Primary/Special Needs Education with Nadeeshan Madapatha

Primary/Special Needs Education with Nadeeshan Madapatha psychology counselor and psychotherapist
International School Primary Teacher Services
Special need teacher in a special education school

21/01/2022
Attention Deficit Hyperactivity Disorder (ADHD)"අනේ සර් මට නම් තේරෙන්නේ නෑ මොනවා වෙලාද  කියලා. මේ ළමයට කෑ ගහලා  මගේ උගුර...
24/08/2021

Attention Deficit Hyperactivity Disorder (ADHD)

"අනේ සර් මට නම් තේරෙන්නේ නෑ මොනවා වෙලාද කියලා. මේ ළමයට කෑ ගහලා මගේ උගුරත් ලේ රහ වෙලා තියෙන්නේ. ඉස්කෝලෙ ටීචර් ගෙනුත් හරියට චෝදනා මෙයා ගැන. ඔය බලන්න සර් මෙතන ඇවිල්ලත් එක විදිහකට ඉන්න බෑ. මෙයා ඉස්කෝලෙදිත් කියන දේ අහන්නෙ නෑ, ගෙදරදිත් අපි දෙන්න කියන කිසිම දෙයක් අහන්නේ නෑ . හැම වැඩක්ම කරන්නේ බාගෙට , කිසිම වැඩක අවධානයක් නෑ. නිතරම දඟලන එකමයි කරන්නේ, ඉස්කෝලේ උගන්නන කිසිම දෙයක් මතක නෑ , හරිම අවදානම් වැඩ කරන්නේ, කොහොම එපා කිව්වත් මෙයා ඉන්නේ මෙයාගේ මතමයි ...... අනේ සර් මගේ රත්තරන් පුතාට මොකද වෙලා තියෙන්නේ"

සැබවින්ම ඉහත කරුණු සලකා බැලීමේදී මෙම දරුවාට අවධාන ඌණතා අධික්‍රියාකාරී ආබාධය (ADHD) ඇති බවට අනුමාන කළ හැකිය.

සාමාන්‍ය හැසිරීමෙන් ඔබ්බට ගොස් අසාමාන්‍ය හැසිරීමක් හෙවත් අධි ක්‍රියාකාරී බවක් හා සැලකිය යුතු යම් මට්ටමක අවධානයේ අඩු බවක් දක්නට ලැබීම අවධාන ඌණතා අධි ක්‍රියාකාරී ආබාධ ලෙස හදුන්වා දිය හැක.

➡️ මෙම තත්ත්වය ඇතිවීම සඳහා බලපාන හේතු -

* සංකීර්ණ ජානමය ගැටලු .
* මනෝ සමාජීය ගැටලු.
* ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළින් බිහිවන දරුවන් මානසික පීඩනයෙන් සිටින අතර එම දරුවන් තුළද ADHD තත්ත්වය ඇති වීමට ඇති සම්භාවිතාව වැඩිය.
* උපතේදී අඩු බර සහිත දරුවන් සහ කුඩා අවදියේ දී ඇතිවන වර්ධන පසුබෑම ද ADHD තත්ත්වය සමඟ සම්බන්ධතාවයක් ඇතිවිය හැකිය.

➡️ ADHD තත්ත්වය හඳුනා ගැනීම සඳහා උපකාරී වන ලක්ෂණ -

👆 නම කියා කථා කළ විට නෑසුනා සේ සිටීම.

👆 පාසලේ ක්‍රියාකාරකම් වලට නිසි අවධානයක් යොමු නොකිරීම.

👆 තමාගේ ක්‍රියාකාරකම් පිළිවෙලකට සැලසුම්කර ගැනීමට ඇති අපහසුතාවය .

👆 තමා නිතර නිතර භාවිතා කරන පැන්සල්, පෑන් ,මකන ,පොත් නැති කර ගැනීම.

👆 එදිනෙදා තමාට පැවරී ඇති කටයුතු නිතර අමතක කිරීම.

👆 නිතර දඟ කිරිම හා එක තැනක රැඳී සිටීමට ඇති අපහසුතාවය .

