"අයියේ, පර්සනල් පෝස්ට් එහෙම ෆේස්බුක් දාන එක අව්ල් නේද?"
Personal Posts "Humanise" You while Authority Posts Build "Credibility"
Blace Academy
Blace is the place where we learn about business language and creative education. We believe design is the most powerful tool in the world.
Because, everything we see around us creates an experience either it created by nature or design by a human.
11/07/2022
කැමති අය එන්න.. පුළුවන් විදිහට උදව්කරගමු.
Join the Blace Academy Discord Server! Check out the Blace Academy community on Discord - hang out with 1 other members and enjoy free voice and text chat.
10/04/2021
මම පොඩි හරි දෙයක් ඔයාලාට කරානම්, ඔයාලා මට ස්තූතියි කරන්න පුළුවන් හොදම විදිහ තමයි මේ...
–––
අද මේ මැසේජ් එක එව්වේ, අසනීපෙන් ඉන්න අම්මටත් ආදරෙන් සලකගෙන, ප්‍රශ්න ගොඩක් මැද්දෙන්, එයාගේ අසනිප තත්වයනුත් දරාගෙන, ජීවිතය ජයගන්න උත්සාහ කරන දක්ශ ඩිසයින් කරන නංගි කෙනෙක්...
____
ආයෙමත් අපි චැනල් එක කරමු මේ වැඩ ටික හෙමින් ඉවර වුණාම... මෙහෙම දෙයක් දැක්කම මාර සතුටුයි. නියමයි දිගටම කරගෙන යන්න... ජයවේවා!!!
13/03/2021
Dribbble Invites 3ක් තියෙනවා, දක්ෂ 3කට දෙන්න පුළුවන්...
Send me your portfolio or work along with your name & email address to [email protected]
–––––––––
මේක මොකක්ද?
Dribbble යනු ලොව පුරා සිටින නිර්මාණකරුවන් සහ නිර්මාණාත්මක කුසලතා සොයා ගැනීම හා සම්බන්ධ කිරීම සඳහා වන සයිට් එකක්... Dribbble, ලොව හොඳම නිර්මාණ-ඉදිරියට යන සමාගම් කිහිපයකට ඔවුන්ගේ නිර්මාණ කණ්ඩායම් සඳහා නිරාවරණ ලබා ගැනීමට සහ විශේෂ නිර්මාණකරුවන් බඳවා ගැනීමට ඔවුන්ට උදව් කරයි.
කාටද මේක?
හොද ඩිසයිනර් කෙනෙක්ට තමන්ගේ වැඩ දාලා වැඩ හොයාගන්න පුළුවන් සයිට් එකක්... හරියට පෝර්ට්පෝලියෝ එකක් වගේ....
11/03/2021
මම පොඩි හරි දෙයක් ඔයාලාට කරානම්, ඔයාලා මට ස්තූතියි කරන්න පුළුවන් හොදම විදිහ තමයි මේ...
ආයෙමත් අපි චැනල් එක කරමු මේ වැඩ ටික හෙමින් ඉවර වුණාම... උදේ පාන්දර මෙහෙම දෙයක් දැක්කම මාර සතුටුයි. නියමයි මල්ලි දිගටම කරගෙන යන්න... ජයවේවා!!!
10/01/2021
Join me and Niroshan Madampitige are LIVE now! We are talking about Finding Your Niche and Personal Branding. If you are new to this or want to optimize your , this is for you!
https://www.youtube.com/watch?v=9kg_GCHjQgc
lanka
Find Your Niche Find your passion, your niche and optimize your personal brand!In order to help you figure out your passion and your niche - to help you with some great prod...
