KOREAN EXAM HELP

KOREAN EXAM HELP

Share

안녕하세요

29/11/2025
22/10/2025

ගොඩක් අයට අපිව සෙට් නෑ 😅 මොකද එයාලව උඩ තියන් වැද වැද පස්සෙන් යන
කොලිටි අපි ළඟ නැනේ 😅
කියන දේ මුණට කිව්වා ඉවරයී 😅🙂

28/09/2025

ආගමන විගමන ප්‍රගතිය පරීක්ෂා කිරීම
සහ වත්මන් ප්‍රගතියේ ක්‍රියාවලිය

✈️ ඔබගේ eps ගිනුමේ ආගමන ප්‍රගතී නීරීක්ෂණ කොටසට ඔපන් කරවිට ලෑබෙන වගුව.
වගු අංක ලෙස පළමු ,දෙවන,තෙවන කොටු ලෙස ඉද්රියට පවත්වාගෙන යනු ඇත.

💁 01 . පලමු කොටුව

(EPS-TOPIK)
ඔබ විභාගය සමත් වුවිට “සමත්”Pass ලෙස සැකසේ.එලෙස සැකසුනු පසු ඔබේ පාස්පොට් හී ඇත් නම පමනක් එහි ඉහල කෙලවරේ සටහන් වේ.
(මෙය වීභාගය ලියා මාස 3 ඇතුලත සිදු වේ.)

💁 02. දෙවන කොටුව

(Job Seekers Roster Forwarding Date)
ඔබගේ තොරතුරැ එනම් ,පොලිස් රිපෝටි, මොඩිකල්,පාස්පොට් හී තොරතුරැ ආදීය දත්ත පද්ධතියට එක් කොට කොරියාවට යැවීම සිදුවීම වේ.
එය ‘යැවීම “Sent ලෙස දෙවන කොටුවේ සදහන් වේ.

💁 03. තෙවන කොටුව

(Job Seekers Roster Approval Date)
මෙය මගින් ශ්‍රී ලංකා SLBFE යවන ලද ඔබගේ තොරතුරැ සටහන නැවත බලා එය අනුමත කිරීමක් සිදු කරනු ලෑබේ.(එය අනුමත වීම ලෙස ) Approval
තෙවන කොටුවේ සටහන් වේ.

📌 සෑ: යු
මෙහිදී ” ආපසු එවීම ලෙස” සටහන් වු අවස්ථාවන් වලදී ඔගේ තොරතුරැ වල ඇති අඩුපාඩුක් නීසා එසේ සිදුවන් අතර SLBFE අයතනයෙන් එය නැවත සකසා යවනු ලැබේ.නමුදු එසේ ඇත්වීමට ඉඩ නොතබන්න.මන්ද ඔබ වෙබ් වැටීමට ප්‍රමාද වන හෙයීනී.
මෙම කොටු සම්පූර්ණවු වාහාම ඔබ වෙබ් වැටී ඇත යන අදහස හෙවත් සඡන්නීම් හට තෝරා ගැනීමේ පාඨයට ඔබ අනුගත වේ.

💁 04. හතරවන කොටුව

( Job Search Progress)
(සිහිනය මල්ඵල ගැනීමේ කොටුව.)
මෙය සඡන්නීමි නොදොම්බුවට ගොස් ඔබව තෝරාගැනීම සිදු කරනු ලබයී.
එවිට තෝරාගැනීම කොටස් 2 කට වැටේ.
එනම්,Mediation ලෙසත් Hired ලෙසත් වේ.

🇰🇷 Mediation යනු :
සඡන්නිම් හැර ,පුඡංනිම්,පන්ඡන්නිම් හෝ සේවකයෙකු නොදොමිබුවට ගොස් අලුතින් සේවකයන් කීප දෙනෙකු තෝරාගෙන ආයතනයට පැමිනීම .
එහිදී එම සේවකයන් සඡන්නිම්ට පෙන්වා එතනීන් කීප දෙනෙකු තෝරා ගැනීම Mediation වේ.
(සඡන්නිම්ද නොදොම්බුවට යන අවස්ථාවන් ඇත.) එව්ට තෝරා ගන්න පුද්ගලයන් පිලිබද හොද සේවීමක් කරනු ලබයී.
(මෙහිදී ඇග්‍ර්රීමන්ට් කැන්සල් වීමේ ප්‍රවනතාවය 50% වේ.)

