26/01/2023
Happy Australia Day!🇦🇺🦘
Great Educational Opportunities !!! Start your Diploma, Degree, MSc, MBA... in world's leading Universities and TAFE Colleges in Australia.
26/01/2023
Happy Australia Day!🇦🇺🦘
12/01/2023
ඔස්ටේ්‍රලියා Passport එකට නිදහසේ යා හැකි රටවල් 185 මෙන්න
වැඩි විස්තර - https://www.auslankatv.com/archives/32716
13/10/2022
University of Melbourne ඔස්ටේ්‍රලියාවෙන්ම 01 වෙයි
වැඩි විස්තර https://www.auslankatv.com/archives/28802
06/10/2022
ඔස්ටේ්‍රලියාවේ වැඩිම සේවක හිගයක් ඇති අලුත්ම රැකියා ලැයිස්තුව මෙන්න
වැඩි විස්තර - https://www.auslankatv.com/archives/28466
11/09/2022
Passport එක හදාගන්න නිවැරදිම සහ පහසුම විදිහ ගැන මේ Post එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
ලොකු දෙයක් කරන්න නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ කරගන්න.
මුලින්ම කියන්න ඕනි බත්තරමුල්ලේ තියෙන Passport Office එකෙන් විතරක් නෙවෙයි මේ වැඩේ කරගන්න පුළුවන්. වව්නියාව, මහනුවර, කුරුණෑගල, මාතර කියන ප්‍රදේශ වලත් Passport Office තියෙනවා. දැන් ඉතින් one day service බත්තරමුල්ලේන් විතරක් නෙවෙයි, ඔය උඩ කියපු ඕනම තැනකින් කරගන්න පුළුවන්.
⭐ උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ මාතර නම් මාතරින් කරගන්න පුළුවන්. ඔයාගේ ගෙවල් මාතර නමුත් රැකියාව කරන්නේ කොළඹ නම් නැවතිලා ඉන්නේ කොළඹ නම් ඔයාට බත්තරමුල්ලේ එකෙනුත් කරගන්න පුළුවන්.
එක්දින සේවයේ නම් ඔබට අවශ්‍ය රුපියල් 15000යි.
සාමාන්‍ය සේවය නම් 3500යි. (සාමාන්‍ය සේවයේ සති දෙකක් තුනක් අතර ගෙදරටම එනවා. ඒත් දැන් තියන ප්‍රශ්නත් එක්ක ඒක මාසයක්, දෙකක්, තුනක් වෙන්නත් පුළුවන්)
හරි කරන්න තියෙන්නේ මෙහෙමයි.
ඔයා මුලින්ම කරගන්න ඕනි මේ පහළ තියෙන Link එකෙන් ගිහිල්ලා ඔයාලට පහසු දිනයකට Appointment එකක් දාගන්න එකයි. මතක තියාගන්න මේ Appointment එක දාන වෙලාවෙදි Photo එක අරගෙන නැත්නම්, Photo Acknowledgement No කියන තැන හිස්ව තබා Appointment එක Submit කරන්න. සමහර දවස් වලට Photo Acknowledgement No එක නොදා submit කරන්න බැරි වෙනවා. ඒ කාලෙදි නම් ඉතින් අනිවාර්යයෙන් Photo එක අරගෙන තමයි වැඩේ කරන්න වෙන්නේ.
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
☝️
මෙතනින් ගිහිල්ලා Appointment එක දානකොට ඔයාට Auto PDF එකක් Download වෙයි. ඒ PDF එක තියාගන්න. ඒ PDF එක නැතත් ඔයාට Phone එකට Message එකක් එයි. ඔය දෙකෙන් ඕන එකක් Appointment Date එකේදි ගිහින් පෙන්වන්න තියෙන්නේ.
එහෙම නැත්නම් මේ Number එකට 0707101060 කතා කරලා Appointment එකක් දාගන්නත් පුළුවන්.
මතක තියාගන්න ඔබට ලබාදෙන මේ දිනයේ හරියටම ඒ වෙලාවට Passport Office එකේ ඉන්න වග බලාගන්න. නැත්නම් නිකන් බොරුවට රස්තියාදු වෙන්න වෙයි.
හරි දැන් කරන්න තියෙන්නේ ඔයා දාගත්ත Appointment Date එක එනකම් අදාල ලියකියවිලි ඡායාරූප අරගෙන වැඩේට සූදානම් වෙන එකයි.
මුලින්ම මේ පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අදාල Application Forms ටික Download කරගන්න. ඔයා ඉන්නේ Passport Office එකක් ළඟ නම් මේ Forms ටික එතනින් ඉල්ලා ගන්නත් පුළුවන්.
Website එකෙන් Dowload කරගන්න ඕනි නම් මෙන්න මේ පහල තියෙන Link එකෙන් යන්න 👇
https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf
ඊට පස්සේ ඒ Download කරගත්ත Forms ටික හරියටම පුරවන විදිහ භාෂා තුනෙන්ම ඔයාලට දීලා තියෙනවා. ඒ Forms පුරවන විදිහ කැමැති භාෂාවකින් Download කරගන්න මේ පහළ තියෙන ලින්ක් එකෙන් යන්න. 👇
https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=en
ඔය ලින්ක් එකෙන් ගිය ගමන්ම ඔයාට දකින්න ලැබෙයි
Travel Document Instructions කියලා Sinhala, Tamil, English කියලා තුනක් පෙන්වනව. එකෙන් ඔයාලට පහසු භාෂාවක් තෝරාගෙන ඒක Download කරගන්න. ඊට පස්සේ එකේ තියෙන විදිහට Application Form එක පුරවගන්න.
හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ Passport Office එකේ Registered Studio එකක් හොයාගන්න. ලංකාව පුරාම බොහොමයක් Studios තියෙනවා. එතනින් ඔයාට ළඟම Studio එක මොකක්ද කියලා හොයාගන්න මේ පහල තියෙන ලින්ක් එකෙන් යන්න. 👇
https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
හොඳින් මතක තියාගන්න ඔයා මේ Studio එකට ගියාට පස්සේ, එයාලා ඔයාගේ Photo එක Online Submit කරනවා Passport Office එකට. ඊට පස්සේ එයාලා ඒ වෙනුවෙන් පොඩි රිසිට් එකක් දෙනවා. අන්න ඒ රිසිට් එක අනිවාර්යයෙන් ඔයාගේ Appointment එක තියෙන දවසට Passport Office එකට යන දවසට ගෙනියන්න ඕනි.
හරි දැන් වැඩේ සම්පූර්ණයෙන් ඉවරයි. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ Appointment එක තියෙන දවසේ ඒ වෙලාවටම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ 👇
1. Application Form එක.
2. විවාහ වුණ කෙනෙක්නම් විවාහ සහතිකය සහ Copy එකක්.
3. වෘතියක් හෝ රැකියාවක් Passport එකේ සඳහන් කරන්න අවශ්‍ය නම් සේවා ස්ථානයෙන් ලබා දෙනා ලිපිය සහ Copy එකක්.
4. ජාතික හැඳුනුම්පත සහ Copy එකක්.
5. උප්පැන්න සහතිකය සහ Copy එකක්.
6. Studio එකෙන් දෙන රිසිට් එක.
🌟තියෙන එකක් අළුත් කරගන්න නම් විවාහ සහතිකයයි, රැකියාවේ ලිපියයි අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් සියළුම ලියකියවිලි සමග පරණ Passport එකයි ගෙනියන්න.
🌟 Passport එක නැති වෙලා නම්, මුලින්ම කරන්න තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඕනි. 0115329326 අංකයට කතා කරලා හරි, 0112885358 Fax අංකයට Fax එකකින් දැනුවත් කරන්න පුළුවන්. රජයේ නිවාඩු දිනයන් හා සෙනසුරාදා ඉරිදා හැර උදේ 8.30 සිට සවස 4 දක්වා ඇතුලත දැනුවත් කරන්න.
ඉන් පසුව හැකි ඉක්මනින් පොලිසිය දැනුවත් කරන්න. එමගින් සිදුවන්නේ පොලිසිය මගින් නැවත වරක් තහවුරු කරලා යවනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව.
ඉන් පසු ආගමන විගමන දෙපර්තමේන්තුව විසින් ඔබගේ නැති වූ Passport එක අවලංගු කරනවා. ඉන් පසු ඔබේ නැති වූ Passport එක යම් කිසි වූ ස්ථානයක භාවිතා වුවහොත් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතිනවා.
තව දෙයක් තියෙනවා. අවලංගු කළ පසු නැති වූ Passport එක නැවත හමු වුවහොත් නැවත එය වලංගු කරගන්නට හැකියාවක් නැහැ. පරණ එක හමු වුණත් අලුත් එක හදන්න ඕනි. නැති වූ Passport එක නැවත හමු වුණොත් පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව නැවත වරක් දැනුවත් කළ යුතුයි.
පිටරටකදි නැති වුවහොත්,
පදිංචි රටේ ප්‍රාදේශීය පොලිස් ස්ථානය දැනුවත් කර එතනින් දෙනවා වෙනම Form එකක්. ඒ Form එක පුරවාගෙන පැමිණිල්ලත් එක්ක ශ්‍රී ලංකා රාජ්ය තාන්ත්‍රික හෝ කවුන්සිල කාර්යාලයකට යන්න ඕනි.
දඩ මුදල,
නැති වන මොහොත වන විට Passport එක Expire වෙලා නම්, ඔබට දඩ මුදලක් අය නොවේ. නමුත් Passport එක නැති වන විට Expire වෙලා නොමැති නම් ඔබට රුපියල් 11500ක දඩ මුදලක් අය වෙනවා.
✍️ සටහන Oii page එකෙන්. ❤️
වැදගත් වෙයි.. ශෙයා කරලා තියාගන්න.
වැදගත් තොරතුරු ලබා දුන් රාජ්ය තොරතුරු කේන්ද්‍රයේ මහත්ම මහත්මියට ස්තූතිය..
Copied
22/08/2022
18/08/2022
ඔස්ටේ්‍රලියා විශ්ව විද්‍යාල සඳහා ගන්නා සිසුන් 20,000 කින් ඉහළට
වැඩි විස්තර - https://auslankatv.com/archives/26268
10/08/2022
ඔස්ටේ්‍රලියාවේ ඉහළම වැටුප් ලැබිය හැකි රැකියා
වැඩි විස්තර - https://auslankatv.com/archives/25919
05/08/2022
We are so pleased to welcome the new 🇦🇺 High Commissioner Designate to Sri Lanka, Paul Stephens. Stay tuned for a special message from him!
24/06/2022
24/06/2022
We have some exciting news!
Due to the overwhelming response we have received for the Cricket Australia Quiz, we have decided to extend the quiz.
We will be announcing the details of the extended quiz soon!
Follow our page and stay tuned for exciting updates! 🏏