සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල - උදම්මිට

  • Home
  • Sri Lanka
  • Ja-Ela
  • සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල - උදම්මිට

සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල - උදම්මිට Sunatha Dhareatha Charatha Dhamme
[email protected]

2026.09.13 වන ඉරුදින මනෝ වෛද්‍ය උපදේශක වරුන්ගේ සම්පත් දායකත්වය ඇතිව පෙ.ව. 9.00 සිට 12.00 දක්වා  සිසු දරු දැරියන්ට හා දෙම...
15/09/2026

2026.09.13 වන ඉරුදින මනෝ වෛද්‍ය උපදේශක වරුන්ගේ සම්පත් දායකත්වය ඇතිව පෙ.ව. 9.00 සිට 12.00 දක්වා සිසු දරු දැරියන්ට හා දෙමව්පියන්ට ආකල්ප සංවර්ධනය පිළිබඳව පවත්වන ලද වැඩ සටහනේ රූ සටහන්

14 වන වරටත් සමස්ත ශූරතාවය දිනාදුන් සඝතිස් දම්ලකර දූ පුතුනි ඔබට ප්‍රණාමය 2026.09.13 වන ඉරුදින මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යා...
15/09/2026

14 වන වරටත් සමස්ත ශූරතාවය දිනාදුන් සඝතිස් දම්ලකර දූ පුතුනි ඔබට ප්‍රණාමය

2026.09.13 වන ඉරුදින මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ පැවැත්වූ කටාන මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් මාලාවෙන්
ප්‍රථම ස්ථාන 10 ක්,
දෙවන ස්ථාන. 09 ක්,
තෙවන ස්ථාන 07 ක්,
සිව්වන ස්ථාන. 03 ක් හා
පස්වන ස්ථාන 02 ක්
දිනා සමස්ත ශූරතාවය හිමිකර දුන් සඟතිස් දම්ලකර දූ පුතුනි ඔබ සැමට සුභ පැතුම්!!!

11/06/2026

https://www.facebook.com/share/v/1BRthKbFBC/

*පුණ්‍යානුමෝදනාවයි*
සම්බුදු තෙමඟුල නිමිති කරගෙන අප ධර්ම විද්‍යාලය මගින් 17 වන වරටත් සංවිධාන කල සම්බුදු පෙරහැර මැයි 31 වන ඉරිදා වීථි සංචාරය කරන ලදි.
සම්බුදු පෙරහැර මෙවරද සාර්ථකව පවත්වන්නට හැකිවීම ගැන සතුටු වෙමි.
පෙරහැරේ සාර්ථකත්වය තුල
අප දූ දරුවන් සතු හැකියාවන් හා දක්ෂතාවයන්ද,
දහම් ඇදුරු මඩුල්ලේ පරිණතභාවයන්ද,
සැමදා සවිය වෙන මව්පිය වරුන් සතු යෝධ ශක්තියද විදහා දැක්වුනි.
ඒ ත්‍රිත්වයට මාගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි.
එපමණක් නොව අප හැමට ඉහලින් හිඳ අනුශාසනා කරමින් හේවිසි කන්ඩායමක් හා කාවාඩි වාදක කණ්ඩායමක් සපයා දෙමින් අපට ශක්තිය ලබාදුන් උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, දහම් පාසල් ප්‍රධානාචාර්ය පුජ්‍ය පාද උදම්මිට සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේට නමස්කාරය පුද කරමි.

පෙරහැරේ මාර්ග ආරක්ෂාව ලබාදුන්
සීදූව පොලීසියටත්, සම්බන්ධීකරණය කල මහේෂ් මහතාටත්
ජාඇල පොලීසියට හා
ඒකල ගුවන් හමුදා කඳවුරටත් විශේෂ ස්තුතිය පුද කරමි.
පෙරහැර සාර්ථක කර ගැනීමට වාහන සපයාදුන්
1.ඇන්ටනි කනගරාජා
2.දිසානායක
3.රසල් ගාමිණී
7.චන්ද්‍රසේන හා
8.රංග
යන මහත්වරුන්ටත්,
මූල්‍ය දායකත්වය ලබාදුන්
පින්වත් හැමටත් ආධාර එකතු කල ශිෂ්‍ය නායක නායිකාවන් හා කාරක සභික සැමටත්,
දරුවන්ගේ සංග්‍රහ සඳහා දායක වූ කාරක සභික මහත්ම මහත්මීන්ට හා කවිශ්ක මහතා ඇතුලු සැමටත්, UKH ක්‍රීඩා සමිතියටත් ,
දන්සැල් පැවැත්වූ පින්වත් හැමටත්,
මාර්ග ආලෝකමත් කල පින්වත් සැමටත්
ඡායාරූප හා වීඩියෝ කල ගමගෙදර හා උදිත යන මහත්වරුන්ටත් ,
ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ රඛිත සුමේධ මහතාටත්,
පානීය ජල බෝතල්
සැපයූ තරංග මහතා
ඇතුලු නන් අයුරින් දායක වූ සැමටත්,
පෙරහැර දැක සතුටු වූ සැමටත්
පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරමි.
සැමට තෙරුවන් සරණයි
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

