22/07/2026
🐜🌿 පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම 🌿🐜
අද අපගේ පුංචි දරුවන්ට පරිසරය ඇසුරින් ඉගෙනීම සඳහා අප තෝරාගත්තේ, රෑ දවල් නොබලා මහන්සි වී තමන්ගේ නිවස ගොඩනඟන කූඹි ගුලක් ය.
මෙම ක්‍රියාකාරකම තුළින් දරුවන් සමඟ කතාබහ කිරීමට බොහෝ කරුණු ඇති වූ අතර, ඔවුන්ගේ අත්දැකීම් හා අදහස් ඉතා සතුටින් හුවමාරු කර ගැනීමටද අපට හැකි විය.
පුංචි දෙයක් වුවද, එය දරුවෙකුගේ ජීවිතයට විශාල ඉගෙනීමක ආරම්භයක් විය හැකිය.
අනාගතය භාරගැනීමට සූදානම් වන අපේ පුංචි පැටවුන්ට, කූඹින්ගෙන් සමගිය, දුරදක්නා නුවණ, කැපවීම, මහන්සියෙන් වැඩ කිරීම සහ එකා මෙන් එක්ව කටයුතු කිරීම වැනි වටිනා ජීවන ගුණාංග හඳුනාගැනීමට මෙම අවස්ථාව මහඟු පාඩමක් විය.
🌱 පරිසරය හොඳම ගුරුවරයාය. දරුවන් හොඳම ඉගෙන ගන්නන්ය. 💚