Savithma Academy of Higher Education

Savithma Academy of Higher Education

Share

Pura wasara gananawak ihalama prathipala apa wisin daruwanta ath kara dee atha.......

11/11/2021

මුල සිට ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය නිර්දේශය ආවරණය කරන පන්තිමාලාවක් දෙසැම්බර් මස මුල සිට ආරම්භ කරමු.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය සරලව, තාර්කිකව හා නිරවුල්ව ඉගැන්වේ.

ඒ සදහා සම්බන්ධ වීමට 076 291 7568 අංකයට ඔබගේ නම හා ලිපිනය whatsapp කර අපගේ නව පන්තියේ whatsapp group එක හා join වන්න.පන්ති ආරම්භක දින හා කාලසටහන් whatsapp group හරහා දැනුවත් කෙරේ.

විමසීම්
076 291 7568
076 939 2033
071 906 7396

05/10/2021

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලද පසු අප හා එක්වන දරුවන් වෙනුවෙන් මුල සිටම ගිණුම්කරණය විෂයය නිර්දේශය ආවරණය කරන පන්තිමාලාවක් ඔක්තෝබර් මස මුල සිට ආරම්භ කරමු.

ගිණුම්කරණය විෂයය සරලව, තාර්කිකව හා නිරවුල්ව ඉගැන්වේ.

ඒ සදහා සම්බන්ධ වීමට 076 291 7568 අංකයට ඔබගේ නම හා ලිපිනය whatsapp කර අපගේ නව පන්තියේ whatsapp group එක හා join වන්න.පන්ති ආරම්භක දින හා කාලසටහන් whatsapp group හරහා දැනුවත් කෙරේ.

විමසීම්
076 291 7568
076 939 2033
071 906 7396

Photos from Savithma Academy of Higher Education's post 17/07/2020
Photos from Savithma Academy of Higher Education's post 17/07/2020

මෙ

28/01/2020

#චෙක්පත්....

චෙක්පත් නිකුත් කරන්නේ ජංගම ගිණුම් සදහා පමණක් වන අතර එය පුද්ගලික ජංගම ගිණුම් සහ ව්‍යාපාරික ජංගම ගිණුම් ලෙස ප්‍ර‍ධාන වශයෙන් කොටස් දෙකකට බෙදා තිබෙනවා. ජංගම ගිණුම් ව්‍යාපාරිකයින් සදහා ඉතා වැදගත් ගිණුම් වර්ගයකි. මුදල් මගින් ගනුදෙනු කරනු වෙනුවට චෙක්පත් මගින් ගනුදෙනු කිරිමට මෙම ගිණුම් තුල අවකාශ ලැබී ඇත. එමගින් තම මුදල් සදහා වැඩි ආරක්ෂාවක් හිමිවේ. ව්‍යාපාරික ජංගම ගිණුම් ඇරඹිමට ආයතනය ලියාපදිංචි කර ති‍බිම වදගත් අතර එවිට එහි නමින් ජංගම ගිණුම් පවත්වා ගෙන යා හැකිය. ජංගම ගිණුම් වල තැන්පතු සදහා බැංකුව විසින් කිසිදු පොලියක් නොගෙවන අතර බැංකුව විසින් ජංගම ගිණුම් සදහා පමණක් සපයන අනෙකුත් සේවාවන් සදහා සේවා ගාස්තුවක් අය කෙරෙන අතර සමහර බැංකු ශේෂය යම් අවම ම්ට්ටමට වඩා අඩුවෙන් ඇති විටද සේවා ගාස්තුවක් අය කරයි. ප්‍රමාණවත් තරම් ශේෂයක් නොමැති විට නිකුත් කරන ලද චෙක්පත සදහා ගෙවීම් කිරිම බැංකුව ප්‍රතික්ෂේප කරන අතර එවැනි ‍අගර‍ැ වෙක්පත් සදහා ‍අගර‍ැ වෙක්පත් ගාස්තුවක්ද අයකෙරේ. බැංකුව විසින් සැම මාසයක් අවසානයේදි ගිණුම් හිමියා වෙත එම මාසය තුල සිදුවු ගනුදෙනු පිලිබදව විස්තරයක් නිකුත් කරනු ඇත. ලංකා බැංකුවේ ජංගම ගිණුම් ඇරඹීමට අදාල අවම අගයන් පහත පරිදි නියමකර තිබෙනවා..
ශාඛා වර්ගය ව්‍යාපාරික ජංගම ගිණුම් පුද්ගලික ජංගම ගිණුම්

