11/10/2025
කඩුවෙල පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන රන් සලකුණ තබමින් කඩුවෙල පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2025 සමස්ත ලංකා ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ 14න් පහළ බාලිකා මීටර් 100 තරගය තත්පර 13.16 කින් නිමකර රන් පදක්කම අප විද්‍යාලය නියෝජනය කල හසාරා මෙත්සදී ක්‍රීඩිකාව විසින් දිනා ගන්නා ලදි.
31/05/2024
අපේ ආදරණීය විදුහල්පති මෑණියන් ට නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා !!!!
21/11/2023
ආදරනිය මාලි වඩුගොඩපිටිය ගුරු මැනියන්ගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී.❤
ජිවිතයේ අලුත්ම පිටුවක් පෙරලුනු අද දිනය ඇත්තටම සුවිශේෂීයි මට.. බොහෝ විට හිතට දැනෙන්නා වූ දුක හෝ සතුට පෑන් තුඩින් කුරුටු ගා මුහුණු පොතේ පළ කලත් ඊට එහා ගියා වූ හැගීමක් තිබුණේ නෑ මට,,,, නමුත් මා තුලම සැගවී ඇති හැකියාවක් තිබෙන බවත් එයින් මගේ ජිවිතයට වටිනාකමක් එකතු කරගත හැකි බවත් පසක් කරගත හැකි වුයේ මිහිපිට දේවතාවියන් වැනි වූ ආදරණියන් නිසාවෙන්ම යි.
ඒ වෙනකකු නොව මා සේවය කරන කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය විශාකා වීරසිංහ මැතිනියයි.
" හිත් කොනේ මෝදු වුනු හීන ගොන්න සිතුවිලි අතරම මියැදෙන්නට නොදී පසේ ගැඹුරුම තැනක සැඟවුණු මිණිකැට උඩට ගෙනවිත් ඔපදමන පරිද්දෙන් මගේ ගුරු දිවිය සෙනෙහසින් අරුත්බර කල මැතිණියනි කෙසේ නම් මම තුටු මල් පුදන්නද !!!!!
🏵️🏵️🏵️🏵️🏵️🏵️.
අද දින කොතලාවල මහා විද්‍යාලයේ පැවැත් වූ කලා උලෙළට සමගාමීව මගේ සිතුවිලි වල තෙරපුණු හැගීම් සමුදායක් එක් කොට නිමාව දුටු නිසැදැස් එකතුවක් මුල්ම වරට "විකසිත කුසුම් "ලෙසින් එළිදැක්වුනා..... ගරු විදුහල්පතිතුමිය නිසාම එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මැතිතුමා,,,, වේදිකා නාට්‍ය හා සිනමා නිළි රත්නා ලාලනී ජයකොඩි මැතිණිය,,, සබරගමු විශ්ව
විද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හෂාන් බඹරබොටුව මැතිඳුන් දැනහදුනා ලැබූ ඔවදන් ලැබීමට භාග්‍ය වන්ත වුනා.
එමෙන්ම මගේ නිර්මාණයට වටිනාකමක් එකතු කරමින් සටහනක් තැබූ මාධ්‍ය වේදී, ලේඛක මෙන්ම සොයුරකු වන් සුගත් ප්‍රේමතිලක මහතාත් හද පිරි සෙනෙහසින් සිහිපත් කරම්.....
🌸🌸🌸🌸🌸🌸.
පාසැල් අධ්‍යාපනය ලැබූ කාලයේ සිට මේ දක්වාත් මට මුලකුරු කියා දුන් මෙන්ම මුහුණු පොත පුරාවටම විහිදී සිටින්නා වූ මගේ ගුරු මව් පියවරුනටත් මෙය උපහාරයක් ම වේවා🙏🙏🙏🙏