Taxila Astronomical Association

Taxila Astronomical Association A school-based astronomical society dedicated to sharing the wonders of the cosmos.

30/08/2026
හෙට දින අභ්‍යාවකාශයට නැගෙන "නැන්සි ග්‍රේස්"....⭕ විශ්වයේ අඳුරු රහස් සෙවීමට නාසා හි අලුත්ම පියවර "නැන්සි ග්‍රේස් රෝමන් අභ...
29/08/2026

හෙට දින අභ්‍යාවකාශයට නැගෙන "නැන්සි ග්‍රේස්"....

⭕ විශ්වයේ අඳුරු රහස් සෙවීමට නාසා හි අලුත්ම පියවර "නැන්සි ග්‍රේස් රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය (Nancy Grace Roman Space Telescope)" හෙට එනම් 2026 අගෝස්තු 30 වන ඉරිදා අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39A දියත් කිරීමේ සංකීර්ණයෙන්, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:56 ට SpaceX Falcon Heavy රොකට්ටුවක් මගින් එය අභ්‍යවකාශ ගත කෙරෙනු ඇත.

ඩොලර් බිලියන 4.3 ක වටිනාකමකින් යුතු මෙම දුරේක්ෂය, පෘථිවියේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 1.5 ක් දුරින් පිහිටි හිරු-පෘථිවි L2 ලැග්‍රාන්ජ් ලක්ෂ්‍යය වෙත යොමු කරනු ලැබේ.

⭕නමට පදනම් වූ උරුමය

මෙම දුරේක්ෂය නම් කර ඇත්තේ නාසා ආයතනයේ ප්‍රථම ප්‍රධාන තාරකා විද්‍යාඥවරිය වූ ආචාර්ය "නැන්සි ග්‍රේස් රෝමන්" මහත්මියට ගෞරවයක් වශයෙනි. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බැවින් ඇය "Mother of Hubble " ලෙසද ප්‍රකටය. විශ්වය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කළ තවත් මෙහෙයුමකට ඇයගේ නම යෙදීම සංකේතාත්මක වැදගත්කමක් දරයි.

⭕හබල් සහ රෝමන් දුරේක්ෂ වල වෙනස්කම්

රෝමන් සහ හබල් යන දුරේක්ෂ දෙකෙහිම ප්‍රධාන කැඩපතේ විෂ්කම්භය මීටර් 2.4 කි. එහෙත් දත්ත රැස් කිරීමේ හැකියාවේ මහත් වෙනසක් ඇත.

රෝමන් දුරේක්ෂයේ ප්‍රධාන ලක්ෂණ:

1. Wide Field Instrument : මෙගාපික්සල් 300 (300Mp) ක ධාරිතාවයකින් යුත් මෙම අධෝරක්ත කැමරාව හබ්බල් දුරේක්ෂයට වඩා 100 ගුණයක් විශාල අහස් ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කිරීමට සමත්ය.

2. වේගය: හබ්බල් දුරේක්ෂය වසර 30 කට අධික කාලයක් තුළ සිදු කළ නිරීක්ෂණ ප්‍රමාණය මෙන් 50 ගුණයක් පමණ වූ ප්‍රදේශයක් වසර 5 ක් වැනි කෙටි කාලයක් තුළ සිතියම්ගත කිරීමට රෝමන් දුරේක්ෂයට හැකිය.

සරලව පැවසුවහොත්, හබ්බල් දුරේක්ෂය නිශ්චිත තනි වස්තූන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරන්නේ නම්, රෝමන් දුරේක්ෂය විශාල අහස් ප්‍රදේශ පිළිබඳ පුළුල් සමීක්ෂණයක් සිදු කරනු ඇත.

⭕ මෙහි ප්‍රධාන විද්‍යාත්මක අරමුණු

වසර 5 ක මූලික මෙහෙයුම් කාලය තුළ රෝමන් දුරේක්ෂය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

1. අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ පිළිබඳ අධ්‍යයනය
විශ්වයේ ප්‍රසාරණය වේගවත් වීමට හේතු වූ අඳුරු ශක්තිය පිළිබඳ ස්වභාවය තවමත් පැහැදිලි නැත. බිලියනයකට අධික මන්දාකිණිවල ආලෝකය ගුරුත්වාකර්ෂණය මගින් නැමෙන ආකාරය සහ ඈත සුපර්නෝවා පිපිරීම් නිරීක්ෂණය කිරීමෙන්, කාලයත් සමඟ විශ්වයේ ප්‍රසාරණ ඉතිහාසය නිශ්චිතව මැනීමට මෙම දුරේක්ෂය උපකාරී වනු ඇත.