16/12/2020
මාත් ඩිසයිනර් කෙනෙක් විදිහට නිසි මගපෙන්වීමක් නැතිව ගොඩක් කාලයක් මහන්සියක් වගේම ගොඩක් ලොකු පසුබෑම්, වැරදීම් වගේම කෙටි මාර්ගවල ගිහින් කාලය නාස්ති කරගත්තු කෙනෙක්. මේ තත්වය නැති කරන්න.. අනාගතයේදී බිහිවන නිර්මාපකයන්ට සහය වෙන්න මට වගකීමක් තියෙනවා කියන එක මම අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි මට අවශ්‍යය වුනේ අපේ නිර්මාපකයන් අතරට ගිහින් හොයාගන්න තියෙන ගැටළු වගේම දෙන්න පුළුවන් විසදුම් මොනාද කියන එක. ලංකාවේ දක්ශ ඩිසයිනර්ස්ලා, ඩිසයිනර්ස්ලා වෙන්න පුළුවන් දක්ශතා තියෙන අය ඉන්නවා.. ඒත් එයාලා කොහෙමද එයාලා වැඩි වටිනාකමක් ගන්නේ කියන කාරනය පෙරදැරි කරගෙන පටන් ගත්ත චැනල් එකක් තමයි මේ බ්ලේස් ඇකඩමි (Blace Academy) කියන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වුණේ නිර්මාපකයන්ට වැඩි වටිනාකමක් ලබාගන්න, නිවැරදි මාර්ග හොයාගන්න පුළුවන් විදි ගැන කතාකරපු එක.
හදිසියෙම කරගෙන ආපු චැනල් එක මට නවතන්න සිද්ද වෙනවා මේ ඇතිවුණ තත්වයත් එක්ක… චැනල් එකේ අන්තිම වීඩියෝ එක දාලා දැනට දවස් දෙසීයක් වෙනවා කියලා හිතාගන්නත් බෑ. නවත්තන්න හිතාගෙන දැම්ම අන්තිම වීඩියෝ එකත් නිමෙයි මේ... ඒත් කොරෝනා නිසා ඇති වෙච්ච බලපෑමෙන් ගොඩයන්න කරගෙන ආපු දේවල් ටිකක් වෙනස් කරන්න වුණා වගේම… මම චැනල් එක වටා ඉන්න අයට දෙන්න ඕන දේ මොකක්ද කියන එක හරියටම අවබෝධ කරගත්ත නිසා වෙනස් ආරක දෙයක් කරන්න ඕන කියන තැන මම හිටියා.
හැමෝම ඇහුවා ඇයි නැවැත්තුවේ චැනල් එක කියලා. මම දැනගත්තා මම වැටුන වැඩ රාමුව හා ජීවන රටාව එක්ක වීඩියෝ එකක් කරන්න තියෙන හිතේ නිදහස මෙන්ම වටපිටාවත් නිර්මාණය නොවන බව… ඒ නිසා දෙන දෙයක් හරියට දෙනවා මේ හැමදේම නිරාකරණය කරාම කියන තැනට මම ආවා… හොද අනුකූලතාවයක් පවත්වාගෙන වීඩියෝ දාන්න බැරි නිසා තමයි තාවකාලිකව වීඩියෝ දාන එක නැවැත්තුවේ… නමුත් හදවතින්ම ආසයි නැවතත් අළුත්ම ආරක කන්ටෙන්ට් ටිකක් කරන්න වෙනස් විදිහකට වගේ. ඒක නිසා දැනට මතක තියාගන්න චැනල් එක ලඟදීම නැවත ඇක්ටිව් වෙනවා කියලා.
බ්ලේස් ඇකඩමි (Blace Academy) චැනල් එක ආයෙත් අළුත්ම විදිහකට එයි ලඟදීම… එහෙනම් අළුත් කන්ටෙන්ට් අරගෙන ලඟදීම එන්නම්… ජයවේවා.
04/11/2020
එහෙනම් හෙට ලයිව් එකට සෙට්වෙන්න... ජයවේවා!!
දැනුම බෙදාහදා ගන්න branding සහ ui ux design ගැන පොඩි ඔන්ලයින් වැඩසටහනක් කරන්න හිතුවා. මෙහිදි වැඩි අවධානය යොමු වෙන්නේ මූලිකව අපි කොහෙමද mobile app එකකට brand එකක් හදාගන්නේ සහ ඒ වෙනුවෙන් හොද ui ux එකක් create කරන්නේ කියන කාරනා පිළිබඳව සැකෙවින් කතාකරන්න.
ඉතින් ඔයාලාට තියෙන ගැටළුත් අරගෙන කට්ටියම අපේ Online Entrepreneurs Club පිටුවට හෙට සවස 3.00ට තියෙන facebook live එකට එන්න.
එහෙනම් හෙට සෙට් වෙමු. ජයවේවා!
