21/06/2026
Kithsiri Ananda
A page where life is experienced.
21/06/2026
21/04/2026
බුද්ධිමය සහකරු - AI සමග ජීවත්වීම සහ වැඩකිරීම (Co-Intelligence: Living and Working with AI (2024))
එතන් මොලික් ( Ethan Mollick) විසින් රචිත තාක්ෂණික ලොව තුළ ගොඩක් ජනප්‍රිය පොතක්. මේ අදහස් දැක්වීම කරන්නේ එම කෘතියේ එන අන්තර්ගතය සරලව කෙටියෙන් ඉදිරිපත් කරන්න. කෘතීම බුද්ධිය හෙවත් AI තාක්ෂනය පිළිබද එම විද්වත් අදහස් අපේ සමාජයටත් සමීප කරන්න.
එම කෘතියේදී මුලික ප්‍රවේශය ගන්නේ - Three Sleepless Nights ලෙසින්
මෙම ආරම්භක කොටසේදී Mollick කියන්නේ ChatGPT වැනි AI මෙවලම් මුල් වරට කරලියට ආවම ඔහුට ඇති වූ අදහස්, පුදුමය, ප්‍රබෝදාත්මක පෙළඹුම, කුතුහලය, සහ සැලකිල්ල ගැනයි. ඔහු කියන්නේ AI සාමාන්‍ය software එකක් නෙමෙයි, සමාජය, වැඩ ලොව, අධ්‍යාපනය, සහ දෛනික ජීවිතයම වෙනස් කළ හැකි විශාල තාක්ෂණික බලයක් බව. ඒ සමඟම AI බලවත් වුවත්, එය මිනිස් අරමුණු සහ අගයන්ට අනුකූලව පාලනය කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
1 වන පරිච්ඡේදය: Creating Alien Minds
මෙහිදී නවීන AI මිනිසාට අමුතුම අද්දැකීමක් දෙන බව ඔහු පෙන්වනවා. Mollick, large language models (LLM ) ගැන “අපේ බුද්ධියට සමාන නැති , අමුතු බුද්ධියක්” ලෙසයි පෙන්වා දෙන්නේ. ඒවා මිනිසුන් වගේ කතා කරනවා, ලියනවා, ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. නමුත් ඒවා “alien mind” මිනිස් මනස වගේ නොසිතන බව ඔහු ඔහු කියනවා. AI ඉතා දක්ෂ පුදුම සහගත පුරෝකථන කළ නොහැකි හැකියාවන සහිත තාක්ෂණික මෙවලමක් ලෙසයි ඔහු දකින්නේ.
2 වන පරිච්ඡේදය: Aligning the Alien
මෙම පරිච්ඡේදයේ AI මගින් හොදින් වැඩගන්න නම් , සාධනීය ප්‍රතිඵල ලබා ගන්න නම්, බුධිමත්ව සහ දියුණු ලෙස එය මෙහෙය විය යුතු බව ඔහු දක්වනවා. AI එකෙන් ප්‍රයෝජනවත් සේම එය වැරදි තොරතුරු, පක්ෂපාතී අදහස්, අනාරක්ෂිත අන්තර්ගතයන්, හෝ හානිකර ප්‍රතිඵල ද ලබාදිය හැකියි. එබැවින් AI “හරි මාර්ගය” තුළ රදවාගෙන ප්‍රයෝජන ගැනීම තාක්ෂණික අභියෝගයක් පමණක් නොව, නීති, ප්‍රතිපත්ති, සමාජ දැනුවත්භාවය, සහ මිනිස් අධීක්ෂණය ආදියත් අවශ්‍ය වෙනවා.
3 වන පරිච්ඡේදය: Four Rules for Co-Intelligence
මෙය කොටසේදී ඔහු ඉතා ප්‍රයෝගික නීති හතරක් පෙන්වල දෙනවා.