👆 පමණට වඩා කතා කිරීම.

👆 තමාගේ වාරය එන තුරු ඉවසා නොසිටිම.

👆 නිතර නිතර අනුන්ගේ කතාබහට එසේ නොමැතිනම් අනුන්ගෙ වැඩ වලට බාධා කිරීම.

👆 අවදානම් සහිත ස්ථානවලට දිවීම , උස් තැන් වල නැගීම සහ අවදානම් සහිත වැඩ කිරීම.

ඉහත දැක්වූ ලක්ෂණ සැලකිය යුතු කාලයක සිට විවිධ අවස්ථාවලදී හා විවිධ පරිසරවල දී ඉස්මතු වේ නම් මෙය ADHD තත්ත්වය විය හැකිය .
සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගොස් අසාමාන්‍ය හැසිරීමක් හා අවධානයේ යම්

➡️ මෙම තත්වය සඳහා ලබාදිය හැකි ප්‍රතිකාර -

👩‍⚕‍ ඖෂධ ප්‍රතිකාර (සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය )

🤵 මනෝ ප්‍රතිකාරය (චර්යයාත්මක ප්‍රතිකාරය)

🤵 උපදේශන ප්‍රතිකාරය

➡️ පන්ති කාමරයේ දී ගුරුවරයා අධි කියාකාරී දරුවාට ඉගැන්විය යුත්තේ කෙසේද?

👩‍🏫 මෙම දරුවන්ට එකවර කරුණු කිහිපයක් මතකයේ රඳවා ගැනීමට අපහසුය .දිනකට තෝරාගත් පාඩමක් ඉතා සරලව ඉගැන්විය යුතු අතර මේ සඳහා රූප සටහන් , කවි සින්දු ,තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීම කිරීමද වඩාත් සුදුසු වෙයි.

👩‍🏫 එසේම මෙම දරුවන් ගුරු මේසය ළඟ තබා ගැනීමට උත්සාහ කරන්න.එමගින් ගුරුවරයා හා දරුවා අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිය .

👩‍🏫 නිතර නිතර එහා මෙහා යන කොරේඩෝව , දොර ආශිතව වැනි ස්ථානවල මෙවැනි දරුවන් වාඩි කරවීමට සුදුසු නැත. එවැනි අවස්ථාවකදී යම් පුද්ගලයන් එහා මෙහා ගමන් කරන විට දරුවාගේ අවධානය ගිලිහී යා හැකිය.

👩‍🏫 වරදක් දුටු විට දී එසැණින්ම අවවාද කළ යුතුය.
අවවාද කිරීමේදී ඉතා සරල බස් වහරක් භාවිතා කළ යුතුය වීම හා අවවාදය දුන් පසු එම අවවාදය පිළිපැදීම අගය කළ යුතුය .

👩‍🏫 පරිගණක මගින් ඉගැන්වීමේදී මෙවැනි දරුවන්ගේ අවධානය රඳවා ගැනීමට ඉතා පහසු වේ.

👩‍🏫 සංගීතය යොදා ගෙන විවිධ ක්‍රියාකාරකම් කළ යුතුය. එමගින් වේගය හා රිද්මය පිළිබඳ හැගීමක් හා දැනීමක් දරුවත් ලබාගත හැකිය.

➡️ ADHD තත්වය ඇති දරුවන්ගේ දෙමාපියන් සඳහා -

👨‍👩‍👧 මුලින්ම දරුවාගේ තත්ත්වය පිළිබඳව හොඳින් වටහා ගත යුතුය.

👨‍👩‍👧 දරුවා අතින් වැරදි සිදු වූ විට එම වැරැද්දට දඬුවම ලබා දීම වෙනුවට නිවැරදි දේ කියා දීම කල යුතුය.

👨‍👩‍👧 ඔබ කොතරම් කාර්යබහුල අයෙකුවත් දවසකට පැය බාගයක්වත් දරුවා වෙනුවෙන් වෙන් කළ යුතුය.එම කාලය තුළදී දරුවා පාලනය නොකර ඔහුත් සමඟ හිඳිමින් සෙල්ලම් කිරීම ක්‍රියාකාරකම්හි නිරත වීම ඉතා වැදගත් වේ.

