19/04/2026
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රාජමහා විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල් හා විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසල් ඇඳුරු මඩුල්ල , සංවර්ධන කමිටුව එක්ව පසුගියදා (05) සංවිධානය කරනු ලැබූ " දහම් පාසල් අපේ අවුරුදු - 2026 " අවුරුදු උත්සවය , සංඛපිට්ඨි විහාරස්ථ විහාරාධිපති තක්ෂිලා මහා පිරිවෙන්හි පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කනංගම නාරද ස්වාමීන් වහන්සේ , විහාරාධිකාරි මාදන්වල රාහුල ස්වාමීන් වහන්සේ , ගුරු භවතුන් , දහම් පාසල් දුවා දරුවන් සහ දෙමාපියන් ඇතුලු සැමගේ ප්‍රධානත්වයෙන්, දුවා අති සාර්ථක ලෙස විහාරස්ථාන භූමියේදී පැවැත්විණි.
අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මුල් කොටගෙන මෙවර අවුරුදු උත්සවයේ සමාරම්භය සනිටුහන් කළ අතර අවුරුදු ක්‍රීඩා රැසක් සමගින් දුවා දරුවන්ගේ ගායන වාදන නර්තන ඇතුළු සෞන්දර්යාත්මක අංගයන්ගෙන් ද වර්ණවත් විය.
මෙම අවස්ථාව මේ අයුරින් සාර්ථකව පැවැත්වීම සදහා අනුග්‍රහය ලබාදුන් , උපකාර කළ සියලුම දෙනාට හදපිරි ස්තූතිය පුදකර සිටිමු.
මාධ්‍ය සංසදය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල,
කොතලාවල,
කඩුවෙල.
19/04/2026
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රාජමහා විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල් හා විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසල් ඇඳුරු මඩුල්ල , සංවර්ධන කමිටුව එක්ව පසුගියදා (05) සංවිධානය කරනු ලැබූ " දහම් පාසල් අපේ අවුරුදු - 2026 " අවුරුදු උත්සවය , සංඛපිට්ඨි විහාරස්ථ විහාරාධිපති තක්ෂිලා මහා පිරිවෙන්හි පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කනංගම නාරද ස්වාමීන් වහන්සේ , විහාරාධිකාරි මාදන්වල රාහුල ස්වාමීන් වහන්සේ හා ගුරු භවතුන් , ඇතුලු සැමගේ ප්‍රධානත්වයෙන් අති සාර්ථක ලෙස පැවැත්වුණි.
මේ එහි සමාරම්භක අවස්ථාවේ මතකයන් එකතුවක්
මාධ්‍ය සංසදය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල.
කොතලාවල,
කඩුවෙල.
13/04/2026
සූර්‍යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් උදාවූ අලුත් අවුරුද්ද ලක්වාසී, ලෝකවාසී සැමට සතුට සෞභාග්‍යය උදාවන, යහපත් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
තෙරුවන් සරණයි !!
මාධ්‍ය සංසදය,
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල
කොතලාවල, කඩුවෙල.
11/04/2026
සිංහල අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නානුමුර මංගල්‍යය - 2026
උදාවන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඉපැරණි හිසතෙල් ගෑමේ නානුමුර මංගල්‍යය
මෙවරත් කඩුවෙල, කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේදී චාරිත්‍රානුකූලව බක් මස 15 වන බුධ දින පූර්ව භාග 6.54 ට යෙදෙන සුභ මුහුර්තයෙන් සිදු කෙරේ.
උදාවන අලුත් අවුරුද්දේ හිසතෙල් ගා තුනුරුවනේ ආශිර්වාද ලැබගැන්මට ඔබ සියලුම දෙනාට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.
තෙරුවන් සරණයි !
මාධ්‍ය සංසදය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය.
කොතලාවල, කඩුවෙල.
#සංඛපිට්ඨි_පුරාණ_රජමහා_විහාරය
#හිසතෙල්ගෑම #අවුරුදු #උත්සව #කඩුවෙල
24/03/2026
එරබදු මල් සුවඳ මුසුව
හෙළ අවුරුදූ සිරියෙන්
මුළු සිරිලක බබළන
සුන්දර බක් මාසයේ
අපේ දහම් පාසල් දුවා දරුවන්ගේ
සිත් සතන් සතුටූ කිරීමේ අභිලාශයෙන්
වාරිත්‍ර වාරිත්‍ර වලට මුල් හැන දෙමින් සරවිධානය කරන
" දහම් පාසලේ අපේ අවුරුදු "
📅 දිනය: 2026 අප්‍රේල් 05 වන ඉරිදා
⏰ වේලාව: පෙ.ව. 07:30 - ප.ව 01.00 දක්වා
📌ස්ථානය: කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාර පරිශ්‍රයේ දී.....
ඔබ සැමට ආරාධනා..! 🙏✨
මාධ්‍ය සංසදය,
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල
කොතලාවල ,කඩුවෙල .
#අවුරුදු
#සංඛපිට්ඨිපුරාණරජමහාවිහාරය
#සම්බුද්ධජයන්තිදහම්පාසල
#කඩුවෙල
04/03/2026
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේත් විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසලේත් සිසු දුවා දරුවන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් සෑම පුන් පොහෝ දිනකම සවස් යාමයේ සිදු කරන්නා වූ අටවිසි බුද්ධ වන්දනාමය පිංකම සහ ධාතු පූජාව උතුම් වූ මැදින් පුන් පොහෝ දිනයේදීත් (02) විහාරස්ථානයේ දී පැවැත්විණි.
තෙරුවන් සරණයි!
මාධ්‍ය සංසදය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල,
කොතලාවල, කඩුවෙල.