01. AI භාවිතයට හැම විටම මුලික ඉඩ තබන්න
02. අවසන් පාලනය මිනිසාගේ අතේ තබාගන්න
03. AI මනුස්සයෙක් වගේ සලකන්න, නමුත් එයට කුමන භූමිකාවක්ද කියා පැහැදිලිව කියන්න ( කාර්ය නිවැරදිව පවරන්න)
04. මෙය ඔබ භාවිත කරන ලොව අඩුම දක්ෂතාවක් සහිත AI එක බවත් හිතන්න
ඒ අනුව A I හොඳින් තේරුම් ගැනීමට නම් එය හොදින් භාවිත කළ යුතු බවත්, ඒක මත සම්පූර්ණයෙන්ම රඳා නොසිට මිනිස් විනිශ්චයට අවකාශයක් තබාගත යුතු බවත්ය. ඒ වගේම AI දියුණුව ඉතා වේගයෙන් සිදුවන නිසා අනාගතයේ එය තව බලවත් වන බව මතක තබාගත යුතු බවත් ඔහු අවධාරනය කරයි.
4 වන පරිච්ඡේදය: AI as a Person
Mollick කියන්නේ AI ඇත්තටම මනුස්සයෙක් නොවුනත්, ඉන් වැඩ ගන්න විට ගොඩාක් දැනඋගත් දියුණු මිනිසෙකුගෙන්, විද්‍යාඥයෙක් , මහා ප්‍රාඥයෙක්ගේ යමක් අහන ආකාරයට, නැත්තම් එවැනි කෙනෙක් ගෙන් වැඩ ගන්න වගේ කාර්යභාරයක් ඉටු කරගන්න කියල. ඉන් අදහස් කරන්නේ නැහැ කුඩා වැඩ කරගන්න එපා කියල. පොඩි වැඩ උනත් ඉහල ගුණාත්මක මට්ටමින් කරගැනීම තමයි AI භාවිත කරලා වැඩ ගන්න එකේ ප්‍රයෝජනය කියන එකයි ඔහු පවසන්නේ. උදාහරණයක් ලෙස, ඔබ අහන ගැටලුව, ප්‍රශ්නයට හෝ ක්ෂේත්‍රයට අදාලව , AI ට “ගුරුවරයෙකු වගේ”, “උපදේශකයෙකු වගේ”, “සංස්කාරකයෙකු වගේ” ඉංජිනේරුවරයෙකු, විද්‍යා උපදේශකයෙකු, පරිසරවේදියකු ලෙස හිතල ක්‍රියා කරන්න කියලා මුලිකව කියන්න පුළුවන්. . එවිට එය වඩා හොඳ ප්‍රතිචාර ලබාදෙනවා. නමුත් මෙහි අවදානමක් ද තියෙනවා: AI කියන්නේ මිනිස් ලෝකයේ දත්ත මත ගොඩනැගුණු එකක් බැවින්, මිනිසුන්ගේ හොඳ දේවල් විතරක් නොව, නරක දේවල්ද එය පිළිබිඹු කළ හැකිය. මතභේදාත්මක කරුණු වලින් බැහැරව ක්‍රියා කරන්න කිව්වොත් එවැනි තැනකදී අවුල්සහගත බව අවම කරගන්න හැකි වේවි.
5 වන පරිච්ඡේදය: AI as a Creative
මෙම පරිච්ඡේදය AI සහ නිර්මාණශීලීත්වය ගැනයි. AI අදහස් උත්පාදනය කිරීමට, ගොඩනගන්න, කෙටි කාලයකින් කෙටුම්පත් (draft) සකස් කිරීමට, රූප හෝ නව නිර්මාණ ඉදිරිපත් කිරීමට උදව් කරනවා. ඒ නිසා එය නිර්මාණශීලී කටයුතු සඳහා ප්‍රබල සහායකයෙකි. නමුත් මෙහි ගැටලුත් තියෙනවා: copyright, plagiarism, originality, bias, සහ මිනිස් නිර්මාණාත්මක වැඩ වල ඇති අගය අඩුවීම වැනි කාරණා. Mollick ගේ අදහස AI නිසා මිනිස් නිර්මාණශීලීත්වය අවසන් වෙනවා කියන එක නෙමෙයි , එය වෙනත් ඉමක් වෙත යා හැකි බව, වෙනත් රටාවකට අනුගත වියහැකි බව.
