04/07/2026
"ඇයි ඔයාට අර ළමයා වගේ ලකුණු ගන්න බැරි?", "බලන්නකෝ ඒ ළමයාගේ හැදියාව, අපේ ළමයාට තමයි කිසිම හැදියාවක් නැත්තෙ..." මේ විදියට "සංසන්දනය කිරීම" අද කාලේ ගොඩක් දෙමව්පියන් නොදැනිම කරන ලොකුම වැරැද්දක්. හැබැයි දෙමව්පියෝ විදිහට අපි ආදරේට, නැත්නම් දරුවා හදන්න කියලා කරන මේ "සංසන්දනය" ඇත්තටම කරන්නේ දරුවාගේ ලෝකයම අඳුරු කරන එක කියලා අපි හිතන්නේ නෑ.
🛑 සැසඳීම - දරුවාගේ සතුට උදුරාගන්නා හොරෙක්!
අපි අපේ දරුවාව වෙනත් ළමයෙක්ගේ දක්ෂතා, හැසිරීම් එක්ක සසඳන හැම වෙලාවකම දරුවාගේ හිතට දැනෙන්නේ "මම කිසිම දේකට දක්ෂ නෑ, මම අන් අයට වඩා හොඳ නෑ" කියන හැඟීමයි. ඒක ඒ පුංචි හිත්වලට දරන්න බැරි ලොකු බරක්.
✨වෙනස් නිසාමයි ලස්සන – දරුවාගේ වෙනස්කමට ආදරය කරමු!
ඔවුන්ගේ වේගයට ඉඩ දෙන්න: හැම දරුවෙකුටම ඉගෙන ගන්න, වර්ධනය වෙන්න තමන්ගේම කියලා කාලයක් තියෙනවා. හැම මලක්ම එකම කාලෙට, එකම පාටින් පිපෙන්නේ නෑනේ.
👉 දුර්වලතා තේරුම් ගන්න: බැන වදින්නේ නැතුව, ඉවසීමෙන් යුතුව ඔවුන්ගේ අඩුපාඩු හදාගන්න උදව් වෙන්න.
ශක්තීන් දිරිමත් කරන්න: දරුවා ආස දේ, දක්ෂ දේ හඳුනාගෙන ඒකට පාර කියන්න.
👉 මතක තබා ගන්න: ඔබේ දරුවා ලෝකයේ ඉන්න බුද්ධිමත්ම හෝ වේගවත්ම කෙනා වෙන්න ඕනේ නෑ. ඔවුන් කවුද, ඒ විදිහටම ඔවුන්ව පිළිගැනීමයි සැබෑ ආදරය කියන්නේ.
🎯 අද සිටම වෙනසක් කරමු
අපේ වචනවලින් දරුවෙක්ගේ ආත්මවිශ්වාසය ගොඩනගන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. ඒ නිසා අද ඉඳන්ම වෙනත් අය එක්ක සසඳන එක නතර කරමු. දරුවාට වැරදෙන්න, වැරදිලා ඉගෙනගන්න ඉඩ දෙමු.
දරුවන්ගේ අනන්‍යතාවයට ගරු කරලා, දරුවා ඉන්න විදිහට, එයාගේ දක්ෂතාවලට ආදරය කරලා එයාව අගය කරන්න පටන් ගමු!
Hapan