙක්වත් හිටියේ නෑ, ලොකු අවදානමක් ගත්තෙත් නෑ. හැබැයි එයා ඩොලර් 23,800ක ලාභයක් අරගෙන යන්න ගියා, හරිම පිරිසිදුව, නිහඬව, නීත්‍යානුකූලව.

ගමේ මිනිස්සු සෙල්ලම් කළේ දාම්, හැබැයි එයා සෙල්ලම් කළේ චෙස්. භයානකම කොටස තමයි, එයා එක පාරක්වත් බොරු කිව්වේ නෑ. එයා තේරුම් ගත්තා, ගමේ මිනිස්සුන්ට තේරුණේ නැති දෙයක්, ඒ තමයි "තොරතුරු කියන්නේ නියම මුදල් ඒකකය" කියන එක. ඔයාටත් ගමේ මිනිස්සු වගේ නෙවෙයි. මේ ව්‍යාපාරිකයා වගේ හිතන්න ඕනේ නම් , අඩුම ගාණේ මේ වගේ සෙල්ලම් වලට අහු නොවී ඉන්න ඕනේ නම් අපේ ෆේස්බුක් පිටුව මේ දැන්ම ෆලෝ කරන්න.

එක්තරා කෝටිපතියෙක් උදේ හයට පොඩි කොෆි ෂොප් එකකට ආවා.සේරම පුටු හිස් , පාරිභෝගිකයෝ ඇත්තෙම නෑ.  සද්දයක් නැති කෝපි මැෂින් එකක...
11/05/2026

එක්තරා කෝටිපතියෙක් උදේ හයට පොඩි කොෆි ෂොප් එකකට ආවා.
සේරම පුටු හිස් , පාරිභෝගිකයෝ ඇත්තෙම නෑ. සද්දයක් නැති කෝපි මැෂින් එකක්.

ඊයේ සේල්ස් වුණේ ඩොලර් 312 යි. රෙන්ට් එක ඩොලර් 3,800 යි. කඩේ අයිතිකාරයා මූණ අතගාන ගමන් හෙමිහිට මෙහෙම කිව්වා, "මේ වගේ තව එක මාසයක් ගියොත්, මම ඉවරයි."

කෝටිපතියා බ්ලැක් කෝපි එකක් ඕඩර් කළා.

එක උගුරක් බීලා, එයා ඇහුවා, "ඔයා මාසෙකට කොච්චර හොයනවාද?"
"ආසන්නව ඩොලර් 8,000 ක ආදායමක්." "ඒත් ලාභයක් නෑ," අයිතිකාරයා උත්තර දුන්නා.

කෝටිපතියා ඔළුව වැනුවා. හරිනේ ඉතීම් ..."ඔයා කරන්නේ කෝපි විකුණන එක මිසක් , බිස්නස් එකක් කරන එක නෙවෙයි."

"එහෙම කියන්නේ කොහොමද ? මම දවසට පැය 14 ක් වැඩ කරනවා." අයිතිකාරයා වික්ෂිප්ත වෙලා කිව්වා,

"අන්න ඒකයි ඔයා හිරවෙලා ඉන්නේ," කෝටිපතියා උත්තර දුන්නා. ඊට පස්සේ එයා පුදුම හිතෙන දෙයක් කිව්වා.

හෙට ඉදන් ඔයා කෝපි නිකන් දෙන්න.

අයිතිකාරයා ගල් ගැහුණා. නිකන් කෝපි දෙන එකෙන් මම විනාශ වෙයි. කෝටිපතියා හිනා වුණා.

ඔයා කොහොමත් දැන් විනාශ වෙමින්නේ ඉන්නේ. මේකෙන් තමයි ඔයාව බේරගන්නේ.

පහුවෙනිදා උදේ, කඩේ අයිතිකරු බෝඩ් එකක් දැම්මා.

නිකන් කෝපි
වෙන කිසිම කොන්දේසියක් නෑ.

ගොඩක් මිනිස්සු කඩේ ගාව නැවතුණා. එයාලා ඇතුළට ආවා. කැෆේ එක පිරුණා. ඊට පස්සේ අමුතුම දෙයක් වුණා.

මිනිස්සු කඩේ ඇතුලේ ගොඩක් වෙලා හිටියා.
ඔයාලා ගාව ෂෝර්ට් Eats / ස්නැක්ස් තියෙනවාද?
ඔව්, ඩොලර් 4 යි.
අමතර එස්ප්‍රෙසෝ ෂොට් එකක්?
ඔව්, ඩොලර් 2 යි.
වයි-ෆයි?
ඔව්, විනාඩි 30 ක් නිකන්.
අන්ලිමිටඩ් පාවිච්චි කරනවා නම් ඩොලර් 5 යි.
එදා දවසේ ආදායම ඩොලර් 780 කට ගියා.

කෝපි දුන්නේ නිකන්. හැබැයි සිස්ටම් එක නිකන් නෙවෙයි. කෝටිපතියා ආයෙත් ඇවිත් මේක පැහැදිලි කළා.

දවසකට මිනිස්සු 300 ක් නිකන් කෝපි බොන්න එනවා. ඒකෙන් 40% ක් මොනවා හරි දෙයක් සල්ලි දීලා ගන්නවා.
ඒ කියන්නේ කස්ටමර්ස්ලා 120 ක්.

කස්ටමර්ස්ලා 120 වතාවක් ඩොලර් 8 ගානේ සමානයි දවසකට ඩොලර් 960 යි.
ඩොලර් 960 වතාවක් දවස් 30 සමානයි මාසෙකට ඩොලර් 28,800 යි.

මේකට මාසෙකට ඩොලර් 25 ගානේ කොෆි ෂොප් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකකුත් අපි හදුන්වා දෙමු
අඩුම ගානේ මිනිස්සු 400 ක් එකතු වුණොත්, එතන තවත් ඩොලර් 10,000 ක්. ඊවෙන්ට්ස් සහ අත්දැකීම් එකතු කළාම මුළු ගාන මාසෙකට ඩොලර් 50,000 ක් වෙනවා.

අයිතිකාරයාට අන්තිමේදී තේරුණා.

දුප්පත් මනසක් තියෙන අය අහන්නේ, "මට කොච්චර ගාණක් අය කරන්න පුළුවන්ද?" පොහොසත් මනසක් තියෙන අය අහන්නේ, "මට මේකෙන් ක්‍රම කීයකින් සල්ලි එන්න පුළුවන්ද?"

සල්ලි එන්නේ මහන්සි වෙලා වැඩ කරන එක පස්සේ නෙවෙයි. සල්ලි එන්නේ මොලෙන් කල්පනා කරලා හදන සිස්ටම්ස් පස්සේ.

Address

Heenatiyangala
Kalutara South
12000

Alerts

Be the first to know and let us send you an email when Value Info SL විශ්ම ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share