30/08/2020
මගේ චැනල් එකේ fiverr කරන්න එපා කියලා දාපූ video බලපු අයියා කෙනෙක් මට ඊයේ call එකක් දුන්නා
අයියා – මල්ලි ඔයා fiverr එකට බැනලා හරි views අරගෙන adsense ගේමක් ගැහුවා නේද?
මම – ඔයා මගේ අනිත් video බැළුවද?
අයියා – මට ඒවා බලන්න දෙයක් නෑ. මට පේනවා ඔයාගේ game එක
මම – අනිත් ටිකත් කැමතිනම් බලලා අපි කථාකරමු. මම ගේමක් ගැහුවානම් තමයි bro, හැබැයි ඔයා කියනවිදිහේ adsense ගේමක් නිමෙයි. video බලන්න බැරිනම් videos යට තියෙන comments ටික බල්න්නකෝ බලලා call එකක් දෙන්න.
ඉතින් ඒ අයියාටයි, නොදන්න අනිත් අයටයි අද මම කියන්න යන්නේ මගේ youtube යූටියුබ් නාටකය (කෙරැවාව) ගැන. ගිය අව්රැද්දේ මාර්තු-මැයි වල වගේ ඉදලා පටං ගත්තු මගේ blace academy (sinhala) කියන channel එකට දැන් අව්රැදු එකහාමාරක් වගේ වෙනවා.
මම youtube කරන්නේ adsense සල්ලි හොයන්න නිමෙයි. සල්ලි හොයන්නනම් channel එක කරන්න යන time එකේ මට හොද freelance ගේම් එකක් ගහන්න පුළුවන්. ඉතින් මම channel එක කරන්නේ මගේ හිතේ තියෙන අරමුණක් ඉශ්ඨකරගන්න විතරයි.
මුදල් $66.81 හා subscribers 8,592 ක් සමඟ facebook likes 5,106ක්, 2,476ක facebook group සමූහයක් ඉතින් අනිවාර්යයෙන්ම මේ කාලය තුල එකතු කරගත් 16,000ක් වගේ වෙච්ච සියළුම දෙනාම මට ගොඩක් වටිනවා. මොකද හැමදාම කියනවා වගේ මම channel එක පටන් ගත්තේ ගොඩක් ලොකු කැපකිරීමක් කරලා සහ ලොකු අරමුණක් එක්කව. ඒක තමයි “අපි අපිට වැඩි වටිනාකමක් ගන්නේ කොහොමද?” කියන කරැණ මුල් කරගෙනයි. “මම කොහෙමද ලංකාවේ freelance ගේම් එකේ ඉන්න (mainly ඩිසයින් කරන) අයට branding ගැන, clients හොයාගන්න හැටි, කොහෙමද flatform වලින් මිදිලා තමන්ගේම කියලා client base එකක් හදාගන්නේ කියන දේවල්” මගේ තියෙන පලපුරැද්ද හැකියාව අනුව කියලා දෙන්න.
මොකද මම හොදින් දන්නවා internet එකේ තියෙන දේවල් ලංකාවේ කෙනෙක් විදිහට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ඇති ගැටළු මොනවාද කියලා. ඒ වගේම ඉතාමත් පොඩි තැනක ඉදලා යම් තැනකට එන්න මට තිබුණ බාධක, මම කරපු වැරදි වගේම හොද දේවල් සේරම පිළිබඳව සමූහ සාකච්චාවක් ගෙනත් දෙන්න. මොකද මට පැහැදිලිව ලංකාවේ අයගේ තියෙන ගැටළු මට තේරෙනවා. හැකියාවන් හොදින් අඳුරනවා. ඉතින් වචනෙකින් හරි උදව්වක් වෙන්න පුළුවන් කියලා හිතෙන නිසා තමයි මම මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.
