05/01/2024
Geography ඉස්කෝලේ
හිතුවක්කාරයන්ගේ Geography ඉස්කෝලේ
05/01/2024
24/12/2023
පෘථිවියේ ජීවයේ සාරය සහ පදනම පසයි. පස නොමැතිව ජීවයක් පැවතිය නොහැක.
පස යනු කුමක්ද?
පස යනු ඛනිජ ලවණ, ජලය, වාතය, කාබනික ද්‍රව්‍ය සහ දිරාපත් වන ජීවීන්ගේ සංකීර්ණ මිශ්‍රණයකි. එය ශාක වල ජීවයට සහය වන පෘථිවියේ ආසන්න පෘෂ්ඨයයි.
පස, වසර බිලියන ගණනක වෙනස්කම් දැක ඇති ද්‍රව්‍යකි. එය පාරිසරික වෙනස්කම්, ව්‍යසන සහ උෂ්ණත්ව බලපෑම් වලට ලක්ව ඇත.
පස සෑදෙන්නේ කෙසේද?
පස සෑදීම දිගු හා මන්දගාමී ක්‍රියාවලියකි. පස නිරන්තරයෙන් ඛාදනය වී සෑදී ඇත. පස් සෑදීමට වසර 500 සිට 1000 දක්වා ගත වන බව සාමාන්‍ය විද්‍යාඥ මතයයි. භූ විද්‍යාව, භූ විෂමතාව, ජීව විද්‍යාව, දේශගුණය සහ කාලය පස සෑදීමට උපකාර වන ප්‍රධාන සාධක වේ. තවදුරටත් කුඩා කුණු කැබලිවලට කැඩී බිඳී යන තුරු ගල් පස් බවට පත් නොවේ.
වසර දහස් ගණනක් පුරා බොහෝ ගල් සහිත මතුපිටවල්, කාලගුණය, සුළඟ, වර්ෂාව, භූමිකම්පා, ගිනිකඳු වැනි බලවේගවලින් කැඩී කුණු ගොඩවල් ලෙස තැන්පත් වී වැලි, රොන් මඩ හෝ මැටි බවට පත්ව ඇත.
සාරවත්, ගැඹුරු පස් ඇති පැරණි පෘෂ්ඨ හා සසඳන විට අලුතින් නිරාවරණය වන පෘෂ්ඨයක් තුළ පසෙහි සාරවත් බව ඉතා අඩුය.
පසෙහි ජීව විද්‍යා කොටස පැමිණෙන්නේ ලයිකන නම් ඇල්ගී සහ දිලීර මේ කුණු කොටස් මත තැන්පත් වීමට පටන් ගත් විටය. ඇල්ගී හිරු එළිය ග්‍රහණය කර එය සීනි සහ ඔක්සිජන් බවට පත් කරයි. ලයිකන තවදුරටත් අම්ල සෑදීම සමඟ පාෂාණ බිඳ දමයි. පසෙහි ශාක වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ජලය ගබඩා කිරීමට ඔවුන් ක්‍රියා කරයි. පසුකාලීනව සර්පයන්, පස් පණුවන්, කුහුඹුවන් වැනි සතුන් පස හාරා දිරාපත් වන ආකාරයෙන් පෝෂ්‍ය පදාර්ථ ලබා දෙයි. ඔවුන් පස පොහොසත් කරයි.
පස සෑදීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ දේශගුණයයි. උෂ්ණත්වය උණුසුම් වන අතර ජල අන්තර්ගතය ඉහළ මට්ටමක පවතින විට පස සෑදීම වේගවත් වේ. උෂ්ණත්වය අඩු සහ වර්ෂාපතනය අඩු නම්, පස සෑදීම මන්දගාමී වේ. මේ අනුව, උණුසුම් හා තෙතමනය සහිත ප්‍රදේශ වල සාරවත් පසක් ඇත.
Geography ඉස්කෝලේ..
