Vidyarathna University College Horana

Vidyarathna University College Horana හිතට දැනෙන්න දිරිමත්ව නැග එන්න අප හා එක් වෙන්න

03/08/2023

ඩයන්ගෝමස් අභියෝගතා බොක්සිං කුසලාන‍ය - 2023
විද්‍යාරත්න බොක්සිං කණ්ඩායම දිනා ගන්නා ලදි.

විද්‍යාරත්නයෙන් බිහි වු දක්ෂයෙක්.ඔන්න ආයෙත් ⁣අපේ යුතුකම කරන්න වේලාව.වසරේ ජනප්‍රියම නළුවා බවට (පාරදිගේ ටෙලිනාට්‍ය බණ්ඩා ච...
12/01/2023

විද්‍යාරත්නයෙන් බිහි වු දක්ෂයෙක්.
ඔන්න ආයෙත් ⁣අපේ යුතුකම කරන්න වේලාව.
වසරේ ජනප්‍රියම නළුවා බවට (පාරදිගේ ටෙලිනාට්‍ය බණ්ඩා චරිතය හොබවන) කුසල් මධුරංග සම්මානනීය කිරීමට.
SPM Kusal
ලෙස සටහන් කර
5660 ට හැකිතාක් SMS කරන්න.( Dialog/Mobitel )

Online votes-

21/07/2022

සුභාෂන කුරුගල නොහොත් අපේ කාලයේ ළමා නාට්‍ය විරයා
----------------------------------
පුබුදු සුභාෂන කුරුගල යනු වත්මන් ළමා නාට්‍ය කලාවේ නොමැකෙන ළකුණක් එකතු කළ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ නාට්‍ය සහ රංග කලා ගුරුවරයා බව අමුතුවෙන් කිව යුතු නොවේ.මේ වන විටත් 2021 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ පළමු වටයෙන් විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨය ඉදිරිපත් කළ "අද හවසට සීයා එයි"ළමා නාට්‍යය පිටපත ජයග්‍රහණය කර ඇත. එය අපට සතුටට කරුණකි. නමුත් මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට සහභාගී වීම සඳහා අවසර පැතීමට විද්‍යාරත්නයේ පීඨාධිපති හිමි වෙත ලිපියක් යොමු කිරීමට සිදු වී තිබීමත් මෙතෙක් ඒ සඳහා අවසරයක් නොලැබී තිබීමත් ඉතාම කණගාටුදායක කරුණක් බව මෙහි දී සඳහන් කරනු කැමැත්තෙමි. අප අධ්‍යාපනය හැදෑරූ විදුරුවන් මාතාවගේ ඉතිහාසයේ එවන්නක් මා ඇසූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පීඨාධිපතී ධූරය හෙබ වූ ගරු කටයුතු ඕපල්ලේ ඤාණසිරි හිමියන්ගේ කාලය තුළ උන්වහන්සේ විද්‍යාරත්නයේ ළමා නාට්‍ය කලාවෙහි සුබ සිද්ධිය උදෙසා සිදු කළ අනුපමේය මෙහෙය ගෞරව පූර්වක සිතින් මෙහිදී මා හට සිහිපත් වේ. අභිනව නියෝජ්‍ය විදුහල්පති ධූරයන් ලැබූ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගුරු සේවයේ නියුතු, ආනන්ද හේවගේ, චන්දිත ප්‍රනාන්දු සහ ජනක උදයංග වැනි ගුරු භවතුන්ගෙන් මෙන් ම සමස්ත විදුරුවනේ ආචාර්‍යභවතුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ විද්‍යාරත්නයේ නාට්‍ය ඉතිහාසය අඳුරු නොකර මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සඳහා විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ සහභාගීත්වය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසයි. පහත මා උපුටා දක්වනු ලබන්නේ 2022.01.16 දින දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි මීවිත අතිරේකයට මහේෂ් එදිරිසිංහ සමඟ පුබුදු සුභාෂන කුරුගල මහතා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.(උපුටා දැක්වීම පහතින්)
***

"වටරවුමෙන් වේදිකාවේ රවුමක් යන ගුරුවරයා
======================================

අද අධ්‍යක්‍ෂවරයෙක්
කතාබහ-පුබුදු සුභාෂණ කුරුගල

* පාසල් කාලය

මගේ ගම හොරණ. මුලින්ම පාසල් ගියේ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට. නමුත් නාට්‍ය හා රංග කලාව විෂයට තිබුණ ආසාව නිසාම ශී‍්‍රපාලි විද්‍යාලයට ඇතුළත් වෙනව. එතනදි මට උසස් පෙළ විභාගය

ලියන්න පහසුකම් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා දොන් පේද්‍රික් විද්‍යාලයට ඇතුළත් වෙන්න මට සිද්ධ වෙනව.

