15/05/2024
මුදල් වියදම් නොකර නොමිලේ කළ හැකි මහ පින්කම් සියයක්.
🔶1) බුදු ගුණ මෙනෙහි කිරීම
🔶2) දම් ගුණ මෙනෙහි කිරීම
🔶3) සඟ ගුණ මෙනෙහි කිරීම
🔶4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.
🔶5) නිති පන්සිල් සමාදම් වීම
🔶6) පන්සිල් කඩ නොකොට රැකීම
🔶7) උදේ සවස බුදුන් වැදීම
🔶8) අට සිල් සමාදන් වී රැකීම
🔶9) නවංග සීලය සමාදන් වීම
🔶10) දස සිල් සමාදම් වීම
🔶11) පසලොස්වක පෝයට සිල් සමාදම් වීම සහ හතර පෝයට සිල් ගැනීම.
🔶12) භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.
🔶13) ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)
🔶14) ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම
🔶15) ධර්මය කියවීම
🔶16) වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය )
🔶17) දුගීව සිටද, හැකි පමණින් බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
🔶18) දුගීව සිටද , හැකි පමණින් මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
🔶19) පින් දීම
🔶20) සත්‍ය කථා කිරීම
🔶21) දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම
🔶22) හිස් වචන කතා නොකිරීම
🔶23) සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම
🔶24) ගිලානෝපස්ථානය
🔶25) පහන් සිතින් යුතුව මල් ආසන සෝදා සුද්ධ පවිත්‍ර කිරීම
🔶26) මල් පූජා කිරීම
🔶27) ලෝක සත්වයා හට මොහොතක් හෝ මෙත් වැඩීම සහ මෙත් පැතිරවීම
🔶28)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම සහ පැතිරවීම
🔶29) දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම
🔶30) ධර්මය හැදෑරීම
🔶31) අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම
🔶32) අභිධර්මය හැදෑරීම
🔶33) ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම
🔶34) ධර්මය වන පොත් කිරීම වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම
🔶35) නෙක්කඛම්මය
🔶36) සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභයෙන් අවසන්ව යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. පලමු පිඩ තැබීමෙන් වලකින්න .ඒ අවස්ථාවේදී ආනිශංස 200 ක් සිදුවෙන බව ධර්මයේ සදහන් . එම ක්‍රියාව වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🔶37) ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. පුරා වස් කාලයක්ම, ආශ්‍රවයන්ගෙන් තොරව වැඩ සිටි බවක් වරක්, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් ලියා තිබූ බව කියවේ
🔶38) පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන වැනි)
🔶39) ප්‍රත්‍යවේක්ෂා කිරීම
උදාහරණයක් ලෙස
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය බලන්න.
ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂාව විවිධ විදිහට තියෙනවා. මරණය ආදිය තමාට එන බව සිහි කිරිමත් ප්‍රත්‍යවේක්ෂාව වෙනවා. සිව් පසයත්
ප්‍රත්‍යවේක්ෂාවෙන් (අවශ්‍යතා සිහි කරමින්) වැලඳිය යුතුයි. නිවන් පසක් කල පසු ප්‍රත්‍යවේක්ෂා කරනවා. සමාධියට සම වැදීමෙන් පසුත් ප්‍රත්‍යවේක්ෂා කරනවා.
🔶40) සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.
🔶41) තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.
🔶42) අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.
🔶43) මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.
🔶44) දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.
🔶45) සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම
🔶46) බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.
🔶47) අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම
🔶48) මල් ආසන කැඩී බිදී ඇත්නම් පිලිසකර කිරීම
🔶49) බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.
🔶50) පන්සල් පිරිසිදු කරදීම.
🔶51) අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🔶52) නින්දට පෙර පන්සිල් සමාදන් වීම.
🔶53) නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.
🔶54)පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.
🔶55)අන්‍යයන් ට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.
🔶56)සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.
🔶57) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.
🔶58) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම
🔶59) තෙරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම
🔶60) දෙමව්පියන් ලවා උපක්‍රමශීලීව පිං කුසල් සිදු කරවීම.