24/12/2023
පාංශු සංරක්ෂණය
පස ප්‍රධාන ස්වභාවික සම්පත්වලින් එකකි. එය මත පිහිටා තිබෙන ශාක ගහණය නිසා එම පස හොඳින් සංරක්‍ෂණය වී පවතී. නමුත් මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ඉඩම් භාවිතයේදී එම ඉඩම්වල ස්වභාවික ශාක ප‍්‍රජාව ඉවත් කරයි. කෘෂිකාර්මික කටයුතු සඳහා ශාක ප‍්‍රජාව ඉවත් කිරීම මෙයින් ප‍්‍රධාන තැනක් ගනී. ශාක ප‍්‍රජාව ඉවත් කිරීමෙන් පසුව පස බුරුල් කරගනී. බිම හෑරීමෙන් අනතුරුව බෝග සංස්ථාපනය කරයි. මෙලෙස සංස්ථාපනය කළ බෝගවලට පොහොර හා වෙනත් රසායනික ද්‍රව්‍ය යෙදීම, ජල සම්පාදනය, කාබනික පොහොර යෙදීම යනාදියද සිදුකරයි. එයට අමතරව ස්වභාවික දිය කඩුළු සකස්කර බැමි බැඳීම හා භූගත ජලය වගා ඉඩම්වලට යෙදීම ආදිය ද කෘෂිකාර්මික කටයුතුවලදී සිදුකරයි.
මෙවැනි ක‍්‍රියා බොහෝ අවස්ථාවලදී පස පිරිහීයාමට හේතුකාරක වේ. ශ‍්‍රි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වල පස පිරිහියාම ප‍්‍රධාන ආකාර කිහිපයකින් සිදුවේ.පාංශු ඛාදනය, පසේ සරු බව හීන වීම, ලවණතාවය ඇතිවීම, පස ආම්ලික වීම ආදිය පිරිහියාමේ ප‍්‍රධාන කාර්යාවලි වේ. ශ‍්‍රි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් 50% පමණ පාංශු ඛාදනය දක්නට ලැබෙන අතර එය ප‍්‍රධානතම පාංශු හායන ක‍්‍රියාවලිය ලෙස හැඳින්වේ. මෙලෙස පස ඉවත් වීම නිසා වගා ඉඩම්වල මෙන්ම පරිබාහිර ඉඩම්වලද ගැටළු මතුවේ. සරුපස ඉවත්වීම, පසේ පෝෂක හා ජලය රඳා ගැනීමේ හැකියාව අඩුවීම, අඩු ඵලදායිතාවයකින් යුත් යටි පසේ භෝග වගාව හා පසේ ආම්ලිකතාවය වැඩිවීම යනාදිය වගා ඉඩම්වල දක්නට ලැබෙන ගැටළු වේ.
මේ නිසා පාංශු ඛාදනයට ලක්වන ඉඩම්වල භෝග ඵලදායිතාවය හීනවන අතර වගාව ආර්ථික නොවන මට්ටමක පවතී. එලෙසම ඛාදනයෙන් ඉවත් වන පස්, රොන් මඩ ලෙස ජලාශවල තැන්පත් වීම එම ජලාශවල ජලය ගබඩා කිරීමේ ධාරිතාවය අඩුකරයි. එලෙසම රොන්මඩ නිසා ජලයේ ගුණාත්මය හීනවේ.මීට අමතරව පාංශු ඛාදනයේ අතුරුඵල ලෙස ගංවතුර ඇතිවීම, නායයෑම බහුල වීම, ගංගා ඉවුරු කඩාගෙන යාම, වාරිමාර්ග ඇළවල් අවහිර වීම හා නියඟය ආදිය ප‍්‍රධාන තැනක් ගනී. පාංශු ඛාදනය ශ‍්‍රි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වල දක්නට ලැබෙන ප‍්‍රධාන ක‍්‍රියාවලිය බැවින් පාංශු ඛාදනය අවම කිරීමේ හෝ පාලනය කිරීම පාංශු සංරක්‍ෂණය ලෙස හැඳින්වේ.
මෙම සංග‍්‍රහයේදී පාංශු ඛාදන ආකාර, පාංශු සංරක්‍ෂණ ක‍්‍රම, පාංශු සංරක්‍ෂණය කිරීම සඳහා භාවිතාකරන උපකරණ, පාංශු සංරක්‍ෂණයට නීතිමය ආවරණයක් සැලසීම සඳහා ඇති පාංශු සංරක්‍ෂණ පනත, එම පනත බලපවත්වන ප‍්‍රදේශ, පාංශු සංරක්‍ෂණය හා අදාල විස්තර ඇතුලත් තාක්‍ෂණික ලිපි යනාදිය පිළිබඳව මනා විස්තරයක් ඉදිරිපත් කරයි.
