Scientia Educational Institute

Scientia Educational Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Scientia Educational Institute, Education, Kaduwela.

සයන්ෂියා ආධ්‍යාපනික ආයතනය පස්වෙනි වරටත් සංවිධානය කළ සයන්ෂියාවේ අපේ චාරිකාව - 2026 ,ආධ්‍යාපනික හා විනෝද චාරිකාව සූරියකන්ද...
06/09/2026

සයන්ෂියා ආධ්‍යාපනික ආයතනය පස්වෙනි වරටත් සංවිධානය කළ සයන්ෂියාවේ අපේ චාරිකාව - 2026 ,ආධ්‍යාපනික හා විනෝද චාරිකාව සූරියකන්ද හා අවට ප්‍රදේශ නැරඹීමට සැප්තැම්බර් 03වන බ්‍රහස්පතින්දා ගමන් කෙරිණි.උදෑසන 4.30ට පමණ පිටත් වූ අතර පළමුව රක්වාන - සූරියකන්ද මාර්ගයේ වංගු 10 හා අවට ප්‍රදේශය නැරඹීමට,පරිසරයේ අපූර්වත්වය,සුවය විඳීමට දරුවන්ට අවස්ථාව ලැබිණි.අනතුරුව මඩුවන්වෙල වලව්ව නැරඹීමට එක් වූ අතර ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරී මහත්වරුන් එහිදී එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් හා ඉතිහාසය පිළිබඳ හොඳින් දරුවන්ට කියාදුණි.ඉන්පසුව දහවල් ආහාරය ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලදී ලබා ගත් අතර නිදහසේ දරුවන්ට වැව් තාවුල්ලේ කාලය ගත කරන්නටත් ,වැව් තාවුල්ලේ සිසිල් සුළං විඳින්නටත් අවස්ථාව උදාවුණි.අනතුරුව ප්‍රාග් ඵෙතිහාසික සුසාන භූමියක් ලෙස සැලකෙන රංචාමඩම සුසානය නැරඹීමට එක් වූ අතර ප්‍රාග් ඵෙතිහාසික මානව ක්‍රියාකාරකම් පිළිබඳ පුරාවිද්‍යා නිලධාරීන් විසින් දරුවන්ට ක්‍රියා දුණි.පසුව උඩවලව ඇත් අතුරු සෙවණේ අලි හා ඇත් පැටවුන්ට සවස 6.00ට කිරි ලබා දෙන අවස්ථාව සඳහා එක් වූ අතර එහි වූ අලි පිළිබඳ කෞතුකාගාරය නැරඹීමටත් දරුවන්ට අවස්ථාව ලබා දුණි.
අනතුරුව නැවත නිවෙස් බලා ඒමට පිටත් වූ අතර රාත්‍රී 8.30ට පමණ පැල්මැඩුල්ලෙන් රාත්‍රී ආහාරය ලබා ගෙන රාත්‍රී 12.00 පමණ වන විට නැවත ආයතන පරිශ්‍රයට ළඟා විය.
මේ සඳහා ආයතනයේ ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා දරුවන්ගෙන් පිරිසකුත්,දෙමවුපියන් පිරිසකුත්,ආචාර්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකුත් එක්විය.

2025(2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ විශිෂ්ටයන්ට අපගේ සුබ පැතුම්...🎉️සයන්ෂියා ආධ...
20/07/2026

2025(2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ විශිෂ්ටයන්ට අපගේ සුබ පැතුම්...🎉️

සයන්ෂියා ආධ්‍යාපනික ආයතනය - ධම්ම සමාධි විහාරය, පහළ බෝමිරිය, කඩුවෙල.

✨ කඩුවෙල ප්‍රදේශයේ දරුවන්ගේ නර්තන හැකියාවන් මතුකරගන්න හොඳ ම අවස්ථාවක්! ✨ඔබේ දරුවාගේ කලාත්මක හැකියාවන් වර්ධනය කරමින්, ආත්...
14/06/2026

✨ කඩුවෙල ප්‍රදේශයේ දරුවන්ගේ නර්තන හැකියාවන් මතුකරගන්න හොඳ ම අවස්ථාවක්! ✨

ඔබේ දරුවාගේ කලාත්මක හැකියාවන් වර්ධනය කරමින්, ආත්මවිශ්වාසය, විනය හා සමාජීය කුසලතා එක්ව ගොඩනගන සුහදශීලී නර්තන පන්තියකට අදම එක්කරන්න.

