Sripalee College - Horana

Sripalee College - Horana Welcome to Sripalee College - Horana Official page! Excited to have you here! Explore Sripalee College.

Join us for:
📅 School Events
📢 Important Updates
🤝 Community Connections

📸 Tag us in your school moments!

ලොව දිනන දා ඔබ යනෙන මග මල් පියලි අතුරා ඔබ ළඟ ම ඉන්නම්....හොඳම දේ දරුවන්ටයි.2026 ජාත්‍යන්තර ළමා දින සැමරුම අති උත්කර්ෂවත්...
02/10/2026

ලොව දිනන දා
ඔබ යනෙන මග
මල් පියලි අතුරා
ඔබ ළඟ ම
ඉන්නම්....
හොඳම දේ
දරුවන්ටයි.

2026 ජාත්‍යන්තර ළමා දින සැමරුම අති උත්කර්ෂවත් ලෙස මෙවරත් කපුකුළ තුසිතයේ ශ්‍රීපාලි විදුබිමේ දී 2026-10-01 දින පැවති අතර විද්‍යාලයීය ආදරණීය ගුරු දෙමාපියන්ගේ රැගුම් ගැයුම් වැයුම් මැද දරුවන්ගේ සතුට වෙනුවෙන් විද්‍යාලාධිපතිනි අනූෂා දමයන්ති මැතිනියගේ උපදෙස් මත මෙම වැඩසටහන පවත්වන ලදී.

02/10/2026
නොනැවතී අරමුණට The A/L supportive programe2026.09.25 වන දින විද්‍යාලයීය 12/13 ශ්‍රේණි වල සිසුන් ඉලක්ක කරගනිමින් උසස් පෙළ...
01/10/2026

නොනැවතී අරමුණට
The A/L supportive programe

2026.09.25 වන දින විද්‍යාලයීය 12/13 ශ්‍රේණි වල සිසුන් ඉලක්ක කරගනිමින් උසස් පෙළින් ඉහළම ජයක් ලබා ගැනීමට මග පෙන්වීම උදෙසා ශිෂ්‍ය නායක සංසදය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන ප්‍රවීණ දේශක සුගීශ්වර සිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය රංගශාලාවේදී පවත්වන ලදී.

තමන් ගැන දැනගෙන, තමන්ව රැකගෙන,පුංචි හිතට ලොකු අවබෝධයක් දුන් දවසක්....... දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැඩ...
01/10/2026

තමන් ගැන දැනගෙන,
තමන්ව රැකගෙන,
පුංචි හිතට
ලොකු අවබෝධයක් දුන් දවසක්.......

දරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන, 2026/09/23 වන දින හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයේ වෛද්‍ය ලලන්ති ජයසේකර හා මිතුරු පියස උපදේශන මධ්‍යස්ථානයේ වෛද්‍ය කාන්ති රාජපක්ෂගේ මෙහෙයවීමෙන් හා ශ්‍රීපාලි විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවේ මූලිකත්වයෙන් ශ්‍රීපාලි රංග ශාලාවේ දී පැවැත්විණි.

සුරක්ෂිත පාසල් පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් ශිෂ්‍ය නායක සංසදය විසින්   8/9 ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ ...
01/10/2026

සුරක්ෂිත පාසල් පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් ශිෂ්‍ය නායක සංසදය විසින් 8/9 ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ "නොමග නොයමු - නිසි මග යමු" මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනරුත්ථාපන උපදේශක ටී.ඕ රුවන් පීරිස් නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2026.09.25 වන දින විද්‍යාලයීය රංගශාලාවේ දී පැවැත්විණ.

🏵️53 වසරක බෝසත් පුරාවෘත්තයක මතකානුස්මරණය සිදුකරමින්  විල්මට් ඒ පෙරේරා ශ්‍රීමතාණන්  සිහිපත් කරමින් සිදුකරන ලද වාර්ෂික ගුණ...
25/09/2026

🏵️53 වසරක බෝසත් පුරාවෘත්තයක මතකානුස්මරණය සිදුකරමින් විල්මට් ඒ පෙරේරා ශ්‍රීමතාණන් සිහිපත් කරමින් සිදුකරන ලද වාර්ෂික ගුණානුස්මරණ දානමය පිංකම 2026-09-22 වන දින පවත්වන ලද අතර
ඒ සඳහා විදුහල්පති තුමිය ප්‍රමුඛ අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය ආදි ශිෂ්‍ය සංගමය පාසල් සංවර්ධන සමිතිය හා වත්මන් සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්න ලදි.

Address

Sripalee College
Horana
12400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94778311091

Alerts

Be the first to know and let us send you an email when Sripalee College - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category