6 වන පරිච්ඡේදය: AI as a Coworker
මෙහිදී AI එක වැඩ බෙදාගන්නා සහායකයකු ලෙස මතුකරයි. එය කාර්යයන් ඉක්මනින්, නිවැරදිව, සහ කාර්යක්ෂමව කළ හැකි නිසා වැඩ පිළිවෙළ සහ රටාව වෙනස් ස්වභාවයක් ගනු ඇතිබව ඔහු පවසනවා. සමහරවිට මිනිසා සහ AI එකට එක්ව වැඩ කළ විට ප්‍රතිඵල වඩා හොඳයි. Mollick මෙහි “centaur” සහ “cyborg” වැනි අදහස් භාවිතා කරයි. එයින් අදහස් කරන්නේ මිනිසා සහ AI එකට එකතුවීමේ විවිධ ආකාරයන් සහ ස්වභාවයන් ගන්නා බවය. නමුත් ඔහු කියන්නේ තවත් ගැටලුවක් ඇති බව පවසයි. බොහෝ සේවකයන් දැනටමත් AI රහසේ භාවිත කරන අතර, එය අවස්ථාවක් වගේම අවදානමක් ද විය හැකි බවයි.
7 වන පරිච්ඡේදය: AI as a Tutor
AI යුගය අධ්‍යාපනයට ඉතා වැදගත් කාල පරිච්චේදයක් වනු ඇත. Mollick පෙන්වා දෙන්නේ AI හොඳින් යොදාගත්තොත් එය ඉතා සාර්ථක විශ්වසනීය පුද්ගලික උපදේශකයෙක් වගේ ක්‍රියා කළ හැකි බවයි. විස්තර කරන්න, feedback දීමට, practice ලබාදීමට, හා ඉගෙනීම පුද්ගලික අවශ්‍යතා අනුව ගැලපෙන්න සකස් කිරීමට ද ඒ අනුව යොදාගත හැකිය. නමුත් එය ගුරුවරයා වෙනුවට ආදේශකයක් නොකරගත යුතු බව ඔහු අවධාරන කරයි. ඔහුගේ අදහස වන්නේ, පාසල් සහ විශ්වවිද්‍යාල AI ලියන පිළිතුරු පමණක් මනින ක්‍රම වලින් ඉවත් වී, සිතීම, ක්‍රියාවලිය, (active involvement ) අවබෝධය, සාක්ෂි සහ විමර්ශනය මනින ක්‍රමවලට යා යුතු බවයි.
8 වන පරිච්ඡේදය: AI as a Coach
මෙහිදී AI coach කෙනෙක් ලෙස මතුකරයි. ඒ කියන්නේ, එය පුහුණු කරන්න, මාර්ගෝපදේශ දීමට, feedback දීමට, role-play කිරීමට, reflection කිරීමට උදව් කරනවා. මෙය අධ්‍යාපනයට පමණක් නොව, වෘත්තීය සංවර්ධනය, සන්නිවේදන පුහුණුව, නායකත්වය, සහ lifelong learning සඳහාද වැදගත් වේ. මෙහි මූලික අදහස වන්නේ, ඉහළ තත්වයේ coaching පහසුකම් කලින් හැමෝටම නොලැබුණත්, AI නිසා ඒවා සාමාන්‍ය ජනතාවටත් ලැබිය හැකි වීමයි.
9 වන පරිච්ඡේදය: AI as Our Future
අවසාන පරිච්ඡේදයේදී Mollick AI වල අනාගතය ගැන කියද්දී, AI දියුණුව මාර්ග හතරක් ඔස්සේ ගමන් කළ කරන බව ඔහු කියයි:
01. එය යම් සීමාවක් තුළ නවතින්න පුළුවන් (AI may level off,)
02. සෙමින් දියුණු විය හැකිය, ( grow slowly )
03. ඉතා වේගයෙන් ඉදිරියට යා හැකිය ( improve very rapidly )
04. නැතිනම් මිනිස් පාලනයට අපහසු තරම් බලවත් විය හැකිය (ecome something far more powerful than humans can easily contr).
මෙහිදී misinformation, deepfakes, jobs, companionship, and concentrated power වැනි ගැටලු ද සලකා බලයි. ඔහුගේ අදහස, අනාගතය තීරණය වෙලා ඉවර වෙච්ච එකක් නෙමෙයි. සමාජය, රාජ්‍යය, සහ මිනිසුන් කරන තේරීම් අනුව AI ගමන වෙනස් විය හැකියි.
