Manjula Kuruppu

Manjula Kuruppu "නිවැරැදිව වැඩෙන්නට ජීවිතය කියාදෙන විද්‍යාව

05/06/2022
03/06/2022

යන යන තැන ඔය විදිහට දෙකට තුනට නැමෙන්න ඉගෙන ගන්න එක තමයි දුවලා පුතාලා පුරුදු විය යුතුම දේ.

දෙමවුපියන්ට වඳින්න
ගුරුවරුන්ට වඳින්න
වැඩිහිටියන්ට වඳින්න
ඥාති හත්මුතු පරම්පාරාවටම වඳින්න
ඉස්කෝලේ ගඩොල් බිත්ති වලට වඳින්න
පොතට පෑනට වඳින්න
කෑම පෙට්ටියට වඳින්න
පංසල් පල්ලි පිළිම වලට වඳින්න
ගස් ගල් වලට වඳින්න
චීවරේට වඳින්න

එතකොට තමයි ගුණ යහපත් දරුවෝ හැදෙන්නේ.
සංස්කෘතිය රැකෙන්නේ ....

පස්සේ කාලෙක වැඩිහිටි උනාම, පරිනත උනාම,
උඹලට හිරිකිතයක් නැතුව හැම මගුල ඉස්සරහම හතරට නැමෙන්න පුහුණුව එන්නේ එහෙම.

එතකොට පුළුවන් හම්බකරපු එක, කන්න කලින් වඳින්න
ලිපේ තියපු බත් හැලියට වඳින්න
බෙදා ගත්තු බත් පිඟානට වඳින්න
වාහනේට නැග්ගම ස්ටියරින් එකට වඳින්න
කඩේ ඇරපුවම තරාදියට වඳින්න
ඉඳගන්න කලින් කැෂියර් එකට වඳින්න
සල්ලි ගන්න කලින් සේප්පුවට වඳින්න
වවාගත්තු අස්වැන්නට වඳින්න
නයි පොලඟුන්ට, සිංහයන්ට වඳින්න
මිනී ඇට කෑලි වලට වඳින්න
ත්‍රිපිටකේට, කුරානෙට, බයිබලේට වඳින්න
වට්ටි වලට, වට්ටි කරේ තියන් යන හස්තිරාජයන්ට වඳින්න

ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ රටක් ජාතියක් හදන්නේ එහෙම.
ආන්න ඒ ප්‍රෞඩ ජාතියට එතකොට පුළුවන් හතර විලි ලැජ්ජාවක් නැතුව

ආයතනයක වැඩක් කරගන්න පියන්ට වඳින්න
පාරට බැස්සම පොලිස් නිලධාරියාට වඳින්න
ලියුම් හංගනවට බයේ පියුම්ට වඳින්න
ඉතුරු රුපියල ඉල්ලගන්න කොන්දොස්තරට වඳින්න
ලෙඩ හොඳ කරගන්න ගස් ගල් වලට වඳින්න
සභාපතිතුමාට, මන්ත්‍රීතුමාට, ඇමතිතුමාට වඳින්න
වලේ දාන්න කලින් මිනියටත් වඳින්න

හැමෝම හැමෝ ඉස්සරහම දෙකට නැමෙන එකට තමයි පුතේ,
2500ක ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ජාතියක් කියන්නේ.

- කමල් තුෂාර -

03/06/2022

මේ බිමට කුමකටද
උසම උස කුළුණු
මුරුගසන් වැස්සකට
තෙමෙනකොට කැකුලු

- රවිදු පබසර-

( කාටූනය - නාමල් අමරසිංහ )

03/06/2022
28/05/2022

Address

Thalagala Junction
Homagama

Telephone

+94773000883

Website

Alerts

Be the first to know and let us send you an email when Manjula Kuruppu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manjula Kuruppu:

Shortcuts

Share

Category