Mediation වැටුනු විට ඔබ තොරාගත් ආයතනයේ නම වැටෙනු ඇත. එම අසලම නිල්පාට කොටුවක Road view ලෙස සටහන්ව ඇති කොටසේ ඔබ තොරාගත් ආයතනයේ මාර්ග සටහන දැකහත හැක. ඔබේ ආයතනයේ දල රෑප සටහනක් දැක ගැනීමට නම් Road view යන කොටසට ඉහලින් ඇතී කොටසේ IME01,IME02 ,ලෙස ඇත එමහින් ආයතනයේ රෑප රාමු කීපයක්ම දැකගත හැක.

☝️ (ගැටලු) ⚠️
‘Mediation’ වැටුනු විට Hired නොවී එලෙසම දින ගනනාවක් පැවතීම.

01. එනම් ඔබ තෝරාහැනීම තවමත් සිදුකර නැති බව,
02. තොරාගැනීමට පසු තොරානොගත් පුද්ගලයන් තෝරා නොගන් බව ෆැක් එක්ක මගින් නොදොම්බුවට දැනුවත් නොකිරීම.
03. ආයතනය පැත්තෙන් ලිපිලේඛන වල ඇතිවන ගැටලු ආදිය නිසා මෙලෙස දින ගන්නාවක් Mediation වැටි තෝරාගැනීම/ නොහැනීම සිදුකෙරේ.

🇰🇷 “Hired” යනු :
මෙය මහින් ඔබ ආයතනයට තෝරාගෙන ඇති බව පැහැදිලී කරයී. එනමි ඔබ කම්කරැවෙක් ලෙස මිලදී ගැනීමයී. Hired වැටුනු විට ඔබ තොරාගත් ආයතනයේ නම වැටෙනු ඇත. එම අසලම නිල්පාට කොටුවක Road view ලෙස සටහන්ව ඇත් කොටසේ ඔබ තොරාගත් ආයතනයේ මාර්ග සටහන දැකහත හැක. ඔබේ ආයතනයේ දල රෑප සටහනක් දැක ගැනීමට නම් Road view යන කොටසට ඉහලින් ඇතී කොටසේ IME01,IME02 ,ලෙස ඇත එමහින් ආයතනයේ රෑප රාමු කීපයක්ම දැකගත හැක.( මෙම අවස්ථාවේද තෝරාගැනීම අවලංගු වන අවස්ථාද ඇත.)

☝️ (ගැටලු) ⚠️
“Hired” වැටුනු විට තෝරාගැනීම කැන්සල් වීම.

01. ආයතනය කඩාවැටීම.
02. සඡන්නිම් ආයතන ලියාපදිංච් සහතිකය නොදොම්බුවට නොයැවීම,
03. ආයතනය පැත්තෙන් ලිපිලේඛන වල ඇතිවන ගැටලු ආදිය නිසා,
04. නේවාසිකාගාර පහසුකම් ආහාරපාන. ආදිය ලබාදෙන ආදීය ගිවිසුමට සෘඡු බලපෑමක් කරන කරැනු පිලිබද අවදානය නොදීම,
05. තෝරා ගත් සේවකයා වෙනුවට කොරියානු ඡාතිකයෙකු සේවකයෙක් ලෙස තේරී පත්වීම හෝ වෙනත් ඡාතිකයෙක් පත්වීම.
06. වෙබ් සයීඩි එකෙන් තෝරා ගැනීම නිසා ( එහිදී තේරීම පමනක් සිදුවන් අතර එම නිසා “ 사업장 등록증 “ එනමි ව්‍යාපාරය ලියාපදිංච්ය. ඉදිරිපත් නොකිරීම)සහ ප්‍රමාදය.