🔶61) ත්‍රිපිටකය අටුවා ටීකා ධර්ම ග්‍රන්ථ ආදිය අඩංගු මෘදුකාංග ස්ථාපනය කර දීම
🔶62) ධර්ම මෘදුකාංග, වෙබ්අඩවි භාවිතා කරන අයුරු ඉගැන්වීම
🔶63) ධර්මය නොදන්නා අයට පැහැදිලි කරදීම/ නිර්වචනය කරදීම.
🔶64) සැමවිටම මනා සිහියෙන් ගත කිරීම.
🔶65) ගස්වල ඇති මල් බුදු රදුන්ට පූජා කිරීම
🔶66) ගස්වල ඇති මල් කැකුළු බුදුරදුන්ට පූජා කිරීම.
🔶67) ගස්වල ඇති මල් ධර්ම රත්නයට පූජා කිරීම.
🔶68) ගස්වල ඇති මල් කැකුළු ධර්ම රත්නයට පූජා කිරීම.
🔶70 ගස්වල ඇති මල් සංඝ රත්නයට පූජා කිරීම.
🔶71 ගස්වල ඇති මල් කැකුළු සංඝ රත්නයට පූජා කිරීම.
🔶72) පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා රෝපනය කිරීම
🔶73) පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා පැල පැල කර අවශ්‍ය අයට නොමිලේ බෙදා දීම.
🔶74) එම සිටවූ තුරුලතා පෝෂණය කර රැක බලා ගැනීම.
🔶75) පරිසරයේ ඇති වටිනා තුරුලතා රැක බලා ගැනීම සහ ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම
🔶76) තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරු ගස්වල පලවැල නෙලෙන විට සියලුම පලවැල කඩා නොගෙන ගෙඩි කිහිපයක් සතා සිව්පාවුන් වෙනුවෙන් ඉතිරි කිරීම.
🔶77) අහිංසක සතුන් ගෙවත්තට පැමිණි විට හිංසා නොකිරීම
🔶78) අහිංසක සතුන් වෙනුවෙන් කෑම දැමීම සදහා කෑම ලෑල්ලක් පිලියෙල කිරීම.
🔶79) අහිංසක සතුන්ට ජලය බීමට ජලය රැස් කර ගත හැකි ස්තානයක් තම ගෙවත්තේ පිලියෙල කිරීම.
🔶80) තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම ආහාර තැබීම.
🔶81) තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම සතුන් වෙනුවෙන් ජලය තැබීම.
🔶82) තම ගෙවත්තේ සතුන්ට කෑම සහ ජලය තැබීමට වෙන්කල ස්ථාන පිරිසිදු කිරීම සහ පිරිසිදුව තබා ගැනීම.
🔶83) සැමට ප්‍රිය උපදවන ලෙස තම නිවස සහ ගෙවත්ත පිරිසිදුව සහ පිලිවෙලකට තබා ගැනීම.
🔶84) තම මා දෙමාපියන්ව රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වස්තුවලින් සංග්‍රහ කිරීම.
🔶85) මා දෙමාපියන් හැර තම පවුලේ වැඩිහිටි වයසක ඇත්තන් රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වලින් සංග්‍රහ සහ අනුග්‍රහය දැක්වීම.
🔶86) අසල්වාසීන්ට/ නෑදායින්ට තම හැකි පමණින් උදව් පදව් කිරීම
🔶87) ගම්වාසීන්ට තම හැකි පමණින් උදව් සංග්‍රහ කිරීම.
🔶88) ගමේ සිදුවන පොදු කටයුතුවලට සම්බන්ධ වීම
🔶89) ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී සුද්ධ පවිත්‍ර කිරීම
🔶90) ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම
🔶91) ගමේ යම් කිසි අයෙකුට කරදරයක් වූ විට හැකි පමණින් උදව් උපකාර කිරීම .
🔶92) තමා එම දිනයේ කල පිංකම් දිනය අවසානයේ මෙනෙහි කර සතුටු සිතින් නින්දට යෑම.
🔶93) නිදා ගැනීමට ප්‍රථම පංසිල් සමාදම් වී විනාඩි පහක් පමණ ලෝකයා වෙනුවෙන් මෛත්‍රීය වැඩීම.
