Sripalee College

Sripalee College Government School

22/08/2022

2022 රයිගම් පස්දුන් හටන
පලමු ඉනිම ජය්‍රහණය කල අප විද්‍යාලයීය කන්ඩායමට උනුසුම් සුබපැතුම්

16/10/2020

විදුමව් සොයා පැමිණි පියාණන්

දවසක්දා පාසලට අලුතින් පැමිණෙනවා විදුහල්පතිකෙනෙක්. උපාසන මස්තකයට පැමිණ කතාව ආරම්භ කරනවා.
මගේ දරුවනි අද පටන් මමයි ඔබලාගේ තාත්තා........ මේ වැකිය කෙනෙක්ට මතකටය නැඟුණනම් ඒ ඔබත් ඔහුගේ පුතෙක් හෝ දුවෙක් වී සිටි නිසයි..
මෙය ඔහු කියූ විට ලමයි ඔබට සිනාසුනා මතකයි. මමත් සිනාසුනා එදා. නමුත් ඔහු, මදක් නිශ්ශබ්ද විය. පසුව මේ සියල්ලෝම ඔබේ මව්වරු , පියවරු ... ගුරුමණ්ඩලය දෙසට අත දිගු කරමින් ඔහු කිවේය. නමුත් මමයි අද පටන් ඔබලාගේ පියා වන්නේ උදේ පැය කීපයට. ....................
ඔහු කතාව දිගටම කිවේය.....................
අවසානය , ඔහු කතාව අවසන් කිරීමට පෙර ඉල්ලීමක් කරා.
මා මෙම පාසලට අලුත්. ඉතා දිගු සංස්කෘතියකට ඔබේ පාසල උරුමකම් කියනවා. ඉල්ලීම මෙයයි. ඔබ අද මෙම පාසලේ නිදහස් අධ්‍යාපනය භුක්ති විදින්නේ විල්මට් ඒ පෙරේරා මැතිඳුන් නිසයි. එමනිසා සියලුම ලමයි පාසල් භූමියයට පා තබද්දි පිළිරුවට නමස්කාර කර පැමිණෙන්න. එයයි ඉල්ලීම....................
අවසානය - ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.. ලමයි අත්පොලසන් දුන්නා... සර් ආයෙත් කතාව ආරම්භ කරා... නෑ නෑ මගෙ දරුවනි. අදින් පසුව අත්පොලසන් එපා. තෙරුවන් සරණයි කියන්න....

😌 එදා එම කතාවෙන්ම ලමා සිත් දිනා ගත් විදුහල්පති නමින් ඔහු , විල්ප්‍රඩ් වීරසිංහ පියාණන්...

අරාජික කාල වකවානුවක් පෙනි පෙනි සිටි විදු මෑණියන් ඉහළටම ඔසවා තබන්න ඔබ කල මෙහෙවර අනන්තයි අප්‍රමාණයි.

1 ත් විනය
2 ත් විනය
3 ත් විනය

ඒ ඔහුගේ මතයයි. විනයෙන් පරිපූර්ණ සිසුන් අන් සියල්ලන්ගෙන්ද ඉදියෙන් සිටින බව ඔහු තදින් විශ්වාස කලේය.

විනය, අධ්‍යාපනය, සංස්කෘතිය, යන සෑම අතින්ම දරුවන් ඉදියෙන් ඉන්නවා දකින්න ඔබතුමා කටයුතු කලා.
පාසල හොඳ තත්ත්වයකට ගෙනෙන්න අපරමිත උත්සාහයක් ගත් මෑත කාලයේ නියමුවාණන් ? විශ්‍රාම ගියා.

අපට අමතක නෑ පියාණනි ඔබව.
සැමදා ඔබව සිහිකරමි.

කාලක් තිබ්බා ශ්‍රීපාලි මෑණියන් ස්වර්ණමය ලෙස වැජඹුණු. මාගේ මතයනම් ඒ ඔබ යටතේ අප හැඳී වැඩුණු කාලයයි.

වරදක් දුටු විගස තරවටු කරන්නැති, බැන වදින්නට ඇති... නමුත් කිසිදා ඔබතුමන් හා නැත අපට වෛරයක්. ඒ අපව යහමඟට ගැනීමට කල උත්සාහයක් බව අප එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් හොඳින්ම සිහි තබා ගන්නා කාරණයකි.

ඔබේ සේවය මෙතක් යැයි කිව නොහැක. නමුත්, ඔබේ නාමය අප හදවත්හි රැදවූ වදන් කිහිපයක් මෙලෙස කෙටියෙන් දැක්වූවෙමු.

Respect Sir... 👌

13/05/2015

Address

Horana

Alerts

Be the first to know and let us send you an email when Sripalee College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category