💁 05. පස්වන කොටුව

(Employment Permit Issuance)
නිකුත් නිරීම ලෙස පෙන්නුමි කරයී. එනම් ඔබ රැකියාවට සුදුස්සෙකු ලෙස තෝරාගත් බවට ඔබට පෙනේ.
පස්වන කොට්වේ මෙය නිකුත් කිරීම ලෙස පෙන්වයී.

💁 06. හයවන කොටුව

(Standard Labor Contract Forwarding)
ගිවිසුම මාරැ කිරීම ලෙස මෙය සටහන් වේ . ඒනම් ඔබ නිල වශයෙන් තෝරාගත් බවට ලැබෙන දැනුම්දීම වේ.
ඔබව තෝරාගත් ගිවිසුම අදාල රට වෙත යොමු කිරීම සිදුවේ.
මෙහිදී ඔබගේ ගිවිසුම අවලංගු නොවන අතර එසේ වුන්නේ නම් අදාල කොරියානු ඡාතිකයාට නැවත ශ්‍රමිකයන් වසර 3 යන තෙක් ලබාගැනීමට නොහැකි වන ලෙස නීතී පද්ධතියක් සකසා ඇත.
එම නිසා ප්‍රතික්ෂේප වීමේ ප්‍රවනතාවය 1% වේ.
ලැබී ඇති සේවා ගිවිසුම මේ වනවිට ෆෝවඩ් වෙලා ඇති අතර සමහර අයගේ ෆෝවඩ් නෑත්නම් ඉදිරියට ඒය සිදුවේ. ඔයාලගේ eps account එකෙ හය වෙනි කොටු සටහනේ සම්මත සේවා ගිවිසුම නිකුත් කිරීම යනුවෙන් කොටුවක් ඇත. ඒ කොටුවට ගිවිසුම මාරු ලෙස දිනයක් වැටු විට ඒ දවස ඔයාලගේ සේවා ගිවිසුම ෆෝවඩ් වු දිනය වේ. ෆෝවඩ් වු පසු අදාළ රැකියා ලාබියාගේ සේවා ගිවිසුම කොරියාවේන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කොරියනු අංශය වෙත එවන ලදී. (සෙනසුරාදා, ඉරිදා දින වල ෆෝවඩ් නොවන අතර සතියේ දවස් පහේ පමනක් සිදුවේ. )

💁 07. හත්වන කොටුව

කොරියන් ගමනේ 80% හරී.( හම්මා... සිතට දැනෙන සතුට 😁)
(Standard Labor Contract Signing)
අත්සන් කීරීම ලෙස මෙය සටහන් වේ.
මෙය ලංකාවෙන් ඔබට කෙට් පනිවුඩයක් මාර්ගයෙන් මෙය දැනුන් දෙනු ලැබේ. එය පහත පරිදි වේ.
එනම් ඔබ සම්පුර්නයෙන් තොරාගැනීමකට ලක් කර ඇති අතර ඉතුරැ සියලුම කටයුතු ග්‍රී ලංකාව මගින් සිදුවේ.

Agreement withYou are kindly requested to report the SLBFE Head Office Battaramulla on 2025.06.27 at 08.00 a.m. to sign a Korean work Agreement with the following documents. 06 copies with Passport, 04 copies with National Identity Card, (on A4 paper) Training Fees Rs. 35,000/-& Visa Fees Rs.18,000/- If you have previously used passport please bring it. In addition you have to pay Recruitment Fees Rs. 66,278/- and Registration Fees Rs. 22,027/- within two weeks from the date you signed the agreement. These payments can be made online (www.slbfe.lk).

MANAGER - RECRUITMENT (KOREAN)

මෙම කෙට් පණිවුඩය ලැබෙනුයේ ඔබ විදේශසේවා එකට ලබාදුන් දුරකථන අංකයට වන බැවින් එය පිළිබඳ අවදානයෙන් සිටින්න.