🔶94) තමා කළ සෑම පිංකමක් ම සටහන් කර තබා පිං පොතක් පවත්ව ගෙන යාම. (මේ කරුණ ජීවිතයේ ඉතාම වටිනා දෙයක් සේ සලකා අනුගමනය කරන්න)
🔶95) දිනය, මාසය,අවුරුද්ද අවසානයේ පිංපොත බලා නැවත නැවතත් මෙනෙහි කර තමන් කළ පිංකම් ගැන සතුටුවන්න.
🔶96) පිං කිරීම,සිල් රැකීම, ධර්මයේ හැසිරීම යන කරුණු තමන්ගේ ජීවිතයේ තරුණ කල සිටම ආරම්භ කරන්න .
🔶97) සැමවිටම ධර්මයේ සදහන් දස කුසල්ම වඩන්න. දස අකුසල් වලින් හැකි පමන ඈත් වන්න.
🔶98) ජීවිතයේ සැදෑ සමය සැමට කරදරයක් නොවන සේ ගත කරන්න.
🔶99) සැදෑ සමයේදී ධර්මය ගැන, තමා පෙර කල පිංකම්, පිං පොත නිතරම මෙනෙහි කරන්න.
🔶100) අවසානයේ ඉතාමත් සතුටු සිතින් තම කළ පිංකම් ගැන මෙනෙහි කරමින් කැමති ස්ථානයක තම සිත පිහිටවා නිවන අරමුණු කරගෙන මෙලොව සැමගෙන් මෙන්ම තව ජීවිතයේනුත් සමු ගන්න.
මේ සියලු පින්කම් නිවන් දැකීමටම උපකාර වෙත්වා🙏
මේ කරුණු ගැන ඔබත් දැනුවත් වී අනිකුත් අයත් දැනුවත් කරන්න .
උපුටාගැනීමකි
26/12/2023
රටම හැඩවූ සුනාමියට වසර 19ක් 🥺🥺
04/10/2023
සද්දෙ ඇහෙන පින්තූර...
තොගෙ.. 🤣🤣
17/09/2023
🤣🤣🤣🤣 තාම වෙලා තියනවා කොම්ලනේ..
17/09/2023
මැච් එක වික්කද??
Comments දාමු බලන්න.. 🥺
10/09/2023
"S තුනක් අරන් මම ජීවිතය ජයගත්තේ..කැම්පස් ගිය මගේ යාලුවෝ පරක්කු උණා"..
"මට කැම්පස් යන එක චුට්ටෙන් මිස් උණා.. දැන් මම අහවල් ලක්ෂරි කාර් එකේ යනවා.. කැම්පස් ගිය අය පාරේ බස් එකේ යනවා"
ඒලෙවල් රිසල්ට්ස් ආපු මේ වගේ කාලවල උණු කැවුම් වගේ යන කන්ටෙන්ට්.. ආයේ නිකන් සට සට ගාලා ශෙයාර් වෙන්නේ.. කොච්චර ශෙයාර් වෙනවද කියනව නම් කැම්පස් වලට සිලෙක්ට් උන ඒලෙවල් කරපු අයත් කැම්පස් ගිහින් වැඩක් නෑ කියලා හිතනවා.. පොදු මතයක් සමාජේ හැදිලාත් තියෙනවා..
හැබැයි.. හැබැයි..
මේ උඩ ස්ටේට්මන්ට් තනිකරම හීනමානය එළියට දාන ප්‍රකාශ..
ඇයි?
එස් තුනක් තිබ්බත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත.. කැම්පස් නූලෙන් මිස් උණත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත..
මෙතන පතුරන්න හදන බොරු මතවාදේ තමා
කැම්පස් ගියාට වැඩක් නෑ කියන එක.. ඒක කාලය කා දැමීමක් කියන එක..
ඒක අමූලික බොරුවක්.. ඉගෙන ගන්න දේ පැත්තකින් දාන්න.. එතනදි ඔයාට හැදෙන වැදගත්ම දේ තමයි wider network එක.. එතනදි ඔයාට එන දේ තමා සාමාජීය කුසලතා (social skills).. විශාල දැනුමකට යොමුවීමේ හැකියාව access to wider knowledge.. එතනදි ඔයාට ඔයාගේ ආකල්ප වර්ධනය කරගන්න පුලුවන්.. ඔයාට ethnic harmony එක ගැන අත්දැකීම් එනවා.. equity and equality..ඔයාට එතනදි ජීවිතයට එකතු කරගන්න පුලුවන් දේ බොහෝමයි.. එතනට ගියාම වැඩක් නෑ පරක්කු වෙනවා කියන්නේ අධ්‍යාපනයේ නියම තේරුම නොදන්න අය තමා.. එතන කාලය කිසිදාක නාස්තියක් වෙන්නේ නෑ..