Epilogue: AI as Us
අවසන් කොටසේදී සාරාංශයක් ලෙස Mollick කියන්නේ AI එක කිසිම ආකාරයකින් සම්පූර්ණයෙන්ම පිටස්තර දෙයක් නොව, අපේම ප්‍රතිබිම්බයක් වැනි දෙයක් බවයි. එය මිනිසුන්ගේ දැනුම, රටාවන්, ශක්ති, දුර්වලතා, සහ පක්ෂපාතීභාවය පවා රැගෙන යයි. ඒ නිසා ඇත්ත ප්‍රශ්නය “AI මොනවා වෙයිද?” කියන එක පමණක් නොව, “AI භාවිත කරන අතරතුර අපි මොන වගේ මිනිසුන් වෙමුද?” කියන එකයි. පොත අවසන් වෙන්නේ බලාපොරොත්තු සහිත අදහසක් සමඟ: AI මගින් මිනිස් හැකියාව වැඩි කළ යුතුය, නමුත් මිනිස් වගකීම අඩු කළ යුතු නැත.
AI කියන්නේ අපේ නියෝග අනුව එයත් හිතල ක්‍රියා කරන යන්ත්‍රයක් පමණක් නෙමෙයි, එය අපි සමග එක්ව වැඩ කරන, එක්ව සිතන, නව ආකාරයේ බුද්ධිමය සහායකයෙකි.
නමුත් ඉන් හොඳ ප්‍රතිඵල ලබාගැනුමට නම් මිනිස් විනිශ්චය, නීතිමය සැලකිල්ල, ආචාරධර්ම, සහ අරමුණු සමග සමබරව පවත්වා ගත යුතුය. ( තවත් කෙනෙක්ට බලන්න සහයක් ලෙස share කිරීම දානයක් ත්‍යාගයක්. )
කිත්සීර් ආනන්ද.
0777342568
[email protected]
19/04/2026
කෘතීම බුද්ධිය AI හානිකරද නැත්තම් ප්‍රයෝජනවත් ද?
කෘතීම බුද්ධිය ChatGPT වැනි tool භාවිතය ආරම්භ වී දැනට වසර හතරක් (2022) පමණ වුවද, අද සමාජයට ඉන් ඇතිකරන බලපෑම සිතාගැනීමට පවා අපහසුය. මිනිස් ශිෂ්ටාචාරය තුළ සිදුවූ ඉතාම සුවිශේෂී නිමැවුම ලෙස මානව විද්‍යාඥයින් මෙය හදුනා ගනී. මෙහි අසීමිත යහපත හෙවත් ගුණාත්මක භාවිතය සේම අනුමාන කළ නොහැකි, පුරෝකථන කළ නොහැකි අනතුරක් ද පවතී.
මෙතෙක් මිනිසා විසින් නිමවන ලද සියලු නිර්මාණයන් ක්‍රියාත්මක කිරීම සදහා මිනිසා මුල්විය යුතුය. නිදසුනක් ලෙස දියුණුම චන්ද්‍රිකාවක්, සැටලයිට් එකක් පෘතුවියේ සිට හෝ ක්‍රියාත්මක කිරීමට මිනිස් බුද්ධිය, නිර්මානශ්ලිත්වය, මිනිසාගේ පුර්ණ මැදිහත්වීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙයි. එහෙත්, AI ස්වයංව කෘතිමව සිතා, ක්‍රියාත්මක වී ප්‍රතිචාර දැක්වීම සිදු කරයි. අකුරු ඉලක්කම්, දත්ත, තොරතුරු සම්බන්ධව වඩාත්ම නිර්මාණ ශිලිව සහ නිවැරදිව ක්‍රියා කළ හැක්කේ AI වලට පමණි. ඒ අනුව සංඛ්‍යා හෝ භාෂාව සම්බන්ධව ඉහලම කාර්යක් කළ හැක්කේ AI වලටය. AI අභිබවා SI හෙවත් Synthetic Intelligent කරලියට පැමිණීම මෙම තත්වය වඩා තහවුරු කරයි. SI වලට කරුණු, දත්ත විශාල ප්‍රමාණයක් අධ්‍යනය කර අවශ්‍ය ම තොරතුරු සංශ්ලේෂණය කර ශාරාංස කර දැක්විය හැකිය.
