Sri Sobhitha Dharma Vidhyalaya - Sri Sudarshanarama Viharasthanaya

Sri Sobhitha Dharma Vidhyalaya - Sri Sudarshanarama Viharasthanaya දැහමි අනාගත සමාජයක් ගොඩ නගමු..

❤❤10 years ago❤
31/05/2023

❤❤10 years ago❤

127 වන සමස්ත ලංකා දහම් පාසල් දිනය අදයිමහින්දාගමනෙන් පසු ආරම්භ වූ ශ්‍රී ලාංකේය ආගමික, සංස්කෘතික, ආර්ථික හා සාමාජීය වෙනස්ක...
03/08/2022

127 වන සමස්ත ලංකා දහම් පාසල් දිනය අදයි

මහින්දාගමනෙන් පසු ආරම්භ වූ ශ්‍රී ලාංකේය ආගමික, සංස්කෘතික, ආර්ථික හා සාමාජීය වෙනස්කම් ක්‍රමික පාලන රටාවේ සිදුවූ වෙනස්කම් මත පසු කාලීනව විදේශීය මුහුණුවරක් ගත්තේය. මෙරට ආක්‍රමණය කළ විදේශීය ජාතීන් හා ඔවුන්ගේ අනන්‍යතාවයන්ට අනුගත වූ සමාජ ක්‍රමයක් බලහත්කාරයෙන් මෙරට ස්ථාපිත කිරීමේ වෑයමක් ඔවුන් සතු වූහ. ඒ අනුව ලාංකේය අධ්‍යාපන ධාරාව පන්සලෙන් බැහැර විය. සිරිත් විරිත් බටහිරට අනුගත විය. දේශීයත්වය වියැකී ගියේය. මෙම තත්ත්වයන් හමුවේ බෞද්ධ අධ්‍යාපනයට පත්ව තිබූ ඛේදජනක තත්ත්වය පිළිබඳව කම්පාවට පත්ව සිටි ඕල්කට්තුමා මෙරට බෞද්ධ අධ්‍යාපනය නංවාලීමේ අරමුණින් බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමට පුරෝගාමී විය. කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද ආදී විද්‍යාල බිහිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. බෞද්ධ දහම් පාසල් පිළිබඳ මූලික අදහස ඕල්කට්තුමා ස්වයංලිඛිත චරිතාපදානයේ මෙසේ සඳහන් කර ඇත. “ මගේ හිතට වැදගත් අදහසක් පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ ආගම දිවයිනේ තිබෙන හැම විහාරස්ථානයකදී ම විශේෂ දිනවල නියමිත පැය ගණනක් උගත යුතුය. ඔවුන්ගේ දෙමාපියන්ගේ ආගමෙහි මූලික කරුණු පවා ඔවුන්ට නො ඉගැන්වුවහොත් හොඳ බෞද්ධයන් වෙතැ’යි බලාපොරොත්තු විය හැකිද? ක්‍රිස්තියානිවරු ඔවුන්ගේ ආගම ළමයින්ට ඉගැන්වීම අතපසු නොකරද්දී බෞද්ධයෝ පමණක් ඔවුන්ගේ දරුවන්ට කුමක් නිසා එය අතපසු නොකරත්ද? ” ( one more important has come to me the children of Buddhist should be taught their religion regularly on special days at a specified hour at every temple in the island – old diary leaves vol.III 143 p ) ඒ අනුව අතීතයේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ බෞද්ධ පාඨශාලා නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත් ඕල්කට්තුමා සිරිලක බෞද්ධ දරුවන්ට බුදු දහම ඉගැන්වීමේ හා උගත් දහම අනුව ජීවත් වන පිරිසත් බවට පත්කිරීමේ අරමුණින් ඉරිදා බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමට ක්‍රියා කළේය. 1881 පෙබරවාරි 13 වන දින කොළඹ මැලිබන් වීදියේ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් කාර්යාලයේ දහම් පාසලක් ආරම්භ කළ මුත් එය ටික කලකින් අක්‍රීය විය. 1884 කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙඩ්බීටර් මහතා ආරම්භ කළ දහම් පාසල ද අක්‍රීය විය.

ආරම්භයේ සිදුවූ අඩුපාඩු හා අතපසුවීම් මැනවින් සොයා බලා ඉතා සංවිධානාක්මකව ඕල්කට්තුමාගේ සංකල්පයකට අනුව 1895 අගෝස්තු මස 03 වන දින ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී අතිපූජ්‍ය ඇහැලේපොළ ජිනෝරස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද “ විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව ” අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එන හෙයින් “ විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව ” ශ්‍රී ලංකාවේ වර්තමාන දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාව වශයෙන් පිළිගැනේ. ඒ අනුව අද දිනට මෙරට දහම් පාසල් ආරම්භ වී වසර 127 ක් සපිරෙයි.