👨‍👩‍👧 දරුවාගේ සමාජ කුසලතා (Social Skills) වර්ධනය කිරීම.

👨‍👩‍👧 දරුවා කරන වැඩ පිළිබඳ නිතර නිතර නිරීක්ෂණය කිරීම.

👨‍👩‍👧 දරුවාගේ තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු මනෝ වෛද්‍යවරයාට , මනෝ චිකිත්සක හා උපදේශකට, ගුරුවරුන්ට ලබාදෙන්න.

👨‍👩‍👧 ආදර්ශමත් ලෙස යථාර්ථය කියා දෙන්න.

👨‍👩‍👧 දරුවාට නිවසේ සිට ඔබ උගන්වන විට හැකිතරම් නිර්මාණාත්මක දේ යොදාගෙන ඉගැන්වීම් කටයුතු කළ යුතුය.

👨‍👩‍👧 දරුවා සෑම විටම අගය කළ යුතුය.

➡️ ADHA ඇති දරුවන්ගේ නින්ද පිළිබඳ -

මෙම තත්වය ඇති දරුවන් බොහෝ අයෙකුට නින්ද පිළිබඳ ගැටලු තිබේ.පරිසරයේ ඇති විවිධ ශබ්ද රූප ආදියට අවධානය යොමු කිරීම නිසා මෙම දරුවන් තුළ නොසන්සුන් බවක් හේතුවෙන් නින්ද ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් විය හැකිය.

මේ සඳහා,

👉 දරුවා දිවා කාලයේ නිදා ගන්නේ නම් එය අඩු කළ යුතුය.

👉 නිදා ගැනීමට පැයකට පමණ පෙර දරුවා ස්ථානය කරවීමට සුදුසුය.

👉 දරුවා නිදා ගැනීමට පැයකට පමණ පෙර රූපවාහිනිය ,ජංගම දුරකථනය, පරිගණකය භාවිතය නතර කළ යුතුය.

👉 මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ද ලබා ගත හැකිය.

➡️ ADHD තත්ත්වය පිළිබඳ පළවී ඇති මිත්‍යා මත -

🗣️ මෙම තත්ත්වය ටික කලකින් මඟහැරී යයි, ඒ නිසා අපි තව ටික කාලයක් ඔහොම බලමු.

🗣️ මෙම තත්වයේ ඉන්න දරුවන්ගේ බුද්ධි මට්ටම හරිම අඩුයි, හරිම මෝඩයි.

🗣️ මේ ළමයගෙ තාත්තත් පොඩි කාලේ ඔහොම තමයි. හරිම දාංගලේ ඕක ලොකු වෙනකොට මග ඇරිලා යයි.

ඉහත ආකාරයට නොයෙක් අය නොයෙක් දේ ප්‍රකාශ කළ ද ඔබගේ දරුවා පිළිබඳව වගකීම් ඇත්තේ ඔබට ය. මේ තත්ත්වය හඳුනා ගත් පසු ප්‍රමාද නොවී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

නදීෂාන් විරාජ් මඩපාත
මනෝ චිකිත්සක හා මනෝ උපදේශක
විශේෂ අධ්‍යාපන හා ප්‍රාථමික පාසල් ගුරු
0715578038

What is Dysgraphia? This can be described as a learning disability. More attention should be paid to this situation in c...
05/07/2021

What is Dysgraphia?
This can be described as a learning disability. More attention should be paid to this situation in children with regard to writing.

Address

Homagama
309/1,15LANE

Opening Hours

Monday 14:00 - 17:00
Tuesday 14:00 - 17:00
Thursday 14:00 - 17:00
Friday 14:00 - 17:00

Telephone

+94740298906

Website

Alerts

Be the first to know and let us send you an email when Primary/Special Needs Education with Nadeeshan Madapatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Primary/Special Needs Education with Nadeeshan Madapatha:

Shortcuts

Share

Category