JLPT EASY WAY Sri Lanka

JLPT EASY WAY Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JLPT EASY WAY Sri Lanka, Educational Research Center, Lagamuwa Road, Kadugannawa.

කන්ජි පොත්කවුරුත් නොදන්න කන්ජි සිංහලෙන්ම දැනගන්නදැන්ම අමතන්න 070 535 93 68පෙබරවාරියේ NAT 5/4 කරන ඔබට, කන්ජි උගන්වා අවසන්...
08/02/2020

කන්ජි පොත්

කවුරුත් නොදන්න කන්ජි සිංහලෙන්ම දැනගන්න
දැන්ම අමතන්න 070 535 93 68
පෙබරවාරියේ NAT 5/4 කරන ඔබට, කන්ජි උගන්වා අවසන්ද? තවමත් කන්ජි මතක නැද්ද?
===============================================

වටිනා කන්ජි පුහුණු පොත් දෙක ඔබ වෙත ලබාදීමට අප සූදානම්. NAT 5 සහ NAT4 සඳහා අවශ්‍යවන සියලුම කන්ජි මෙම පොතෙහි අන්තර්ගත වන අතර කෙන්තො කෙයිසයි මුද්‍රණයක් ලෙසින් එළි දකී.
ඉතා සීමිත ප්‍රමාණයක් පොත් පවති. තවත් දින 8 කින් ඔබගේ ජපන් භාෂා සිහිනය සපුරා ගන්න.
==========================================
මේ සමඟ ඉදිරියටත් ඔබගේ දැනුම දියුණු කරගන්නට අවැසි උපදෙස් නොමිලේම ලැබෙනු ඇත.
====================
විමසීම්
කවුරුත් නොදන්න කන්ජි සිංහලෙන්ම දැනගන්න
දැන්ම අමතන්න 070 535 93 68කවුරුත් නොදන්න කන්ජි සිංහලෙන්ම දැනගන්න
දැන්ම අමතන්න 070 535 93 68

පුදුම ජපානය - 01ජපනා හපනා. ඒකේ ආයේ විවාදයක් නැහැ. දෙවනි ලෝක යුද්ධයෙන් පැතලි වෙන්නම බැට කාපු ජපානය අවුරුදු දහයකින් විස්සක...
30/12/2019

පුදුම ජපානය - 01

ජපනා හපනා. ඒකේ ආයේ විවාදයක් නැහැ. දෙවනි ලෝක යුද්ධයෙන් පැතලි වෙන්නම බැට කාපු ජපානය අවුරුදු දහයකින් විස්සකින් ලෝකයේ ලොකුම බලවතෙක් උනා. ජපානය ධනවාදී ක්‍රමයට හැදුනත් සාම්ප්‍රදායික ජපාන ගති සිරිත් වෙනස් වුනේ නැහැ. ජපානය සුද්දන්ට කාර් විකු​ණුව​ට සුද්දගේ බස ජපනා ත​ම රටේ පාවිච්චියට ගත්තේ නැහැ. ඒ වගේම සුද්දගේ සිරිත් අමු අමුවේම ජපානයට වැද්දා ගත්තේත් නැහැ. ඒ නිසා ලෝකයේ ඉහ​ළම තැනක ඉන්න රටක් වුනත් වෙනස්ම විදියක සංස්කෘතික උරුමයක් ජපානයට තියෙනවා. ඒ සංස්කෘතිය අතීතයට අයිති දෙයක්ම නෙමෙයි, අදත් ජපානයට යන කෙනෙක්ට ​ඒ ජපාන සංස්කෘතිය ජීවමානව පේන්න තියෙනවා.



1. වැඩිපුර සිටිනා වැඩිහිටි ජනතාව

ලෝකයේ දැනට ජීවත් වන වයස්ගතම කෙනා ‘කනේ ටනකා’ කියලා ජපාන ජාතික කාන්තාවක්. ජපානයේ ෆුකෝකා වල ජීවත් වන ඇයගේ වයස අවුරුදු 116කට වැඩියි. ජපානයේ වැඩිහිටි ජනතාව වයසට ගියත් ඔවුන් බොහොමයක් ක්‍රියාශීලියි. ඒ වගේම වෙන රටවල මොන්ටිසෝරි තියෙනවා වගේ වැඩිහිටියන්ට සතුටු වීමට අවකාශයන්ද ජපානයේ තියෙනවා. වැඩිහිටියන් වැඩි වීම රටක් විදියට හො​ඳ දෙයක් නෙමෙයි. ජපාන තරුණ පරපුර කසාද බැ​ඳලා ළමයි හදන්නත් එච්චරම ලොකු උනන්දුවක් නැහැ. ඒ නිසා වැඩිහිටි ජනගහ​ණය වැඩිවෙනවා. ඉස්සරහට මේ නිසා රාජකාරි වල යෙදෙන්න ජපන් ජනතාව අඩුවෙනවා.



