archaeology.lk

archaeology.lk ලාංකේය මානවයා ගේ අදින් වසර 250,000 ඉක්මවා ?

ශිලා ලේඛන විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ සැමට විශේෂ දැනුම්දීමක්! 📜ප්‍රවීණ පුරාවිද්‍යාඥ මාලිනී ඩයස් මහත්මිය විසින් රච...
18/07/2026

ශිලා ලේඛන විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ සැමට විශේෂ දැනුම්දීමක්! 📜

ප්‍රවීණ පුරාවිද්‍යාඥ මාලිනී ඩයස් මහත්මිය විසින් රචිත "Epigraphical Notes Nos. 1 - 18" වටිනා කෘතියේ සීමිත පිටපත් ප්‍රමාණයක් දැන් අප වෙත ලැබී තිබෙනවා.

මෙම කෘතියේ දැනට අප සතුව ඇත්තේ පිටපත් 10ක් පමණයි. එබැවින් ඉක්මන් කර ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න.

කෘතිය මිලදී ගැනීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න:
👉 https://archaeostore.archaeology.lk/product/epigraphical-note-no-1-18-malani-dias/

🌊⚓️ මුහුදු පත්ලේ සැඟවුණු ඉතිහාසය ගවේෂණය කරන්න ඔබත් සූදානම්ද? ⚓️🌊ශ්‍රී ලංකාව වටා ඇති සාගරයේ ගිලී පවතින ඓතිහාසික නැව්, දිය...
13/07/2026

🌊⚓️ මුහුදු පත්ලේ සැඟවුණු ඉතිහාසය ගවේෂණය කරන්න ඔබත් සූදානම්ද? ⚓️🌊

ශ්‍රී ලංකාව වටා ඇති සාගරයේ ගිලී පවතින ඓතිහාසික නැව්, දියයට පුරාවිද්‍යා කැණීම් සහ අභිරහස් පිළිබඳව විද්‍යාත්මකව ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!

IAHS (Institute of Archaeology and Heritage Studies) වෙතින් ඉදිරිපත් කරන "ආධුනිකයන් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව - 2026" (Maritime Archaeology for Beginners) කෙටි කාලීන මාර්ගගත (Online) පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ. 🎓✨

💡 මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන දැනුම:
✅ ජලාශ්‍රිත පුරාවිද්‍යාවේ විෂය පරාසය සහ මූලික සිද්ධාන්ත පිළිබඳ මනා අවබෝධය.
✅ දියයට ගවේෂණ, කැණීම් සහ පුරාවස්තු සංරක්ෂණ ක්‍රමවේද.
✅ ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත පුරාවිද්‍යා පර්යේෂණ සහ නවතම සොයාගැනීම්.
✅ දියයට ඡායාරූපකරණය (Underwater Photography) සහ නවීන දෘශ්‍යකරණ තාක්ෂණය.
✅ ගිලුණු නැව් ආශ්‍රිත දත්ත, සංචාරක සහ ආර්ථික ප්‍රවර්ධනය සඳහා යොදාගන්නා ආකාරය.

📅 වැදගත් තොරතුරු:
🔹 පාඨමාලා කාලසීමාව: 2026 අගෝස්තු 3 සිට සැප්තැම්බර් 14 දක්වා
🔹 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජූලි 31
🔹 ගෙවීම් අවසන් දිනය: 2026 අගෝස්තු 2
🔹 පාඨමාලා ගාස්තුව: රු. 20,000.00
🔹 දේශන මාලාව: සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට (Online Course)

🎯 කා සඳහාද?
පුරාවිද්‍යාව, ඉතිහාසය, සාගර විද්‍යාව, සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන සහ මුහුදු පත්ලේ රහස් සෙවීමට කැමති ඕනෑම ආධුනිකයෙකු සඳහා මෙම පාඨමාලාව විවෘතයි.

🔗 අදම ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන්කරවා ගන්න:
පහත සබැඳිය (Link) හරහා අපගේ LMS පද්ධතියට ඇතුළු වී (Login/Register වී) ශිෂ්‍ය පුවරුව හරහා අයදුම් කරන්න:
👉 https://lms.iahs.lk/courses/maritime-archaeology-2026

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න:
• පාඨමාලා සම්බන්ධීකාරක (සිතුමි බොතේජු): 📱 +94 71 746 4080
• පාඨමාලා කළමනාකරු (අනුරාධ පියදාස): 📱 +94 77 742 8282

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු (2024)මාර්ගගත කෙටිකාලීන පාඨමාලාවවැඩි විස්තර සඳහා https://www.iahs.lk/course/isla2024...
22/07/2024