අධි ශ්‍රේණිය 15,000 10,000
‘A’ ශ්‍රේණිය 15,000 5,000
‘B’ ශ්‍රේණිය 10,000 5,000
‘C’ ශ්‍රේණිය 5,000 2,500

මීට අමතරව මූලස්ථාන ආයතනික ශාඛාවේ ඕනෑම ජංගම ගිණුමක අවම තැන්පතුව රුපියල් ලක්ෂයක් ලෙසද පුද්ගලික ශාඛාව මහනුවර අධිශ්‍රේණි හා පිටකොටුව ශඛාවන් සදහා අවම තැන්පතුව රුපියල් විසිපන්දහසක් ලෙසද නියමකර තිබෙනවා (මේ අවම තැන්පතු අගයන් ලංකා බැංකුවේ ජංගම ගිණුම් සදහා පමණයි)

මේ ලෝකේ හා හාපුරා කියලා චෙක්පත් පාවිච්චිය ආරම්බ කරලා තියෙන්නේ 1659 තරම් ඈත කාලයේ එංගලන්තයේ Bank of England කියන ආයතනයකින්. ඒක අද කාලේ වගේ ලස්සනය මුද්‍ර‍ණය කරපු විධිමත් ආකාරයේ චෙක්පතක් නෙවෙයි.අද පවතින ආකාරයට සමාන වෙන්න මුද්‍ර‍ණය කරපු චෙක්පත් භාවිතය ආරම්බ වෙලා තියෙන්නේ 1717 දී එංගලන්තයේ ලන්ඩන් නුවරදී.
#1.රූපය ලොව පළමු චෙක්පත යැයි සැලකේ.

චෙක්පත් වල නිශ්කාෂණ(Clearing) කටයුතු කෙරෙන්නේ කොහොමද කියල දන්නවද? මේ ක්‍රියාවලිය අපිට පුලුවන් කොටස් තුනකට බෙදන්න

1.එකම බැංකුවක එකම ශාඛාවක් අතර ගණුදෙණු වෙන චෙක්පත්
2.එකම බැංකුවක විවිධ ශාඛාවන් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු
3.බැංකු ආයතන දෙකක් අතර සිදුවන චෙක්පත් ගණුදෙණු

අංක එක යටතේ සිදුවෙන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ ගිණුම් හිමියෙකුට ඒ ශාඛාවේම චෙක්පතක් ලැබුනොත් ආදාල කාරණා සම්පූර්ණ වෙනවානම්(ගිණුමේ මුදල් පැවතීම,ආදර්ශ අත්සන් නිවරදි වීම ආදී) ඒ මොහොතේදීම චෙක්පත මුදල් කරගැනීමට හෝ ගිණුමට තැන්පත් කර ගන්නට පුලුවන්.

අංක දෙක යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ ලෙස ලංකා බැංකුවේ හාලිඇල ශාඛාවේ චෙක්පතක් ලංකා බැංකුවේම මරදාන ශාඛාවේ ගිණුමකට දැම්මොත් ඒක එදා දවසේ වැඩ ඉවරවෙන්න කලින්(තැන්පත් කල මොහොතේ සිට 4.30 අතර) නිශ්කාශණ කටයුතු සිද්ධවෙනවා.

අංක තුන යටතට එන ගණුදෙණුවක් නම් උදාහරණ විදිහට ලංකා බැංකුවේ ගිණුම් හිමියෙකුට සම්පත් බැංකුවේ චෙක්පතක් ලැබුනොත් ඒක නිශ්කාශණය වෙන්නේ ඊලගට වැඩකරන දවසේ දවල් 2.30 පස්සේ (සිකුරාදා දවසක තැන්පත් කලානම් සදුදා දවල් 2.30 පස්සේ තමා)