2. අපරාධ අඩුම රට

අපරාධ අඩුම රටක් විදියට ජපානය මුලින්ම ඉන්නවා. ජපානේ සිදුවන හොරකම් අතර මුලින්ම තියෙන්​නේ එළියේ තියෙන බයිසිකලයක් හොරකම් කිරීම, කුඩයක් හොරකම් කිරීම වගේ සුළු දේවල් විතරයි. ඒ වගේම ජපන්නු එලිය​ට බහිද්දි ගෙවල් දොරවල් ලොක් කරලා යන සිරිතකුත් ගොඩක් පළාත්වල නැහැ. මොකද හොර බියක් ජපනුන්ට නැහැ.



3. වැඩිම වෙන්ඩින් මැෂින් ඇති රට

ජපානය හැමදේටම මැෂින් හදන රට. ඒ කම්මැලිකමටම නෙමෙයි, යන්ත්‍ර හදලා ඒවයින් ලේසියෙන් වැඩගන්න ජපාන ජනයා කැමතියි. ජපානයේ හැම හන්දියකම පාහේ වෙන්ඩින් මැෂින් තියෙනවා. සාමාන්‍යයෙන් සිසිල් බීම, බියර්, වගේ දේවල් වෙන්ඩින් මැෂින් වල තිබුනත් ජපානයේ දී රෙස්ටොරන්ට් වල තියෙන කෑම පවා වෙන්ඩින් මැෂින් වල දාලා පහසුවෙන් ගන්න හැකි වෙන්න තියලා තියෙනවා.



4. දූපත් ගොඩක්, ඒත් එකම රටක්

ඉන්දුනීසියාවට දූපත් පහ​ලොස්දාහකට වඩා අයිති වෙනවා. ජපානයටත් පොඩි පොඩි දූපත් එක්ක ඔක්කොම දූපත් 6,852ක් අයිති වෙලා තියෙනවා. ජපාන රටේ මූලිකම දූපත් ටික තමයි හොන්ෂු, හොකයිඩෝ, ක්‍යුෂු සහ ෂිකෝකු කියන දූපත් හතර. මේ දූපත් වල ජනතාව සීයට 97ක් පමණ ජීවත් වෙනවා. දූපත් ආසන්නයේ ජීවත් වෙන නිසා ජපන් ජනතාව මාලු අල්ලන එක විනෝදාංශයක් විදියට කරනවා. ඒ වගේම ජපන් ආහාර වට්ටෝරුවලත් මාලු වලට විශේෂ තැනක් ලැබිලා තියෙනවා.



5. පාසැල් වල පිරිසිදුකම කියා දීම

ජපානයේ පාසැල් දරුවන්ට ඔවුන්ගේ පාසැල තනිවම පිරිසිදු කරගන්න වෙනවා. ඒ වගේම නගරයේ කාණු වැසිකිළි ආදියත් දරුවන්ට පිරිසිදු කරන්නට වෙනවා. ජපානයේ පාසැල් වල උගන්වන්නෙ වි​ෂයයන් විතරක් නෙමෙයි, ජපාන සංස්කෘතියට අදාළ දේවල් වගේම පිරිසිදුකම ගැනත් ප්‍රායෝගික අවබෝධයක් ජපාන සිසුන්ට ලැබෙනවා. ජපානය ගැන තියෙන යූ ටියුබ් ට්‍රැවල් වීඩියෝ එකක් බැලුවත් ජපානය මොන තරම් පිරිසිදු කමක් තියෙන රටක්ද කියල අපිට පේනවා.



6. ලිංග උත්සවය

ඉන්දියාවේ ශිව දෙවියන්ගේ ලිංග පූජාවන් තියෙනවා. එතනදි ශිව ලිංගය කිරෙන් නාවලා ස්ත්‍රීන් සෞභාග්‍යය ප්‍රාර්ථනා කරනවා. ඊට වෙනස් ආකාරයට පුරුෂ ලිංගය පිදීමේ උත්සවයක් ජපාන රටේ තියනවා. එතනදි පුරුෂ ලිංගික අවයවයේ විශාල අනුරූ හදලා ඒවා පෙරහරින් ගෙනියනවා. ඒ වගේම විවිධ ප​ළතුරු එලවලු වලින්ද ලිංගික අවයව අනුරූ නිර්මාණය කරනවා. එ​සේ ලිංගය සැමරීම තුළින් ජපාන ජනයා සරුබව සමරනවා.