මෙහිදී තාඕ (Taoism ) දහමේ එන පාඨයක් මතකයට පැමිණෙයි. "වචනයෙන් කිව හැකි කිසිවක් අමත දහමක් නොවේ". එසේම බුදු දහමේද අදහස නම් යම් යම් සාධක එකතුව ගොඩනැගෙන කිසිවක් වෙනස් නොවන විනාස නොවන දෙයක් නොවන බවයි. එසේම සංස්කරණය වන තත්වයන්ගෙන් මනස නිදහස් වීම විමුක්තියක් ලෙස දැක්වීම වඩා සුවිශේෂී ඉගැන්වීමක් බව මෙහිදී සටහන් කනු කැමැත්තෙමි. (එම අදහසතාක්ෂණය අධ්‍යාත්මිකව බලන පිරිස් සදහා පමණි )
එවැනි අධ්‍යාත්මික තත්වයන් හැර වඩා නිර්මාණශීලි සංකල්ප මත ගොඩනැගෙන දියුණු කෘතීම චින්තනයක් ලෙස AI හදුනාගත හැකිය.
මෙහිදී හොද නරක දෙපැත්ත කෙටියෙන් සලකා බැලීම මූලික අරමුණයි. දැනටමත් Generative AI වලින් ගොඩක් වැඩ කරන ඔබ මේ ටිකත් දැනගැනීම වැදගත් කියල හිතනවා.
ඇමෙරිකාවේ රාජ්‍ය ආයතනයක් වන (NIST) National Institute of Standards and Technology, AI සම්බන්ධ ක්‍රියාවලීන් අධ්‍යනය කරන, තක්සේරු කරන එසේම කළමනාකරණ කරන ආයතනය ලෙස, ඔවුන් පවසනවා ළමුන්ට සහ සංවේදී ප්‍රජා කොටස්වලට, ආයතනවලට, සහ සමස්ත සමාජයටම මින් යම් ඍණාත්මක බලපෑමක් කළ හැකි බව.
එසේම UNICEF විසින් 2025 එළිදක්වන ලද, AI මාර්ගෝපදේශයේ වියහැකි යම් යම් අවදානම් සහගත තත්වයන් පහත ආකාරයට දක්වල තියෙනවා. ඒවා නම් 01. දත්ත පෞද්ගලිකත්වය, privacy violations 02. වැරදි තොරතුරු, disinformation
03. අසමතුලිත බව, unfairness, 04. AI companion systems මෙම කෘතීම බුද්ධි මෙවලම් සමග සමඟ අධික මානසික යැපීම්, බැඳීම්, emotional dependency on companion chatbots, සහ 05 vialation of rights අයිතිවාසිකම් උල්ලංඝනය වැනි අවදානම් ය.
එසේ අප මෙහි විය හැකි ඍණාත්මක තත්වයන් දෙස අවධානය යොමු කිරිමෙදී තවත් පැතිකඩ වලින් අවදානම් තත්වයන් ගැන අවධානය යොමු කළ හැකි බව පෙන්වාදිය යුතුය.
01. Truth can be damaged or distorted අසත්‍යය පැතිරවීම, විකුර්ති වීම්,: deepfake, fake news, හඩ/රූප අනුරූපණය, ප්‍රජාව නොමඟ යැවීම.
02. Privacy can be damaged - පෞද්ගලිකත්වයට හානි: පුද්ගලික දත්ත AI පද්ධතිවලට අසුරා භාවිතා කිරීම බරපතල අවදානමක් විය හැකිය.
03. Fairness can be damaged- අසමතුළිත හෝ අසාධාරණ තීරණ:
04. Work and livelihoods can be disrupted- රැකියා හා ජීවනෝපාය වෙනස් වීම: routine වැඩවල ස්වයංක්‍රීයකරණය නිසා සමහර රැකියා ක්ෂේත්‍ර විශාල ලෙස වෙනස් විය හැක. සුදු කරපටි රැකියා වලට අදාළ කුශලතා සුවිශේෂී වෙනසකට භාජන වෙයි.