2. පිටසක්වල ග්‍රහලෝක සමීක්ෂණය
" Gravitational Microlensing " තාක්ෂණය භාවිතා කරමින් රෝමන් දුරේක්ෂය මගින් ග්‍රහලෝක ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ අතර තම මව් තාරකාවෙන් වෙන් වී අභ්‍යවකාශයේ තනිව ගමන් කරන "Rogue Planets" ද ඇතුළත් වේ.

3. ග්‍රහලෝක වල සෘජු ප්‍රතිරූප ලබා ගැනීම
රෝමන් දුරේක්ෂයේ සවිකර ඇති "Coronagraph" උපකරණය මගින් තාරකාවකින් නිකුත් වන තීව්‍ර ආලෝකය වසා දැමීමට හැකි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස තාරකාවට ආසන්නයේ ඇති දැවැන්ත ග්‍රහලෝක වල සෘජු ප්‍රතිරූප ලබා ගැනීමට අවස්ථාව සැලසේ. අනාගතයේ දී පෘථිවියට සමාන ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා මෙම තාක්ෂණය පදනමක් වනු ඇත.

⭕ ඉදිරි කාලසටහන

ගුවන්ගත කිරීමෙන් අනතුරුව, රෝමන් දුරේක්ෂය L2 කක්ෂයට ළඟා වීමට ආසන්න වශයෙන් මාසයක් ගතවනු ඇත. ඉන් අනතුරුව මාස කිහිපයක් පුරා උපකරණ පරීක්ෂා කර ක්‍රමාංකනය කිරීම සිදු කෙරෙනු ඇත. 2027 වසරේ මුල් භාගයේ සිට එහි පළමු විද්‍යාත්මක නිරීක්ෂණ සහ දත්ත පෘථිවිය වෙත ලැබීමට පටන් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙටියෙන් කිවහොත්,අඳුරු ශක්තිය කුමක්ද, අපගේ ක්ෂීරපථයේ තවත් කෙතරම් ලෝක ඇත්ද යන මූලික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේ නව පරිච්ඡේදයක් හෙට ආරම්භ වීමට නියමිතය.

Nancy Grace" Takes Flight Tomorrow to Unveil the Universe's Dark Secrets

⭕ NASA’s Next Big Leap into the Unknown
The Nancy Grace Roman Space Telescope, NASA’s state-of-the-art observatory designed to uncover the cosmic mysteries of the dark universe, is scheduled to launch tomorrow, Sunday, August 30, 2026. Lift-off will take place from Launch Complex 39A at Florida’s Kennedy Space Center at 4:56 PM Sri Lanka Standard Time (SLST) aboard a SpaceX Falcon Heavy rocket.
Valued at $4.3 billion, the telescope will travel approximately 1.5 million kilometers (930,000 miles) away from Earth to operate from the Sun-Earth Lagrange Point 2 (L2).

⭕ A Legacy Built on a Name
The mission is named in honor of Dr. Nancy Grace Roman, NASA’s first Chief Astronomer. Revered as the "Mother of Hubble" for her foundational role in planning and executing the Hubble Space Telescope, naming this groundbreaking mission after her carries profound symbolic weight as humanity embarks on another historic expansion of cosmic knowledge.

⭕ Hubble vs. Roman: A Technological Evolution
While both the Roman and Hubble space telescopes feature primary mirrors with a 2.4-meter diameter, Roman represents a massive leap forward in data-gathering capability:
❗ Wide Field Instrument (WFI): Equipped with a 300-megapixel (300Mp) infrared camera array, Roman can capture a region of the sky 100 times larger in a single image than Hubble can.
❗ Unprecedented Speed: In just its first 5 years of operation, Roman will survey roughly 50 times more sky than Hubble mapped over three decades.
Simply put, while Hubble functions like a high-powered telephoto lens focusing deeply on individual objects, Roman acts as a wide-angle lens conducting massive, high-resolution cosmic surveys.