ඒක නිසා ඔය බොරු මෝටිවේශනල් ටෝක්ස් වලට ඔයාලා අහුවෙන්න එපා.. කැම්පස් සිලෙක්ට් නම් එන්න.. ඇවිත් ඒ අත්දැකීම විදගන්න.. ජීවිතය විදින්න.. ❤️❤️❤️❤️❤️
මොකෝ කැම්පස් ගිහිනුත් ඔය උඩින් අය කරපු දේවල් කරන්න පුලුවන් ❤❤❤
Copied from
Aminda Lakmal
30/07/2023
මේ තියෙන්නෙ horseshoe kidney. ඒ කියන්නෙ එකට බද්ද වෙච්ච වකුගඩු . මේව කලාතුරකින් උපදිනකොටම සමහරුන්ට පිහිටනවා.
මෑතකදී ආන්දෝලනයට ලක්වෙන නැතිවුන දරුවටත් තිබුනෙ මේ වගේ වකුගඩු. ස්කෑන් වර්ග කිහිපයක් කරත් මේ මැද බද්ද වෙච්චි පටක හදුනගන්න බැරි වෙලා. හේතුව නරක් වෙච්චි පැත්තෙ තිබුන විශාල ඉදිමුම. ඉතින් දරුවගෙ ජීවිතේ බේරගන්න නරක් වෙච්චි වකුගඩුව අය්න් කරද්දි බද්ද වෙලා තිබූ නිසා දෙපැත්තම අය්න් වෙලා.ඒක හරිම කලාතුරකින් සිදුවන්නක්.වෛද්‍යවරු හිතාමතා කලා හෝ අත් වැරදීමක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ලෝකෙ කොහෙ කරත් වළක්වාගත් නොහැකි මේ වගේ තත්ව ඇති වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය මේක හොදින් දන්න කරුණක්, සාමාන්‍ය අයට නොහුරු උනාට. මේකට නීතිමය පියවර ගන්න බෑ. මොකද නීත්‍යානුකූලවත්, වෛද්‍ය සදාචර වලට අනුකූලවත් තමයි සියල්ල සිදුවෙලා තියෙන්නෙ. වැරැද්දක් අතපසුවීමක් සිදුවෙලා නෑ කොහෙත්ම.
සමාජ මාද්‍ය වල කියන විදිහට එහෙනන් මේ වගේ අවදානම් සැත්කම් කරන්න වෙන්නෙ නෑ මේ ලොකේ. මැරෙන්න දීලා බලන් ඉන්න තමයි වෙන්නෙ. මෙවැනි සැත්ක්ම් වල්දි ගොඩක් වෙලාවට සාර්ථක වෙලා රෝගීන් බේරෙනවා. ඒවා වාර්ථා වෙන් නෑ. සැත්කම් කීපයක් අසාර්ථක වෙනවා. රෝගීන් මිය යනවා. මෙහෙ නෙවෙ ඇමරිකාවෙ උනත් එහෙම තමයි. සැත්කම අසාර්ථක වුණ ගමන්, ජීවිත දහස් ගාණක් බේරන වෛද්‍ය වරයගෙ හත්මුතු පරම්පරාවටම හෙණ ඉල්ලන එක තමයි අපේ රටේ කරන්නෙ.