* ගුරුහරුකම්

දොන් පේද්‍රික් විද්‍යාලයේදි සෝමා ගුණතිලක ගුරු මහත්මියව මට

මුණගැහෙනව. ඒ අපේ සංගීත ගුරුතුමිය. අපි එතුමියවය හැඳින්වුවේ සංගීත අම්මා කියල. සුදත් වික‍්‍රමසිංහ ගුරුතුමාත් මගේ ජීවිතයේ සුවිශේෂී චරිතයක්. මම වයලීන් වාදනය ඉගෙන ගන්නෙ එතුමාගෙන්. ඒ කාලේ රූපවාහිනියේ තිබුණ උදාර කියල වැඩසටහනක්. ඒකෙ නිෂ්පාදකවරයා වුණේ පද්මසිරි ප‍්‍රනාන්දු මහත්මයා. පාසලේ 7 8 වසරවලදි මට ඒ වැඩසටහනේ වයලීන් වාදනය කරන්න අවස්ථාව හිමි වුණා. ඒ වගේම දොන් පේද්‍රික් විද්‍යාලයේ කුලරත්න හෙට්ටිආරච්චි සංගීත ගුරුවරයාත් මගේ හැකියාවන් වැඩිදියුණුකරගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා.

* ප‍්‍රවීණයන්ගේ ඇසුර

පාසල් කාලයේ පටන් මට ජනක් පේ‍්‍රමලාල් මහත්මයාව සහ එතුමාගේ පියා සිරිසේන පේ‍්‍රමලාල් මහත්මයාව ඇසුරු කරන්න මට අවස්ථාව ලැබෙනව. එහි ප‍්‍රතිපලයක් විදිහට සරත් කුලාංග මහත්මයාව හඳුනාගන්නවා. ඒ සුන්දර මිනිසුන්ගේ ඇසුර වේදිකාවේ දිගු ගමනක් එන්න මට බොහෝ උපකාරී වෙනව.

* ප‍්‍රසිද්ධ වේදිකාවට

මම ප‍්‍රසිද්ධ වේදිකාවට එන්නෙ සරත් කුමාරසිංහ මහත්මයාගේ ‘වටරවුම. වේදිකා නාට්‍ය හරහා. ඒ වගේම ජනක් පේ‍්‍රමලාල් මහත්මයාගේ ‘රාජකපුරු.” ‘සක්වල කැළඹිලා.” ‘රජගහේ නාඩගම. සහ ‘අබුද්දස්ස කෝළම. යන නාට්‍යවලටත් මගේ රංගන දායකත්වය ලබා දුන්නා.

වටරවුමෙන් වේදිකාවේ රවුමක් යන ගුරුවරයා

* අරමුණ

කලාවට සම්බන්ධ වීමේදී මගේ එකම අරමුණ වුණේ නාට්‍ය කලාවේ යෙදෙන එක පමණයි. ඒක පොඩිකාලේ ඉඳන් තිබුණ ආසාවක්. මගේ උපාධියත් නාට්‍ය හා රංග කලාවට සම්බන්ධයි.

* වෘත්තිය

අද වන විට මම වෘත්තියෙන් නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක්. මුලින් කන්තලේ ගංතලාව මහා විද්‍යාලයට පත්වීම ලැබුණෙ. අද හොරණ විද්‍යාරතන විද්‍යායතන පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු කරනවා. ලංකාවේ කලාව කියන ක්‍ෂේත‍්‍රය ආදායම් මාර්ගයක් කරගන්න බැහැ. මොකද අපේ රටේ සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක කලාව වෙනුවෙන් ලොකු සංස්කෘතියක් හැදිල තිබුණෙ නැහැ. වේදිකාව මුදල් උපයන මාර්ගයක් වුණෙත් නැහැ. ඒ නිසා එදා වේදිකාව වෘත්තියක් කරගන්නවා කියන තැනට මට එන්න පුළුවන් වුණේ නැහැ.

