Korean With Kavi

Korean With Kavi සිහින හීන නොවන්නට

23/03/2025

E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට...

මිලියන 3ක් වංචාකරලා...

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති අතර, ඔහු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටි පුද්ගලයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මොහු E-7 හා E-8 යන කාණ්ඩවල රැකියා ලබාදෙන බව පවසමින් මෙලෙස මුදල් ලබාගෙන එම රැකියා ලබා නොදී, ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වෙත ලද බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ හෙයින් ඔහු එදිනම සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී සැකකරු මාර්තු මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. මීට අමතරව සැකකරුට එරෙහිව ඇති තවත් පැමිණිලි 3ට අදාළව නඩු 3ක්ද කාර්යාංශය විසින් ගොනුකිරිමට නියමිතයි.

දකුණු කොරියාවේ E-8 කාණ්ඩයේ රැකියා ලබාදීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මේ වන තෙක් අනුමැතිය හිමි වි නොමැති බැවින්, එම රැකියා ලබාදෙන බව පවසා මුදල් ඉල්ලා සිටින කිසිඳු අයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් අයකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් හා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112 864241 ඇමතීම මගින් තොරතුරු ලබාදෙන ලෙස වැඩිදුරටත් කාර්යාංශය ඉල්ලා සිටියි.

월요일 - වොල්යෝඉල් - සඳුදා 화요일 - හ්වායෝඉල් - අඟහරුවාදා 수요일 - සූයෝඉල් - බදාදා목요일 - මොග්යෝඉල් - බ්‍රහස්පතින්දා금요일 - කම්යෝඉල් ...
24/01/2025

월요일 - වොල්යෝඉල් - සඳුදා
화요일 - හ්වායෝඉල් - අඟහරුවාදා
수요일 - සූයෝඉල් - බදාදා
목요일 - මොග්යෝඉල් - බ්‍රහස්පතින්දා
금요일 - කම්යෝඉල් - සිකුරාදා
토요일 - ථෝයෝඉල් - සෙනසුරාදා
일요일 - ඉල්යෝඉල් - ඉරිදා

මෙය කොරියානු රැකියා සඳහා රජය මඟින් පවත්වන විභාගයට පුහුණු කරන පාඨමාලාවයි. ¤ 2025 නව විෂය නිර්දේශය යටතේ පාඨමාලා කටයුතු සිද...
22/01/2025

මෙය කොරියානු රැකියා සඳහා රජය මඟින් පවත්වන විභාගයට පුහුණු කරන පාඨමාලාවයි.

¤ 2025 නව විෂය නිර්දේශය යටතේ පාඨමාලා කටයුතු සිදුකරන අතර කාලය මාස 6කි.

¤ ඇතුළත් වන පලමු කණ්ඩායමට මුලු පාඨමාලාවටම 5000/=ක් පමණක් අය කරන අතර 2500/= ක් වටින නව විෂය නිර්දේශය පොත් දෙකම නොමිලේම ලැබෙනු ඇත.

¤ දේශන කටයුතු online zoom තාක්ෂණය හරහා සිදු වේ.

¤ 2025/01/25 දින සිට සෑම සෙනසුරාදා දිනකම සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා දේශන කටයුතු පැවැත් වේ.

¤ ඔබ පන්තියට සහභාගී වන්නේ නම්, අදාල පොත් කට්ටලය ලගම තැපැල් කාර්යාලයට හෝ නිවසට ගෙන්වා ගැනීම සඳහා 400/=ක මුදලක් delivery ගාස්තු සඳහාද 5000/= ක මුදලක් පාඨමාලා ගාස්තු සඳහාද ගෙවිය යුතුය.ඔබ කැලණියට පැමිණ පොත් ලබා ගන්නේ නම් delivery ගාස්තු අය නොකෙරේ.

¤ සහභාගී වන්නේ නම් කෙටි පණිවිඩයක් තබන්න.

먹다 - මොක්දා (කනවා)마시다 - මාසිදා (බොනවා)보다 - පෝදා (බලනවා)읽다 - ඉල්ක්දා (කියවනවා)
22/01/2025

먹다 - මොක්දා (කනවා)
마시다 - මාසිදා (බොනවා)
보다 - පෝදා (බලනවා)
읽다 - ඉල්ක්දා (කියවනවා)

1 - ඉල්2 - ඉ3 - සම්4 - සා5 - ඕ6 - යුක්7 - චිල්8 - පල්9 - කූ10 - සිප්20 - ඉ සිප්30 - සම් සිප්
21/01/2025

1 - ඉල්
2 - ඉ
3 - සම්
4 - සා
5 - ඕ
6 - යුක්
7 - චිල්
8 - පල්
9 - කූ
10 - සිප්
20 - ඉ සිප්
30 - සම් සිප්

20/01/2025
19/01/2025
නව විෂය නිර්දේශය
19/01/2025

නව විෂය නිර්දේශය

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න. 0754059059
19/01/2025

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න. 0754059059

16/07/2024

කර්මය
නඩු අහන දවසට
ලෝයර්ස්ලා
නෑ පුතා...

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Korean With Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share