Pasan Dhananjaya පසන් ධනංජය

Pasan Dhananjaya පසන් ධනංජය Lecturer on Sinhala Language and Literature

 #හුස්මpasan  මාස පහෙන් සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කර විචාර 50ක් කියාදෙන ONLINE සිංහල විචාර පන්තියසම්බන්ධ වීමට  0758662132...
07/10/2024

#හුස්මpasan



මාස පහෙන් සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කර විචාර 50ක් කියාදෙන ONLINE සිංහල විචාර පන්තිය
සම්බන්ධ වීමට 0758662132 අංකයට දැන්ම පණිවිඩයක් එවන්න.
නිබන්ධන සහිත සම්පූර්ණ මාසික ගාස්තුව රුපියල් 600ක් පමණි. අදාළ විස්තර 0758662132 අංකයට නම සහ ලිපිනය දැන්ම වට්ස්ඇප් කරන්න.

 @2තේ කෝප්පෙත් එක්කම, ඒ මතකෙත් සෝදල දාපු මම, වොස් දාන්න යනකොටත් නදුන් දත් මදිනගමන් බුරුසුව කටේ ගහගෙන ෆෝන් එක ඔබනවා.."නාන...
05/10/2024

@2
තේ කෝප්පෙත් එක්කම, ඒ මතකෙත් සෝදල දාපු මම, වොස් දාන්න යනකොටත් නදුන් දත් මදිනගමන් බුරුසුව කටේ ගහගෙන ෆෝන් එක ඔබනවා..
"නාන වෙලාවටවත් ඕක පැත්තකින් තියපන්...
ගිනි කිකිළියො ෆෝම් නොකර..." මං එහෙම කිව්වෙ තරහකින් නෙමෙයි...නදුනට කින්ඩියක් දාන්න හිතාගෙන..

"අඩෝ අදිය...

නුවීගෙ බර්ත්ඩේ එක බං හෙට..රෑ වෙලාවටම යවන්න වදනක් කියපන්කො"

"අදිය"

ඒ නදුන මට කතාකරන විදිහ..

"අදිස් ප්‍රතාප දිසානායක"

උප්පැන්නෙ විදිහට
" වාසල මුදියන්සේලාගේ අදිස් ප්‍රතාප දිසානායක"
"කෝ ඕක දීල නාගනින් ඉක්මනට.."
මම එහෙම කිව්වෙ නදුනගෙ අතින් හෑන්ඩ්ෆෝන් එක උදුරන ගමන්...

"කදුළ ඉතිං සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට..
මගෙ ගෙපැලට ඈ එනවා
නිදියහනේ තනි රකින්න"

උගෙම තාලෙකට කෑ ගහල කියන ගමන්, නදුන අපි ළිද කියල කියන, පැත්තකින් දියසෙවෙල් අරක්ගත්තු සිමෙන්ති ටැංකිය, අණ්ඩ කැඩුණ ප්ලාස්ටික් වතුර බාල්දියෙන් හිස් කරන්න ගත්ත..
ඇගට වැටුණ වතුර බින්දුවලින් සරුවාංගෙට සීතල එක්ක කොහෙන්දෝ ආපු කම්මැලිකමක් රිංගනකොටම, නදුනගෙ හෑන්ඩ්ෆෝන් එකේ හිස් තිරය අස්සෙ කිමිදුණේ, ඇගට දැනුන සීතල වචනවලින් උණුසුම් කරන්න හිතාගෙන...

කෙකටිය පදුරු අතරින්
හීන් කෙදිරියට
පිනි බින්දු වැටෙනකොට
සීතල සුළග අස්සෙන්
එන, ඒ සුවදට...
තාමත් ආදරෙයි මම...
සත්තයි රත්තරං...
ඔය නෙත් කෙවෙණි අග
ඇස් කොනිති ගහනකොට
හුස්මත් අමතකයි මට...

 #හුස්මpasan දුකම හිතුණු හැන්දෑවකහවසතනිම අහස එක්ක... දන්නවද ?අමාරුම මිනිස්සු ගොඩක් මැද්දෙ තනිකම දරාගන්න එක...
04/10/2024

#හුස්මpasan
දුකම හිතුණු හැන්දෑවක
හවස
තනිම අහස එක්ක...
දන්නවද ?
අමාරුම
මිනිස්සු ගොඩක් මැද්දෙ
තනිකම දරාගන්න එක...

 #හුස්මpasan
30/09/2024

#හුස්මpasan

01/01/2024

අලුත් ඉලක්කමක්
පරිස්සමෙන්
ඉලක්කම් එක්ක
ගනු දෙනු කරන්නම ඕන වසරක්
ඔබෙ හිතට❤
ජය සතුට,
-පසන්-

13/12/2023
හිතන උන්ට සංවාදයට ඇරයුමක්...යථාර්ථය කියා දෙයක් තියෙනවද ? යමක සැබෑ තත්වය, පවතින හෝ පැවතිය හැකි තත්වය ‘යථාර්ථය’ බැව් සාමාන...
21/10/2023

හිතන උන්ට සංවාදයට ඇරයුමක්...

යථාර්ථය කියා දෙයක් තියෙනවද ?