🌸 දරුවන්ට අනුව සකස් කළ නර්තන පුහුණුව
🌸 ප්‍රසංග හා විවිධ වේදිකා අත්දැකීම්
🌸 නිර්මාණශීලීත්වය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම
🌸 ආරක්ෂිත හා මිත්‍රශීලී ඉගෙනුම් පරිසරයක්

🎭 ගුණවත් නර්තන ශිල්පීන් දරුවන් තුළින් බිහිකිරීම අපගේ අරමුණයි.

📍 සයන්ශියා ආධ්‍යාපනික ආයතනය
ධම්ම සමාධි විහාරය (දම්සිරි දහම් අසපුව)
📌 පහළ බෝමිරිය – කඩුවෙල
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
💃 “නර්තනය යනු කලාවක් පමණක් නොව, ජීවිතයට රිද්මයක් එක් කරන සුන්දර ගමනකි.” ✨
මෙහෙයවීම -: ඉරුෂි රංගාලි
📞0782832552
📞0762832552

🔴මෙවර 2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. 🔴- තවමත් ඔබට විචාර ලිවීමට අපහසු ද? 😣- ව්‍යාකරණ අමාරු ද? 😣- විචාර ලි...
19/05/2026

🔴මෙවර 2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. 🔴

- තවමත් ඔබට විචාර ලිවීමට අපහසු ද? 😣
- ව්‍යාකරණ අමාරු ද? 😣
- විචාර ලියන්න කාලය ප්‍රමාණවත් නොමැති ද? 🤷‍♀️

ඔබ තවමත් ප්‍රමාද නැත!!!!😍

මේ මාස කිහිපයේ සිංහල විෂය ගොඩ දාගන්න එන්න....
පුනරීක්ෂණ පන්තිය සහ ප්‍රශ්න පත්‍ර පන්තියට... (Revison class & Paper class)

⭕ පන්ති ආරම්භය _ජුනි මස 03_ වන බදාදා දින සිට (රාත්‍රි 8.30-11.00)

✅ එක් දිනයක ඇතුළත් වීමේ ගාස්තුව රු.200/=කි.

👉ඔබට අතපසු වූ ව්‍යාකරණ සහ සාහිත්‍යය පාඩම් සියල්ල ම නැවත මුල සිට ආවරණය කෙරේ.
👉පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

මෙහෙයවීම:
මනුරි සමන්මලි
B.A.(University of Rajarata)
0775570179

📌 ඔබත් එන්න,

සයන්ෂියා ආයතනය,පහළ බෝමිරිය,කඩුවෙල.
වැඩියෙන් වැඩ කරන,වැඩියෙන් වැඩ කරවන සිංහල පන්තියට

🌞🌾🌞🌾🌞🌾🌞🌾හැම හද සුබ සිතුවිලි         වේවායහ ගුණ දම් ලොව රජ     වේවාකරනා සුබ වැඩ සරු          වේවාසැමටම සුබ වසරක්         ...
14/04/2026

🌞🌾🌞🌾🌞🌾🌞🌾

හැම හද සුබ සිතුවිලි වේවා
යහ ගුණ දම් ලොව රජ වේවා
කරනා සුබ වැඩ සරු වේවා
සැමටම සුබ වසරක් වේවා

ලැබුවා වූ මෙම අලුත් අවුරුද්ද සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන,නිරෝගී සුවය සැලසෙන, සතුට සපිරුණු, ජයග්‍රාහී සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏

සයන්ෂියා ආධ්‍යාපනික ආයතනය - කඩුවෙල

🌞🌾🌞🌾🌞🌾🌞🌾

සංවේගයෙන් දැනුම් දීමයි.සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ ඉගෙනුම ලැබූ 2022(2023) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි යස...
07/04/2026

සංවේගයෙන් දැනුම් දීමයි.

සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ ඉගෙනුම ලැබූ 2022(2023) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි යසුරි රසාංජලී ශිෂ්‍යාවගේ අභාවය ඉතා සංවේගයෙන් දැනුම්දෙමු.