මෙවැනි සැත්කම් දියුණු රටවල පවා සිදු කරද්දි මෙවැනි සිදුවීම් වෙනවා. ඒක තමයි සැත්කමට කලින් සැත්කමේ වාසි අවාසි කියලා ලිඛිත අවසරය ගන්නෙ. රෝගියාට / දෙමවුපියන්ට ඕනෙනම් සැත්කමට භාජනය නොවී ඉන්න පුලුවන් . එයාලා අවදානම ගන්න කැමතිනන් විතරමයි සැත්කම කරන්නෙ. බොහොවිට මෙවැනි සැත්කම් නොකලොත් රෝගියා නිකම්ම මරණයට පත්වෙන්න පුලුවන්. මේ වගේ සැත්කම් සාර්ථක වෙන්නත් පුලුවන් අසාර්ථක වෙන්නත් පුලුවන් . ඒක දැනගෙන රෝගියාටත් කියලා රෝගියා කැමතිනන් විතරයි සැත්කම කරන්නෙ. සමාජ මාධය වල කියන විදිහට එහෙනන් කවදාවත් මේ වගේ අවදානම් සැත්කම් කරන්න වෙන් නෑ මේ ලෝකෙ.
කරුනු කාරනා හරි හැටි නොදැන ගන්නා පඩියටත් එහා විශිෂ්ඨ සේවාවක් කරන, අනෙක් අය රට හැර යද්දීත් මේ රටට සේවය කරන රට ගැන,ඔබ ගැන කැක්කුමක් ඇති වෛද්‍ය වරු න්ට අපහාස නොකරන්න.
එහෙව් අයත් ඉතිරිව ඇත්තේ අතලොස්සකි .
ඔව්න්ට හෙන ඉල්ලන ඔබට ඒ ගැන දැනුවත් වීමට මෙසේ ලියා තබමි.
මිනිසුන්ට උපරිමයෙන් සේවයක් කල හැක්කේ හිතේ සතුට ඇති තාක් පමනි.කලකිරීමට පත්වූ විට ඔව්න් නිහඩව ඔබෙන් ඈත්වීම සාමාන්‍ය දෙයකි .පිට රට වල ලන්කාවේ මෙන් දහගුනයකටත් වඩා වැඩි වැටුපකට සේවය කිරීමට ඔව්න්ට ලෙහෙසියෙන්ම රට හැරයා හැකිය.
ඕනෑම 'උගතෙක්' තම විෂය පථයෙන් එපිට කාරනා සදහා සාමාන්‍ය මිනිසෙකි..!
05/07/2023
ස්කොට්ලන්තය හමුවේ ලද පරාජයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වුනා.
තරගාවලියේ මුල් භාගයේදි පෙරළිකාරම කණ්ඩායම වුනේ සිම්බාබ්වේ කණ්ඩායම.
සත්කාරකත්වයේ වාසිය, ශෝන් විලියම්ස් ගේ සහ සිකන්දර් රාසා ගේ දක්ෂතා සමග විටෙක ඔවුන් ප්‍රබලම කණ්ඩායම වුනා. එහෙමත් නැත්නම් ඒ විදියට පෙනුණා.
ශ්‍රී ලංකාව වුනත් සුපර් සික්ස් වටයේදි සීරියස් ගත්තේ සිම්බාබ්වේ තරගය.
නමුත් පන්දු යවන්නන්ගේ දස්කම් නිසා ඒ තරගය හිතුවාටත් වඩා පහසුවෙන් අපි ජය ගත්තා.
නමුත් එක්වරම තවත් එක් තරගයක් පරාජය වූ පමණින් සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය කඩා වැටුනා.
ශ්‍රී ලංකාව සමග ස්කොට්ලන්ත කණ්ඩායම බොහෝ විට ලෝක කුසලාන වරම් දිනාගනීවි.
ස්කොට්ලන්තය ඊට සුදුසුයි.
නමුත් මෙහි ගැටලුවක් තියෙනවා.
මේ තරගාවලිය දිහා බැලුවම බොහෝ කණ්ඩායම් ඉතා හොඳින් ක්‍රීඩා කරන අයුරු දැකගත හැකිවුනා.
සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය විතරක් නෙවෙයි ඕමානය පවා හොඳින් ක්‍රීඩා කළා.
නමුත් කොතරම් දක්ෂ කණ්ඩායම් ක්‍රීඩා කළත් ලෝක කුසලානයට සුදුසුකම් හිමිවන්නේ කණ්ඩායම් දෙකකට පමණයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමග ස්කොට්ලන්තයට හෝ නෙදර්ලන්තයට ලෝක කුසලාන වරම් අහිමි වෙනවා.