05. Human judgment can weaken- මිනිස් විචාරබුද්ධිය දුර්වල වීම: “AI කියූ නිසාම හරි” යන ඒ මත රඳාපවතින තත්වය නිසා සොයාබැලීම, තර්ක කිරීම, තීරණ ගැනීම දුර්වල විය හැක.
06. Children and vulnerable users can be harmed- දරුවන්ට හා සංවේදී පිරිස්වලට හානි: වැරදි අන්තර්ගතය, emotional dependency, නොගැළපෙන උපදෙස්, සංවේදී තොරතුරු හෙළිදරව් කිරීම.
AI නිසා අනාගතය ඇත්තටම අවදානම්ද?
UNESCO මාර්ගෝපදේශනය තුළ සදහන් කරන්නේ මෙම generative AI භාවිතා විය යුත්තේ මානව මුලිකත්වයෙන්, (human-centred) , යම් සදාචාරමය මූලධර්මවලට යටත්ව ( ethical), මිනිස් බුද්ධියේ ධාරිතා ශක්ති වර්ධනයට හානියක් නොවන ( capacity-building ) ආකාරයට බවයි.
අධ්‍යාපනයට අහිතකර බලපෑම් තියෙනවද?
වැරදි ලෙස භාවිතා කළහොත්
• තමන්ම සිතීම නවත්වයි stop thinking,
• නිර්මාණශීලී ලිවීම අඩුවේ,
• විචාරාත්මක චින්තනය දුර්වල වේ weaken critical thinking,
• ගුරුවරයාගේ මඟපෙන්වීම වෙනුවට ready-made answers මත රඳාපවතී,
• අවබෝධය සහිතව තේරුම් ගැනීම හා ඉගෙනුම (deep learning ) වෙනුවට පිටපත් කර ඉදිරිපත් කරන ක්‍රමවේදයක් “copy and submit culture” බවට පත්වේ.
අධ්‍යාපනය, ආර්ථිකය, වුර්තිය, තාක්ෂණ සහ සමාජ සංවර්ධන කටයුතු සම්බන්ධව ප්‍රතිපත්ති, යෝජනා, සහ සැලසුම් නිර්මාණය කරන ලෝක ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන ආයත ආයතනය Organisation for Economic Co-operation and Development. (OECD) ඔවුන් ඉදිරිපත් කරන ලද OECD Digital Education Outlook 2026 අනුව generative AI ඉගෙනීමට උපකාරී විය හැක්කේ පැහැදිලි ගුරු-මූලධර්ම, නිසි ඉගැන්වීම් අරමුණු, සහ පාලිත භාවිතයක් ඇති විට පමණි. නැතිනම් ඉක්මන් පිළිතුරු ලැබීමෙන් සිසුවාගේ ක්‍රියාකාරී බුද්ධිමය සම්බන්ධතාවය දුර්වල වෙයි.
දරුවන්ගේ life skills වලට බාධා කරයිද?
AI මිනිස් අත්දැකීම්, තාත්වික සහ ප්‍රයෝගික ( Authentic and practical ) ක්‍රියාකාරකම් සහ එවැනි පසුබිමකින් තොරව භාවිත කිරීම ජීවන කුශලතා අවධිවීම හෝ සංවර්ධනය කිරීමට බාදා කිරීම, සිමා කිරීම, මොට කිරීම හෝ විනාශ කිරීම කරනු ලබයි.
AI සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂකයන් කියන ආකාරයට,
• ධෛර්යය සහ උත්සාහය
• ඉවසීම
• සන්නිවේදන කුසලතා
• කණ්ඩායම් වැඩ
• නායකත්වය
• අවස්ථාවෝචිත සහ ස්ථානොචිත තීරණ ගැනීම
• වැරදිවලින් ඉගෙනීම
• මානසික ඒකාග්‍රතාව වැනි ශක්තීන්
• සමාජ ආචාර සහ මනුෂ්‍ය සබඳතා
වැනි කුසලතා AI එකෙන් පුර්ණ වශයෙන් ගොඩනගා ගත නොහැකිය.