⭕⭕⭕⭕⭕සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඉතිරිව ඇත්තේ  මාස කිහිපයයි.....- තාමත්  ප්‍රශ්නයකට උත්තර  ලියාගන්න අමාරුද?- සිතියම් ලකුණු...
05/03/2026

⭕⭕⭕⭕⭕
සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඉතිරිව ඇත්තේ මාස කිහිපයයි.....

- තාමත් ප්‍රශ්නයකට උත්තර ලියාගන්න අමාරුද?

- සිතියම් ලකුණු කරන්න තේරෙන්නෙ නැද්ද?

- බහුවරණ ප්‍රශ්නවලට හැමදාම ලකුණු අඩුද?

බය වෙන්න, දුක් වෙන්න එපා.. මේ මාස කිහිපය හරියට වැඩ කළොත් ඉතිහාසය ගොඩ දා ගන්න පුළුවන්.

එකතුවන්න අපගේ ඉතිහාසය ප්‍රශ්න පත්‍ර පන්තියත් සමඟ...

2026 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පන්ති ආරම්භය මාර්තු 06 සිකුරාදා

මෙහෙයවීම :-
අංජලි පෙරේරා
B.A(University of Kelaniya)

📌️ සයන්ෂියා ආධ්‍යාපනික ආයතනය,දම්සිරි දහම් අසපුව,පහළ බෝමිරිය,කඩුවෙල.

📌 තනි හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ද නිවසට පැමිණ උගන්වනු ලැබේ.

විමසීම්:
075 279 6027
076 281 9501

⭕⭕⭕⭕⭕

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් සංවිධානය කළ ආශිර්වාදාත්මක බ...
14/02/2026

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් සංවිධානය කළ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම අද (14) සවස විහාරස්ථානයේදී පැවැත්විණි. විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නය විසින් බෝධි පූජා පින්කම අවසානයේදී සෙත් පිරිත් සජ්ඣායනය සිදු කර දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දුන් අතර මේ අවස්ථාව සඳහා සයන්ෂියා ආධ්‍යාපනික ආයතනයේ ගුරු භවතුන් , විභාගයට පෙනී සිටින දරු දැරියන් හා ඔවුන්ගේ දෙමවුපියන් සහභාගී විය.

හර බැර තාම පැටලෙනවද? C😍mmerce එපා වෙලාද? ආසම විෂය C😍mmerce කරගමු...       එන්න අප හා අත්වැල් බැඳගන්න...🤝  10/11 ශ්‍රේණි ...
25/01/2026

හර බැර තාම පැටලෙනවද?
C😍mmerce එපා වෙලාද?
ආසම විෂය C😍mmerce කරගමු... එන්න අප හා අත්වැල් බැඳගන්න...🤝

10/11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නව 10 ශ්‍රේණිය - බදාදා ප.ව. 7.00-9.00
නව 11 ශ්‍රේණිය - අඟහරුවාදා ප.ව. 6.30-8.30
පැරණි 11 ශ්‍රේණිය (2025)- සඳුදා ප.ව. 7.30-9.30

අපෙන් ඔබට:
▪️ සරලව නිවැරදි විෂය දැනුම
▪️ Unit test, Model papers සහ Past Papers කරවීම
▪️ පියවරෙන් පියවර නිසියාකාරව විෂය ආවරණය
▪️ දරුවන්ට අදාළව පුද්ගලික අවධානය
▪️ ආදරණීය සහ උනන්දුවෙන් පිරුණු පන්ති පරිසරය

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති ලෙසද නිවසට පැමිණ උගන්වනු ලැබේ.

ඉෂාරි රම්මුතුගේ
B.Sc. Business Administration (special)
University of Sri Jayewardenepura
ICASL (following)

සයන්ෂියා ආධ්‍යාපනික ආයතනය
ධම්ම සමාධි විහාරය (දම්සිරි දහම් අසපුව)
පහළ බෝමිරිය

Address

Kaduwela

Opening Hours

Monday 14:00 - 18:00
Tuesday 14:00 - 18:00
Wednesday 14:00 - 18:00
Thursday 14:00 - 18:00
Friday 14:00 - 18:00
Saturday 08:00 - 21:00
Sunday 14:00 - 21:00

Telephone

+94762819501

Website

Alerts

Be the first to know and let us send you an email when Scientia Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Scientia Educational Institute:

Shortcuts

Share

Category