27/03/2026
"විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය"ට සමගාමීව මීවනපලාන මහා විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් එහි ප්‍රාථමික අංශයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද චිත්‍ර සහ පෝස්ටර් ප්‍රදර්ශනය ඉතා විචිත්‍රවත් අයුරින් පාසල් පරිශ්‍රය තුළදි පැවත්වුණි.විෂ මත්ද්‍රව්‍ය අලෙවිය හා බෙදා හැරීම පාලනය කිරීම,ඇබ්බැහි වූවන් මුදා ගැනීම,පුනරුත්ථාපනය යන තේමා අරමුණු කර ගනිමින් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන විදුහල්පති තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවති අතර ප්‍රාථමික ගුරු මඩුල්ලේ හා දෙමව්පියනගේ පූර්ණ සහය ද නො අඩුව හිමි වුණි.
13/02/2026
ජාතික සංහිඳියාව ගොඩනඟමින් එකමුතුකම, සුහදත්වය වර්ධනය කිරීම පෙරදැරි කරගෙන විද්‍යාලයේ සමාජවිද්‍යා ඒකකය මඟින් සංවිධානය කළ" *සුසද සංහිඳ"* රසාස්වාදන වැඩසටහන සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ සමාජ විද්‍යා විෂය අධ්‍යක්ෂිකා දේවිකා ප්‍රියංගනී මැතිනියයි. මෙහි විශේෂ දේශනය පවත්වන ලද්දේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි සංස්කෘතික හා ජාතික ඒකාබද්ධතා නිලධාරීතුමන්ලා විසිනි.
05/02/2026
මීවනපලාන මහ විදුහලේ ආදි සිසු හමුව 2026.02.04 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවති අතර එහිදී 2026 වර්ෂය සදහා නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණයෙන් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමද සිදුවිය.නව නිලධාරී මණ්ඩලයට අප පාසලේ සුභ පැතුම් මෙසේ එක් කරමු........
29/01/2026
"හීන අරන් හරි සතුටින් ඉස්කෝලෙට අපි ආවා" යන්න තේමාව කර ගනිමින් 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 ශ්‍රේණියට සිසුන් භාර ගැනීමේ මහෝත්සවය ඉතා අභිමානවත් අයුරින් 2026.01.29 වන දින මීවනපලාන මහ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උළෙලේ විශේෂ දේශනය පවත්වන ලද්දේ හොරණ කලාපය අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් පැමිණි සම්පත් දායක ආර්. නන්දසිරි මහතා විසිනි
27/01/2026
යළි හමුවෙමු ද අපි............
21/11/2025
"2025 ජය මාවතක සේයා" නමින් ඇරඹි 11 ශ්‍රේණිය සිසු දරුදැරියන්ගේ සිංහල විෂය සාධනය ඉහළ නැංවීමේ ධාරිතා සංවර්ධන වැඩසටහන දින 2 ක් පුරා විදුහල් භූමියේදී පැවැත්වුණි.එහිදී සිංහල විෂය භාර ආචාර්ය ශිරෝමි අමරසිරි ගුරු මහත්මියගේ මූලිකත්වයෙන් විදුහල්පතිතුමාගේ මග පෙන්වීම යටතේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව නිම වූ අතර එහි සොදුරු දසුන් කීපයක් මෙසේ දින හැරණු වගයි.....,
08/11/2025
2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් වෙනුවෙන් පැවැත්වුණු "ශිෂ්‍යත්ව ප්‍රණාම උළෙල" 2025.11.06 දින හොරණ කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ( සිංහල හා ප්‍රාථමික) ශෂිකා සමන්මලී මැතිණියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සිදුවිය.
07/11/2025
2025 වර්ශ අවසාන පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
04/11/2025
මීවනපලාන මහ විදුහලේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන අංශය මගින් පවත්වන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඉතා සාර්ථකව 2025.11.03 දින පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.ඒ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ජ්‍යේෂ්ඨ උපදේශක හා සම්බන්ධීකරණ නිලධාරි විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ පාලනය හා වලක්වාලීම සදහා වන කාර්යසාධක බලකායේ සාමාජික N.R අමරසිංහ මහතා විසිනි.
12/10/2025
මීවන පලාන මහ විදුහලේ පහළ
ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පවත්වන ලද පෙරහැර හා බෙලිමල් දන්සල ඉතා සාර්ථකව විදුහල් පරිශ්‍රයේදී පැවැත්වුණි.ප්‍රාථමික අංශයේ සියලුම ගුරු භවතුන් ඊට නොමද සහය ලබා දුණි.
08/10/2025
නිරෝගි සුව ලැබ ජයමග එළිවේවා,... සියලු පැතුම් ඉටුවී සැනසුම වේවා..... වැජඹෙන ලොවක් තැනුමට දිරි වැඩි වේවා. මතු සසරෙහි ගුරු මව්පියො බුදු වේවා...... 2025 මීවනපලාන මහ විදුහලේ ගුරු දින සැමරුම් උළෙලේ,මෙසේ ලියා තිබූ වගයි...........
03/10/2025
"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට" යන්න තේමාව කර ගනිමින් 2025 වර්ෂයේ මීවනපලාන මහ විදුහලේ ලෝක ළමා දින සැමරුම් අති උත්කර්ෂවත් අන්දමින් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.විදුහල්පතිතුමා ඇතුලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුවිශේෂ කැපකිරීම හා දායකත්වය මත පාසලේ දරු දැරියන්ට වින්දනාත්මක ආකල්ප සංවර්ධනයක් හා ප්‍රණීත පෝෂණීය ආහාර වේලක් එහිදී ලබා දුණි.ඒ සදහා අපට ශක්තියක් වෙමින් සුවිශේෂ දායකත්වයක් ලබා දුන් ජගත් ෆුඩ් ප්‍රඩක්ස් අධිපති තුමාටත් හොරණ සිංහ සමාජයේ කාර්ය මණ්ඩලයටත් විද්‍යාලීය විශේෂ ස්තූතිය පුද කරමු.