2026 AI සම්බන්ධ UNICEF මාර්ගෝපදේශන තවදුරටත් පෙන්වන්නේ දරුවන්ගේ ස්වභාවික ප්‍රිය අප්රියතාවන්, කැමති අකමැති තත්වයන්, ස්වභාවික මානුෂීය වර්ධනය සහ සුබ සිද්ධිය සහ යහ පැවැත්ම ආරක්ෂා කරමින් AI භාවිතයට පසුබිම ගොඩ නැගිය යුතු බවයි.
එයට ප්‍රායෝගික, සම්පූර්ණ, විසඳුම කුමක්ද?
විසඳුම AI තහනම් කිරීම නොවේ. AI සම්මත, පිළිගත්, යහපත් දියුණු මිනිසුන්ගේ මධ්‍යස්ත පාලනයට යටත්ව භාවිත කිරීමය.
නිවසේදී — දෙමාපියන්ටද යම් කාර්යභාරයක් වගකීමක් පැවරෙයි.
“AI උදව්කරු පමණි; සිතීමේ ස්ථානය නොවේ” වැනි පාලනයක් පවත්වාගැනීම සහ මුලින් දරුවා සිතන, ක්‍රියාකාරි තමන්ම උත්සාහ කරන, පසුව AI භාවිතා කරන, සංවේදී දත්ත, පෞද්ගලික තොරතුරු, පවුල් ගැටලු AI වෙත ඇතුළත් නොකරන, දිනපතා screen-free කාලයක් පවත්වා ගන්න, පොතපත කියවන, අතින් සටහන් වැනි දා ලියන, විනෝදයෙන් කෙලිදොලෙන් සිටින, , physical play, ස්වභාවික අන්තර් සන්නිවේදනහි යෙදෙන, face-to-face conversation , ගෙදර වගකීම් ගැන හිතන තත්වයක් ගෙවල් මට්ටමින් ඇතිකිරීම මෙහිදී වැදගත් වෙයි.
• දරුවා AI භාවිතා කළොත් මෙවැනි ප්‍රශ්න ඔවුන්ගෙන් විමසිය හැකිය.
o “ඔයාට ලැබුණු පිළිතුර හරිද?”
o “ඔයා ඒක තේරුම් ගත්තද?”
o “ඔයාගේම අදහස මොකක්ද?”
"ඊට පෙර ඔබට තිබුන දැනුමට සාපේක්ෂව මොකද හිතන්නේ?"
පාසලේදී යම් නියාමනයකට යටත්ව AI භාවිතයට ඉඩදීම සුදුසුය. අර්ථවත් ආකාරයට, අර්ථවත් දේ සදහා AI භාවිත කිරීමට පසුබිම සැකසීම ප්‍රයෝගික පිලිතුරකි. එවැනි පුහුණුවක් නැති විට අයාලේ AI භාවිතයට යොමුවනු ඇත. ඉදිරියේදී AI සම්බන්ධ තාක්ෂණයෙන් කොහෙත්ම බැහැර විය නොහැකි වටපිටාවක් වෙත සමාජය අවතීර්ණ වනු ඇත. අද පරිගණකය මත පෙන්වන කුඩා ඊතලය වැනි සුළු ප්‍රතිශතයක් වන AI භාවිතය, වසර 10 වැනි කාලයක් තුළ පූර්ණ පරිඝනකය තරම් ප්‍රමාණයෙන් භාවිතාව අනුපාතිකව වැඩි වෙනු ඇත.
ඒ අනුව AI භාවිත කළ යුත්තේ තාක්ෂණික මෙවලමක් ලෙස මිස ආදේසකයක් ලෙස නොවේ, ( as a tool, not a substitute for thinking.)
පාසලකට තිබිය යුතු AI policy එකට, AI භාවිතා කළ හැකි කාර්යයන්, භාවිතා කළ නොහැකි කාර්යයන්, හදුනාගනිමේදී, plagiarism සහ copying වලට නීති සකසා ගැනීම, oral presentation, in-class writing, project defense, viva, practical work වැනි human-performance-based assessment වැඩිකිරීම, rubric-based evaluation, source verification habits ඉගැන්වීම, ආදිය ඇතුළත් කළ හැකිය.