යමක සැබෑ තත්වය, පවතින හෝ පැවතිය හැකි තත්වය ‘යථාර්ථය’ බැව් සාමාන්‍ය පිළිගැනීමයි. එනම් අපගේ පංචේන්ද්‍රියන්ට ගෝචරවන දේ පමණක් සැබෑ තතත්වය ලෙස පිළිගැනීමයි. නැතහොත් දැනට අත්දැකීමෙන් පිළිගෙන ඇති දේ හා සිදුවිය හැකි තවත් එවැනි දේයි. මෙම අදහස් ස්ථීර ලෙසම සත්‍ය බවට පිළිගැනීමෙන් ඇති වන මතවාදය යථාර්ථවාදය ලෙස සැලකේ. ඒ අනුව එකී මතවාදයෙහි පිහිටා තම පෞද්ගලික හා සමාජයීය ජීවනය පැවැත්වීමත්, සාහිත්‍ය කලා නිර්මාණය රස වින්දනය ආදියත් සිදු කෙරෙයි. එහෙත් ‘යථාර්ථවාදය’ හෙවත් මෙකී පිළිගත හැකි සත්‍යය ලෙස අප අදහස් කරන්නේ කුමක්ද යන්න ඊට වැඩි දාර්ශනික තලයක තබා වටහාගත යුත්තකි. එහිදී පදගතාර්ථගත අර්ථයට අනුව යථාර්ථය විය යුතු දේ සහ භාවිතය අනුව අප යථාර්ථය ලෙස පිළිගන්නා දේ යන අංශ දෙක කෙරෙහි අවධානය යොමු විය යුතුය.

යථා ූ අර්ථ යනු යමක සැබෑ තේරුමයි. එනම් යමක සැබෑ අරුත වටහා ගැනීමේදී ඒ හා සම්බන්ධ අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය යුතුය.

1. සැබෑවටම මෙය කුමක් ද ?
2. එය එසේ සකස්ව හෝ සිදුව ඇත්තේ කවර හේතුන් නිසාද ?
3. එහි ක්‍රියාකාරීත්වය කෙබඳු ද ?

සැබෑවටම මෙය කුමක්ද යන්නේ අදහස් වන්නේ මෙය පවත්නේ කොහේද යන්නයි. එනම් එය මානසික හෝ අභෞතික ලෝකයක පවතීද ? නැතහොත් බාහිර හෙවත් භෞතික ලෝකයේ පවතින්නක්ද ? යන ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීම පළමු කරුණෙන් අදහස් කෙරෙයි.

දෙවැන්නෙන් අදහස් වන්නේ එය භෞතික වූවක් නම් එය සකස් වී ඇත්තේ කවර පදාර්ථ සන්තතියක එකතු වීමෙන්ද ? කවර ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසද යන්නයි.

එහි ක්‍රියාකාරීත්වය යනු පළමු කරුණේදී පැහැදිලි කරගත් ආකාරයට එහි පැවැත්මෙන් කා හට නැතහොත් කුමකට කවරාකාරයේ බලපෑමක් සිදුවේද යන්න සොයා බැලීමයි.

යමක යථාර්ථය පිළිබඳව සත්‍යෙක්‍ෂණයේදී ඉහත කරුණු පිළිබඳව අවම වශයෙන් අවධාරණය වී තිබිය යුතු බැව් වචනාර්ථ විමසීමේදී පෙනී යයි. ඒ අතර තවත් එක් ප්‍රධාන කරුණක් වන්නේ තෙවන ප්‍රශ්නයට අදාළව ලබාගන්නා පිළිතුරයි. එනම් යමක යථාර්ථය යනු කාලය, දේශය හෝ වෙනයම් වස්තුවක් මත වෙනස් නොවිය හැක්කකි. යමක් එසේ වෙනස් වේ නම් එය යථාර්ථයක් වන්නේද යන්න වෙනම ම විමසිය යුත්තකි. නමුත් අප අත්විඳින සත්‍යය අනුව නම් මිනිසුන් විවිධ ආගමික, දාර්ශනික හා ජාතික පදනම් මත පිහිටා එකිනෙකට වෙනස් දෑ බොහොමයක් යථාර්ථය සේ පිළිගෙන ක්‍රියා කරයි. එලෙස විවිධ ආගමික ඉගැන්වීම් තුළ අධිමානුෂීය ක්‍රියාකාරකම් පිළිගන්නා ගමන්ම තම ප්‍රායෝගික ජීවිතය තුළ එවැනි දෑ යථාර්ථයෙන් බැහැර කොට සළකන්නට ඔවුහු පෙළඹෙති. එසේ නම් මොවුන් යථාර්ථය ලෙස සැබෑවටම පිළිගන්නේ කුමක්ද?

-පසන් ධනංජය-

නෙතඟ රදවන පින්බර පාටසිතඟ නළවන කුසුමකි පිච්චසුවඳ විඳුමට පැමිණෙන දාකපරවෙනු එපා ඉගිලෙනු රෑටදසත දිවයන සමනල රෑනඅඳින සිතුවම වි...
21/10/2023

නෙතඟ රදවන පින්බර පාට
සිතඟ නළවන කුසුමකි පිච්ච
සුවඳ විඳුමට පැමිණෙන දාක
පරවෙනු එපා ඉගිලෙනු රෑට

දසත දිවයන සමනල රෑන
අඳින සිතුවම විසිතුරු සිහින
තණ’ඟ දැවටෙන පින්නකි සැලෙන
දිනකර පමාවනු අවැසියි තව දේ බොහොම

තණ’ඟ තුරුලෙන් තුසර වෙන්වෙන දාට
එළිය වැටුණත් අඳුරුයි සමනල රෑන
තුසරක් වෙන්න පෙති අඟ පිච්ච
වරමක් දෙන්න තටු නැති සිතට
-පසන් ධනංජය-

Address

Kadawatha
Kadawata

Telephone

+94719218116

Website

Alerts

Be the first to know and let us send you an email when Pasan Dhananjaya පසන් ධනංජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pasan Dhananjaya පසන් ධනංජය:

Shortcuts

Share