19/05/2025

*පුණ්‍යානුමෝදනාවයි*
සම්බුදු තෙමඟුල නිමිති කරගෙන අප ධර්ම විද්‍යාලය මගින් 16 වන වරටත් සංවිධාන කල සම්බුදු පෙරහැර මැයි 13 වනදා වීථි සංචාරය කරන ලදි.
එදා මෙදාතුර සාර්ථකම සම්බුදු පෙරහැර මෙවර පවත්වන්නට හැකිවීම ගැන සතුටු වෙමි.
පෙරහැරේ සාර්ථකත්වය තුල
අප දූ දරුවන්ගේ කැපවීම් හා දක්ෂතාවයන්ද,
දහම් ගුරු පවුරේ පරිණතභාවයන්ද,
මෙහි බර කරටගත් මව්පිය වරුන් සතු යෝධ ශක්තියද විදහා දැක්වුනි.
ඒ ත්‍රිත්වයට මාගේ ශිර්ෂ ප්‍රණාමය පුද කරමි.
එපමණක් නොව අප හැමට ඉහලින් හිඳ අනුශාසනා කරමින් හේවිසි කන්ඩායම් 3ක් සපයා දෙමින් අවශ්‍ය ශක්තිය ලබාදුන් උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, දහම් පාසල් ප්‍රධානාචාර්ය පුජ්‍ය පාද උදම්මිට සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේට නමස්කාරය පුද කරමි.
පෙරහැර සාර්ථක කර ගැනීමට වාහන සපයාදුන්
1.සුමුදු සම්පත් මයා
2.ඇන්ටනි කනගරාජා මයා
3.දිසානායක මයා
4,රිචර්ඩ් මයා
6.රසල් ගාමිණී මයා
7.මංජුල මයා
8.උදිත් සිල්වා මයා
9.බංඩාර මයා
10.සජිත් මයා
යන මහත්වරුන්ටත්
මූල්‍ය දායකත්වය ලබාදුන්
පින්වත් හැමටත් ආධාර එකතු කල ශිෂ්‍ය නායක නායිකාවන් හා කාරක සභික සැමටත්
සංග්‍රහ කටයුතු සිදුකල
දන්සැල් පැවැත්වූ පින්වත් හැමටත්
මාර්ග ආලෝකමත් කල පින්වත් සැමටත්
ඡායාරූප හා වීඩියෝ කල ලක්සිරි හා උදිත මහත්වරුන්ටත්
ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ
රඛිත සුමේධ මහතාටත්
පානීය ජල බෝතල්
සැපයූ
UKH ක්‍රීඩා සමිතියටත්
විදුලි ජනක යන්ත්‍ර සැපයූ නුවන් බංඩාර මහතාටත්
මාර්ග ආරක්ෂාව ලබාදුන්
සීදූව පොලීසියටත්, සම්බන්ධීකරණය කල මහේෂ් මහතාටත්
ජාඇල පොලීසියට හා
ඒකල ගුවන් හමුදා කඳවුරටත්
ඇතුලු නන් අයුරින් දායක වූ සැමටත්,
පෙරහැර දැක සතුටු වූ සැමටත්
පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරමි.
සැමට තෙරුවන් සරණයි
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

සම්බුදු පෙරහැර 2025අප දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්බුදු පෙරහැර  16 වන වරටත් පසු වෙසක් පොහොය දින (2025.0...
10/05/2025

සම්බුදු පෙරහැර 2025
අප දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්බුදු පෙරහැර 16 වන වරටත් පසු වෙසක් පොහොය දින (2025.05.13) ප.ව. 4.00 ට විහාරස්ථානයෙන් පිටත්වී වීථි සංචාරය කරයි.
දහම් පාසල් සිසු සිසුවියන්ගේ පූර්ණ සහභාගීත්වය ඇතිව පවත්වනු ලඛන මෙම පෙරහැර නරඹන්නට සැදැහැ සිතින්
ඇරයුම් කරමි.
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

දහම් පාසල් දරුවන්ගේ පොල               2025.04.06 වන ඉරිදා 2025 වර්ෂයට  80 වන වසර සපුරන අප දහම් පාසල මගින් දැනට ඉදිකරමින්...
02/04/2025