ඉස්සර නම් මේ ලංකාවේ සතරදිගන්තෙම චෙක්පත් දිනපතාම කුරියර් සර්විස් මගින් කොළඹට ගෙන්න ගත්තා. විශේෂයෙන් යුද්ධය පැවති මුල්සමයේ යාපනය වගේ දුරපලාත් වල චෙක්පත් නිශ්කාශණය වෙන්න ගොඩක් කල්ගතවුනා මොකද ඒ චෙක්පත් සියල්ලම සජීවීව කොළඹටම ලැබිය යුතුනිසා. අද වෙනකොට මේ නිශ්කාශණ කටයුතු වලට වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා සීමාසහිත ලංකා ක්ලියර් (Lanka Clear) සමාගම ලෙසින්. එය ලංකා බැංකු මූලස්ථානයේ 23 වන මහලේ පිහිටා තිබෙනවාඅද වෙනකොට ලංකාවේ සෑම බැංකුවක්ම ලංකා ක්ලියර් වෙත තම චෙක්පත් යොමුකරන්නේ ස්කෑන් කරනලද ප්‍රතිම්භයන් ලෙසයි. ලංකා ක්ලියර් වසරකට ආසන්න වශයෙන් මිලියන පනහක චෙක්පත් නිශ්කාෂණ කටයුතු සිදු කරනවා. දෛනික පියවීම් කටයුතු අවසානයේ අඟරු චෙක්පත් නිවේදනත්(Cheque Return Notice - CRN) ඔහුන් විසින්ම නිකුත් කරනු ලබනවා.
#2.රූපය චෙක්පතක කොටස්.
1. චෙක්පතේ දිනය (වි‍ශේෂයෙන් සදහනක් නොවේනම් දාතමේ සිට මාස හයකට වලංගුය)
2.බැංකුවේ නම සහ ශාඛාවේ නම
3.හෝ රැගෙන එන්නාට යන විධානය
4.ආදායකයාගේ නම
5.චෙක්පතේ වටිනාකම ඉලක්කමෙන්
6.චෙක්පතේ වටිනාකම අකුරෙන්
7.අණකරුගේ අත්සන
8.චෙක්පත් අංකය
9.චෙක්පත අයිති බැංකුවේ සංඛේත අංකය
10.චෙක්පත අයිති බැංකු ශාඛාවේ සංඛේත අංකය
11.චෙක්පත හිමියාගේ ජංගම ගිණුම් අංකය
12.විද්යුත් කියවුම් දත්ත සහිත තීරුව
චෙක්පත් රේඛන වර්ග අඟරු වීමට බලපාන හේතු වගේම නිතර කරන වැරදිත් වගේම සංචාරක චෙක්පත් ගැනත් ඊලග කොටස් වලින් ලියන්නම්.
මේ සම්බන්දයෙන් කියවන ඔයාලට ගැටලු වගේම දැනගන්න දෙයක් එහෙම ති‍යෙනවනම් අහන්න.

#තොරතුරු අන්තර්ජාලයෙන් හා පොත් වලින් උපුටා ගන්නා ලදී..

#දැනුමට_යමක්..

.
https://www.facebook.com/දැනුමට-යමක්-103404781207141/

01/01/2020
Photos from Savithma Academy of Higher Education's post 12/12/2019

2019 o/l commerce

Photos from Savithma Academy of Higher Education's post 10/12/2019

obe danumata apen yamak......

09/12/2019

පාසල් වියේ සිට මිය යන තෙක්ම ගණිත කර්ම සදහා භාවිතා අප භාවිතා කරන කැල්කියුලේටරයේ ඇති MR, MC, M+, M- යන බොත්තම් හතර ඔබට මතකද? වසර ගණනාවක් පුරාවට ගණිත ගැටළු විසදීම සදහා කැල්කියුලේටරය භාවිතා කලත් ඔබ කී වරක් මෙම බොත්තම් හතර භාවිතා කර ඇතිද?ඔබේ පිලිතුර එක්වරක්වත් නෑ යන්න නම් එය පුදුමයට කරුණක් නොවේ.
ඇත්ත වශයෙන්ම මේ අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන මොනවාද?

සංකීර්ණ ගණිත සමීකරණ අඩු පියවර ගණනකින් සිදු කිරීම සදහා මෙම බොත්තම් හරත ඇති අතර ඒවායේ නම් සෑදී ඇත්තේ මෙසේයි.

MR : Memory Recall (කැල්කියුලේටරයේ මතකයේ ඇති අගය ආපසු ලබා ගැනීමට)

MC : Memory Clear(කැල්කියුලේටරයේ මතකය ශූන්‍ය කිරීමට)

M+ : Memory Add (සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයට එකතු කිරීමට)

M- : Memory Subtract(සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයෙන් අඩු කිරීමට)

උදාහරණයක් ලෙස පහත සමීකරණය සලකමු.
(123 x 3) + (55 - 24) + (10^2) - (7 x 8) = ???

විද්‍යාත්මක කැල්කියුලේටරයක් (Scientific Calculator) නොවන සාමාන්‍ය කැල්කියුලේටරයකින් මෙවැනි සුළු කිරීමක් සිදු කිරීමට නම් ඔබට පියවර ගණනාවක් අවශ්‍ය වන නමුත් MR, MC, M+, M- යන බොත්තම් භාවිතා කිරීමෙන් සාමාන්‍ය කැල්කියුලේටරයකින් පවා ඔබට මෙම සමීකරණය එක් පියවරකින් විසදීම සිදු කල හැකියි.