⭕ Primary Science Objectives
During its baseline 5-year mission, the telescope will target three core scientific pillars:
❗ Investigating Dark Energy & Dark Matter
The true nature of dark energy—the force accelerating the expansion of the universe—remains one of science's greatest puzzles. By observing light bending around billions of distant galaxies via gravitational lensing and tracking far-off supernovae, Roman will map the rate of cosmic expansion across deep time with unprecedented precision.
❗ Exoplanet Census via Microlensing
Utilizing the Gravitational Microlensing technique, Roman is projected to discover over 100,000 exoplanets. This survey will also detect elusive "Rogue Planets"—worlds that have been severed from their host stars to drift endlessly through interstellar space.
❗ Direct Imaging of Planets
Equipped with a cutting-edge Coronagraph Instrument (CGI), Roman will block out the blinding glare of host stars. This allows scientists to capture direct images of giant exoplanets orbiting nearby stars, laying the essential technological groundwork for future missions aimed at imaging Earth-like worlds.

⭕ What Lies Ahead
Following tomorrow’s launch, Roman will spend roughly one month traveling to its L2 orbit, followed by several months of rigorous instrument testing and calibration. The observatory’s first scientific observations and images are expected to reach Earth in early 2027.
A new chapter in our quest to understand dark energy and quantify the worlds hidden within the Milky Way begins tomorrow.



TAXILA ASTRONOMICAL ASSOCIATION


✨ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් විශ්වයේ මුල් අවධිය පිළිබද  නිරීක්ෂණය කරන විද්‍යාඥයන්ට අලුත්ම අභ්‍යවකාශ වස්තුවක් හමුව...
27/08/2026

✨ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් විශ්වයේ මුල් අවධිය පිළිබද නිරීක්ෂණය කරන විද්‍යාඥයන්ට අලුත්ම අභ්‍යවකාශ වස්තුවක් හමුවෙලා තියෙනවා.✨

⛔ඒ තමයි "MoM-BH *-1". මේක තියෙන්නේ Cetus (සීටස්) කියන තරු රටාවෙයි.ඈත ඉදන් බැලුවම මේක රතු පාට තරුවක් වගේ පේනවා.ඒත් ඒක සාමාන්‍ය තරුවක් නෙමෙයි.
හරයේ අධි ස්කන්ධ කළු කුහරයක් තියෙන 'Black hole star' නැත්නම් 'quasi star ' එකක් . අපගේ සූර්යයා වගේ 100,000 ගුණයක් පමණ විශාල මේ කළුකුරය වටා තියෙන විශාල සහ ඝන හයිඩ්‍රජන් වලාව නිසා අපිට මේක රතු පාටින් පේනවා.

මේකෙ තියෙන විශේෂත්වය ඒක විතරක් නෙමෙයි.

⛔සාමාන්‍ය කළු කුහරයක් නිර්මාණය වෙන්නේ අධි ස්කන්ධ තාරකාවක් මිය යෑමේ ප්‍රතිඵලයක් විදිහට. නමුත් එසේ නිර්මාණය වන කළු කුහර සූර්‍ය ස්කන්ධ 10-100 ක ස්කන්ධයෙන් යුතු කුඩා කළුකුහරයි . එවැනි කළු කුහරයන් අධි ස්කන්ධ කළු කුහරයක් වීමට නම් ඉතා විශාල කාලයක් ගතවනවා. ඒ නිසා මහා පිපුරමින් කෙටි කලක් ඇතුළත *සූර්‍ය ස්කන්ධ මිලියන එකක්* පමණ අධි ස්කන්ධ කළු කුහර පැවතීම විද්‍යාඥයන්ට ගැටලුවක් වුණා.

⛔එය විස්තර කිරීමට 'Direct collapse black hole' ආකෘතිය ඉදිරිපත් විය.එහිදී ඉතා විශාල වායුවලාවන් තම ගුරුත්වාකර්ෂණ බලය යටතේ එකතු වී තරුවක් නිර්මාණය නොවී සෘජුවම සුර්‍ය ස්කන්ධ 10 000-100 000 අතර කලු කුහරයක් නිර්මාණය වෙනවා වෙනවා. මේ නිසා අධි ස්කන්ද කළු කුහරයක් නිර්මාණය වීමට ගතවන කාලය අවුරුදු මිලියන සිය ගණනකින් අඩුවෙනවා.