තවත් වැදගත් දෙයක්, youtube adsense වලින් ගේමක් ගහන්න හදන අය ටිකක් හොදට හිතලා බලන්න මොනවගේ දෙයක්ද කල යුත්තේ කියලා. මොකද ගොඩක් අය හිතනවා channel එකක් හදලා හොද content දැම්මම ඇති කියලා. නැත්තං කොහොම හරි subscribers ගහල watch housrs ගහලා monatized කරාම සේරම ගොඩ කියලා. දැනටත් ගොඩක් අය මගෙන් අහනවා අයියා ගොඩ නේද අයියා දැන් channel එකත් ගොඩ ඇවිත් නේ කියලා. මම ඒක නිසා තමයි මේ screenshots ටික දැම්මේ හැමෝටම පෙන්වන්න youtube කියන්නේ වෙනස්ම දෙයක් කියලා. මම හිතන විදිහට සල්ලි හොයන අරමුණනම් ඇත්තටම contentn වගේම මිනිස්ස වැඩි පිරිසක් බලනවාද යන්න වගේම views වැඩියෙන් එන පොදු දෙයක් කරන එක තමයි හොදම. නැත්නම් වෙන්නේ මේ වගේ result එකක් තමයි.
එහෙනම් කොල්ලෝ කෙල්ලෝ අපි ගියා. – ගිහිං එන්නම් ලඟදිම අමුතුම විදිහකට.. ලංකාවටම ඇවිත්... ජය වේවා. මම Charith Weerasooriya
16/07/2020
වාණිජමය නිර්මාණයක් හා කලා කෘතියක්/කළා නිර්මාණයක් අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් වාණිජමය නිර්මාණයක් හොද හෝ නරක පිළිබදව පැහැදිලි නිර්ණයක් ලබාගැනීමට අපි නිරන්තරයෙන් එම නිර්මාණයේ ඇති අරමුණ පැහැදිලිව තේරැම් ගත යුතුයි.
ලෝගෝ නිර්මාණය පිළිබදව විවිද මති මතාන්තර හා විවිද කාරණා මම නිතරම Groups වල දකිනවා ඉතින් මට හිතුනා ඒගැන දෙයක් කියන්න.
පිට පෙනුමෙන් ලෝගෝ එක හොදද නැද්ද කියන්න ඉතාමත් අමාරැයි... ඒක නිර්ණය කරන්න විවධ හේතු සාධක වැදගත්වෙනවා. හරිමයට අපි මිනිසෙක් හඳුනාගන්න උත්සාහ කරනවා වගේ... ලෝගෝ එකත් හරියට මනුස්සයෙක් වගේ... මුහුණ කියන්නේ ලෝගෝ එක... අපි එහෙමයි ඕනම මිනිසෙක්ව අදුරගන්නේ... ඉතින් මුහුණ බලලා සාත්තර කියනවා වගේ ලෝගෝ එක බලලා හොද නරක කියන එක අසාධාරණයි. (think like a designer don't act like a one)
කර්නල්ගේ මූණ දාලා KFC ලෝගෝ එක හැදුවා ඒත් දැන් ඒක ලොවම දන්න සන්නාම නාමයක්... (nice looking logo is irrelevent, if brand is not in place your creative logo means nothing) වැදගත් වෙන්නේ සන්නාමනාමකරනය නැත්නම් Branding කියන එක තමයි. ලෝගෝ එකකට අදහසක් එන්නේ කාලාණුරෑපීව...(Logo capture the value over the time) හරියට අපි මිනිසෙක් හා සබදතාවයක් පවත්වනවා වගේ... හෝ වෛර කරනවා වගේ.. (connection between human minds) ඒක වෙන්නේ ඒ මනුස්සයා අපේ ජීවිතයේ ඇතිකරන වෙනස... (brand promise + delivery) අපිට ඇති වටිනාකම සහ එයාගේ ගුණධර්ම... (brand values)
වටිනාකමක් නිකුත්කිරීම + එය ලබාදීම = සන්නාම නාමකරනයයි
Value creation process = Branding
ලෝගෝ එක කියන්නේ ඒ ක්‍රියාවලිට හදුන්වාගැනීමට මිනිස්සුට ඇති දේවල් වලින් එකක්. (logo is an identification, not an expression)
මේ ගැන දවසෙම උනත් කථාකරන්න පුළුවන්... පෙනුමෙන් ලෝගෝ නිර්ණය කරන්න එපා... හදවතින් බලන්න මේ නිර්මාණය කිරීමට ඇති හේතුව මොකක්ද කියලා... හරි ඩිසයිනර් කෙනෙක් කරානම් ලස්සන කථාවක් තියෙහි හිත සැනසෙන්න... (understand the rational meaning of the logo)
මම චරිත් වීරසූරිය
Blace Academy Blace Design Academy
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
449, Bandaragama Road, Nugagoda
Kalutara South
12580