අනෙක්අතට ක්‍රිකට් ලෝක කුසලානයට ඉතිහාසගත අයිතිවාසිකමක් සහිත කොදෙව් කණ්ඩායමත් ලෝක කුසලානයෙන් ඉවත් වුනා.
මෙය කොතරම් සාධාරණ දැයි ගැටලුවක් තියෙනවා.
ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව නෙවෙයි.
නමුත් ක්‍රිකට් තවදුරටත් ලෝකයේ ජනප්‍රිය කළ හැකි, ව්‍යාප්ත කළ හැකි ක්‍රීඩාවක්.
ක්‍රිකට් ලෝකයේ රටවල් කිහිපයක් අතරට පමණක් සීමා වීමට හේතුවක් තියෙනවා.
ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය විසින් නඩත්තු කරන දැඩි සීමා.
ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී විය හැක්කේ කණ්ඩායම් දහයකට පමණයි.
ටෙස්ට් වරම් පවා ලැබූ රටවල් 12 ක් සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ, ලෝක කුසලානයට වරම් හිමි වන්නේ රටවල් 10 කට පමණයි.
ඒ අනුව අවම වශයෙන් ටෙස්ට් වරම් ලැබූ රටවල් දෙකකට ලෝක කුසලානය අහිමි වෙනවා.
අනෙක් අතට ටෙස්ට් වරම් දිනා නැති රටවල් පවා කොතරම් දක්ෂ ලෙසින් ක්‍රීඩා කරනවාදැයි අප මේ තරගාවලියේදි දැක්කා.
ස්කොට්ලන්තය, නෙදර්ලන්තය වැනි කණ්ඩායම් ඉතා හොදින් ක්‍රීඩා කළා.
ප්‍රතිඵල කෙසේවෙතත් මේ කණ්ඩායම් ලෝක කුසලානයට සුදුසු බව සිය ක්‍රීඩා විලාශයෙන් ඔවුන් ඔප්පු කළා.
ලෝක කුසලානයේ කණ්ඩායම් 10 සීමාව කණ්ඩායම් 16 ක් දක්වා ව්‍යාප්ත වූවානම්, තවත් රටවල් හයක රසිකයන් ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට තිබුණා.
තවත් රටවල් හයක ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රවෘත්තියක් වීමට තිබුණා.
ක්‍රීඩාවන් ලෝකයේ ජනප්‍රිය වෙන්නෙ එහෙමයි.
ටෙස්ට් වරම් දිනූ රටවල් දොලහ සමග තවත් දක්ෂ ටෙස්ට් වරම් නොලැබූ රටවල් හතරක් පහසුවෙන්ම ලෝක කුසලානයට සොයා ගත හැකිව තිබුනා.
සිම්බාබ්වේ, නෙදර්ලන්තය විතරක් නෙවෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් පවා ලෝක කුසලානයට සුදුසුයි.
ඔවුන්ගේ සහභාගීත්වය නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කර්ෂවත්ම තරගාවලිය පැවැත්වීම පාඩුවක්.
මේ අනුව ක්‍රිකට් ලෝකයේ තවදුරටත් නොපැතිරීමටත්, ජනප්‍රිය නොවීමටත් හේතුව පැහැදිලියි.
පාපන්දු ක්‍රීඩාව මෙයින් වෙනස්.
පාපන්දු ලෝක කුසලානයට රටවල් 32 ක් සහභාගී වෙනවා.
රටවල් 32 ක් යනු ලෝකයම ආවරණය වන ඉතාම හොද ඉලක්කමක්.
මේ රටවල් 32 ම ඉතාම දක්ෂ, ඉතාම හොද කණ්ඩායම් නොවේ.
නමුත් ලෝක කුසලානයේදි ඇදහිය නොහැකි පෙරළි සිදුවෙනවා.
දක්ෂ යැයි සම්මත කණ්ඩායම්, කුඩා යැයි සම්මත කණ්ඩායම් හමුවේ පරදිනවා.
එවිට පුවත් මැවෙනවා. නිරායාසයෙන්ම ජනප්‍රිය වෙන්නේ පාපන්දු ක්‍රීඩාව.
මෙයින් නොනැවතී පාපන්දු පරිපාලකයො තවත් නිර්භීත තීරණයක් ගත්තා.
2026 දී පැවැත්වීමට නියමිත මීළග ලෝක කුසලානයට ඔවුන් තවත් රටවල් 16 ක් එක්කර ගන්නවා.