ආරම්භයේදී විවිධ අපහසුතාවන් හා පවත්වාගෙන යාමේ දුෂ්කරතාවන්ට ලක් වූ දහම් පාසලට නවෝදයක් උදාවූයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති වූ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිතුමාගේ යොජනාවෙන් ( 1919.12.20) දහම් පාසල් පෙළ පොත් සැපයීම හා වාර්ෂික පරීක්ෂණ පවත්වා සහතික පත් පිරිනැමීම ආරම්භ කිරීමයි. එතැන් සිට වසර 35 ක් පුරාවට එම කාර්යය සිදුවිය. 1956 දී දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමාගේ මහජන රජය යටතේ ආරම්භ කරන්නට යෙදුනු සංස්කෘතික දෙපාර්තමේන්තුව දහම් පාසල් අධ්‍යාපනයේ නවෝදයට පියවර රැසක් ගනු ලැබීය. අලුතින් ආරම්භ කරන ලද දෙපාර්තමේන්තුවට සමගාමීව බෞද්ධ උපදේශක මණ්ඩලය හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල පළමුවරට ඇති කිරීමත් අභිනව දහම් පාසල් පෙළ පොත් මුද්‍රණය කර නොමිලේ ලබාදීමත් නිසා ඇති වූ නව ප්‍රබෝධය නිසා දහම් පාසල් සිය ගණනින් අලුතින් ආරම්භ විය. දහම් පාසල් ඉතිහාසයේ ප්‍රගතියට ඉවහල් වූ අවස්ථාවක් වූයේ 1981.06.01 බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවක් පිහිටුවා සම්බුද්ධ ශාසනයේ ම අභිවෘද්ධියට අවශ්‍ය කටයුතු සම්පාදනයට පියවර ගැනීමයි.

ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වශයෙන් දිවයිනම ආවරණය වන පරිදි සැදුම්ලත් සුවිශේෂ සංවිධානයක් මඟින් දහම් පාසල් ඉදිරි ගමනට මනා පිටුවහලක් වන්නේය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩය මඟින් දහම් පාසල් කොඩි දිනය ආරම්භ කරමින් දහම් පාසල් ක්ෂේත්‍රයේ උන්නතියට ස්වේච්ඡාවෙන් කැපවූ ගුරු භවතුන් වෛද්‍යාධාර පිරිනැමීම, නිවාස අහිමි සාමණේර ස්වාමින් වහන්සේලාගේ මාපියන් වෙනුවෙන් බුදුපුත් නිවාස වැඩසටහන, ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි සුවිශේෂ කාර්යයන් කිහිපයක් සිදුකරනු ලබයි. එමෙන්ම දහම් පාසල් ගුරු භවතුන්ට සාම විනිසුරු පදවි ප්‍රදානය කරමින් තවත් ඇගයීමක් සිදුකරයි. මෙම සාධනීය තත්ත්වයන් මත වර්මාන දහම් පාසල් ක්ෂේත්‍රයේ ප්‍රවණතාවක් මෙන්ම එහි අභිවෘද්ධියක් ඇති විය. දහම් පාසල තවත් එක් පංති කාමරයක් නොකොට දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන් දරු පිරිසක් සමාජයට දායාද කිරීමේ සත් කාර්යයට මෙමඟින් මනා පිටිවහලක් සැපයිනි.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත වාර්ෂිකව ප්‍රාදේශීය, දිස්ත්‍රික් සිසුනිපුණතා හා සමස්ත ලංකා සිසු නිපුණතා, දහම් ගුරු කුසලතා සංවර්ධන, පාලි භාෂා ප්‍රවර්ධන , දහම් පාසල් කළමනාකරණ, භාවනා, දහම් සරසවි උසස් අධ්‍යාපන ඩිප්ලෝමා, සිල් සුවඳයි හෙළ දිවියයි ( වගා ) ආදී වැඩසටහන් මෙන්ම දහම් පාසල් ගුරු, දහම් පාසල් ශ්‍රේණි විභාග ආදිය පවත්වනු ලබයි. එමෙන්ම දහම් පාසල් පෙළ පොත්, දහම් ගුරු භවතුන්ට පුස්තකාල දීමනා හා නිල ඇඳුම් ලබාදීමත් භෞතිකමය වශයෙන් දහම් පාසල් ගොඩනැඟිලි සංවර්ධන කිරීමට මූල්‍ය ආධාර ලබාදීම වැනි කාර්යය රැසක් සිදුකරනු ලබයි.