ගුරුවරුන්ට
ගුරුවරුන්ට විධිමත් AI පුහුණුවක් ලබාදීම ද අනිවාර්ය කටයුත්තක් විය යුතුය.
• lesson planning සඳහා AI භාවිතා කිරීම
• differentiated worksheets සකස් කිරීම
• rubric ideas ගොඩනැගීම
• අලුත් content explainers
• නමුත් ready-made note culture එකට නොවැටීම
• AI-generated content verify කිරීම
• critical questioning culture පවත්වාගැනීම
දරුවන්ගේ life skills ආරක්ෂා කිරීමට
AI වැඩි වෙන තරමට පහත ආකාරයට human formation වැඩි කළ යුතුය:
• වාද විවාද debates
• ක්‍රීඩා sports
• සෞන්ධර්ය අධ්‍යන ක්‍රියාකාරකම් aesthetic activities
• සමිති, සංගම්, වල සිසුන් යෙදවීම. clubs and societies
• ඉදිරිපත් කිරීමේ හැකියා ප්‍රයෝගිකව දියුණු කිරීම presentation skills / public speaking
• සාමුහික ක්‍රියාකාරකම් හෙවත් කණ්ඩායම් වැඩ teamwork
• සහයෝගී සේවාවන් ලබාදෙන ක්‍රියාකාරකම් service activities
• නායකත්ව කුශලතා දියුණු වන ක්‍රියාකාරකම් leadership tasks
• පරිසර වැඩසටහන් environmental programs
• සිහිය පැවැත්වීම දියුණු කිරීම, අවධානය පවත්වාගැනීම ගැන පුහුණු කිරීම සහ කරුණාව මයිත්‍රීය පුහුණු කිරීම mindfulness and kindness practices (Four Sublime Qualities )
මෙවැනි ක්‍රියාකාරකම් දරුවාට AI විසින් දිය නොහැකි මනුෂ්‍ය ගුණාංග හෙයින් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ එම පුද්ගල පෞරුෂ සහ සමාජ ස නිපුණතා දියුණු කිරීම, තාක්ෂණික දැනුම සමග අත්වැල් බැදගෙන ගමන් කරන ආකාරයේ විධිමත් සංයුක්ත වැඩපිළිවෙලක් සදහා ප්‍රතිපත්තිමය තීරණ අදාළ ආයතන විසින් ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කල යුතුය.
AI භාවිතා නොකරන තත්වයන් ලෙස
• ඔබ වෙනුවට සිතීමට,
• ඔබ වෙනුවට තීරණ ගැනීමට,
• ඔබ වෙනුවට සබඳතා ගොඩනැගීමට,
• ඔබ වෙනුවට ආචාරධර්ම තීරණය කිරීමට, සහ
• ඔබගේම උත්සාහය මඟහැරීමට AI භාවිත කිරීම පෙන්වාදිය හැකිය.
කෙසේ වෙතත් හොඳට භාවිතා කළොත් අපූරු මෙවලමක් වන අතර වැරදිව භාවිතා කළොත් අසත්‍යය, අසාධාරණය, අධ්‍යාපන දුර්වලතාව, මනුෂ්‍ය කුසලතා අඩුවීම වැනි ඍණාත්මක තත්වයන්ට අනිවාර්යයෙන්ම හෙතිවේ.
එබැවින් නිවැරදි මාර්ගය:
AI ට භාවිතයට බිය විය යුතු නැත, එහෙත් මනා භාවිතයට හුරු විය යුතුය, සරල කරුණු විමසීම වැනි ක්‍රියා සදහා AI භාවිතය හරියට හෙලිකොප්ටරයකින් කුණු අදිනවා වැනි වැඩකි. එසේම AI වලට වන්දනාමාන කරන තැනකට පත් නොවිය යුතුය. ඕනෑම දෙයක ප්‍රයෝජනවත් කම ඉස්මතුවන්නේ අර්ථවත් භාවිතය තුළය. මෙම ලිපිය තව කෙනෙක්ට බලන්න shareකිරීම කාරුණික වීමක්.
N M කිත්සිරි ආනන්ද
0777342568
[email protected]
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Kaduwela