* කාර්යභාරය

වේදිකාවේදී ප‍්‍රධාන වශයෙන් මගේ කාර්යභාරය වෙන්නෙ රචනය” අධ්‍යක්‍ෂණය සහ රංගනය. අනෙක් දේවල්වලදි ඒ ඒ අංශවලට සුදුසු අයගේ සහයෝගය ලබාගන්නවා.

* සම්මාන ලබයි

2011 වසරේදී ‘චූටි බබා ලොකු ළමයෙක්. වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්‍ෂණය කරමින් මම ළමා නාට්‍ය කලාවට පිවිසෙනව. මේ නාට්‍ය ඒ වසරේ ළමා නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය” හොඳම රචනය සහ හොඳම නළුවා යන සම්මාන ඇතුළු සම්මාන පහක් දිනාගන්නවා. 2012 වසරේදී ‘කම්මැලියා පැනල ගියා.” ‘මමයි මමයි හරි යාළුයි.” 2013 වසරේදී පාට තුනයි එකම මලයි.” 2015 වසරේදී ‘ඇහැල මලයි පිට්ටනියයි. සහ ‘වැට අද්දර වේදිකාව (මේ නාට්‍ය දෙකම 2015 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය බවට පත්වෙනවා.*” 2018 වසරේදී ‘සෙල්ලමක්ද මාත් එක්ක. සහ ‘මං ආසයි ගෙදර යන්න. යන නාට්‍ය මගේ අතින් බිහිවෙනව. වසංගත තත්ත්වය නිසා 2020 2021 වසරවල නාට්‍ය කරන්න

අවස්ථාව නැති වුණත් මේ වසරේදී ළමා නාට්‍ය උළෙලට ‘අද හවසට සීයා ගෙදර එයි. නාට්‍ය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. මේ හැම නාට්‍යයකම රචනය සහ අධ්‍යක්‍ෂණය සිදු වුණේ මගේ අතින්මයි.

* වේදිකාවේ අනාගතය

අද වන විට අපේ වේදිකාව ඇත්තටම සතුටුදායක මට්ටමක තියෙනවා. ඉතාමත් දක්‍ෂ නිර්මාණකරුවන් ඉන්නවා. තරුණ නළු නිළියන් ඉන්නවා. මොවුන් අපේ වේදිකාවේ අනාගතය භාරගන්න ඉන්න අය. මේ අයට අවශ්‍ය පහසුකම් ලබාදීලා නිදහස ලබාදුන්නොත් නාට්‍ය කලාවේ අනාගතය සුබවාදී වේවි. එහෙම නොවුණොත් ජීවන අරගලයට මුහුණ දීලා ඔවුන් තුළ ඉන්න කලාකරුවා මිය යාවි.

* පේ‍්‍රක්‍ෂකයා සහ රසවින්දනය

අද වන විට අපේ රටේ පේ‍්‍රක්‍ෂකයාගේ

රසවින්දනයේ යම් ගැටලූවක් තියෙනවා නම් ඒක පවතින අධ්‍යාපන ක‍්‍රමයේ සහ සංස්කෘතියේ අඩුපාඩුවක්. පොඩි දරුවකුට තමන්ගේ සතුට ප‍්‍රකාශ කරන්න පුළුවන් අත්පුඩියත් ගුරුතුමියට ඕනෑ හැටියට ගහන්න සිදු වෙලා. මේ කොටුකිරීම තුළ බිහිවන පේ‍්‍රක්‍ෂකයා උසස් නිර්මාණ සිදුකළත් රසවින්දනයක් ලබන්න බැරිතරමට අසාර්ථක වෙනවා.

ගුරුවරයෙක් වශයෙන් මම මටම චෝදනා කරගන්න පුළුවන්. මොකද 6 සිට 11 ශ්‍රේණි දක්වා අපිට අනුමත කළ නාට්‍ය පිටපත් තියෙනවා. ඒවා වේදිකා ගත කරන්න අවසර නැහැ. නමුත් දෙබස් රංගනයක් කරන්න පුළුවන්. ඒ වුණත් අපි කරන්නෙ කෙටි ක‍්‍රම හරහා දරුවන්ට ලියාගන්න යමක් උගන්වන එක විතරයි. අධ්‍යාපන ක‍්‍රමයේ තිබෙන මේ මහා අවුල අද සමාජයෙන් අපිට පේනවා.