ඒ සදහා ප්‍රථමයෙන් (123 x 3) යන සුළු කිරීම සිදු කර M+ බොත්තම එබිය යුතු අතර එවිට 123 x 3 යන සුළු කිරීමේ පිලිතුර වන 369 යන්න කැල්කියුලේටරයේ මතකයේ තැන්පත් වේ.
ඉන්පසු (55 - 24) යන සුළු කිරීම සිදු කර යලිත් M+ බොත්තම එබිය යුතු අතර එවිට (55 - 24) යන සුළු කිරීමේ පිලිතුර වන 21 යන්න කැල්කියුලේටරයේ මතකයේ ඇති පලමුව සිදු කල සුළු කිරීමේ පිලිතුර වන 369 ට එකතු වේ.
ඉන්පසු පෙර පරිදිම (10 ^ 2) යන සුළු කිරීම සිදු කර M+බොත්තම එබිය යුතු අතර එවිට 10^2 යන සුළු කිරීමේ පිලිතුර වන 100 යන්න කැල්කියුලේටරයේ මතකයට එකතු වේ.
අවසාන වශයෙන් (7 x 8) යන සුළු කිරීම සිදු කර M-බොත්තම එබිය යුතු අතර එවිට (7 x 8) යන සුළු කිරීමේ පිලිතුර වන 56 කැල්කියුලේටරයේ මතකයේ ඇති අගයෙන් අඩු වේ.
අවසානයේ කැල්කියුලේටරයේ මතකයේ ගබඩා වී ඇති අවසන් පිලිතුර ලබා ගැනීමට MR යන බොත්තම එබිය යුතු අතර එවිට මුළු සමීකරනයේ අවසන් පිලිතුර වන 444 යන්න කැල්කියුලේටරයේ තිරයේ සටහන් වේ.

මේක SHARE කරන්නත් අමතක කරන්න එපා


ඔබ සතු හාස්‍යජනක්,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප අපට එවන්න:[email protected]
උපුටාගැනීමකි -

07/12/2019

ආදරණීය නංගි මල්ලි,
ශීග්‍රයෙන් විනාශ වී යන වන ගහනය නැවත වර්ධනය කිරීම වස් වයඹ ආදී විද්‍යාර්ථයින් සංවිධානය කරනු ලබන Green Exam 2019 පිළිබඳ කෙටි හැදින්වීමකි මේ.
මෙම සමාසිකයේ අවසාන විභාගයට පෙනී සිටින ව්‍යාපාර අධ්‍යන සහ මුල්‍ය පීඨයේ සහෝදර සහෝදරියන් ලබා ගන්නා සාමාර්ථයන් වෙනුවෙන් ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් යම් ගස් ප්‍රමාණයක් මිහිකත වෙත දායාද කිරීම මෙමගින් සිදු කරන මුලික කාර්යයි.
ඔබ ලබා ගනා A සාමාර්ථයක් වෙනුවෙන් ගස් 5ක්, B සාමාර්ථයක් වෙනුවෙන් ගස් 3ක් සහ C සාමාර්ථයක් වෙනුවෙන් එක් ගසක් වශයෙන් ඔබ හට ගස් උපයා ගත හැකිය.
එහිදී, වැඩියෙන්ම ගස් උපයා ගන්නා ලද දෙපාර්තුමේන්තුව, වැඩියෙන්ම ගස් උපාය ගන්නා ලද කණ්ඩායම, හොදම Selfie ජායා රූපය තෝරා වටිනා ත්‍යාග දිනා ගැනීමටද අවස්තාව ඔබ වෙත ලැබේ.
තවද ඔබ විසින් උපයා ගන්නා ලද ගස් ඔබගේ සහභාගීත්වයද සමඟ කුලියාපිටිය ප්‍රදේශයේ පෙර පාසල්, ප්‍රාථමික පාසල් සහ ආගමික ස්ථාන ආශ්‍රිතව බෙදා හැරීමට සැලසුම් කර ඇති අතර විල්පතු වනය නැවත ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවද සමඟ එක්ව ගස් සිටවීමේ වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින්නෙමු.
ඔබගේ විභාගය සඳහා අපගේ උණුසුම් සුභපැතුම්...

Sadun Madhuranga Prasad Kumara Nilanka Ranapathi Madushanka Buddhika Wijesinghe Yohan Amarasinghe Sanath Liyanage

Photos from Savithma Academy of Higher Education's post 28/11/2019

2019 grade 3 students .....
Group work activity..

Want your school to be the top-listed School/college in Ja-Ela?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Batagama
Ja-Ela
11350