JWST එකෙන් MoM-BH-1 වගේ "Little Red Dots" යනුවෙන් හඳුන්වන අමුතු රතු වස්තූන් හඳුනාගැනීමත් සමග මේ ආකෘතිය පැහැදිලි කිරීමට ප්‍රබල සාක්ෂ්‍ය ලැබෙනවා.

✍️Written by:Kaveesha Gimhan.
: Sasath Sathmina.

Taxila Astronomical Association



විශ්වය මෙතරම් විශාල නම් අපි තවමත් තනිව සිටින්නේ ඇයි?රාත්‍රී අහස දෙස බලන්න.අපට පෙනෙන සෑම තාරකාවක් පිටුපසම තවත් ලෝකයක් තිබ...
27/08/2026

විශ්වය මෙතරම් විශාල නම් අපි තවමත් තනිව සිටින්නේ ඇයි?

රාත්‍රී අහස දෙස බලන්න.

අපට පෙනෙන සෑම තාරකාවක් පිටුපසම තවත් ලෝකයක් තිබිය හැකියි. අපගේ ක්ෂීරපථ මන්දාකිණිය තුළ පමණක් බිලියන ගණනක් තාරකා ඇත. ඒවායින් බොහෝමයක් වටා ග්‍රහලෝක පවතින බව අපි දැන්තද දනිමු. තවද ක්ෂීරපථය පමණක් නොව විශ්වයේ අපට පෙනෙන මන්දාකිණිද බිලියන ගණනක් පවතී.එසේ නම් ස්වභාවිකවම එක් ප්‍රශ්නයක් මතුවේ.

♾️ “මේ සියල්ල අතර අපි පමණක්ද?”

මෙය හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක ප්‍රශ්නයක් නොවේ. විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් සොයමින් පවතිනවා.එහෙත් මෙහි ඇති පුදුමය මෙයයි.

අපි තවමත් කිසිදු පිටසක්වළ ශිෂ්ටාචාරයක් නිශ්චිතව හඳුනාගෙන නෑ.
මෙන්න එතැන් සිට ආරම්භ වෙන්නේ Fermi Paradox යන සංකල්පයයි.

♾️ Fermi Paradox කියන්නේ කුමක්ද?

1950 දී භෞතික විද්‍යාඥ Enrico Fermi තම සගයන් සමඟ සාකච්ඡා කරමින් සිටියදී සරල නමුත් ගැඹුරු ප්‍රශ්නයක් මතු කළා.

“ඉතින්... හැමෝම කොහෙද?”

මෙය පසුව *“Fermi Paradox”* ලෙස ප්‍රසිද්ධ විය.මෙහි තර්කය ඉතා සරල වේ.

විශ්වය ඉතා විශාලය.

තාරකා බිලියන ගණනක් ඇත.

ඒවා වටා ග්‍රහලෝක බිලියන ගණනක් ඇත.

ඒ අතරින් යම් ප්‍රමාණයක ජීවය ඇතිවී, තාක්ෂණික වශයෙන් දියුණු ශිෂ්ටාචාර බිහිවී තිබිය හැකිය.

එවැනි ශිෂ්ටාචාර විශ්වයේ බොහෝ කලකට පෙර අපට වඩා දියුණු වී තිබිය හැකිය.

එසේ නම් ඔවුන්ගේ සලකුණු අපට පෙනෙන්නේ නැත්තේ ඇයි?...............................

🌌 විශ්වය කෙතරම් විශාලද?ක්ෂීරපථයේ තාරකා බිලියන සිය ගණනක් පමණ තිබේ. ඒ අතරින් අපගේ සූර්යයා විශේෂ තාරකාවක් බවට පැහැදිලි සාක්ෂියක් නැත.
අපට දැනටමත් වෙනත් තාරකා වටා ඇති exoplanets දහස් ගණනක් තහවුරු කරගැනීමට හැකි වී ඇත.