💁 ඊලගට වෙන්නේ කුමක්ද? ගොඩක් අයට අලුත් අය නිසා ඒ ගැන දැනසිටින්නේ නැත.එනම්.
(හත්වන කොටුවට අනුව වැඩ කිරීම )

👉 මෙලෙස මැසේඡ එක ලැබුනු විගස 06 copies with Passport , 04 copies with National Identity Card , ( on A4 paper )
මෙලෙස ගානටම මෙම කොපීස් අරගෙන් නොයන්න. හැම එකෙන්න වැඩිපුර රැගෙන යන්න.
👉SLBFE එකෙන් පිටත් ෆොටෝකොපි ගැනීමටද හැක ඇතුලෙන් කොප් ගැනීමටද හැක .නමුදු ඇතුලෙන් ගැනීමෙදී පෝලිමක් සිටී.එව්ට ප්‍රමාද විමක් සිදුවේ.
👉 ඔබ කොතෙකුත් වෙලාසන ගියද ඔබේ නම අංකය කථා කරන තෙක් රැදීසිටීමට සිදුවේ.
👉 මෙය සිදුවනුයේ කොරියාවෙන් ෆයිල් එක ලංකාවට එවන පිලිවෙලට අනුව වේ.
👉 චෙක් ,කාඩ් පත් මගින් ගෙවීම් සිදුකර නොහැක. (වලංගු ග්‍රී ලංකා මුදල පමනී.)
👉 ඔබ අත්සන් කරාට පසු නැවත පොලිස් රීපොට් අයදුම් කර යුතුවේ.ඉක්මනින්ම සිදුකරන්න.
👉 එයට කලි ඔබේ පෙර පැවති පොලිස් රිපෝට් අවලංගු කර යුතුවේ. ඔබ ගිවිසුම අත්සන් කරාට පසු පොලිස් මුලස්ථානයට ගොස් අවලංගු කිරිම කරන්න. අපහසු අය දුරකථනයෙන්ද එය සිදුකර ගත හැක.
නමුත් එය විසා වැදීමට ප්‍රමාදයක් වනු ඇත.
👉 පොලිස් මුලස්ථානයට යනවිට ඔබේ ඡාත්ක හැදුනුමි පත ,පෙර ඔබගේ පොලිස් වාර්ථා අංකය රැගෙන යන්න.නිවැරදී තොරතුරැ ලබා දුන්නේද? එදිනම පෙර පැවති පොලිස් වාර්ථාව අවලංගු කරනු ලැබේ.
👉 ඉහත ක්‍රියාව අවසන් වු විගස අලුත් පොලිස් වාර්ථාව හැකිතාක් ඉක්මනින් අයදුම් කරන්න.

පොලිස් මුලස්ථානයට අදාල දුරකථන ඇමතුම් අංක.
👇👇

විමසීම්

🔷 011-2013068
🔷 011-2013069
🔷 011-2013070
🔷 011-2013071
🔷 011-2013072
🔷 011-2439185
🔷 011-2013500

[email protected]
Police head Quarters Colombo

📌 සැ:යු
මුදල් ගෙවිමෙන් පසු පුහුණුව සදහා දින එදිනම ලබා දීම.
ගිවිසුම අත්සන් කරට පසු , පුහුණුවට මුදල් ගෙවු කොල 3 න් ( රතුපාට කොලට) රැගෙන ට්‍රෙනීන් (Training) එකට යන්න(ඒහි කොපියක් තබා ගන්න අශ්‍යවු වීට)

💁 08. අටවන කොටුව (CCVI Issuance)

