Kirillawala Central College Media Unit

Kirillawala Central College Media Unit The Official Page of Kirillawala Central College, Kadawatha
Media Unit
Photographic Society
Voice of KCC

🙏ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා...!🌼නිකිණි පොහෝ දිනයේ ශාසනික වැදගත්කම🌼☸️ මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ අවසන් රන්ද...
27/08/2026

🙏ඔබ සැමට පින්බර නිකිණි පොහොය දිනයක් වේවා...!

🌼නිකිණි පොහෝ දිනයේ ශාසනික වැදගත්කම🌼

☸️ මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහැර විථි සංචාරය කිරිම.

☸️ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කොට පිංබර සේරුවිල මංගල සෑය ඉදිකොට නිම කලේ අද වැනි දිනකයි.

☸️ ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ,අප්‍රමාන වීර්යයෙන් කෙලෙසුන් නසා සිව්පිලිසිඹියා පත් රහත් භාවයට පැමිණ වදාළේ නිකිණි පුර පසළොස්වක දිනෙකය.

☸️ ඇසළ පොහොය දිනයේ පෙරවස් විසීමට නොහැකි වූ භික්ෂූන් වසන්සේලා වෙතොත් උන්වහන්සේලා මෙම නිකිණි පොහොය දිනයේ වස් අධිෂ්ඨාන කර පසුවස් සමාදන් විය යුතුයි.

☸️ සප්තපර්නි ගල් ගුහාව අසල ඉදි වුන මණ්ඩපයක දී ප්‍රථම ධර්ම සංගායනාව කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමද සිදුවූයේ ද අද වන් නිකිණි පොහෝ දිනෙකයි.

ඔබයි රම්‍ය සඳ කිරණඝණ අන්ධකාරේ…ඔබයි සෞම්‍ය තරු එළියගිම්හාන කාලේ…//ශ්‍රී ලාංකේය සිංහල සංගීතයේ නොමැකෙන නාමය විශාරද නන්දා මා...
20/08/2026

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ…
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ…//

ශ්‍රී ලාංකේය සිංහල සංගීතයේ නොමැකෙන නාමය විශාරද නන්දා මාලනි මැතිණියනි ඔබට
නිවන් සුව ලැබේවා 🤍🕊️

Dear students,We’ve watched you grow, work hard, and never give up. Now it’s time to shine.On behalf of all teachers and...
09/08/2026

Dear students,

We’ve watched you grow, work hard, and never give up. Now it’s time to shine.
On behalf of all teachers and staff, we wish you the very best for your Advanced Level Exam.

Make us proud! 🙏📖

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය වෙනුවෙන් ගරු විදුහල්පතිතුමියගේ සුභාශිංසන💐💐"වසර දෙකක් පුරා ලද දැනුම,කැපකිරීම් සහ නොපසුබටඋත්ස...
09/08/2026

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය වෙනුවෙන් ගරු විදුහල්පතිතුමියගේ සුභාශිංසන💐💐

"වසර දෙකක් පුරා ලද දැනුම,
කැපකිරීම් සහ නොපසුබට
උත්සාහය උරගා බලන මහඟු
කඩඉමට මුහුණ දීමට සූදානම්
අප කිරිල්ලවල විදුහියස් දූ
දරුවන්ට මෙන්ම හෙට දින
උසස් පෙළ විභාගය සඳහා
ඉදිරිපත් වන සියලු දූ දරුවන්ට
විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට
අවැසි ශක්තිය ධෛර්යය
ලැබේවා! "

එස්. ඒ. සමන්තා සෙනරත්
විදුහල්පතිතුමිය
කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ 162 වන සංවත්සරයට සමගාමීව සමස්ත පාසල් ප්‍රජාවට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රා...
05/08/2026

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ 162 වන සංවත්සරයට සමගාමීව සමස්ත පාසල් ප්‍රජාවට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 2026 අගෝස්තු 06 වන බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.00 සිට පසුදින පහන් වන තුරු විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. පාසලේ දරුවන්ට, ගුරු මණ්ඩලයට සහ සමස්ත පාසල් ප්‍රජාවට නිරෝගී සුවය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මෙම පින්කම සිදු කෙරේ...