ඒ නිසා ප්‍රශ්නය තවත් බලවත් වේ.

ජීවය ආරම්භ වීමට අවශ්‍ය තත්ත්වයන් වෙනත් ස්ථානවලද තිබේ නම්, එහි ජීවය ඇතිවීම එකම පෘථිවියකටම පමණක් සීමා වන්නේ ඇයි?

නමුත් මෙහිදී වැදගත් කරුණක් තිබේ.

ග්‍රහලෝකයක් ජීවයට සුදුසු වීම සහ එහි ජීවය ඇත්ත වශයෙන්ම තිබීම එකම දෙයක් නොවේ.

🧬 සමහරවිට ජීවය ඇතිවීමම ඉතා දුර්ලභ දෙයක් විය හැකිය

පෘථිවියේ ජීවය ඇතිවූයේ කෙසේද යන්න පිළිබඳව අපට තවමත් සම්පූර්ණ පිළිතුරක් නැති වුවද ජලය තිබීම, සුදුසු උෂ්ණත්වය, කාබන් වැනි මූලද්‍රව්‍ය සහ ශක්ති ප්‍රභවයක් වැනි කරුණු ජීවයට වැදගත් වුවද ඒවා තිබීමෙන් අනිවාර්යයෙන්ම ජීවය බිහිවේ යැයි කිව නොහැක.

සමහරවිට විශ්වයේ ජීවයට සුදුසු ග්‍රහලෝක බිලියන ගණනක් තිබුණත්, ජීවය ආරම්භ වීමේ සිදුවීම අතිශයින් දුර්ලභ විය හැකිය.

එසේ නම් අපි තනි විය හැකිය.

නමුත් තවත් බියකරු අදහසක් පවතී.

⚠️ “Great Filter”

සමහර විද්‍යාඥයන් ඉදිරිපත් කරන අදහසක් වන්නේ Great Filter යන්නයි.

එහි අදහස වන්නේ ජීවයේ සරල අවස්ථාවක සිට අභ්‍යවකාශය හරහා සංචාරය කළ හැකි දියුණු ශිෂ්ටාචාරයක් දක්වා යන මාර්ගයේ ඉතා අපහසු පියවරක් තිබිය හැකි බවයි.

උදාහරණයක් ලෙස:

ජීවය → සංකීර්ණ ජීවීන් → බුද්ධිමත් ජීවීන් → තාක්ෂණික ශිෂ්ටාචාරයක්

මෙම පියවර අතරින් එකක් අතිශයින් දුර්ලභ නම්, විශ්වයේ දියුණු ශිෂ්ටාචාර ඉතා ස්වල්පයක් විය හැකියි.

තවත් ප්‍රශ්නයක් මෙහිදී මතුවේ

එම Great Filter එක අපට දැනටමත් පසුකර අවසන්ද?

නැත්නම්...

එය තවමත් අප ඉදිරියේද?

මෙය Fermi Paradox හි වඩාත් සිත්ගන්නාසුලු කොටසයි.

තවත් සරල පැහැදිලි කිරීමක් මීට තිබේ.

විශ්වය විශාල නිසා ශිෂ්ටාචාර දෙකක් අතර දුර අතිවිශාල විය හැකිය.අපි අද යවන radio signal එකක් වෙනත් තාරකා පද්ධතියකට යාමට වසර ගණනාවක් ගත විය හැකිය. එම ශිෂ්ටාචාරය පිළිතුරක් යැවුවහොත්, එය නැවත අප වෙත පැමිණීමට තවත් වසර ගණනාවක් ගත වේ.

එවිට “Hello” එකක් යවා “Hello” එකක් ලැබීමටම මිනිස් ඉතිහාසයටම වඩා දිගු කාලයක් ගත විය හැකිය.

එසේ නම්...

ඔවුන් සිටිය හැකිය.

නමුත් අපි දෙපාර්ශ්වයම එකිනෙකාගේ සංඥා බලා සිටිනවා විය හැකිය.

👽 එසේ නම් ඔවුන් අපට සංඥාවක් එවන්නේ නැත්තේ ඇයි?

මෙයට පිළිතුරු කිහිපයක් තිබිය හැකිය.

සමහරවිට ඔවුන් radio signals භාවිතා නොකරනවා විය හැකිය.