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු (2024)
මාර්ගගත කෙටිකාලීන පාඨමාලාව

වැඩි විස්තර සඳහා
https://www.iahs.lk/course/isla2024/

විශේෂ දින
අයදුම්පත් භාර ගැනීම
2024 ජුලි 15 දින සිට
2024 ජුලි 31 වැනිදා දක්වා

පාඨමාලා ආරම්භය
2024 ආගෝස්තු 08 වන දින

පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු (2024)වැඩි විස්තර සඳහා https://www.iahs.lk/course/isla2024/විශේෂ දිනඅයදුම්පත් භාර ගැ...
15/07/2024

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු (2024)

වැඩි විස්තර සඳහා
https://www.iahs.lk/course/isla2024/

විශේෂ දින
අයදුම්පත් භාර ගැනීම
2024 ජුලි 15 දින සිට
2024 ජුලි 31 වැනිදා දක්වා

පාඨමාලා ආරම්භය
2024 ආගෝස්තු 08 වන දින

පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

පුරාවිද්‍යාව සඳහා GIS සහ Remote Sensing තාක්ෂණයන්හි යෙදවුම් සමන්දික මනෝජ් මද්දුම ආරච්චි  2024 ජුනි 12 බදාදා රාත්‍රී 8.00...
07/06/2024

පුරාවිද්‍යාව සඳහා GIS සහ Remote Sensing තාක්ෂණයන්හි යෙදවුම්
සමන්දික මනෝජ් මද්දුම ආරච්චි

2024 ජුනි 12 බදාදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

Join Zoom Meeting
https://us06web.zoom.us/j/87060083439?pwd=RpQ6iJeKbUa01bk0ncvavHFcb2pk4d.1
Meeting ID: 870 6008 3439
Passcode: 136604
YouTube Live
https://youtube.com/live/jDnZYPZIDzQ?feature=share

අරමුණු :
පුරාවිද්‍යාව සඳහා GIS සහ Remote Sensing තාක්ෂණයන්හි විවිධ ‌ෙයදවුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම.
GIS තාක්ෂණය තුළ ඇති Georeferencing ක්‍රමවේදය හරහා පැරණි සිතියම් වර්ථමාන භූ දර්ශනය මත overlay කිරීම මගින් අතීත සංස්කෘතික භූ දර්ශනය ගොඩනැගීමට ඇති හැකියාව පිළිබඳව කොළඹ කොටුව සහ ගාලු කොටුව ආශ්‍රයෙන් දැනුවත් කිරීම.

GIS සහ Remote Sensing තාක්ෂණයන්හි විවිධාකාරයෙහි යෙදවුම් රැසක් යම් වන විට පුරාවිද්‍යාව තුළ ලොව පුරා භාවිතා කරමින් සිටී. පුරාවිද්‍යාත්මක ස්ථාන පුරෝකථනය කිරීම, පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ අනාවැකි සඳහා ආකෘති (Modeling) නිර්මාණය, පුරාවිද්‍යාත්මක ස්ථාන සිතියම් ගත කිරීම, පුරාවිද්‍යා දත්ත කළමනාකරණය, භූ සංඛ්‍යන ක්‍රම භාවිතා කරමින් පුරාතන හැසිරීම් රටා අවබෝධ කර ගැනීම සහ ඓතිහාසික භූ දර්ශනය ප්‍රතිනිර්මාණය කිරීම වැනි විවිධාකාර කටයුතු සඳහා පුරාවිද්‍යාඥයන් විසින් මෙම තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. මෙම දේශනය හරහා එවැනි කටයුතු සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ලබා දීමට බලාපොරොත්තු වන අතර දේශනයේ ප්‍රමුඛ්‍තාවය Georeferencing ක්‍රමවේදය හරහා පැරණි ලන්දේසි සිතියම් වර්ථමාන භූ දර්ශනය මත overlay කිරීමේ ක්‍රමවේදය කොළඹ පැරණි ලන්දේසි කොටුව හා ගාලු කොටුව ආශ්‍රයෙන් විස්තර කිරීම සඳහා ලබා දෙනු ඇත. එහිදී එම අධ්‍යනයන් සඳහා යොදාගත් ක්‍රමවේදය සහ එම අධ්‍යනයන් මගින් සොයාගත් කරුණු පිළිබඳව සාකච්ජා කරනු ඇත.

Address

Archaeology. Lk
Kalutara North
12000

Alerts

Be the first to know and let us send you an email when archaeology.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to archaeology.lk:

Shortcuts

Share