තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය

  • Home
  • Sri Lanka
  • Hikkaduwa
  • තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය

තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්?

සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තොටගමු රත්පත් වෙහෙර හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් විද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරැණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරැව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.

පිං කැමැති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏
24/12/2025

පිං කැමැති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏

තෙල්වත්ත පදිංචි රොශාන්ත මහතා විසින් රත්පත් රජමහා විහාරස්ථානයේ වාර්ශික කඨින පුන්‍යමහෝත්සවය වෙනුවෙන් කඨික චීවරය තැන්පත් කි...
21/11/2024

තෙල්වත්ත පදිංචි රොශාන්ත මහතා විසින් රත්පත් රජමහා විහාරස්ථානයේ වාර්ශික කඨින පුන්‍යමහෝත්සවය වෙනුවෙන් කඨික චීවරය තැන්පත් කිරීම සදහා නිර්මාණය කරන ලද විචිත්‍රවත් වූ ගොක්කොල මණ්ඩපය...

මෙවැනි පාර්ම්පරික විචිත්‍රවත් අනර්ඝ නිර්මාණයන් නොනැසී ඉදිරි අනාගතයට දායද කිරීමට, එම රොශාන්ත මහතා ඇතුලු පවුලේ සැමටත් මේ සදහා උදවු උපකාර කල සියලුම දෙනාටත් කඨින චීවර පූජෝත්සවයෙන් රැස්කරගත්තාවූ ඒ පිං හේතු වාසනා වේවා.. 🙏

21/11/2024
🙏 කඨින පූජෝපහාර රාත්‍රී මහ පෙරහැර 2024 ☸️විචිත්‍රවත් වූත් සෞන්දර්යාත්මක වූත් මෙවන් කඨින චීවර මහ පෙරහැරක් සංවිධානය කරන්නට...
10/11/2024

🙏 කඨින පූජෝපහාර රාත්‍රී මහ පෙරහැර 2024 ☸️

විචිත්‍රවත් වූත් සෞන්දර්යාත්මක වූත් මෙවන් කඨින චීවර මහ පෙරහැරක් සංවිධානය කරන්නට මූලිකත්වය ගෙන කටයුතු කල තෙල්වත්ත පදිංචි දිල්හානි මහත්මිය ප්‍රමුඛ දූ දරු පවුලේ සැමටත්, නන් අයුරින් සහය දැක්වූ සතරපේරුවේ සියලූම දායකාරකාදීන්ටත්, බලා සිත් පහන් කරගත් දහස් සංඛ්‍යාත සැදැහැති ජනතාවටත් මේ පිං අනුමෝදන් වෙත්වා... 🙏

☸️ මෙලොව පරලොව ජීවිතය සුවඳවත් කර ගැනීම සඳහා මඟපාදන අට මහා කුසලයන්ගෙන් එකක්‌ වන කඨින වීචර පූජාව 2024 🙏 පුරා දින පහක් මුලු...
09/11/2024

☸️ මෙලොව පරලොව ජීවිතය සුවඳවත් කර ගැනීම සඳහා මඟපාදන අට මහා කුසලයන්ගෙන් එකක්‌ වන කඨින වීචර පූජාව 2024 🙏

පුරා දින පහක් මුලුල්ලේ පිරිත් සජ්ඣායනා ප්‍රමුඛව සාදු ජනයාගේ වන්දනාමානයට පාත්‍ර වූ කඨින චීවරය, තෙල්වත්‍ත පදිංචි දිල්හානි මහත්මියගේ කිරලගහවෙල පිහිටි පිංවත් නිවසේ සිට එතුමියගේ දායක පවුලේ සියලූම සාමාජිකයන්, ගම් වාසීන් සහ රත්පත් රජමහ විහාරස්ථානයේ භාරකාර තුමා ප්‍රමුඛ දායකසභාවේ සහභාගිත්වයෙන් සතර පේරුවේ දායකාරකාදීන්ගේ සාදු නාද මධ්‍යයේ 2024 ක් වූ නොවැම්බර් මස 08 වන දින රාත්‍රී 7.30 ට විචිත්‍රවත් වූ පෙරහැරක් පෙරටුව වැඩමවන ලදි...

අනතුරුව කඨින චීවරය රැගත් පෙරහැර ඊටපසු දින (09 වන දින) අලුයම 2.30 ට රත්පත් රජමහා විහාරස්ථ මංසන්ධියෙන් ආරම්භ වූ, උඩරට පහතරට නර්තන 30 කට අධික, අලි ඇතුන් පිරිවරාගත් මනරම් වූ රාත්‍රී මහා පෙරහරට එක්ව, දලුවතුමුල්ල ප්‍රදේශය හරහා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණව තෙල්වත්ත මංසන්ධියෙන් නැවතත්, තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථාන පුන්‍ය භූමියට වැඩම කරවන ලදි...

