Kasun Ranawaka - Science

Kasun Ranawaka - Science

Share

Kasun Ranawaka
- තාරුණ්‍යයේ විද්‍යාව brand එක -

15/07/2026

ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි.

ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ.

‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”

ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.

“පෙට්‍රෝලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.

මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි? ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.

“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.

එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”

අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය.

“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ.

මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.

තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”

සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.

“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.”

අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි. එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.

“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”

එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්. වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය.

නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

27/06/2026

🇱🇰 🌙 මවුල අවුල ලෙහන NIGHT CAMP එක
Grade 10 / 11 සිසුන් සඳහා නොමිලේ

🗓️ - ජුනි 27 සෙනසුරාදා
⏰ - රාත්‍රී 9.00 සිට අලුයම දක්වා.

නොමිලේ සම්මන්ත්‍රණය සදහා සම්බන්ද වීම සදහා පහත Whatsapp Community වෙත සම්බන්ද වන්න.👇

https://chat.whatsapp.com/EEBXPaSHHQZBPSroYOgsJY

Science Unleashed by Kasun Ranawaka
Cyber අවකාශයේ දැවැන්තම වැඩපිලිවෙල සහිත විද්‍යාව පංතිය

10/05/2026
10/05/2026

අම්මා කියන්නේ ජීවිතේ පළවෙනි ගුරුවරිය…
පළවෙනි ආදරේ…
පළවෙනි ශක්තිය… 🌍❤️
හැමදේම දරාගෙන අපි වෙනුවෙන් හිනාවෙන ඒ හිතට අද special දවසක්.

අම්මා වෙනුවෙන් “ස්තුතියි” කියන්න එක දවසක් ඇති නොවුණත්, අද ඒ ආදරේ මතක් කරන දවසක් ❤️
ලෝකයේ හැම අම්මා කෙනෙක්ටම සුභ මව්වරුන්ගේ දිනයක්! 🌷

Happy Mother’s Day! 🌸

07/05/2026

"මහා විසල් නුග රුකක් වුවත් දවසක ආරම්භ වුණේ ඉතාමත් කුඩා බීජයකින්." අපේ ජීවිත වලටත් මේ කතාව පොදුයි. ලෝකයම වෙනස් කරපු ප්‍රබල චරිත දිහා බැලුවම අපිට පෙනෙන්නේ ඔවුන්ගේ වර්තමාන සාර්ථකත්වය විතරයි. හැකිනම් ඔවුන්ගේ අතීතයට එබී බලන්න... 🔍

🍎 ස්ටීව් ජොබ්ස් (Steve Jobs) ගේ කතාවෙන් අපිට ඉගෙන ගත හැකි පාඩම:

අද ලෝකයේ තාක්ෂණික දැවැන්තයෙක් වන 'Apple' සමාගම ආරම්භ වුණේ කොහේද කියලා ඔබ දන්නවාද? එය කිසිම පහසුකමක් නැති කුඩා ගරාජයකින් ආරම්භ වූවක්. 🚗🛠️

කුඩා ආරම්භය: තරුණ ස්ටීව් ජොබ්ස් සහ ඔහුගේ මිතුරා තමන් සතු වූ කුඩා උපකරණ කිහිපයක් විකුණා ලබාගත් මුදලින් පළමු පරිගණකය නිර්මාණය කළා.

අභියෝග: තමන් ආරම්භ කළ සමාගමෙන්ම ඔහුව එළියට ඇද දැමූ අවස්ථා තිබුණා. නමුත් ඒ "කුඩා බීජය" තුළ තිබූ නොපසුබට උත්සාහය ඔහු අත්හැරියේ නැහැ.

විසල් වෘක්ෂය: අද වන විට Apple කියන්නේ ලෝකයේ වටිනාම සහ බලවත්ම ව්‍යාපාරික අධිරාජ්‍යයක්.

ඔබට දෙන පණිවිඩය: 💡
ඔබේ අතේ අද තියෙන්නේ ඉතාමත් කුඩා බීජයක් (අදහසක් හෝ උත්සාහයක්) වෙන්න පුළුවන්. ඒක දවසක මහා වෘක්ෂයක් වෙලා ලෝකයටම සෙවණ දෙන්න නම්, අද ඔබ එයට දහඩිය සහ විශ්වාසය නමැති දිය පොද වත් කළ යුතුමයි.

කුඩා තැනින් පටන් ගන්න බය වෙන්න එපා. ලොකුවට හිතන්න, කැපවීමෙන් වැඩ කරන්න! 🚀🌳

05/05/2026

"සැපපහසු සිරගෙය: ඔබව පණපිටින් මරා දමන Comfort Zone එක!"