සමහරවිට ඔවුන්ගේ තාක්ෂණය අපට සිතාගත නොහැකි තරම් දියුණු විය හැකිය.

සමහරවිට ඔවුන් තම පැවැත්ම ප්‍රකාශ නොකිරීමට තීරණය කර තිබිය හැකිය.

නැත්නම්...

සමහරවිට අපි තවමත් සොයන්නේ වැරදි දෙයයි.

අපි “ඔවුන් අපි වගෙයි” කියා සිතමින් සොයනවා විය හැකිය. නමුත් පිටසක්වළ ජීවය අපගේ සිතුවිලිවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක පැවැත්මක් විය හැකියි.

🔭 එතකොට අපි මොනවාද කරන්නේ?

අප සෙවීම නතර කර නැත.දුරේක්ෂ මගින් වෙනත් ග්‍රහලෝකවල වායුගෝල අධ්‍යයනය කරමින් ඒවායේ ජීවයට සම්බන්ධ විය හැකි රසායනික සලකුණු සොයමින් සිටිමු.

♾️SETI වැනි ව්‍යාපෘති බුද්ධිමත් ශිෂ්ටාචාරවලින් පැමිණිය හැකි කෘත්‍රිම radio signals වැනි සංඥා සොයයි.

♾️Mars , Europa සහ Enceladus වැනි ස්ථානවල අතීත හෝ වර්තමාන ජීවයට සුදුසු තත්ත්වයන් පිළිබඳවද පර්යේෂණ සිදු වේ.

අපි තවමත් පිටසක්වළ ජීවයක් සොයාගෙන නැත.

නමුත් “තවමත් සොයාගෙන නැත” යන්න “එවැනි ජීවයක් නැත” යන්නට සමාන නොවේ.

අපි විශ්වය දෙස බලන විට, අපට පෙනෙන්නේ තාරකා සහ මන්දාකිණි පමණි.

නමුත් ඒවා අතර කොතැනක හෝ තවත් ලෝකයක් තිබිය හැකිය.

එහි අහස යටතේ තවත් ජීවියෙක් රාත්‍රී අහස දෙස බලා සිටිනවා විය හැකිය.

සමහරවිට ඔහුත් අප වගේම ප්‍රශ්නයක් අසනවා විය හැකිය:

“මේ විශාල විශ්වයේ අපි විතරද?”

Fermi Paradox අපට පිළිතුරක් ලබා නොදෙයි.

ඒ වෙනුවට එය අපට ලබා දෙන්නේ ඊටත් වඩා වටිනා දෙයකි

ප්‍රශ්නයක්.

විශ්වය මෙතරම් විශාල නම්, තාරකා මෙතරම් සංඛ්‍යාවක් තිබේ නම්, ග්‍රහලෝක මෙතරම් ගණනක් තිබේ නම්...

“අපිට තවමත් කිසිවෙකු හමු නොවූයේ ඇයි?”

සමහරවිට පිළිතුර වන්නේ අපි විශ්වයේ තනිවම සිටීමයි.

සමහරවිට ඔවුන් ඉතා දුරින් සිටී.

සමහරවිට ඔවුන්ගේ සංඥා අප වෙත පැමිණීමට තවමත් කාලය ගත වේ.

නැත්නම්...

*සමහරවිට අපි සොයන දෙය දැනටමත් අප දෙස බලා සිටිනවා විය හැකිය.*

ඒ නිසා, අද රාත්‍රියේ අහස දෙස බලන විට තාරකාවක් දෙස නිකම්ම නොබලන්න.

“එතැන කවුරුහරි සිටිනවාද?”

යන ප්‍රශ්නයත් සමඟ බලන්න.

මන්ද, විශ්වය පිළිබඳ අපගේ විශාලතම සොයාගැනීම සමහරවිට නව ග්‍රහලෝකයක් නොවිය හැක.

*අපි තනිවම නොසිටින බව දැනගැනීම විය හැකිය.*

✍️Written by - Parami Kaveena.