Geography ඉස්කෝලේ.
24/12/2023
යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි
බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...
සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.
දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.
බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති.
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.
“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.
ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.
මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ.
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.
මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.
වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.
වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”
ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.
මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.
තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.
“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”
පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි.
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.
“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.
ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ.
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ.
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.
" හිමාලය " කදු වැටිය ගැන ඔබ නොවැසු කතාවක් .
අප කවුරුත් දන්නා පරිදි හිමාලයා කඳු වැටිය ලොව උසම කඳු පේළියයි. මේ මහ කඳු යාය, භූතානය, නේපාලය, ඉන්දියාව, ටිබෙටය, චීනය, පකිස්තානය හා ඇෆ්ගනිස්තානය හරහා නැගෙනහිර සිට බටහිරට සැතපුම් 1500 ක දුරක් විහිදේ. එහි උසම කඳු මුදුන වන එවරස්ට් අඩි 29,035 ක් ( සැතපුම් පහාමාරක් පමණ) උසය. පෘථිවිය මත ඇති උසම කන්ද එයයි. හිමාලයා කඳු යායේ ඉහළම කන්ද එය වූවත් එම කඳු වැටියේ හිමෙන් වැසුණු තවත් උස් කඳු මුදුන් ගණනාවකි. ඒවා බොහොමයක් උසින් අඩි 25,000 ට වැඩිය. ඉතින් මේ කඳු යායට ‘ලොව පියැසි මුදුන’ (rooftop of the world) යන නම පටබැඳීම අරුමයක් යැ? එහෙත් අරුමය වන්නේ මේ සා උස කඳු යායක් හට ගත්තේ කෙසේද යන්නයි.
හැප්පීම !
ඔව්, හැප්පීමකින් තමයි මේ සා දැවැන්ත කන්දක් නිර්මාණය වුණේ, අති විශාල ඝට්ටනයකින්. කඳු හැප්පෙන්නේ හෝ ගැටෙන්නේ කෙසේ දැයි එකවර සිතට නැගෙන්න පුළුවනි. අපි සොයා බලමු. මේ මෙගා-ඝට්ටනය ඇති වුණේ පෘථිවියේ පිටත ස්තරයේ තැටි ලෙස හැඳින්වෙන අති යෝධ තට්ටු දෙකක හැප්පීමෙනි. ( භූ තැටි, මහද්වීපිික ක‍්‍රියාකාරිත්වය ගැන තතු ලිපිවල වරින්වර සඳහන් වුණා. තතු තෝම්බුව හෙවත් පසුගිය මාස වල ලිපි එකතුව විමසා බැලීමෙන් වැඩි විස්තර දැන ගත හැකියි. ) පෘථිවියේ භූ තැටි මහද්වීප දරාගෙන සෙමින් චලනය වෙද්දී තුන් ආකාරයක ප‍්‍රතිඵල ඇතිවෙනවා. පෘථිවියේ පෘෂ්ඨීය (මතුපිට) කොටස් නිරතුරුව චලනය වෙමින්, හැඩයෙන් වෙනස් වෙමින් පවතී. පෘථිවියේ පිටත ස්තරය ශිලා ගෝලීය තැටි නම් වක‍්‍රාකාර