7. වැඩ අතර නින්ද

ජපාන ජාතිකයින් දවසට පැය දහය දො​ළහ වැඩ කරන්නට කැමතියි. එය ඔවුන් පුරාතනයේ සිට පුරුදු වෙලා තියෙන විදිය. ඒ වගේම ජපාන ජාතිකයින් වැඩ කරන අතරතුර පැය බාගයක් විතර පොඩ්ඩක් නිදාගන්නත් අමතක කරන්නේ නැහැ. චීන ජාතිකයින් අතරත් මේ පුරුද්ද තියෙනවා. විද්‍යාත්මක අධ්‍ය​යන වලිනුත් එක දිගටම පැය ගා​ණක් වැඩ කරනවාට වඩා හො​ඳ නින්දක් දාල නැගිටලා වැඩකරන්න හැකිනම් කාර්යක්ෂමතාවය වැඩිවෙන බව හොයාගෙන තියෙනවා.



8. පළතුරු තෑගි දීම

අපේ රටෙත් තාමත් ගම්වල ගෙදරකින් ​ගෙදරකට යද්දි හො​ඳ කෙසෙල් ඇවරියක් හෙම අරගෙන යන පුරුද්දක් තියෙනවා. ජපාන රටෙත් ගෙදරකින් ගෙදරකට යද්දි තෑග්ගක් විදියට ප​ළතුරු අරන් යන සිරිතක් තියෙනවා. ජපානයේ දි පළතුරු ටිකක් මිල අධිකයි. ඒත් ජපන් ජනතාව​ට පළතුරු රැගෙන යෑමට එයින් බාධාවක් එල්ල වෙලා නැහැ.



9. අතට අත දීම වෙනුවට නැමීම

නැමී ආචාර කිරීම ගොඩක් ආසියානු රටවල තියෙනවා. ජපානයෙත් ආචාර සමාචාර කිරීම හො​ඳටම තියෙනවා. ජපානයේ තමුන් කතා කරන වැඩිහිටියන්, ආයතන ප්‍රධානීන්, යහලුවන් වශයෙන් කතා කරන අය අනුව භාෂාවත් වෙනස් වෙනවා. ඒ අනුව අනෙකාට ගරු සරු ඇතිව කටයුතු කරන්නට ජපන් ජාතිකයින් උත්සාහ ගන්නවා. මේ ආචාර කිරීම් ගති සිරිත් පාසැලෙන්ම ජපන් ජාතිකයින්ට කුඩා කල සිට උගන්වනවා.



10. කුඩා ඉඩකඩ සහිත නිවාස

ජපානයේ බාත්රූම් වල වාඩිවෙලා නාන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම සමහර ගෙවල් වල ඇ​ඳන් අකුලන්න පුළුවන්. ඒ කියන්නෙ රෑ නිදාගන්නට යනවිට ඇ​ඳ සකස් කරගෙන උදේට නින්ද අවසාන වුනාම ඇ​ඳ අකුලලා තියනවා. ජපානයට ගිය ලාංකික සිසුන් එහෙම කියන විදියට ජපානයේ නවාතැන් ගනිද්දි හමුවෙන්නේ සීමිත ඉඩක් තියෙන කාමර. බොහෝවිට ලෑලි වලින් නිමවී වෙන්වුන ඒ කාමර වලදී අනෙක් අයට ශබ්​දයෙන් බාධාවක් නොවන විදියට හැසිරෙන්නත් සිදු වෙනවා. ලෑලි තට්ටුව උඩ ව්‍යායාම කිරීමක් වගේ දේක නිරත වුනත් ලොකු සද්දයක් එනවා. ඒ වාගේ වෙලාවක අසල්වැසියන් පැමිණිලි ක​ළොත් පොලිසියට උත්තර දෙන්නත් ඒ ව්‍යායාම කරපු කෙනාට සිද්ද වෙනවා.



සංචාරයකට හෝ යන්න කැමති නම් වාසනාවන්ත දේශයක් තමයි ජපානය. ජපානයේ වැඩකරන ස​හ ඉගෙනගන්න අපේ අයට නම් එහේ ජීවිතය කටුකයි. ඒත් විනය සහිත දියුණු දේශයක් ඒ අපේ ලංකාවේ අයටත් ජපානයේදී වි​ඳගන්නට ලැබෙනවා. අපේ දේශපාලකයොත් උගතුනුත් අපි දන්න කියන අතීතයේ ඉ​ඳලා මේ ජපානයට යනවා එනවා. ඒත් අපේ රට නම් ජපානය විදියට කිසිම අංශයක් දියුණු වෙන පාටක් නම් නැහැ.

Address

Lagamuwa Road
Kadugannawa

Telephone

0777 169 883

Website

Alerts

Be the first to know and let us send you an email when JLPT EASY WAY Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share