එවිට පාපන්දු ලෝක කුසලානයට රටවල් 48 ක් සහභාගී වෙනවා.
සූක්ෂවම සමස්ත ලෝකයටම ක්‍රීඩාව පැතිරවීමට ෆීෆා කටයුතු කරමින් සිටිනවා.
එය විශිෂ්ඨයි.
ඔවුන් පාපන්දු ක්‍රීඩා නොකරන, නමුත් විශාල ජනතාවක් සිටින රටවල් ක්‍රමක්‍රමයෙන් සිය ලෝක කුසලානයට ඇතුලත් කර ගනිමින් සිටිනවා.
අපේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් පාපන්දු ලෝක කුසලානය ට ක්‍රීඩා කරන දිනය වැඩි ඈතක වෙන එකක් නැහැ.
ඒ එම රටවල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරගන්නා නිසා නොවේ.
විශාල වෙළඳපොළක්, ජනතාවක් සිටින එම රටවල් සිය ක්‍රීඩාව තුලට අවශෝෂනය කර ගැනීමට පාපන්දු පරිපාලකයන් කටයුතු කරන නිසා.
එවැනි දිනක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල වෙලඳපොළක්, රසික ප්‍රජාවක් ගැලවී යාමේ ඉඩක් නැතැයි කිසිවෙකුට කීමට නොහැකියි.
නමුත් පාපන්දුව දිනෙන් දින දියුණු වෙනවා, ජනප්‍රිය වෙනවා.
ක්‍රිකට් පරිපාලකයන් සිදු කරන්නේ එයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වැඩක්.
ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් පවා ඔවුන් ලෝක කුසලානයෙන් ඉවත් කරනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්වල යැයි සම්මත කණ්ඩායම් නැහැ.
එදා දවස අනුව හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමට ජය හිමිවෙනවා.
තරගයක් වෙනස් වීමට එක් ක්‍රීඩකයෙකුගේ විශිෂ්ඨ ඉනිමක්, පන්දු වාරයක් ප්‍රමාණවත්.
ලිලිපුට්ටන් විසින් ගලිවරයන් දණ ගැස්වූ තරග, ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයෙන් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්.
එවැනි පසුබිමක සිම්බාබ්වේ කණ්ඩායමට, නෙදර්ලන්තයට, කොදෙව්වන්ට, ඕමානයට ලෝක කුසලානය අහිමි වීම පාඩුවක්.
එම රටවල් ක්‍රීඩා නොකිරීම ලෝක කුසලානයටත් පාඩුවක්.
නේපාලය වැනි රටක් ඉන්දියාවේදි තරගකාරී වීමට තිබුනා.
ඕමානය වැනි රටකට ප්‍රබල කණ්ඩායමක් පරදවා පෙරළිකාර ජයක් ලැබිය නොහැකියැයි කීමට බැහැ.
සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කළා නම් අප්‍රිකානු කලාපයට තවත් ලෝක කුසලාන නියෝජනයක් හිමිවෙනවා. සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයෙක් ලෝක කුසලානයට අහිමි වීම අපරාධයක්.
කොදෙව්වන් ක්‍රීඩා කළා නම් ලෝකයේ වෙනත්ම කලාපයක රසික පිරිසක් ලෝක කුසලානයට එක් වෙනවා.
අයර්ලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් වලට අවස්තාව හිමි වූවා නම් ක්‍රිකට් ක්‍රීඩාවට තවදුරටත් යුරෝපයේ පැතිරීමට එය අවස්තාවක් විය හැකිව තිබුනා.
සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වූ ඇමෙරිකා එක්සත් ජනපදයට ලෝක කුසලාන අවස්තාවක් හිමි වූවා නම්, ගෝලීය පොප් සංස්කෘතිය හා මුසු වීමට ක්‍රිකට් ක්‍රීඩාවට ඉඩක් තිබුනා.
නමුත් ක්‍රිකට් ලෝක කුසලානය රටවල් දහයකට සීමා වෙලා.
අවම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරවා ගෙන පවත්වන එකම ලෝක කුසලානයත් ක්‍රිකට් ලෝක කුසලානය.
ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පැතිරෙද්දිත්, ලෝක කුසලානය හැකිලෙන එකම ක්‍රීඩාවත් ක්‍රිකට්.
2007 ක්‍රිකට් ලෝක කුසලානයට රටවල් 16 ක් සහභාගී වුනා.
2011 ලෝක කුසලානයේදි එය රටවල් 14 දක්වා අඩු කෙරුනා.
2023 දී එය රටවල් 10 ක් දක්වා අඩු වෙලා.
රටවල් ගණන අඩු වීමෙන් පැවැත්වීමට සිදුවන තරග ගණන අඩු කර ගැනීම ක්‍රිකට් පරිපාලකයන්ගේ අවශ්‍යතාවයක්.
ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් වසරේ වැඩි කාලයක් වෙන්කිරීමට අයි.සී.සී ය කැමති නැහැ.
ලොව පුරා ලීග් පැවැත්වෙන කැලැන්ඩරයට එමගින් බාධාවක් සිදුවීම වැලැක්වීම මෙහි එකම අරමුණ වෙනවා.
ඉන්දීය ප්‍රිමීයර් ලීගය ප්‍රමුඛ ලීග අද ක්‍රිකට් ක්‍රීඩාවේ එතරම් බලවත් වෙලා.
කොහොමවුනත් ලීග් තරගාවලි නිසා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ඇති අවස්තාවත් මගහැර, වසර හතරකට වරක් පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කර්ෂවත්ම තරගාවලිය හැකිලීම අභාග්‍යයක්, අපරාධයක්.
-උපුටා ගැනීම ඉරේෂාන් සිරිවර්ධන ෆේස්බුක් ගිණුමෙන්
2023.07.05
05/07/2023
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයේ වරදක් තිබීම..
වැරදි කරු. - ටියුෂන් ගුරුවරු 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
23/06/2023
ඔව්න්ගෙ ඉරණම මෙසේ ලියවිය.. 🥺
21/06/2023
ඔවුන් පිටත් වුනේ ඉරිදා උදේ 8.00ට
නැවත ඒමට තිබුනේ එදිනම සවස 3.00
ඔවුන් ගමන් කරේ මුහුදු මට්ටමේ සිට අඩි 13,000ක ගමනාන්තයකටය.
සබ්මැරීනය තුල වැසිකිලි පහසුකම් කිසිවක් නොමැත.
අඩි 13,000ක ජල කඳක් යටදී සබ්මැරීනයේ විදුලි සැපසුම් පද්ධතිය සම්පුර්ණයෙන්ම ඇණහිටියේ නම් එය නැවත සකස් කර ගැනීමට තරම් දැනුම සහිත විශේෂඟයන් දෙදෙනෙකුම කණ්ඩායම තුල සිටින නමුත් ...
ඔවුන්ට ආහාර ජලය නොමැතිව අමතර විදුලි පන්දම් වල ආලෝකයද නොමැතිව ගොස් නම් ඔවුන් මේ වන විට සිටින්නේ ශිශිරතාරක කළු පැහැති ලෝකයකය...
කෙටියෙන් කීවොත් කෑලි කැපිය හැකි කළුවරකය.
ඔවුන්ට දැන් කිසිවක් කල නොහැක.
යුධ සබ්මැරීනයක නම් සාමාන්‍යයෙන් පිටතට පැමිණිය හැකි නමුත් මෙම සබ්මැරිනය තුල එම පහසුකම තිබේදැයි සැක සහිත බව විශේෂඟයන් පවසයි.
කෑලි කපන කළුවරක ඔවුන් කුමක් කරන්නද ??
බ්‍රහස්පතින්දා සවස වන විට ඔක්සිජන් සැපයුම අවසන්.
මිනිසා දෙවියන් විශ්වාස කරන්නේ මෙන්න මෙවැනි අවස්ථාවලය.
ආගමික විශ්වාස බිහි වු ආකාරය දැන් ඔබට පැහැදීලිද
සිරවී සිටින මනුෂ්‍යන්ව බේරා ගැනීමට ලැබේවා. 🙏
-උපුටා ගැනීමක්-
28/03/2023
හදට ගැයු ඒ මිහිරි ස්වර එසේ නිහඩ වි 🥺🥺🥺🥺
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ🥺
හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලෝකය හෙටත් තියේ❤️