Sri dharmashoka dhamma school - kumbuka south

Sri dharmashoka dhamma school - kumbuka south "බෞද්ධ දර්ශනයට ගැලපෙන පිරිසක් සමාජයට දායාද කිරීම"

07/09/2026
🌸නිකිණි පෝය කියන්නේ සිත, කය, වචනය තුන්දොරම සංසුන් කරගෙන කුසල් වැඩෙන, පසු වස් සමය පටන් ගන්නා අතිශය පින්බර මංගල දිනයයි.🌸බෞ...
27/08/2026

🌸නිකිණි පෝය කියන්නේ සිත, කය, වචනය තුන්දොරම සංසුන් කරගෙන කුසල් වැඩෙන, පසු වස් සමය පටන් ගන්නා අතිශය පින්බර මංගල දිනයයි.🌸
බෞද්ධයන් වන අපිට නිකිණි පොහොයේ වැදගත්කම් බොහෝමයකි,

🌸 *පසු සමාදන් වීමේ පළමු දිනය*
ඇසළ පුර පසළොස්වක පොහෝ දින පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා වස් ආරම්භ කරන්නේ මේ නිකිණි පෝය දිනයෙන්.
කාලය: නිකිණි පුර පසළොස්වක සිට වප් පුර පසළොස්වක දක්වා.

🌸 *වස් අනුමැතිය ලැබීම*
බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වර්ෂාව, සීතල සහ උෂ්ණත්වයෙන් ආරක්ෂාවට එක තැන වාසය කිරීමට අවසර දුන් දිනය.

🌸 *සංඝ සමාගමය ශක්තිමත් වූ දිනය*
වස් කාලයේ භික්ෂූන් වහන්සේලා එකට වාසය කර ධර්මය ඉගෙනීම, විනය පුරුදු කිරීම සහ භාවනාවේ යෙදෙන නිසා සංඝයා අතර එකමුතුව වර්ධනය වෙනවා.

🌸*පළමු ධර්ම සංගායනාව පැවැත්වීම*

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව, උන්වහන්සේ දේශනා කළ ධර්මය හා පැනවූ විනය නිවැරදිව ආරක්ෂා කර අනාගත පරපුර වෙත රැගෙන යාමේ අරමුණින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළමු ධර්ම සංගායනාව පැවැත්විණි.

රාජගෘහ නුවර සප්තපර්ණී ගුහා පරිශ්‍රයේදී පැවැත්වූ මෙම ධර්ම සංගායනාවට මහරහතන් වහන්සේලා 500 නමක් සහභාගී වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

🌸 *පින්කම් වැඩෙන කාලය*
වස් පටන් ගැනීමත් සමඟ දානමය, ශීලමය, භාවනමය කුසල් රැස් කිරීමට සියලු බෞද්ධයන් පෙළඹෙනවා. පන්සල් වල බණ, භාවනා වැඩසටහන් වැඩි වෙනවා.

*🌼පසළොස්වක සඳ කිරණින් මුළු ලොවම නැහැවෙන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා!*

> *ඇසිදිසි මාධ්‍ය ඒකකය*
> *ශ්‍රී ධර්මාශෝක දහම් පාසල*

සාහිත්‍ය සමිතියේ පැවති විවාද තරඟය.🙏
21/08/2026

සාහිත්‍ය සමිතියේ පැවති විවාද තරඟය.🙏

දහම් පාසල් සිසු නිපුණතා අදියර (සමස්ත ලංකා) දහම් පාසල් කථික ධර්මාචාර්ය ශ්‍රේණිය නියෝජනය කරමින් තෙවන ස්ථානය දිනාගත් චනුක ...
25/07/2026

දහම් පාසල් සිසු නිපුණතා අදියර (සමස්ත ලංකා) දහම් පාසල් කථික ධර්මාචාර්ය ශ්‍රේණිය නියෝජනය කරමින් තෙවන ස්ථානය දිනාගත් චනුක ගිම්සර දරුවාට ශ්‍රී ධර්මාශෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයේ සුභාසිංශන.🥉🇱🇰☸️

#සිසුනිපුණතා

02/07/2026

පොසොන් පොහොයට සමගාමීව ධර්මාශෝක ශිෂ්‍ය නායක මණ්ඩලය එක්ව සංවිධානය කල අච්චාරු දන්සල සහ තවත් පිංකම්.🙏