✨️ කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බළඇණි ඇගයීම් කඳවුර 2026 🏅ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - හයවෙනි ස්ථානය 🏅ඝන සරඹ පරීක්ෂණය - තුන්වෙනි ...
31/07/2026

✨️ කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බළඇණි ඇගයීම් කඳවුර 2026

🏅ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - හයවෙනි ස්ථානය
🏅ඝන සරඹ පරීක්ෂණය - තුන්වෙනි ස්ථානය
🏅අණදෙන නිලධාරී පරීක්ෂණය - පස්වෙනි ස්ථානය

2026 වසරේ කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලක බළඇණි ඇගයීම් කඳවුර සඳහා සහභාගී වෙමින් කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලක කණ්ඩායම පස්වන ස්ථානය ලබා ගත් අතර බස්නාහිර පළාත් කඳවුර සඳහා තේරී පත්වී ඇත.

මෙම ජයග්‍රහණය ලැබූ පාසල් කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩයට විදුහල්පතිතුමිය ඇතුළු පාසල් ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම්!!

✨️කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බළඇණි ඇගයීම් කඳවුර 2026 🏅ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - හතරවන ස්ථානය 🏅ඝන සරඹ පරීක්ෂණය - තුන්වෙනි ස්...
31/07/2026

✨️කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බළඇණි ඇගයීම් කඳවුර 2026

🏅ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - හතරවන ස්ථානය
🏅ඝන සරඹ පරීක්ෂණය - තුන්වෙනි ස්ථානය
🏅අණදෙන නිලධාරී පරීක්ෂණය - දෙවෙනි ස්ථානය

2026 වසරේ කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලිකා බළඇණි ඇගයීම් කඳවුර සඳහා සහභාගී වෙමින් කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලිකා කණ්ඩායම සමස්ත අනු ශූරතාව ලබා ගනිමින් බස්නාහිර පළාත් කඳවුර සඳහා තේරී පත්වී ඇත.

මෙම ජයග්‍රහණය ලැබූ පාසල් කණිෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩයට විදුහල්පතිතුමිය ඇතුළු පාසල් ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුම් !

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🙏🪷🪷ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම🪷🪷🌸අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස් මහ බැළුම්...
28/07/2026

පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🙏

🪷🪷ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම🪷🪷

🌸අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස් මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පුන් පොහොය දිනකදී ය.

🌸සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පොහෝ දිනයකයි.

🌸විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි

🌸එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතාණන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙවැනි දිනකදී ය.

🌸ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පුන් පොහොය දිනයකයි.

🌸තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ද ඇසළ පෝ දිනයක දී සිදුවිය.

🌸කොණ්ඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම.

🌸ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

🌸කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම.

🌸බු.ව 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

🌸කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය සිදු වූයේද අද වන් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී ය.

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ (2026-2028) වර්ෂ සඳහා උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම විද්‍යාලයේ ගරු විදුහල්පති S.A.සමන්තා...
26/07/2026

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ (2026-2028) වර්ෂ සඳහා උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම විද්‍යාලයේ ගරු විදුහල්පති S.A.සමන්තා සෙනරත් මැතිනියගේ උපදෙස් හා මග පෙන්වීම පරිදි කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුදේශ් කවීශ්වර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අයුරු...

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමාධිපති, මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී,කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය ව...
19/07/2026

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමාධිපති, මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී,කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, පූජ්‍යපාද ඕනෑගම නන්දරථන ස්වාමීන් වහන්සේට පින්බර ජන්ම දිනයක් වේවා!

​සසුනඹර බබලවන යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ඔබ වහන්සේ කරන අමිල ශාසනික හා අධ්‍යාපනික මෙහෙවර තව තවත් ශක්තිමත් වේවා. අපේක්ෂිත සියලු යහපත් අභිප්‍රායන් ඉටුවී, නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Address

Kadawata

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kirillawala Central College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category