Bolossagama maha vidyalaya

Bolossagama maha vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bolossagama maha vidyalaya, School, Bolossagama, Kalutara South.

බොලොස්සගම ප්‍රජා සංවර්ධන සභාව හා බොලොස්සගම  97 O/L  කණ්ඩායම එක්ව බොලොස්සගම මහ විදුහල් ක්‍රීඩා පිටියේ තණකොල කපා ඉවත් කර ප...
06/09/2026

බොලොස්සගම ප්‍රජා සංවර්ධන සභාව හා බොලොස්සගම 97 O/L කණ්ඩායම එක්ව බොලොස්සගම මහ විදුහල් ක්‍රීඩා පිටියේ තණකොල කපා ඉවත් කර පිරිසිදු කරන ලදී. දින දෙකක් පුරා සිදුකළ එම කටයුත්තේදී පළමු දින එයට සහයෝගය දුන් දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවටත් ,දෙමාපියන්ටත් සම්බන්ධීකරණය කරදුන් බොලොස්සගම ප්‍රජා සංවර්ධන සභාවේ සභාපති සුමින්ද පොත්පිටිය මහතාටත්, දෙවන දිනයේදී ඒ සඳහා කැපවූ 97 OL කණ්ඩායමේ සියළු මහත්ම මහත්මීන්ටත් . සහය වූ සියළුම දෙනාටත්, විද්‍යාලයේ ගෞරවණීය මුසු ස්තූතිය පළ කරමු.

සුබපැතුම්..... වෙහෙස වූ දරුවන්ට හා ඔවුන් මෙහෙයවූ සංගීත විෂයභාර ශ්‍යාමලී විජේසේකර ගුරු මහත්මියට හා නැටුම් විෂයභාර සඳුනි අ...
27/07/2026

සුබපැතුම්..... වෙහෙස වූ දරුවන්ට හා ඔවුන් මෙහෙයවූ සංගීත විෂයභාර ශ්‍යාමලී විජේසේකර ගුරු මහත්මියට හා නැටුම් විෂයභාර සඳුනි අල්විස් ගුරු මහත්මියට....💙💙💙

30/05/2026
සුබ පැතුම්....!
27/05/2026

සුබ පැතුම්....!

අවුරුදු 138ක්..... බොලොස්සගම මහා විද්‍යාලය.....මේ වසර 138ක කාලයේ කොතරම් සිසු සිසුවියන් මෙහි අභිමානවත්ව අධ්‍යාපනය ලබන්නට ...
07/04/2026

අවුරුදු 138ක්.....
බොලොස්සගම මහා විද්‍යාලය.....
මේ වසර 138ක කාලයේ කොතරම් සිසු සිසුවියන් මෙහි අභිමානවත්ව අධ්‍යාපනය ලබන්නට ඇත් ද?
කොපමණ ගුරු, විදුහල්පති පිරිසක් ඔවුන්ගේ දිවි ගමන සරු කරන්නට කැප වෙන්නට ඇත් ද?
පසුගියදා එළඹුනු 138 වන ජන්ම දිනය වෙනුවෙන් පිරිත් සජ්ජායනාවක් හා දානමය පිංකමක් සිදු කර විද්‍යාලයේ දියුණුව පතා සේවාවන් සිදු කළ ආදි කර්තෘවරියට මෙන්ම සේවා ඉටුකර නැසීගිය ගුරු, විදුහල්පති, අනධ්‍යයන, සිසු ... ආදී සියළුම පාර්ශව වෙත පින්පෙත් පැමිණවීමත් ජීවත්ව සිටින සියළුම පාර්ශව වෙත ආශීර්වාද කිරීමත්, අද දින සිදු කරන ලදී.....
එළඹෙන වසරේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පවත්වා සියළුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන්නෙමු.....

2026.02.06 පාසලට ඉතා වැදගත් දිනයක්....💙💙💙 පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එදින පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුනා....🏆🏆 වෙහ...
10/02/2026