* අඩුපාඩු

සමහර වෙලාවට අපිට ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් හොයන්න බැරිවෙයි. මූල්‍ය පහසුකම්” වේදිකා පහසුකම් හොයන්න බැරිවෙයි. නමුත් අපිට විකල්ප කියන දේ හොයාගන්න පුළුවන්. සමහර පාසල් දරුවන් ටවර් හෝල් වේදිකාවට ගොඩ වුණාම නාට්‍ය ගැන මතකය අමතක කරල වේදිකාවේ සිරි නරඹනව. ඒ කොළඹ පහසුකම් ගම්බද දරුවන්ට දකින්න නැති නිසා. නමුත් අඩුපාඩු වලට වඩා තියෙන ලොකුම අඩුපාඩුව උවමනාව කියන දේ. මගේ අත්දැකීමේ හැටියට දරුවො රඟපාන්න හරිම ආසයි. ඒක මහා පුදුම ශක්තියක්. ඒක අපිව මෙහෙයවනවා. ඒක ප‍්‍රායෝගික නිර්මාණයක් බවට පත්කරන්න පුළුවන් පුද්ගලයෙක් ඕනා. බොහෝ තැන්වල ගුරුවරයෙක් ඉන්නවා. නමුත් විදුහල්පතිතුමා අවසර දෙන්නෙ නැහැ. මේ අඩුපාඩු හදාගන්න පුළුවන් නම් ඇත්තටම අනෙක් භෞතික අඩුපාඩු අපිට දැනෙන එකක් නැහැ.

* නිසි තැන

බොහෝ අවස්ථාවල නාට්‍ය හා රංග කලාව උපාධිධාරීන් රෝහල් සේවකයන් ලෙස වෘත්තියේ යෙදිලා. මෙහෙම වෙන්න නම් ඇයි ඇයි ඔවුන්ට උපාධිය දුන්නෙ. මේ විදිහට නිසි පුද්ගලයාට නිසි තැන නොලැබෙද්දි බොහෝ දුරබැහැර පාසල්වල දුවා දරුවො තමන්ට ගුරුවරයෙක් ලැබෙන තුරු මග බලාගෙන ඉන්නවා."

කර්තෘ අයිතිය මහේෂ් එදිරිසිංහ සතු ය.

උපුටා ගැනීම :
2022.01.16 දිවයින ඉරිදා සංග්‍රහඅතිරේකය - මීවිත

ලිපි සබැඳිය:
https://divaina.lk/%e0%b7%80%e0%b6%a7%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b6%9a/

20/07/2022

ladies only mini serious official trailer.

මේ ඉන්නේ කුසල් මධුරංග . ඔයාල අපි හැමෝම දන්න පාර දිගේ නාට්‍යයේ එන banda. කුසල් මධුරංග  හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨ...
12/03/2022

මේ ඉන්නේ කුසල් මධුරංග . ඔයාල අපි හැමෝම දන්න පාර දිගේ නාට්‍යයේ එන banda. කුසල් මධුරංග හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ දීප්තිමත් ආදි ශිෂ්‍ය වරයෙක් වෙනවා.

දැඩි කැපවීමකින් , දැඩි අධිෂ්ඨානයෙන් සහ දුක් මහන්සියෙන් පාසල් වේදිකාව ජයගත් කුසල් වර්තමානය වන විට රූපවාහිනී ටෙලි නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් බවට පත්කරමින් විශිෂ්ට රංගනයක නිරත වෙමින් සිටිනවා .

ඒ නිසාම රයිගම් ටෙලීස් කුසල් මධුරංග ව ජනප්‍රිය නළුවාට යෝජනා කර තිබෙනවා.

පාර දිගේ බණ්ඩාගේ චරිතයට ආදරය කරන අපි හැමෝටම අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ සඳහා දායක වන්න .

කුසල් මධුරංග ජනප්‍රිය නළුවා බවට පත්කිරීමට ඔයාලා හැමෝගෙම සහයෝගය ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ස්තූතියි! 🙏🏼

ආයුබෝවේවා! ගුරුතුමනි ගරු 🙏
23/12/2021

ආයුබෝවේවා! ගුරුතුමනි ගරු 🙏

08/09/2021
විද්‍යාරත්න විදුබිමට කීර්තියක් එක් කරන සොඳුරු තරුවක්.තෙරුවන් සරණයි!
29/08/2021

විද්‍යාරත්න විදුබිමට කීර්තියක් එක් කරන සොඳුරු තරුවක්.
තෙරුවන් සරණයි!

Address

Horana
12400

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Telephone

0342261268

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyarathna University College Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category