ගාල්ල වැලිවත්ත විජයානන්ද දහම් පාසල මීට වසර 127 ට පෙර ආරම්භ කරන ලද්දේ දරුවන් 70 අධික ප්‍රමාණයකින් වුවද එය වර්තමානය වන විට දරු දැරියන් 2258383 ක් දක්වා වර්ධනය වී ඇත. දිවයිනම ආවරණය වන පරිදි ශාසනාරක්ෂක මණ්ඩල 329 ක් තුළ දහම් පාසල් 10279 ක්‍රියාත්මක වන අතර ස්වේච්ඡාවෙන් දහම් අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන් 131937 කි. වර්තමානව වන විට සිංහල භාෂාවෙන් ඔබ්බට ගොස් ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් පාසල් ද බිහිවීම මෙරට දරු පරපුර ලද තවත් සුවිශේෂ භාග්‍යයකි. දරුවන් දැනුමෙන් පෝෂණය කරවා පමණක් නොව එය ප්‍රායෝගික ක්‍රියාකාරකමක් බවට පත්කරනුයේද දහම් පාසලයි. වසර 127ක් පුරාවට ලංකේය දහම් අධ්‍යාපනය නංවාලමින් මතු පරපුර යෙහෙන් සුරක්ෂිත කිරීමට ස්වේච්ඡාවෙන් දහම් ඇස පෑදූ ගෞරවණීය ස්වාමින් වහන්සේලා, සිල්මාතාවන් වහන්සේලා, ගුරු භවතුන් මෙහිදී සිහිපත් කරනු අගනේය.

දහම් පාසල් පවත්වාගැනීමට ප්‍රාදේශීය වශයෙන් විවිධ දුෂ්කරතාවන් හා බාධක තිබුන ද ඒවාට නිසි අයුරින් විසඳුම් ලබාදෙමින් නිසි අයුරින් පවත්වාගන්නට ගරු ලේඛකාධිකාරී හා සභාපති ස්වාමින් වහන්සේලා ලබා දෙන මඟ පෙන්වීම හා නායකත්වය, සියලු දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවය කරනු ලබන බෞද්ධ කටයුතු නිලධාරීන් මෙතැන්දී සිහිකටයුතු මනාය.

දහම් අධ්‍යාපනය නවෝදයෙන් සිරිලක දැහැමි පරපුරක් බිහිවේවා.

සුනන්ද කාරියප්පෙරුම
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්

සෝභිතාගමනයේ පලමු තරඟය ලෙස සෝභිත අදිකර්තෘවර පුජ්‍ය ශ්‍රී බඹරබැද්දේ ධම්මදස්සි නාහිමි අනුස්මරණ පැණ දම් රූසර දහම් දැනුම තරගා...
01/08/2022

සෝභිතාගමනයේ පලමු තරඟය ලෙස සෝභිත අදිකර්තෘවර පුජ්‍ය ශ්‍රී බඹරබැද්දේ ධම්මදස්සි නාහිමි අනුස්මරණ පැණ දම් රූසර දහම් දැනුම තරගාවලියේ පළමු අඩහැරය ඊයේ දිනයේදි (31) දහම් පාසල් ප්‍රධාන ශාලාවේදි දහම් පාසල් ගුරුභවතුන්ගේ මැදිහත්විමෙන් හා සිසුනගේ සහභගිත්වයෙන් සමාධි හා ප්‍රඥා නිවාස අතර පැවතුණි.මුලික වටයේ තරඟයෙන් ප්‍රඥා නිවාසය අභිභවා සමාධි නිවාසය පළමු වටය තමන් සතු කර ගන්නා ලදි. ජය ලැබු අයටත් ජය නොලැබු අපේ දරුවෝ සියල්ලටම සුභ පතමු.. මීලඟ වටය ශිල නිවාසය හා ප්‍රඥා නිවාසය අතර පැවැත්විමට ඉදිරි නොබෝ දිනකදි සිදු කරනු ඇති...