2026.02.06 පාසලට ඉතා වැදගත් දිනයක්....💙💙💙
පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එදින පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුනා....
🏆🏆 වෙහෙසකර ව්‍යායාමයක ප්‍රතිඵල එදින දැක ගැනීමට හැකි වුනා....
⭐ කළුතර කලාප ක්‍රීඩාභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එස්. ලොකුගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවා....
⭐ මේ සඳහා ශ්‍රමය කාලය ධනය කැප කරමින් සංවිධායක මණ්ඩලයේ දෙමාපියන් ගුරුභවතුන් දායකත්වය දැක්වූවා...
⭐ නිවාස සකස් කිරීමේදී ආරක්ෂාව සපයමින්, සංග්‍රහ කරමින් දෙමාපියන් හා ආදි සිසුන් සම්බන්ධ වුනා....
⭐ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේරුපිට සෞන්දර්ය පුහුණු ඒකකයේ නිළධාරීන්ගේ සහය මේ සඳහා අතිශයින් වැදගත් වුනා....
⭐ සහතික පත් මුද්‍රණය කරදුන් ආදි ශිෂ්‍ය සනිඳු ඉෂාන් මහතා සහ පදක්කම් ලබාදුන් කණිල විදුරංග මහතා පිළිබඳව සඳහන් කළ යුතුමයි...
⭐ මීට අමතරව බොලොස්සගම සණස, රෙමුණගොඩ සණස මේ සඳහා මූල්‍ය දායකත්වයක් දැක්වූවා... බොලස්සගම සණස මගින් අවශ්‍ය කරන tent ලබා දීමෙන් ද සහාය දැක්වූවා...
⭐ නොයෙක් ආකාරයෙන් සහය දැක්වූ ප්‍රදේශවාසීන් ද අමතක කරන්න බෑ....
⭐ සරඹ සංදර්ශනය මෙහි අලංකාරම කොටසක්...
එම අංගය වඩාත් අලංකාර වුනේ ඒ සඳහා නිර්මාණය වූ සංගීත ඛණ්ඩ මගින්...
⭐ ඒ sound trac නිර්මාණය වුනේ විද්‍යාලයේ සංගීතාචාරීණී විජේසේකර මහත්මියගේ දියණිය නෙත්වින්දි අබේවර්ධන දියණිය අතින්...
😢 ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබාදී ආපසු යන අතරමග හදිසි අනතුරකට ලක්වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදුවුනා...
🌻බොලොස්සගම මහා විද්‍යාලයේ සියළු දෙනා නෙත්වින්දි දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
🥇🥈🥉🏆🏆🏆🥉🥈🥇
2026 වර්ෂයේ ක්‍රීඩා උළෙල සාර්ථකව නිම කරන්නට මීට අමතරව විශාල පිරිසකගේ දායකත්වය හිමිවුණා...
ඔවුන් සියල්ලටමත් බෙහෙවින් ස්තුතියි.....
♥️♥️♥️♥️♥️♥️♥️♥️

💙💙💙💙💙💙👉අපේ කැදැල්ලට අළුතින් එකතු වූ පුංචිම පුංචි බට්ටිචි පැටවු 20ක් ඔවුන්ට අභිමානයක් එකතු වන ලෙස විද්‍යාලයට පිළිගැනීම 20...
09/02/2026

💙💙💙💙💙💙👉
අපේ කැදැල්ලට අළුතින් එකතු වූ පුංචිම පුංචි බට්ටිචි පැටවු 20ක් ඔවුන්ට අභිමානයක් එකතු වන ලෙස විද්‍යාලයට පිළිගැනීම 2026.01.29 දින සිදුවුනා...
⭐ විශ්‍රාමික විදුහල්පති එල්.බී. වීරසිංහ මහතා , හිටපු නියෝජ්‍ය විදුහල්පති දයාරත්න දළවැල්ල මහතා මේ අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස එකතුවුනා....💙💙💙💙

💙💙💙 2026 වර්ෂයේ අපේ කැදැල්ලට අළුතින් එකතු වූ පුංචි පැටික්කියක්,  එයාගෙ,👉 ෂී සෙල්ස් රාජ්‍යයේ සේවයේ නියුක්තව සිටින  පියාණන...
09/02/2026

💙💙💙 2026 වර්ෂයේ අපේ කැදැල්ලට අළුතින් එකතු වූ පුංචි පැටික්කියක්, එයාගෙ,
👉 ෂී සෙල්ස් රාජ්‍යයේ සේවයේ නියුක්තව සිටින පියාණන්,
🌐 දසුන් සෙනරත් මහතා සහ ඔහුගේ හිතවතුන් වන
🌐 චමින්ද පුෂ්පකුමාර මහතා හා
🌐 යමුනා කුමාරි මහත්මිය එකතුවෙන් ලබා දුන් රූපවාහිනී යන්ත්‍රය📺 විද්‍යාලයේ 1 ශ්‍රේණියේ පුංචිම පුංචි පැටවුන්ගේ ප්‍රයෝජණය සඳහා අද දින පරිත්‍යාග කළා....
💙💙 දියණියටත් ඇයගේ පියා සහ හිතවතුන්ටත් සුබ අනාගතයක් සමගම ගෞරවණීය ස්තූතිය පුදකරනවා....🙏🙏🙏

ඔබගේ කාරුණික අවධානය පිණිස.....
18/12/2025

ඔබගේ කාරුණික අවධානය පිණිස.....

Address

Bolossagama
Kalutara South

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342280157

Website

Alerts

Be the first to know and let us send you an email when Bolossagama maha vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category