Sri Lanka Police College

Sri Lanka Police College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Police College, Education, Kalutara South.
(1)

Creating a Safe and a Peaceful environment for
the Sri Lankans to live in harmony by producing
people friendly, professional, prestigious and
elite Police Officer with pride

20/08/2026

160 වන පොලිස් දිනයට සමගාමීව ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන මහා පාපැදි තරඟය පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති බඳවාගැනීම් සහ පුහුණු ජගත් සේරම් මැතිතුමන් විසින් මාධ්‍ය වෙත කරන ලද කරුණු පැහැදිලි කිරීම ☝️

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පොලිස් විද්‍යාලය වෙත...අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විශේෂ උපාධිය හදාරන...
10/08/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පොලිස් විද්‍යාලය වෙත...

අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විශේෂ උපාධිය හදාරන දෙවන වසර විද්‍යාර්ථයින් විද්‍යාත්මක අපරාධ විමර්ශනය පිළිබඳ දැනුම ලබන්නට 2026.08.07 දින පොලිසියේ මහ ගෙදර වන පොලිස් විද්‍යාලයේ සංචාරයක

මෙවැනි ප්‍රායෝගික වැඩසටහනක් සංවිධානය කල ඒ සදහා නායකත්වය ගත් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යනාංශයේ මහාචාර්ය නේරංජී විජේවර්ධන මැතිණියට සහ එතුමියට මනා සහයක් එක්කල නිපුණි සහ ලක්ශාන් යන සහය කථිකාචාර්ය දෙපලට ගෞරවණීය ස්තූතිය

වැඩසටහන සඳහා අනුමැතිය ලබා දුන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමන්ට ගෞරවනීය ස්තුතිය පුදකර සිටින්නෙමු.

එ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු නීතිඥ සම්පත් කුමාර ලියනගේ මැතිතුමන්ට, නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම සහ පුහුණු ජගත් සේරම් මැතිතුමන්ට ,පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මැතිතුමන්ට,නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) පොලිස් අධිකාරි විජිත පෙරේරා මැතිතුමන්ට ගෞරවනීය ස්තුතිය පුදකර සිටින්නෙමු.

පොලිස් විද්‍යාලය වෙනුවෙන් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළ SOCO අංශයේ නිලධාරීන්ට සහය දැක්වූ සේවස්ථ ක්‍රියාන්විත පුහුණ ඒකකයේ නිලධාරීන්ට නිලසුනක අංශයේ නිලධාරීන්ට, කෞතුකාගාරයේ නිලධාරීන්ට, අවිගාරයේ නිලධාරීන්ට සහ නන් අයුරින් සහාය දැක්වූ සැමට ගෞරවනීය ස්තූතිය පුදකර සිටින්නෙමු.

නවක බන්ධනාගාර නිලධාරීන්ට අවි පුහුණුවශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සේවස්ථ ක්‍රියාන්විත පුහුණු ඒකකය මගින් ක්‍රියාත්මක  කරන ...
10/08/2026

නවක බන්ධනාගාර නිලධාරීන්ට අවි පුහුණුව

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ සේවස්ථ ක්‍රියාන්විත පුහුණු ඒකකය මගින් ක්‍රියාත්මක කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද පළමු පන්තියේ ජේලර්වරුන් සහ නියාමක නිලධාරීන් 277 දෙනෙකු සඳහා අගුනකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසල තුල දින දහයක් පුරා පැවැත්වීමට නියමිත අවි පුහුණු සැසියෙහි සමාරම්භක උළෙල

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට හැඩගැස්වීමේ පාඨමාලාවේ සමාප්ති උළෙලප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට හැඩ ගැසීවීමේ සති තුනක පුහු...
10/08/2026

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට හැඩගැස්වීමේ පාඨමාලාවේ සමාප්ති උළෙල

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට හැඩ ගැසීවීමේ සති තුනක පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය සහ සමාප්ති උළෙල පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.08.08 දින කළුතර පොලිස් විද්‍යාලයේ තිස්ස ශ්‍රවණාගාරයේ දී සිදුකෙරින.

One day leadership program for Grade 9 students of Panadura Lyceum international school. Organization by Sri lanka Polic...
28/07/2026

One day leadership program for Grade 9 students of Panadura Lyceum international school. Organization by Sri lanka Police college IOT wing

26/07/2026

2026 අන්තර් පොලිස් කොට්ඨාස ඩෞබිගින් අභියෝගතා කුසලාන බොක්සිං තරගාවලිය සාර්ථකව අවසන් වේ

2026 අන්තර් පොලිස් කොට්ඨාස ඩෞබිගින් (Dowbiggin) අභියෝගතා කුසලාන බොක්සිං තරගාවලිය කළුතර පොලිස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පවත්වා සාර්ථකව අවසන් කරන ලදී.