කැබැලිවලට බෙදී තිබෙනවා. හරියට පාපන්දුවක කළු සුදු කොටස් වගෙයි. මේ ආකාරයේ ප‍්‍රධාන තැටි හයක් ඇති අතර ඒවා නිරතුරුව චලනය වෙමින් පවතී. ඉතින් මෙම තැටි චලනය වීමේදී එකිනෙකට ඇතිල්ලීමට පටන් ගනී. එසේත් නොමැති නම්, එකිනෙකින් ඈත්වෙයි. තවත් සමහර අවස්ථාවල මේ තැටි දුම්රිය හෝ වෙනත් වාහන දෙකක් එකිනෙකට මුහුණලා හැප්පෙන කලෙක මෙන් තදින් හැප්පී එකක් අනික මත ඉහළට එසවෙයි. කඳු නිර්මාණය වන්නේ එලෙසිනි. අන්න එවැනි මහා ඝට්ටනයකින් හෙවත් හැප්පීමකින් තමයි හිමාලය අහසට එසවුණේ. හිමාලයා කඳු වැටියේ මේ ක‍්‍රියාදාමය ආරම්භ වන්නේ අද ඊයේ නොවෙයි. මීට වසර මිලියන 40 කට පෙර ඉන්දියාව ක‍්‍රමයෙන් ආසියාව තුළට ඇතුල් වෙද්දීයි. මේ තල්ලූ වීම තවමත් සිදුවන අතර හිමාලයා එන්න එන්නම උස් වෙනවා. මෙය කොපමණ වේගයෙන් සිදුවෙනවා ද කියා බැලීමට විද්‍යාඥයෝ ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතියක (Global Positioning System – GPS) උපකරණ එවරස්ට් කඳු මුදුන ආසන්නයේ සවි කළ අතර ඉන් අනාවරණය වූයේ කන්ද සෑම වසරකටම අඟල් 0.1576 කින් උස් වෙන බවයි. මෙය විශාල ප‍්‍රමාණයක් නොවූවත් වසරක් පාසා වසර මිලියන 40 ක් තිස්සේ සිදු වන විට නම් සුළු පටු නොවේ, එහෙම නේද? ඇත්තටම අද එවරස්ට් කූටයේ ඇති පාෂාණ හට ගත්තේ සාගර පත්ලෙයි. ලෝකයේ වඩාත්ම උසින් ඇති මේ පාෂාණ අතර ආදී කාලීන මුහුදු සතුන්ගේ ෆොසිලත් පවතිනවා.
අහසේ වාසේ
ඝට්ටනයෙන් (හැප්පීමෙන්) හිමාල කන්දෙහි උප කඳුවැටි තුනක් නිර්මාණය වී තිබෙනවා. එම කඳු වැටි හරියට දැවැන්ත පඩිපෙලක් වගෙයි. උසෙන් අඩුම කª වැටිය තමයි දකුණට ම වෙන්න තිබෙන්නේ. තැනිතලා මත සිට අඩි 4,500 ක් පමණ ඒවා උඩට මතුවෙනවා. ශිවාලිත් කඳු හෙවත් පිටත හිමාලය ලෙස හැඳින්වෙන්නේ මේවා යි. අනෙක් වැටි දෙක හා සසඳද්දී ශිවාලිත් සෞම්‍යයයි. ඊළඟට ඇත්තේ ‘චූල’ (කුඩා) හිමාලයයි. ශිවාලිත් කඳු වැටියට උතුරින් පිහිටා ඇති මෙහි උස අඩි 9,000 ක් පමණ වෙනවා. සැතපුම් 50 ක් පුරා පැතිර පවත්නා එය ගැඹුරු නිම්න, ප‍්‍රපාත හා දොරුවලින් යුක්තයි.
අප බොහෝ දෙනෙකු හිමාලයා වශයෙන් හඳුන්වන්නේ උතුරටම ඇති කඳුයාය වන ‘මහා’ හිමාලය යි. එය විෂමතා ගහණ ලොවක්. කඳු උස අඩි 12,000 පසු කරද්දී දේශගුණය ගස් වැඞීමට යෝග්‍ය නොවන අයුරින් සීතල වෙයි. තවත් ඉහළට යද්දී දකින්නට ලැබෙන්නේ එක යායට හිම හා අයිස්වලින් වැසී පවතින කඳු මුදුනය. පෘථිවියේ ධ‍්‍රැව ප‍්‍රදේශවලින් පිටත වැඩිම අයිස් ප‍්‍රමාණයක් ඇත්තේ මහා හිමාලයෙහි තමයි. ‘හිමාලය’ යන සංස්කෘත වචනයෙහි තේරුමත් ‘හිම පියස’ නැතිනම් ‘හිම නිවස’ යන්න යි.
මහ කන්දේ මහනිසංශ
හිමාලය කොපමණ නම් විශාල ද කියතහොත්, එහි බලපෑම තරංගයක් සේ සැතපුම් දහස් ගණන් ඈතට දිවෙනවා. වඩාත් ම වැදගත් වෙන්නේ, හිමාලයා කඳු තමයි ජල ප‍්‍රභවය. උදාහරණයක් කියතහොත් හිමාලයා කඳු වැටියෙන් සැතපුම් දහසකට ආසන්නයේ පිහිටි පකිස්තානයේ ඉන්දු ගෙඟහි එරට ළමයි ජල ක‍්‍රීඩා කරති. ආසියාවේ ප‍්‍රධානතම ගංඟා පද්ධති තුනක් – ඉන්දු නදිය, යැංසි නදිය හා ගංඟා බ‍්‍රහ්ම පුත‍්‍ර නදිය ප‍්‍රභවය ලබන්නේ හිමාලයෙන්. හිමාලයේ කඳු මුදුන්වලින් හිම හා අයිස් දිය වී ලැබෙන ජලය මත බිලියන දෙකක පමණ ජනතාවගේ පැවැත්ම රඳා පවතියි.