එම කඨින චීවරය තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේලා තුන් නම ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කර මෙසේ සඝසතු කරන ලදි... 🙏🙏🙏

☸️ එලෙස එක් රැස් කරගත්තාවූ පිං මහිමයෙන් දිල්හානි මහත්මිය ඇතුලු පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී සුව ලැබ, එම මහත්මියගේ නමින් මියපරලොව ගිය නෑදෑ හිත මිත්‍රාදීන්ටත්, සියලූම ලෝක වාසීන්ට ඒ පිං සාදු සිතින් අනුමෝදන් වෙත්වා.. 🙏

☸️ කඨින මහා පුණ්‍යෝත්සවය 2024 ☸🙏 කඨින පෙරහැර ආරම්භය 🙏2024 ක් වූ නොවැම්බර් මස 08 වන දින රාත්‍රී 7 ට කිරලගහවෙල දිල්හානි මහ...
08/11/2024

☸️ කඨින මහා පුණ්‍යෝත්සවය 2024 ☸

🙏 කඨින පෙරහැර ආරම්භය 🙏
2024 ක් වූ නොවැම්බර් මස 08 වන දින රාත්‍රී 7 ට කිරලගහවෙල දිල්හානි මහත්මියගේ නිවසින්

🙏 කඨින මහා පෙරහැර ගමන් මග 🙏
2024 ක් වූ නොවැම්බර් මස 09 වෙනි දින අලුයම 2 ට තෙල්වත්ත ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථ මංසන්ධියෙන් ආරම්භව බෝයගොඩ හරහා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට අවතර්ණව පැරෑළිය මංසන්ධිය දක්වා ගමන් කර නැවතත් රජමහා විහාරස්ථානයට ගෙවදීම.

☸️ ප්‍රධාන දායකත්වය තෙල්වත්ත පදිංචි දිල්හානි මහත්මිය ඇතුලු පවුලේ සැම ☸️

පිං කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏

☸️ කඨින මහා පුණ්‍යෝත්සවය 2024 ☸️🙏 කඨින චීවරය පඪු පෙවීම 🙏2024 ක් වූ නොවැම්බර් මස 04 වන දින උදෑසන 7 කිරලගහවෙල දිල්හානි මහත...
18/10/2024

☸️ කඨින මහා පුණ්‍යෝත්සවය 2024 ☸️

🙏 කඨින චීවරය පඪු පෙවීම 🙏
2024 ක් වූ නොවැම්බර් මස 04 වන දින උදෑසන 7 කිරලගහවෙල දිල්හානි මහත්මියගේ නිවසේදී.

🙏 කඨින පෙරහැර ආරම්භ 🙏
2024 ක් වූ නොවැම්බර් මස 08 වන දින රාත්‍රී 9 ට කිරලගහවෙල දිල්හානි මහත්මියගේ නිවසින්

🙏 කඨින මහා පෙරහැර ගමන් මග 🙏
2024 ක් වූ නොවැම්බර් මස 09 වෙනි දින අලුයම 3 ට තෙල්වත්ත ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථ මංසන්ධියෙන් ආරම්භව බෝයගොඩ හරහා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට අවතර්ණව පැරෑළිය මංසන්ධිය දක්වා ගමන් කර නැවතත් රජමහා විහාරස්ථානයට ගෙවදීම.

☸️ ප්‍රධාන දායකත්වය තෙල්වත්ත පදිංචි දිල්හානි මහත්මිය ඇතුලු පවුලේ සැම ☸️

පිං කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏

අප විහාරස්ථ ශ්‍රී රාහුල තරුණ බෞද්ධ සංගමය 47 වන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන තෙල්වත්ත අනුබුදු මිහිඳු පූජෝ්පහාර මහ පෙරහර...
26/06/2024

අප විහාරස්ථ ශ්‍රී රාහුල තරුණ බෞද්ධ සංගමය 47 වන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන තෙල්වත්ත අනුබුදු මිහිඳු පූජෝ්පහාර මහ පෙරහර මංගල්‍යය සඳහා සුවිශේෂී දායකත්වය ලබා දුන් පින්වත් ඔබ සැමටම අපේ ආචාරය!

වාර්ෂික අටවිසි බෝධි පූජා පිංකම 2023.12.26 දින සිට 2024.01.02 දක්වා එතිහාසික තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථා...
27/12/2023

වාර්ෂික අටවිසි බෝධි පූජා පිංකම 2023.12.26 දින සිට 2024.01.02 දක්වා එතිහාසික තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානයේ දී...
පිං කැමැති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏

☸️ වෙළද ව්‍යාපාරික සමිත් මංජුමාල් මහත්මා සහ දිල්කි අරෝශි මැතිනිය විසින් සංවිධානය කරනු ලබන, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමී...
28/09/2023

☸️ වෙළද ව්‍යාපාරික සමිත් මංජුමාල් මහත්මා සහ දිල්කි අරෝශි මැතිනිය විසින් සංවිධානය කරනු ලබන, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන සුමධුර ධර්ම දේශනාව.. ☸

2023 ක් වූ ඔක්තෝම්බර් මස 07 වන දින සවස 4 ට, හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ..

🙏 පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා.

☸️ කාලීන සුමධුර ධර්ම දේශනාව ☸️ගල්කිරියාගම සමාධි විහාරාධිපති, රණවිරු උපදේශක, හිටපු පාඨශාලාචාර්‍ය, විචිත්‍ර ධර්ම කථික පූජ්...
07/09/2023

☸️ කාලීන සුමධුර ධර්ම දේශනාව ☸️
ගල්කිරියාගම සමාධි විහාරාධිපති, රණවිරු උපදේශක, හිටපු පාඨශාලාචාර්‍ය, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද කාගම සිරිනන්ද ස්වාමීන්වහන්සේ 🙏

පිං කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏

සංවිධාන ශක්තිය - විහාරාධිපති හිමි, භාරකාරතුමා ඇතුලු විහාරස්ථ කාර්‍ය සාධක සමිතිය

Address

Tewattha
Hikkaduwa
80240

Alerts

Be the first to know and let us send you an email when තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share