කොරියාවට යන්න ගමන් මලු සුදානම. “කාන්තාරයකට වැස්සක් වහී”…..🌧️🌧️🌧️

කොරියාවේන් නිකුත් කරන වීසා එක හෙවත් (cciv) එක කොරියාවේන් නිකුත් කරන්න අවශ්‍යයි.
ඒක් එක් අයට නිකුත් වෙන්න ගතවන කාලය වෙනස් වේ. සමහර අයට රැකියා ගිවිසුම් අත්සන් කරලා දින කිහිපයක්, සති කිහිපයක්, මාස කිහිපයක් කළාතුරකින් (cciv ) වසරක් වගේ කාලයක් ගිහින් නිකුත් වෙන්නේ නැති අයත් සිටී (නමුත් මෙවර එසේ වන්නේ නැත .පෙර පැවති මන්දගාමී පද්ධතිය වෙනස් වෙමින් පවත්න බැවිනී).

💁 09. නමවන කොටුව Tentative Entry Date

තාවකාලිකව ඇතුල්වීමේ දිනය. ( එහෙනම් කොල්ලෝ අපි ගියා) සෙල්ෆිය….✈️✈️✈️🇰🇷🇰🇷🇰🇷

( කොරියාවට පැමිනීමට කලින් සුම් මීටින් එකකද සිදුකරයී.) ශ්‍රී ලංකා විදේශ සේවා නියූක්ති කාර්යංශයෙන් මෙඩිකල් කරන්න දින ලබාදෙනවා වගෙම පොලිස් වාර්තා අයදුම් කරන ලෙස දන්වයී.
යම් යම් අයට (cciv) වැදුන ගමන් මෙඩිකල් අවස්ථාව හිමි නොවේ.
පසුව මෙඩිකල් කර, අයදුම් කරක ලද පොලිස් රිපෝට් ඇතුලත් කර පාස්පෝට් එකට වීසා නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලය මගින් සිදු කරනු ලැබේ.
පසුව පොතට වීසා නිකුත්වේ. වීසා එක ලැබුනු පසු ‘තෙහාන් මීගුක්” එකට එන එක ( කොරියාවට) 95% කට වඩා වැඩ අවසන් .
පසු ඔබ විසිට් විසා එක්ක මාර්ගයෙන් කොරියාවට ලගා වේ.

☝️ (ගැටලු) ⚠️
CCVI නොවැදීමට ගැටලු.
01 ඔබගේ පොල්ස් රීපොට් එක තුල ගැටලු ඇතිබීම.(බරපතල වැරදී)
02 ඔබගේ යම් රෝගීතත්වයක් හදුනා ගැනීම.
03 පිටත් වීමට අවසාන මොහොතේ රටින් පිටවීමේ අවසරය නැතුව පොලිස් පැමිණිල්ලක් තිබීම.

ගැටලු නැත්තම් .!

අතපසුවීම් ඇතිනම් සමාවන්න ..!

Post එක share කරන්න ළමයි ❤️

18/09/2025

▪️දැනට ඇඩ්මිශන් දාපු ලමයි පහත ලින්ක් එකෙන් ගිහින් ඇඩ්මිශන් එකේ තත්වය පරීක්ෂා කරන්න..👇

https://services.slbfe.lk/koreandata/adm_specialchecklist

Staus එක Pending කියලා පෙන්වන්නෙ SLBFE එකෙන් තවම චෙක් කරමින් පවතින ඇඩ්මිශන් වල..

චෙක් කරලා තොරතුරු වල ප්‍රශ්ණයක් නැත්නම් ඇඩ්මිශන් එක ISSUED කියලා වැටෙනවා..

යම්කිසි වරදක් තිබුනොත් හදල ආපහු දාන්න කියල ඔයාට මැසේජ් එකක් ඒවි.. ඒකට දින කීපයක් දෙනවා.. 🤗🇰🇷

ඒ නිසා හැමෝම කලබල නොවී හොදට ෆොම් එක ෆිල් කරන්න සහ වැරදුන ළමයිට හදන්න කාලයක් දෙනවා..

හැමෝටම ජය ✌ 🇰🇷

#කොරියන්විභාගයටඇඩ්මිශන්ගන්නවිදිහ

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Homagama