14/04/2026
🙏සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන්නා සේම, අපේ සිත් ද අකුසලයෙන් කුසලයටත්, අඳුරෙන් ආලෝකයටත් ගෙන යන පින්බර සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා ! 🙏
නැකත් චාරිත්‍ර විධිවලට මුල්තැන දෙමින්, වැඩිහිටියන්ට ගරු කරමින්, මෙත් සිතින් යුතුව නව වසර ගත කිරීමට අප සියලු දෙනාට ම ශක්තිය , ධෛර්යය ලැබේවායි ශ්‍රී ඛේමානන්දීය සාරධර්ම සේනාංකය දැහැමි සිතින් ප්‍රාර්ථනා කරමු ! 🌸✨🤍
/26
01/04/2026
🙏සම්බුදු පියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූ මේ පින්බර බක් පොහෝ දිනයේ දී අපි සැදැහැ සිතින් පෙහෙවස් සමාදන්ව සිත,කය,වචනය සංවර කර ගැනීමට වෙහෙස වෙමු. දුර්ලභ ව ලද මිනිසත් දිවියේ පින් රැස්කර ගැනීමට උත්සාහවන්ත වෙමු.
ඒ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන්ගේ උපකාරයෙන් අප සියලු දෙනා ම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කරන වාසනාවන්තයෝ වෙත්වා..!
පින්බර බක් පොහොය දිනයක් වේවා! 🙏🙏🙏
'26
10/03/2026
බුදු දහමේ ආලෝකයෙන් ජීවිතය හැඩ ගස්වා ගනිමින් , උපරිම විනයකින් යුක්තව ඛේමානන්දීය දම් පාසල් මාතාව වෙනුවෙන් නොමඳව සේවය කරන අප දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක දෙනුවන් සොයුරාට සුබ ම සුබ උපන්දිනයක් වේවා ! 🌸✨
#සාරධර්ම සේනාංකය
#ශ්‍රී ඛේමානන්ද දහම් පාසල
#සාලවනෝද්‍යාරමය
#දියගම
03/03/2026
🌸දහම් දැනුමෙන් සන්නද්ධව, විනයගරුක නායකත්වයෙන් අප දහම් පාසල ඒකාලෝක කරන අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක එනුක සහෝදරයාට සුබ උපන්දිනයක් වේවා!💐🙏
#සාරධර්මසේනාංකය
# ශ්‍රී ඛේමානන්ද දහම් පාසල
# සාලවනෝද්‍යාරම
#දියගම
02/03/2026
ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ සිය ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට කිඹුල්වත් පුරයට වැඩම කළ, උතුම් වූ මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි. මෙලොව පරලොව යහපත සලසන දහම් මගට යොමු වන්නටත්, සිතට නිවනත් සැනසීමත් උදා කරගන්නටත් මේ පින්බර දිනය උපකාරී වේවා!
සැමට තෙරුවන් සරණයි !
පින්බර මැදින් පොහොය දිනක් වේවා !
'26
/26
16/02/2026
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පිවිසෙන
අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට, සන්සුන් සිතක්, නිර්භීත ගමනක්,
ජයග්‍රහණයෙන් පිරි විශිෂ්ට ප්‍රතිඵලයක් පතමු ✨
# සාරධර්ම සේනාංකය2025 /26
# ශ්‍රි ඛේමානන්ද දහම් පාසල
#දියගම