පුංචි අපේ මල් දන්සල - 2022.07.13 ඇසල පුන් පොහොය දිනයඇඳිරි නිතිය බස්නාහිර පළාතට  හදිසියේ දැමිම තුලත් දරුවන්ගේ මහන්සිය කැප...
14/07/2022

පුංචි අපේ මල් දන්සල - 2022.07.13 ඇසල පුන් පොහොය දිනය

ඇඳිරි නිතිය බස්නාහිර පළාතට හදිසියේ දැමිම තුලත් දරුවන්ගේ මහන්සිය කැපවිම ඉවත දැමිම නොහැකියාව නිසා කඩා ගත් මල් අප මහා
බුදුන් රජාණන්වහන්සේට අපරිමිත ශ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රාද්ධාවයෙන් යුක්තව පුදන්නට වුවෙමි..

පුංචි අපේ මල් දන්සල - 2022.07.13 ඇසල පුන් පොහොය දිනය
14/07/2022

පුංචි අපේ මල් දන්සල - 2022.07.13 ඇසල පුන් පොහොය දිනය

13/07/2022
06/07/2022

ශ්‍රී සෝභිත දහම් පාසල් දරුවනි,

ඔබ පෙනීසිටි දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාග වලින් ලබාගත් ඔබට හිමි සහතික පත්‍ර මේ ඉරු දින දහම් පාසලට පැමිණ ලබාගන්න.

ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ,
ශ්‍රී සෝභිත දහම් පාසල
ඉහළ කරගහමුණ
කඩවත.

ශ්‍රී සෝභිත දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳිවිම  හා ශෂය නායන දිනය " සෝභිතාෂේක - 2022 "  උත්සවශ්‍රි‍යෙන් 22.06.19 ඉ...
23/06/2022

ශ්‍රී සෝභිත දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳිවිම හා ශෂය නායන දිනය " සෝභිතාෂේක - 2022 " උත්සවශ්‍රි‍යෙන් 22.06.19 ඉරැ දින උදැසන 10.00ට දහම් පාසල් ප්‍රධාන ශාලාවේදි ප්‍රධානාචාර්ය බඹරබරද්දේ සිරිධම්ම නායක ස්වමින් වහන්සේගේ ප්‍රධානාත්වයෙන්
දෙමාපිය ආදි සිසු සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වුනි! අභිනවයෙන් පත් වු ශිෂ්‍ය නායක මඩුල්ලට FB සමාජ ජාල පිටු සංසදයෙන් සුභාශිංෂන!!!! මේ සඳහා සහාය දුන සැමට තුති සේම විශේෂයෙන් දහම් පාසල් නිල ඡායාරෑපී ශිල්පි ගමිත් සොහොයුරාට ස්තුතිය පුද කරමු...

ශීල සමාදානය - පොසොන් පොහොය දින  - 22.06. 14 සාර්ථක කර ගැනිමට උදව් උපකාර කල සැමට පුණ්‍යනුමොදනා කරමු....තෙරුවන් සරණයි සැමට...
16/06/2022

ශීල සමාදානය - පොසොන් පොහොය දින - 22.06. 14
සාර්ථක කර ගැනිමට උදව් උපකාර කල සැමට පුණ්‍යනුමොදනා කරමු....
තෙරුවන් සරණයි සැමට!!!!!!

දරුවනි/දැරියනි,මෙවර සාමාන්‍ය පෙළ අවසන් කළ ඔබ සැම දහම් පාසල් අවසාන ශ්‍රේණි සහතික පත්‍ර විභාගය සඳහා සුදනම් කරවිම සඳහා මේ ඉ...
02/06/2022

දරුවනි/දැරියනි,
මෙවර සාමාන්‍ය පෙළ අවසන් කළ ඔබ සැම දහම් පාසල් අවසාන ශ්‍රේණි සහතික පත්‍ර විභාගය සඳහා සුදනම් කරවිම සඳහා මේ ඉරුදින සිට අධ්‍යනය කටයුතු අරඹා ඔබව එම විභාගය තුළින් සමත් කිරිම වෙනුවෙන් දහම් පාසල් ඇදුරු මඩුල්ල සුදානමින් සිටි.
මෙම විභාගය ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන නිසා ඔබට ඉතාම වැදගත් වන සේම ඔබ වසර 11ක් දහම් පාසල් පැමිණි සිසුවෙක්, සිසුවියක් වන බැවින් මෙම විභාගය මුහුණ දිමත් ඔබේ අනාගතයට වැදගත් වනු ඇත.
එසේම දහම් පාසල් අධ්‍යාපනය අවසන් කල දිනක ඔබට සතුටු හිතෙන අවස්ථාවත් මෙය වන බව නොඅනුමානය.. මේ සඳහා සිසුන්ට පොත් පත් ලබා දි ඇති අතර නොලැබුනු සිසුනට හටද පොත් පත් ලබා ගෙන මෙම විභාගයට මුහුන දි උසස් අන්දමින් සමත්ව වන්නට ඇරයුම් කරන්නනේමු.
එසේම ඔබේ දහම් පාසල මෙම විභාගය සිසුන් සමත් කරවිමේ ප්‍රගතිය අතින් අංක එකේ මට්ටමේ ඇති ඉතාම ඉහළ තත්වයක පවතින ප්‍රදේශයේ අභිමානවත් දහම් පාසලකි.එබැවින් මේ ඉරිදා දින සිට සාමාන්‍ය පරිඳි උදේ 7.30 ට දහම් පාසල් ඇඳුමින් ඔබේ දහම් පාසල වෙත පැමිණිම ආනිවාර්ය බව දන්වමු..