එපමණක් නොවෙයි, කලාපයේ දේශගුණය හැඩගැස්වීමට ද හිමාලය ප‍්‍රබලව දායක වෙයි. හිමාලයා කඳු මගින් වලාකුළු අවහිර කරනවා. ඔව් ! කඳු වැටියේ දකුණට වෙන්න, ඉන්දියානු සාගරයේ සිට එන තෙත් සුළඟ උතුර බලා ගමන් කරනවා. වලාකුළු හිමාල කඳු වැටියේ ගෑවෙන විට ඒවා ඉහළ ගොස් සීතල වෙනවා. සීතල වාතයට වැඩිපුර තෙතමනය රඳවා ගන්න බැහැ. එවිට වැසි ඇතිවේ. ඔව්, ධාරානිපාත වැසි ඇතිවේ. තෙතමනය සහිත සුළං කඳු වැටියෙන් ඔබ්බට යන්නේ ඉතාමත් මද වශයෙනි.
හිමාලය හරහා වළාකලූ වලට ගමන් කළ නොහැකි නම් හිමාලය හරහා මිනිසුන් යාම ගැන කුමන කතා ද? එය කිසිසේත් ම පහසු කාර්යක් නොවෙයි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ වානිජ ප‍්‍රජාව කලාපයේ ප‍්‍රපාත, ගිරි හෙල් පිරි අන්තරායකාරී මං තරණය කරති. ඔවුහු ටිබෙටයට තේ ද, භූතානයට සේද රෙදි ද, නේපාලයට ලූණු ද රැුගෙන ගියහ. එඬෙරන් ලොම් පිරි යැක් එළුවන් දක්කා ගෙන ගියේ ද මේ මං වලමය. මේ අතිශය දුෂ්කර ගමන යද්දී අතරමග ගිමන් හරින අතරතුර තැන තැන ඉදිකර තිබූ ස්ථූප වන්දනාමාන කිරීමට අමතක නොකළේ බාහිර බලවේගවල පිහිට පතමිනි. වර්තමානයේ නම් මහා මාර්ග ඔව්, දුම්රිය මාර්ග පවා ඇතැම් දුර්ග පසු කරමින් ඉදිවී තිබේ. ලොව ඉහළින් ම ගමන් කරන ක්විංෂායි – ටිබෙට දුම්රිය අඩි 16,600 ක් උඩින් ගමන් කරයි. එහෙත් ඇතැම් මාර්ග මීට වසර 500 කට පෙර තිබූ මට්ටමින් ම දුෂ්කර ය. අභියෝග ඉමහත් වූවත් විශාල ජනතාවක් හිමාලයේ වසති. නේපාලයේ කත්මන්ඩු, ඉන්දියාවේ ලඩාත්, ටිබෙටයේ ලාසා නිම්න හෝ සානුවල පිිහිටා ඇත. අඩි 15,000 කටත් වඩා උස් ස්ථානවල කුඩා ගම් විසිරී පවතී. ඇතැම් තැනක අන්තර්ජාල පහසුකම් පවා ඇතත් මේ උස්බිම් වාසීන් බොහොමයෙකුගේ ජීවිතය පහසුකමින් අඩු දුෂ්කර එකකි. කාලගූණය අතිශය සීතලය. තවත් විටෙක මොවුනගේ වගා බිම් හා නිවෙස් යට කරගෙන, වසාගෙන ජල ධාරා ගලා බසියි. හිමාලය ජීවත්වීමට පහසු තැනක් නොවෙයි. වාරිකා කිරීම පවා අසීරුය. එහෙත් මිහිමත ඇති උසම මහ කඳුයායේ, හිමාලයේ ආකර්ෂණයෙහි නම් කවදත් අඩුවක් නොවේ.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Horana