ඔබේ ජීවිතයත් "සැපපහසු සිරගෙයක්" වෙලාද? 🛋️⛓️

අපි හැමෝම ආසයි සැපට, නිදහසේ, කිසිම කරදරයක් නැතුව ඉන්න. ඒකට තමයි අපි "Comfort Zone" එක කියලා කියන්නේ. හැබැයි ඔබ දන්නවාද? ලෝකයේ දක්ෂතම මිනිස්සුන්ව වැඩකට නැති මිනිස්සු බවට පත් කරන මාරාන්තිකම තැන මේ "සැපපහසු කලාපය" කියලා! 😱🛑

මේ සැපපහසු සිරගෙය ඇතුළේ සිද්ධ වෙන ඇත්තම කතාව මෙන්න:

1️⃣ මෙහි කිසිවක් අලුතින් හටගන්නේ නැත (Nothing Grows Here) 🌱🚫
Comfort Zone එක කියන්නේ හරියට එක තැන පල්වෙන වතුර වළක් වගේ. එහි ආරක්ෂාව තියෙනවා, හැබැයි කිසිම ජීවයක් නැහැ.

ඔබේ දක්ෂතාවය, නිර්මාණශීලීත්වය සහ ජයග්‍රහණ හටගන්නේ ඔබ මේ සීමාවෙන් පිටතට අඩියක් තියන මොහොතේ විතරයි. 🏃‍♂️✨

2️⃣ බිය සහ සැකය යන "මායාකාරී තාප්පය" 🧱🌀
මේ කලාපයෙන් එළියට යන්න හදනකොට මුලින්ම හමුවෙන්නේ "බය".

"මිනිස්සු මොනවා කියයිද?", "මට මේක කරගන්න බැරි වෙයිද?" වැනි සිතුවිලි හරියට මිරිඟුවක් වගේ ඔබව ආපහු පස්සට අදිනවා. 🧠 මීට මුහුණ දීලා මේ තාප්පය කඩන කෙනා තමයි සැබෑ ජයග්‍රාහකයා.

3️⃣ අභියෝග යනු ඔබේ ශක්තියයි (Challenges = Strength) 💪⚡
නැංගුරමක් දාපු නැවක් වරායක තියෙන කොට ආරක්ෂිතයි. හැබැයි නැවක් හදලා තියෙන්නේ වරායක තියෙන්න නෙවෙයි, මහා රළ පහරවල් මැදින් ඉස්සරහට යන්නයි. 🚢🌊

ඔබ අලුත් දෙයක් කරන්න බය වෙන හැම වෙලාවකම, ඔබේ මොළයේ අලුත් සෛල (Neural pathways) නිර්මාණය වෙන්නේ නැහැ. ඔබ වයසට යන්නේ නැතත්, ඔබේ හැකියාවන් පරණ වෙලා යනවා.

4️⃣ පසුතැවීම (The Pain of Regret) ⏳💔
ජීවිතේ අන්තිම කාලේදී මිනිස්සු පසුතැවෙන්නේ කරපු දේවල් ගැන නෙවෙයි, "කරන්න තිබිලත් බයට නොකරපු දේවල්" ගැනයි.

අසාර්ථක වීමේ වේදනාවට වඩා "මම ඒක කළා නම් මොනවා වෙයිද?" කියලා හිතන එකේ වේදනාව දරුණුයි.

🌱 අදම කළ යුතු දේ...
Comfort Zone එකෙන් එළියට යන්න කියන්නේ එකපාරටම ලොකු අවදානමක් ගන්න එක නෙවෙයි. 👣

අද දවසේ ඔබ බය වුණ එක පුංචි දෙයක් කරන්න.

නොදන්න කෙනෙක් එක්ක කතා කරන්න.

අලුත් විෂයක් ගැන ඉගෙන ගන්න පටන් ගන්න.

මතක තබාගන්න: මහා ගස් හැදෙන්නේ තද සුළං හමන කඳුවැටි මත මිසක්, වීදුරු පෙට්ටි ඇතුළේ නෙවෙයි! 🌳🌬️

ඔබත් අදම ඔබේ "සැපපහසු සිරගෙයින්" එළියට එන්න සූදානම්ද? ඔබේ අදහස පහළින් Comment කරන්න. 👇🔥