⭕රශ්මි කාව්‍යා ප්‍රබෝධනී දියණියගේ ජන්ම දිනය වෙනුවෙන් කුඹුකෙ පදිංචි ඉන්දික ප්‍රසාද් බණ්ඩාර මහාතා ඇතුළු පවුලේ අය විසින් අද...
08/02/2026

⭕රශ්මි කාව්‍යා ප්‍රබෝධනී දියණියගේ ජන්ම දිනය වෙනුවෙන් කුඹුකෙ පදිංචි ඉන්දික ප්‍රසාද් බණ්ඩාර මහාතා ඇතුළු පවුලේ අය විසින් අද දින පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

සහය වු සැමට පිං.!

🙏🙏🙏

#පෝෂණ_වැඩසටහ

කුඹුක "Mimasha fashion apparels" ආයතනයේ අමාලි දිසානායක මහත්මියගේ ජන්ම දිනයට සමගාමීව එම පවුලේ අය එක්ව ශ්‍රී ධර්මාශෝක දහම්...
11/01/2026

කුඹුක "Mimasha fashion apparels" ආයතනයේ අමාලි දිසානායක මහත්මියගේ ජන්ම දිනයට සමගාමීව එම පවුලේ අය එක්ව ශ්‍රී ධර්මාශෝක දහම් පාසලේ දුවා දරුවන් සියලු දෙනාටම උදෑසන ආහාර වේලාක් ලබා දීමට අද දින කටයුතු කරන ලදී.

ඒ සඳහා සහය වු සැමට පිං
🙏🙏
#පෝෂණ_වැඩසටහ

☸️හෙට දිනට දැයක් තනන්නට - අද දින දහම් පාසල් යවමු ☸️​දයාබර දෙමාපියනි,​අධ්‍යාපන තරගයක නිරත වන වර්තමාන සමාජයේ, ඔබේ දරුවාට ල...
09/01/2026

☸️හෙට දිනට දැයක් තනන්නට - අද දින දහම් පාසල් යවමු ☸️

​දයාබර දෙමාපියනි,

​අධ්‍යාපන තරගයක නිරත වන වර්තමාන සමාජයේ, ඔබේ දරුවාට ලැබෙන උසස්ම දායාදය වන්නේ ගුණගරුක විනයානුකූල හැදියාවයි. පොත පතේ දැනුම පමණක් නොව, ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය ලබා දෙන එකම තක්ෂලාව දහම් පාසලයි.

​දරුවා දහම් පාසල් එවිය යුත්තේ ඇයි?

*​යහපත් පෞරුෂය:* වැඩිහිටියන්ට ගරු කරන, කරුණාවන්ත සහ ඉවසීම හඳුනන දරුවෙකු බිහි කිරීම.

*​පීඩනය කළමනාකරණය:*

විභාග සහ ජීවිතයේ අනෙකුත් අභියෝග හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය (භාවනාව හා දහම් දැනුම මගින්).

*​සංස්කෘතික අනන්‍යතාවය:*

අපේ හෙළ සිරිත් විරිත් සහ බෞද්ධ වටිනාකම් පිළිබඳව ප්‍රායෝගික අවබෝධය ලබා දීම.

*​නරක ආශ්‍රයෙන් මිදීම:*

සදාචාර සම්පන්න පරිසරයක් තුළ යහපත් මිතුරන් ඇසුරට දරුවා යොමු කිරීම.

​"දැනුමෙන් පිරි බුද්ධිමතෙකුට වඩා, ගුණයෙන් පිරි මනුෂ්‍යයෙකු ලොවට වටී."

​ඔබේ දරුවාගේ අනාගතය ආලෝකවත් කරන්නට, එන ඉරිදා සිට ඔබේ දරුවාත් දහම් පාසලට එක් කරන්න.
🙏🙏🙏

තෙරුවන් සරණයි.!

14/12/2025

සුදු ජාතිකයන් සමගත් ධර්මාශෝක දරුවන් ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවයි.

Address

Rajamaha Viharaya
Horana
12400

Telephone

+94342257021

Website

Alerts

Be the first to know and let us send you an email when Sri dharmashoka dhamma school - kumbuka south posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category