Sources - Whitehouse.gov , Wikipedia_

Taxila Astronomical Association



" නත්ථි පඤ්ඤා සමං ආභා "ප්‍රඥාව හා සමාන වෙනත් ආලෝකයක් ලොවෙහි නැතලොව්තුරු බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රඥාවේ ආලෝකය අපගේ ජීව...
30/05/2026

" නත්ථි පඤ්ඤා සමං ආභා "
ප්‍රඥාව හා සමාන වෙනත් ආලෝකයක් ලොවෙහි නැත

ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රඥාවේ ආලෝකය අපගේ ජීවිත සදාකාලිකව යහපත කරා මෙහෙයවන සැබෑ මඟපෙන්වීමයි. ආමිස පූජාවෙන් ඔබ්බට ගොස්, ප්‍රතිපත්ති පූජාව පෙරදැරිව සිත් තුළ ප්‍රඥාවේ ආලෝකය දල්වාගන්නා පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!



940 Million Kilometers: A Journey Defined by Discovery.As we conclude another orbit, the Taxila Astronomical Association...
31/12/2025

940 Million Kilometers: A Journey Defined by Discovery.

As we conclude another orbit, the Taxila Astronomical Association celebrates the boundless curiosity and shared passion that unite us all. We enter 2026 with a renewed commitment to discovery and the pursuit of excellence.

May the year ahead bring you the clarity to see your path forward and the resilience to turn your greatest ambitions into reality. We are honored to navigate this journey alongside you.

💫Happy New Year from the Taxila Astronomical Association.



STELLARIS'25 - Annual Night Sky Observation CampALBUM 02
17/10/2025

STELLARIS'25 - Annual Night Sky Observation Camp
ALBUM 02



STELLARIS'25 - Annual Night Sky Observation CampALBUM 01
17/10/2025

STELLARIS'25 - Annual Night Sky Observation Camp
ALBUM 01



12/10/2025

STELLARIS’25 — the journey among the stars.

Curiosity burns brighter than ever. 🌌



04/10/2025

✨ STELLARIS’25 – රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර

STELLARIS’25 යනු තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන වාර්ශික රාත්‍රී අහස නිරීක්ෂණ වැඩමුළුවයි. මෙම වැඩමුළුව සිසුන්ට අහස නිරීක්ෂණය කිරීමේ, තාරකා විද්‍යාව පිළිබඳ දැනුම ලබා ගැනීමට, සහ විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නිරත වීමේ අවස්ථාව සලසයි.

🌟 වැඩමුළුවේ විශේෂාංග:
• දුරේක්ෂ මගින් චන්ද්‍රයා හා ග්‍රහලෝක නිරීක්ෂණය කිරීම
• තාරකා විද්‍යාව පිළිබද දේෂණ
• ජල රොකට් (water rocket) නිර්මාණය
• කළු කුහර හා කාල තරණය ආදිය පිළිබද සංකල්ප
• කණ්ඩායම් ක්‍රියාකාරකම්

📅 දිනය සහ වේලාව: 2025 ඔක්තෝබර් 10 වන සිකුරාදා සවස 6.00 – 2025 ඔක්තෝබර් 11 වන සෙනසුරාදා පෙරවරු 7.00
📍 ස්ථානය : තක්ෂිලා මධ්‍ය විද්‍යාල පරිශ්‍රය
👩‍🚀තක්ෂිලා මධ්‍ය විද්‍යාලීය හා ආරාධිත පාසල්වල 6–9 ශ්‍රේණි සිසුන්ට විවෘතයි

වැඩිදුර විස්තර සහ සහභාගීත්වය තහවුරු කිරීම සදහා පහත google පෝරමය සම්පූර්ණ කරන්න.(සීමිත සිසුන් පිරිසකට පමණක් අවස්තාව ලැබේ)
👉 https://forms.gle/ojNWvfqmAa3LXhUr9

Whatsapp සමූහයට සම්බන්ධ වන්න :
https://chat.whatsapp.com/DTKRnhemSU78nihebgZOac

දුලේන් වික්‍රමනායක(සභාපති,තාරකා විද්‍යා සංගමය) – 070 490 2729
තනුර ගයාන් අමරතුංග(සංගමය භාර ආචාර්‍ය) - 077 580 3121



'25

Address

Moronthuduwa Horana Road
Horana

Alerts

Be the first to know and let us send you an email when Taxila Astronomical Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category