දහම් පාසල් දරුවන්ගේ පොල 2025.04.06 වන ඉරිදා
2025 වර්ෂයට 80 වන වසර සපුරන අප දහම් පාසල මගින් දැනට ඉදිකරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ලට ආධාර පතා 2025.04.06 වන ඉරුදින පෙ.ව. 8.30 සිට 12.30 දක්වා දහම් පාසල් පරිශ්‍රය තුල පැවැත්වීමට නියමිත දරුවන්ගේ පොලට පැමිණ ඔබට අවශ්‍ය දේ මිලදීගෙන සහය වන ලෙස කාරුණිකව දන්වමි.
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය
ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල උදම්මිට.

30/01/2025

ඇත්තද මිතුරනි ඒක...

ඔබේ අත්දැකීම් මොනවාද?

29/01/2025

ඔබ සැමට සැදැහැ සිතින් ඇරයුම් කරමු.

31/12/2024

සති පින්කම් මාලාව 2024
අප ධර්ම විද්‍යාලය මගින් 9 වන වරටත් පවත්වනු ලබන මෙම සති පින්කම් මාලාව 2024.12.26 වන දින ආරම්භ කර 2025.01.01 දිනෙන් නිමා කිරීමට නියමිතය.
අපවත්වී වදාල උදම්මිට අස්සජීතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ 84 වන ජන්ම දිනය හා 2025 වර්ෂයට ආශීර්වාද කිරීම අරමුණු කරගෙන පවත්වන මෙම පින්කම වත්මන් විහාරාධිපති පූජ්‍ය පාද උදම්මිට සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක සංසදය හා සංවර්ධන සමිතියේ දෙමව්පියන්ගේ දායකත්වය හා සහභාගීත්වය ඇතිව පවත්වන ලද අතර නව වසර එළඹෙන හෙට දිනෙන් අවසන් කිරීමට නියමිතය.
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කිරීම අපවත්වී වදාල පූජ්‍ය පාද උදම්මිට අස්සජීතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ 84 වන ජන්ම...
16/12/2024

පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කිරීම
අපවත්වී වදාල පූජ්‍ය පාද උදම්මිට අස්සජීතිස්ස නායක මාහිමිපාණන් වහන්සේගේ 84 වන ජන්ම දිනය හා 2 වන ගුණානුස්මරණය නිමිත්තෙන්
2024.12.15. වන ඊයේ දින පවත්වන ලද ලේ දන්දීමේ පීන්කම සඳහා 128 දෙනෙකු විසින් රුධිර පරිත්‍යාග කර ඇති අතර එම පින්කම සාර්ථක කර ගැනීමට අනුශාසකත්වය ලබාදුන් උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති, දහම් පාසල් ප්‍රධානාචාර්ය පූජ්‍ය පාද උදම්මිට සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේටත්,
එහි සමාරම්භක මොහොතට අපගේ ආරාධනය පරිදි සපැමිණි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු හා චම්පික හෙට්ටිආරච්චි මැතිතුමන්ලාටත්,
ලේ පරිත්‍යාග කිරීමට පැමිණි පින්වතුන් පින්වතියන් සැමටත්,
රාගම හා මීගමුව ලේ බැංකුවල වෛද්‍ය තුමියන්ලා හා හෙද හෙදියන් ඇතුලු කාර්ය මණ්ඩල වල හැමටත්,
සම්බන්ධීකරණය කල රාගම ලේ බැංකුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සන්දීප් මහතාටත්,
කාර්ය මණ්ඩල වලට උදේ සහ දිවා ආහාර සපයාදුන් දහම් පාසල් සංවර්ධන සමිතියේ මව් දෙමව්පියන් සැමටත්,
ලේ පරිත්‍යාගීන් සඳහා අවශ්‍ය ආහාර පාන සපයාදුන් දෙමව්පියන් සැමටත්,
ඒ සඳහා මුදල් ආධාර ලබාදුන් ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ට හා දෙමව්පියන්ටත්,
නන් අයුරින් දායකවූ සහකාර විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු භවතුන්ටත්,
ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැමටත්,
විහාර සාධක සමිතියේ සහයදුන් සැමටත්.
ශබ්ද විකාශන හා විදුලි සම්බන්ධතා සැපයූ රඛිත මහතාටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කරමු.
නියෝජ්‍ය ප්‍රධානාචාර්ය

Address

Uththamarama Purana Viharaya, Udammita
Ja-Ela

Telephone

+94112232291

Website

Alerts

Be the first to know and let us send you an email when සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල - උදම්මිට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල - උදම්මිට:

Shortcuts

Share

Category