04/05/2026

🌍 ධනවතුන්ගේ සැපතට, මුළු ලෝකයම දියවෙන හැටි: දේශගුණික විපර්යාස පිටුපස ඇති බිහිසුණු ඇත්ත!
මහ මුහුද ගොඩගැලීම, දරුණු නියඟය සහ ලැව්ගිනි ගැන කතා කරනකොට අපි හැමෝම හිතන්නේ මේක පොදුවේ හැමෝම කරන වැරදි නිසා සිද්ධ වෙන දෙයක් කියලයි. 🏮 හැබැයි අලුත්ම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ ලෝකයේ සිදුවන කාබන් විමෝචනයෙන් තුනෙන් දෙකකටම (2/3) වගකිව යුත්තේ ලෝක ජනගහනයෙන් 10% ක් වන ධනවත්ම පිරිස බවයි! 💰🔥

අපේ ඇසට නොපෙනෙන මේ "දේශගුණික අසාධාරණය" සිදුවන්නේ කොහොමද කියලා අපි බලමු:

1️⃣ ධනවත්ම 1% ගේ විනාශකාරී දායකත්වය 🛫
ලොව ධනවත්ම 1% ක පිරිස විසින් නිකුත් කරන කාබන් ප්‍රමාණය, ලොව දුප්පත් ජනගහනයෙන් බහුතරයකගේ සමස්ත විමෝචනයට වඩා බෙහෙවින් වැඩියි.

පෞද්ගලික ජෙට් යානා සහ සුඛෝපභෝගී යාත්‍රා: නිරන්තර ගුවන් ගමන් සහ අධි-පරිභෝජන ජීවන රටාව නිසා වායුගෝලයට මුදාහරින කාබන් ප්‍රමාණය අතිවිශාලයි. ✈️💎

අසීමිත පරිභෝජනය: ඔවුන්ගේ එක් දිනක සුඛෝපභෝගී ජීවිතය, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ වසර ගණනාවක කාබන් විමෝචනයට සමාන විය හැකියි.

2️⃣ පරිසරයට හානිකර ආයෝජන (Dirty Investments) 🏭
ධනවතුන්ගේ කාබන් පා සටහන (Carbon Footprint) ඉහළ යන්න ප්‍රධානතම හේතුව ඔවුන්ගේ ආයෝජනයි.

පොසිල ඉන්ධන, පතල් කර්මාන්තය සහ පරිසරයට අහිතකර දැවැන්ත කර්මාන්තයන්හි ඔවුන් සිදුකරන ආයෝජන හරහා ලෝකය උණුසුම් කිරීමට ඔවුන් වක්‍රව විශාල දායකත්වයක් සපයනවා. 📉🛢️

3️⃣ දේශගුණික යුක්තිය පිළිබඳ ගැටලුව (Climate Injustice) ⚖️
මෙහි ඇති වඩාත්ම කනගාටුදායක සහ අසාධාරණ කරුණ වන්නේ මෙයයි:

වැරැද්ද කරන්නෝ: ධනවත් රටවල් සහ ධනවත් පුද්ගලයන්. 🏦

විඳවන්නෝ: දේශගුණික විපර්යාසවලට අවම දායකත්වයක් සපයන, ලොව අඩුම ආදායම් ලබන දුප්පත් ජනතාව. 🏚️🌊

ගංවතුර, සුළි සුළං සහ අස්වනු පාලුවීම නිසා මේ අහිංසක මිනිසුන්ට තම නිවාස පවා අහිමි වෙද්දී, ධනවතුන් ඔවුන්ගේ ආරක්ෂිත මන්දිර තුළට වී තවත් සුඛෝපභෝගී ලෙස ජීවත් වෙනවා.

4️⃣ තාක්ෂණයෙන් පමණක් විසඳිය නොහැකි අර්බුදය 🛠️
ගෝලීය උණුසුම පාලනය කිරීමට නම් හුදෙක් විදුලි මෝටර් රථ හෝ සූර්ය බලශක්තිය වැනි තාක්ෂණික විසඳුම් පමණක් ප්‍රමාණවත් නැහැ.

ධනවත්ම පිරිසගේ පරිභෝජන රටාවන්හි (Consumption patterns) සහ ආයෝජන ප්‍රතිපත්තිවල ප්‍රබල වෙනසක් සිදුවිය යුතු බව නවතම අධ්‍යයනයන් අවධාරණය කරනවා. 🔄🛑

01/05/2026

පින්බර පොහෝ දිනයක් වේවා! 🌕🙏

"සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධාන සාසනං"
(තම සිත පිරිසිදු කර ගැනීම බුදුන් වහන්සේලාගේ අනුශාසනාවයි.)

දන්, පින්, සිල් රකිමින් නිදහස් මනසකින් යුතුව ගත කරන සුවදායී පෝය දිනයක් වේවා!

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


38/1, Poruwadanda
Horana
12400