පසුගිය 2026.07.23 වන දින පුහුණු, උසස් පුහුණු සහ පොලිස් විශේෂ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුණු අතර, පසුව පැවැත්වුණු අවසාන මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය ගරු පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පුහුණු, උසස් පුහුණු සහ පොලිස් විශේෂ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ මහතා ,බඳවාගැනීම් සහ පුහුණුදිසාව භාර නියොජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. තරගාවලිය පුරාම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ ක්‍රීඩා කෞශල්‍යයක් සහ තරගකාරීත්වයක් පෙන්නුම් කළ අතර, එහිදී විශේෂ කුසලාන සහ ශූරතාවල දිනාගත් පිරිස පහත පරිදි වේ:

ශූරතාවල දිනාගත් කොට්ඨාස:
පිරිමි ශූරතාව: පොලිස් විශේෂ කාර්ය බලකාය (STF)

කාන්තා ශූරතාව: කළුතර කොට්ඨාසය

පිරිමි අනුශූරතාව: පොලිස් විද්‍යාල කොට්ඨාසය

කාන්තා අනුශූරතාව: පොලිස් විද්‍යාල කොට්ඨාසය

විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:
දක්ෂතම ක්‍රීඩකයා: පො.කො 105843 එච්.ඩී.එස්.ඩී. පතිරණ මහතා (පොලිස් විශේෂ කාර්ය බලකාය)

දක්ෂතම ක්‍රීඩිකාව: කා.පො.කො 9667 ජේ.එන්.ඩී. අමරසිංහ මෙනෙවිය (කළුතර කොට්ඨාසය)

වසරේ නැගී එන දක්ෂතම ක්‍රීඩකයා: පො.කො ගයාන් රත්නසිරි මහතා (පොලිස් විද්‍යාල කොට්ඨාසය)

දක්ෂතම පරාජිතයා (පිරිමි): පො.කො 91741 එස්. සුජාන් මහතා (පොලිස් විද්‍යාල කොට්ඨාසය)

දක්ෂතම පරාජිතයා (කාන්තා): කා.පො.කො 9710 පී.ඩී.ඊ. ද සොයිසා මෙනෙවිය (පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය)

ජයග්‍රහණය ලැබූ සියලුම කොට්ඨාස සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!


25/07/2026
24/07/2026

අන්තර් පොලිස් කොට්ඨාස බොක්සිං තරගාවලිය - 2026

අන්තර් පොලිස් කොට්ඨාස බොක්සිං තරගාවලියේ සමාරම්භක උළෙල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු, උසස් පුහුණු සහ පොලිස් විශේෂ කාර්‍යාංශය නීතිඥ සම්පත් කුමාර ලියනගේ මැතිතුමාගේ ප්‍රධාන්ත්වයෙන් කළුතර පොලිස් විද්‍යාලයේදී 2026.07.23 පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් උළෙල ආමන්ත්‍රණය කරමින් ක්‍රීඩකයින් සඳහා මෙන්ම තරගාවලිය සඳහා සුබ පැතුම් එක් කරන ලදී.

පොලිස් බොක්සිං සංගමයේ සභාපති ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් සහ පුහුණු ජගත් සේරම් මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පැමිණ සිටින සියලු දෙනා පිළිගනිමින් උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලදී.

මෙම උළෙල සඳහා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ තුමන්, ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තුමන්, විවිධ කොට්ඨාසයන්හි අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන් ඇතුළු විවිධ නිලයන්හි නිලධාරීන්, ආධුනික නිලධාරීන් ඇතුළු විශාල සංඛ්‍යාවක් සහභාගි විය. මෙම තරගාවලියේ අවසන් තරග සහ කුසලාන ප්‍රදානය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026.07.25 දින පැවැත්වීමට නියමිතව ඇත.

අන්තර් පොලිස් කොට්ඨාස බොක්සිං තරගාවලිය - 2026අන්තර් පොලිස් කොට්ඨාස බොක්සිං තරගාවලියේ සමාරම්භක උළෙල  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පො...
24/07/2026

අන්තර් පොලිස් කොට්ඨාස බොක්සිං තරගාවලිය - 2026

අන්තර් පොලිස් කොට්ඨාස බොක්සිං තරගාවලියේ සමාරම්භක උළෙල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු, උසස් පුහුණු සහ පොලිස් විශේෂ කාර්‍යාංශය නීතිඥ සම්පත් කුමාර ලියනගේ මැතිතුමාගේ ප්‍රධාන්ත්වයෙන් කළුතර පොලිස් විද්‍යාලයේදී 2026.07.23 පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් උළෙල ආමන්ත්‍රණය කරමින් ක්‍රීඩකයින් සඳහා මෙන්ම තරගාවලිය සඳහා සුබ පැතුම් එක් කරන ලදී.

පොලිස් බොක්සිං සංගමයේ සභාපති ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් සහ පුහුණු ජගත් සේරම් මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පැමිණ සිටින සියලු දෙනා පිළිගනිමින් උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලදී.

මෙම උළෙල සඳහා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ තුමන්, ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තුමන්, විවිධ කොට්ඨාසයන්හි අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන් ඇතුළු විවිධ නිලයන්හි නිලධාරීන්, ආධුනික නිලධාරීන් ඇතුළු විශාල සංඛ්‍යාවක් සහභාගි විය. මෙම තරගාවලියේ අවසන් තරග සහ කුසලාන ප්‍රදානය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026.07.25 දින පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රධාන පෙලිස් පරීක්ෂක තනතුරට හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ...
23/07/2026

ප්‍රධාන පෙලිස් පරීක්ෂක තනතුරට හැඩගැස්වීමේ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උළෙල ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුශාන්ත රුවන් තලගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.20 දීන කළුතර පොලිස් විද්‍යාලයේ තිස්ස ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

Address

Kalutara South
12500

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Police College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category