ජී එම් කසුන් දුෂ්මන්ත
සහකාර ප්‍රධානාචාර්‍ය්
ශ්‍රී සෝභිත දහම් පාසල
ඉහළ කරගහමුණ
කඩවත

ඩෙංගු වලින් වැළකෙමු 🦟වැස්සත් සමග හිස ඔසවන ඩෙංගු කොවිඩ් වලට වඩා භයානක විය හැක. එනිසා ඩෙංගු වැළැක්වීමට දායක වීම සැමගේ යුතු...
31/05/2022

ඩෙංගු වලින් වැළකෙමු 🦟

වැස්සත් සමග හිස ඔසවන ඩෙංගු කොවිඩ් වලට වඩා භයානක විය හැක. එනිසා ඩෙංගු වැළැක්වීමට දායක වීම සැමගේ යුතුකමකි.

ඩෙංගු වැළදෙන්නේ කෙසේද?
ඩෙංගු යනු වෛරසයක් මගින් බෝ වන රෝගයකි. ඊඩිස් වර්ගයේ මදුරුවන් වහකයන් ලෙස ක්‍රියා කරයි. මෙයට ප්‍රතිකාර නිසි ලෙස නොකලහොත්
• සාමාන්‍ය සුළු උණ තත්වය
• ඩෙංගු උණ (Dengue fever)
• ඩෙංගු රක්තපාත උණ (Dengue hemorrhagic fever DHF) දක්වා වර්ධනය විය හැක.

ඩෙංගු රෝග ලක්ෂණ මොනවාද?
• තද උණ
• හිසරදය
• වමනය
• බඩේ කැක්කුම
• මස්පිඩු වේදනාව
• පාචනය
• ඇගේ පලු දැමීම ( රත් පැහැති )

හදුනා ගත හැකි පරීක්ෂණ වන්නේ,
• සම්පූර්ණ රැධිර පරීක්ෂාව (Full blood count)
• ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාව (Dengue antigen test)

ඩෙංගු සදහා කළ හැකි ප්‍රතිකාර වන්නේ,
• හොදින් විවේකය ලබා ගන්න
• උණ පාලනය කිරීමට නියමිත ඖෂධ (Antipyretics) නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුල ලබා ගන්න
• ජලයෙන් පොගවා ගත් රෙදි කැබැල්ලකින් රෝගියාගේ ශරීරය පිස දමන්න.(Tapid bath)

ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ඇතිවිය හැකි සංකූලතා වන්නේ,
Dengue shock fever
Brain damage
Hemorrhage
Myocarditis
Encephalitis
Liver damage

පාලනය කළ හැකි වන්නේ,
• ජලය රැස් විය හැකි භාජන සියල්ල ජලය එකතු වීමට නොහැකි වන සේ වසා තබන්න
• ජලය රැදෙන ස්ථාන නිතර පරීක්ෂා කර පවිත්‍ර කල යුතුයි
• අත් පා හොදින් වැසෙන සේ ඇදුම් ඇදීම
• නින්දට යන විට මදුරු දැලක් භාවිත කරන්න
• නිරන්තරයෙන් ගෙවත්ත හා ගෙතුල පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න

ඔබත් ඩෙංගු වලින් තොර හෙටක් සදහා ඔබේ දායකත්වය ලබා දෙන්න.

ශ්‍රී සෝභිත දහම් පාසල් ඇදුරු මඩුල්ල
ශ්‍රී සෝභිත දහම් පාසල
ඉහළ කරගහමුණ
කඩවත

Address

Ihala Karagahamuna
Kadawata
11850

Opening Hours

07:30 - 23:45

Telephone

+94712668276

Alerts

Be the first to know and let us send you an email when Sri Sobhitha Dharma Vidhyalaya - Sri Sudarshanarama Viharasthanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sobhitha Dharma Vidhyalaya - Sri Sudarshanarama Viharasthanaya:

Shortcuts

Share

Category